Sunday, October 24, 2010

ගීතයක් සුන්දරද කෙතරම්..

දිනක් මවක් සහ දුවක් රූපවාහිනී නරඹමින් සිටියහ.ඒ මොහොතේ රූපවාහිනියේ මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණන්ගෙ ගීතයක් ප්‍රචාරය විය.ඒ ඇසූ දුටු දුව (2 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි)...පැනයක් මව වෙත යොමු කලාය...

"අම්මා... මේ සින්දුවේ කවුරු ගැනද කියවෙන්නේ......"

අම්මා හීන් දාඩිය බිදක් පිසින්නට විය.කුඩා ළමුන් සමඟ රූපවාහිනී නැරඹීමේදී එවැනි අකරතැබ්බ වලට මුහුණ දීමට සිදුවීම සාමන්‍ය දෙයකි.දැන් කුමක් කියන්නද..?... තාමත් දැරිය පිළිතුරක් අපේක්ෂාවෙන් මව දෙස උපේක්ෂාවෙන් බලා හිදී....


"අනේ ඇත්තට...මේ පුංචි කෙල්ලට ඕන්නැති දෙයක් නෑනේ.... ඒවා ලොකු අයගෙ කතා..ඔයාට ඒවා ඕනෙනෑ..."

ඔන්න අසරණ දැරියට ලැබුණු පිලිතුර... ඒ පිළිතුරෙන් ඇය තවත් අසරණ වෙන්න ඇද්ද.. එසේ නැද්ද..?
දැරිය අම්මා දෙස සමච්චල් බැල්මක් හෙලන්නට විය..(කිසිදින මව දෙස එසේ නොබලනු දරුවනි...:)...)

"අනේ අම්මේ.. අම්මා ඒකවත් දන්නෑනේ... මේ සිංදුව කොහොමද වැඩිහිටියන්ගෙ වෙන්නේ.මේක පොඩිහිටියන්ගේ සිංදුවක්නේ..."

හරි දැන් මම මෙය කියවන ඇත්තන්ගෙන් පැනයක් විමසමි.
"මිල්ටන් මල්ලවාඅරච්චි ගායනා කල ළමා ගීතයක් නම් කරන්න.."

 හැකිද ඒ ළමා ගීතය කුමක්දැයි කියන්න,...?....මෙන්න ගීතය..............

                     "තනි වී සිටින්නයි මා අදහස් කලේ.."
(සිනා නොමවන් දසන් දක්වා..:)........)

"දෝණි,ඒ කොහොමද ඒ පොඩිහිටියන්ගේ සිංදුවක් වෙන්නේ..?" අම්මා ඉමහත් පුදුමයෙන් විමසන්නට විය.

"අම්මට ඒකවත් තෙරෙන්නෑ... එයා කියන්නෙ එයාගෙ මල්ලි ගැන නේ...අනේ..අනේ..."

"මල්ලි ගැන" මව සිතන්නට විය. දැන් නම් පිලිතුර කටටම දී ඇත.
"ඒකනේ දූ... මට ඒකවත් තේරුන්නෑ නේ.....ඇයි ඔයා එහෙම හිතුවේ... කියන්න බලන්න "

මුහුණට බැරෑරුම් පෙනුමක් මවා ගත් දියණිය පැහැදිලි කරන්නට විය.
"බලන්න අම්මේ මමත් නංඟා ඉපදෙනකම්ම තනියෙන් බෝනික්කොත් එක්ක සෙල්ලම් කලේ(තනි වී සිටින්නයි මා අදහස් කලේ..ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.)...හරි ඉතින් ටිකක් පාළු දැනුනා තමා,මම නංඟියෙක් ගේන්න කියලා අම්මට කිවුවත් කියමුකෝ..."

"ඒ වගේම" දියණිය තවදුරටත් පැහැදිලි කරයි..
"මම අම්මා සැරකලාම ගිහින් නංඟට කියන කොට චුට්ටක් මුකුත් කියන්නෑනෙ...ඔයා ඕවා ගණන් ගන්න එපා අක්කා ..කියලා.. ඒ වෙනුවට එයා හොඳට හිනා වෙනවා..."

අන්තිම පේලිය ගැන නම් එයා හිතුවා මිසක් හිතුව දේ කිවුවේ නෑනේ... ගොඩක්විට නංඟා ගැන පොඩි පහේ ඊරිසියාවක් තියෙන්න ඇති... එච්චර කල් බඩපිස්සී වගේ ඉදලා ලොකු දෝණි වෙන්න උනාම..(වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ..)

(ඉහත පුවත සත්‍ය කතාවක් මිස ප්‍රබන්ධ කතාවක් නොවන බවත්.. ඒ සිද්ධිය අදින් වසර 13කට පමණ එනම් මෑත අතීතයේ සිදු වූවක් බව කරුණාවෙන් සළකන්න)

අද ගීත වලට කරන රූපරචන ඉහත කතාවට යම් සමානතාවයක් දක්වන හෙයින් මට එම කතාව කීමට සිදුවිය.. කිසිම ගැලපීමක් නැති රූපරචන ගීත වලට යෙදීමෙන් සිදුවන හානිය සුළුපටු නොවේ.. එය රසස්වාදනයට බලවත් බාධාවකි.ගීතයක් නැරඹීමට වඩා එයට සවන් දීම අගනේ යැයි මම විශ්වාස කරමි..

ඉහත ගීතය ගැන බිඳක් හෝ කතා නොකලොත් එය විශාල අඩුවක් වනු ඇත..
මෙය විරහ ගීතයක් බව සැබෑය... නමුත් මම කියන්නේ මෙම ගීතය මිනිස් සිතක ස්වභාවය මනාව විස්තර කරන බවයි..

