Wednesday, November 17, 2010

රිදවන දසුන නුඹ වුව මඟ බලමි තව..


සනසන නුඹ නුවන් දුටු කාලයක් විය
හුඟ කලකින්ම ඒ නෙතු නොදුටුවා වුව
සිහිනෙන් නොවේ දකිනෙමි නුඹ දිවා රැය
රිදවන දසුන නුඹ වුව මඟ බලමි තව..

සකි මා නිතින් කියනා බස් වහ කඳුරු
නුඹ මා සිතින් බිඳ බිඳ ඉවතලන රිසින්
මා සිත බිඳෙයි යලි සැකසෙයි එබස් විසින්...
මා සිත මටම දැන් අවනත නැත එලෙසින්

ඔවුන් මගේ සිත සතපා ස්නේහයෙන්
අළුත් පැතුම් ගෙනඑයි සුමියුරු වදනින්
නින්දෙන් පියවි සිහියට එලැඹෙන විගසින්
නුඹ ගැන මතක පියඹා පැමිනෙයි රහසින්

නුඹ නැති ලොවක් දකිනට දැන් පතමි මම
නමුදු නුඹෙන් එයටද සහයක් නොදකිම්
කියන් "මිතුර" විසඳුම දන්නේ නුඹ නම්
එය මා රිඳෙව්වා වුව එමතින් සැනසෙම්..


Now I want to stop loving u.. and want to like u most.. but I'm too late now

14 comments:

  1. ලස්සනයි සහෝදරී................

    "නුඹ ගැන මතක පියඹා පැමිනෙයි රහසින් " ඇත්තටම හිතට වදිනවා !
    මෙහාට ආවට පාඩුවක් උන්නේ නෑ

    ජයවේවා !!

    ReplyDelete
  2. හ්ම්ම්ම්මම්ම්ම්ම් ඇත්තටම ලස්සනයි නංගියෝ....

    I Just Can't Stop Loving You
    ඔයාට නෙවේ හොදේ කීවේ.....

    ReplyDelete
  3. "රිදවන දසුන නුඹ වුව මඟ බලමි තව"

    ලස්සන අහිංසක බලාපොරොත්තුවක්........

    ReplyDelete
  4. @හිස් අහස් : බොහෝම ස්තුතියි.. සොයුර..
    කාලෙකින් නිසඳැසක් ලිවුවේ.

    ReplyDelete
  5. @පූසා : ස්තුතියි..පූස්..

    ReplyDelete
  6. @ හසි අයියා : ස්තුතියි අයියා.. :):).. මම දන්නවා ඉතින්.. ඕක කියන්න දෙයක්ද..?:P:P:P

    ReplyDelete
  7. @Dinesh : හි..හි.. ස්තූතියි මල්ලි.. ඇත්ත.. අහිංසක බලාපොරොත්තුවක්.. ඒත් මෝඩ හිතක්..

    ReplyDelete
  8. ලස්සනයි ප්‍රාර්ථනා.......... (හැමදාම එන්න බැරිවුනාට තරහා වෙන්න එපා මේ දවස් වල පො​ඩ්ඩක් බිසී විභාගේ නිසා...)

    ReplyDelete
  9. @සොරෝ : බොහෝම ස්තූතියි ..! හි..හි.. ඒකට කමක් නෑ.. පුළුවන් වෙලාවට එන්නකෝ..

    ReplyDelete
  10. අන්තිම කවිය ඇරෙන්න
    ඔයා ලියල තියෙන්නේ මගේ හිත, ප්‍රර්ථනා.....
    මොකද මං තාමත් බලාගෙන ඉන්නවා...
    බලාපොරොත්තු කොච්චර හිත රිදෙවුවත්...

    ReplyDelete
  11. @mhasantha අයියා : අන්තිම කවිය එහෙම ලිවිවත් හිත රවට්ටගත්තා විතරයි මම ඒකෙන් .. කිසිස් වෙනසක් නෑ.. පැතුම් වල,,, එදා දැක්ක හා අද දකින..:(

    ReplyDelete
  12. මගේ අදහස මහේෂ් මල්ලි එකතු කරලා තියෙන්නේ.....

    ReplyDelete
  13. චතුර අයියා : අහ්.. හරි හරි.. ඔයත් එහෙමද කියන්නෙ අයියා..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...