Thursday, December 30, 2010

................................................


ඉරක් ගෙන ආ දිනය බිඳෙන් බිදලූ පුවත
අරන් කෙටි පණිවිඩය නෙතට හසු වූ කරුම
අදහන්න බැරි පුවත නොවෙන්නයි පැතුව ද
සිහිනයක් නොම වෙමින් හිත හඬාලයි තවම

පාසලෙන් පසු පන්ති වල විටෙක හමු වුනද
ලබැඳි මිතුරන් ලෙසින් ඇසුරු කර නැති වුවද
සබඳ කිම මේ ලෙසින් ගියේ අද නොකියාම
සඟවන්න බැරි ලෙසින් හිත හඬයි ඉකි බිදින

මුහුණු පොත පුරා නුඹ ගැන කියයි හැම දෙනම
සිහිනයක් වන් දසුන ගැන කියයි උන් තවම
නෙත් අරින්නට හදයි බිය වැදී නින්දෙන්ම
නොනින්දේ සිටින බැව් හැඟෙයි දැන් දැන් අපට

මිතුර මා සිතේ සොව මෙතරම්ම දැඬි නම්
ඔබේ ලබැඳියන් මේ දුක කෙලෙස වාවන්
මතු බවේදිත් මෙලෙස හමු වුවොත් සසරින්
හැරනොයන් නොකියාම මේ ලෙසින් දිවුරන්

සිහිනයක්ම වෙනවා නම් ඔබේ මේ වෙන්වීම...

10 comments:

  1. ගොඩක් දුක හිතුනා නංගා..........

    ReplyDelete
  2. සුදු හංසි අක්කේ.. 30 වෙනිදා උදේම මට ඒ ආව ආරංචිය බොරුවක් වෙන්න කියලාමයි ප්‍රාර්ථනා කරේ.. ඒත් ඒක එහෙම වුනේ නෑ.හොඳ මිතුරෙක්.. දක්ෂ දීප්තිමත් ශිෂ්‍යයෙක් හිටි ගමන් නින්දෙන්ම ඔහු සමු අරන් මේ ජීවිතයෙන්...
    තාමත් අපිට අදහඟන්න බෑ..
    එයා සමීපව ඇසුරු කරපු අයට කොහොම ඇද්ද..?:(:(

    ReplyDelete
  3. ෂා........... මාර ලස්සනයි...

    "ලබැඳි මිතුරන් ලෙසින් ඇසුරු කර නැති වුවද
    සබඳ කිම මේ ලෙසින් ගියේ අද නොකියාම"

    මේ ටික වැදුනා මට....

    දිගටම ලියන්න..
    ජය වේවා..!!

    ReplyDelete
  4. ම්ම්ම් ඇත්තටම අක්කි ගොඩක් දුකයි මටත් ....
    මිට මාස ගනනකට කලින් තවත් මිතුරෙකු අපේ අතරින් වෙන්වෙලා ගියා,,,එ අපි පොඩි කාලේ ඉදලම දන්න යාලුවෙක් ...තවමත් එ දවස හිනයක් වගේ.....හිතා ගන්න බැ...එයාලා 2න්නටම මේ වගේ අකල් මරණ මතු ආත්මේක වෙන්න එපා කියල මම ප්‍රර්තනා කරනවා......මේ වගේ දෙවල් අහන්න තරම් අපි පව් කරලා තියනවා....සිහිනයක්ම වෙනවා නම් ඔබේ මේ වෙන්වීම..

    ReplyDelete
  5. ඔයාගේ යාලුවට නිවන් සුව ලැබේවා...මතු ජාති ජාති මෙවන් දේවල් නොවේවා..

    ReplyDelete
  6. දැන් දැක්කේ නංගියෝ...ගොඩක් දුක හිතුනා....ම්ම්ම්ම්ම්ම් පරණ මතකයන් අවුස්සලා නැවත හිත් දුකින් පුරවලන්න ඕනි නෑ..

    ප්‍රමාද වෙලා වුනත් මාත් ඔහුට අමා මහ නිවනසුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  7. @සොරෝ : ඇත්ත.. ඒ යාළුවා මම ලඟින් ඇසුරු කරලා නෑ.. ඒත්.. ඒත්.. ගොඩාක් දුක හිතුනා මට..

    ReplyDelete
  8. @ශානි නඟා : ඒක තමයි නංඟා.. මෙ මොකද වෙන්නේ කියලා මටත් හිතුනා... අපි ගොඩාක් පව් කරලා තියනවා.. මෙ වගේ වෙන්වීම් වලට මුහුණ දෙන්න..:(

    ReplyDelete
  9. @හද රැඳි දෙ : ස්තූතියි කොමෙන්ටුවට

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...