ගීතය ලියන්නට පටන්ගෙන ඇත්තේ නම් පෙම්වතිය ගැන බලවත් අමනාප සිතිනි.. එමෙන්ම සිදු වූ "වරද" නිවැරදි කර ගැනීමට නොහැකි  පසුතැවීම් සිතකිනි..
      "තනි වී සිටින්නයි මා අදහස් කලේ..
      ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.."..
තමන් කිසිම වරදක් නොකල නිවැරදි කරු..ඇයයි හැමටම වැරදිකරු වගේ අදහසක්...

ඒත් ගීතයේ අන්තරා කොටසට එනවිට තරහා ටිකක් නිවිලා..හිතේ සෙනෙහස මුදුනට ඇවිත්..
    "ඔබෙ චේතනා අගනා මා සිත දනී...   (පේනවා නේද..?)

දැන් පෙම්වතාට තමන්ගේ සෙනෙහස සඟවාගනු බෑ.. ඒ නිසා පෙම්වතියට කල දෝෂාරෝපනය සමාජය වෙත යොමු කරනවා..
ඔයත්,මමත් නිවැරදි........... අනික් සියල්ලන් වැරදී....වගේ තේරුමක්..
    "අවට ලෝකයේ බැලුම් විසකටු වැනි..
     ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී..
    ගලන දුක් වේදනා රුධිරය වැනී.."

ඒ තමා හිතක ඇත්ත ස්වභාවය.. එක වෙලාවක හිතනවා මමයි වැරදී... තව වෙලාවක ඇයි මෙහෙම හමු වුනේ ..හමු නොවුනා නම් මේ කිසිදෙයක් නෑ..(අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ)

ඇත්ත ඒකයි... 

ගීත හරි මිහිරී... ඒ දේවල් කෙනෙක් විදපු දේවල් කියලා දැනෙනකොට වටිනාකම වැඩි වෙනවා

ලෝකෙ ගොඩක් ලස්සනයි.. 
හැමෝම හරිත් නෑ..
හැමෝම වැරදිත් නෑ..

17 comments:

  1. ඇත්ත තේරුම මොකක් උනත්..පුංචි දෝණිගේ තේරුම ගොඩක් ලස්සනයි..සමහාර විට ඇත්තටම මේ සිංදුවේ තේරුම ඒක උනා නම් සිංදුව තවත් ලස්සන වෙයි.. දෝණි පොඩි කාලෙ ඉදලම දෙයක් වෙනස් විදිහට දකින්න පුරුදුවෙලා ඇති..රත්ගමය නිතරම කියන්නෙ වෙනස් දේවල් කරොත් විතරයි ලෝකෙට අපිව මතක හිටින්නේ...මීට අවුරුදු 13කට කලින් දෝණිට වයස අවුරුදු7යි..එහෙනම් දැන් 20යි......හොයා ගත්තා දෝණිව...දිගටම වෙනස් විදිහට හිට්න්න........ඒ දෝණිට සුබ පතනවා.

    ReplyDelete
  2. @රත්ගමයා සහෝගෙ රත්තරං මොළෙන් හරියටම අඳුරගත්තා නෙව දෝණිව...:):)... මට තාමත් ගීතෙ අහනකොට ඒ තේරුම හිතට එනවා... හරි අපරාදේ. අම්මට ඒ වෙලේම වැරැද්ද හදන්න තිබ්බේ..

    ReplyDelete
  3. නෑ..අම්මා වැරැද්ද හැදුවෙ නැති එක හොදයි..එහෙම හැදුව නම් මේ අලුත් අදහස දෝණි අමතක කරනවා....අලුත් දේවල් කවුරුවත් කාටවත් කියන්නෙ නෑ..ඒව අලුතෙන්ම හිතෙන්න ඕන

    ReplyDelete
  4. ඇත්ත නේන්නම් පොඩි දෝණි හරි දක්ෂයිනේ....මේ වගේ ගීත විචාර දිගටම ලියන්න.

    අර රූප රචනා කතාවනම් සහතික ඇත්ත.සිංදුව මාකට් වෙන්නේ සිංදුවේ අර්ථයෙන් නෙවේ රූප රචනාවෙන්...ඇයි ඉතිං සරාගී කාන්තාවක් බාගෙට ඇදන් නැටුවනම් හොදටෝම ඇතිනේ.....
    වැරැද්ද අපේම නේද? අපිමයි ඒ දේවල් ලස්සනයි කියලා බදා ගත්තේ...දැන් ඉතිං අපේ චින්තන හැකියාව, රූප රචනාවට වහල් වෙලා.ඉතිං සිංදුවක් අපි විමසන්නේ පද වල අරුත නෙවේ රූප රචනාවේ අර්ථයයි......
    මම ඕනිතරම් අහල තියෙනවා මෙහෙම කියන මගේ යාළුවෝ...
    "අඩේ ඒක මාර සිංදුව බං...බොක්කටම වදිනවා...ඒකේ ඉන්න කෙල්ලගේ මාර ඇක්ටින් ටික.වීඩියෝ එක පට්ට කොලිටි....බ්ලා බ්ලා බ්ලා...."
    ඉතිං අපේ උන් සිංදුව මොන හරුපයක් තිබුණත් කමක් නෑ රූප රචනාවට වහල් වෙලා.

    ඉස්සර මම පොඩි කාලේ කැමතිම දෙයක් තමයි (දැන්නම් ඇත්තටම ඒක මගඇරිලා) ගුවන් විදුලියේ විකාශනය වුන "මුවන් පැලැස්ස" "දෙගම්ගොඩ අන්දරය" (තවත් තිබුණා නම් මතක නෑ) වගේ කතා රෑට අහනවා.මම කැමති ඒක ඇදේ ඉදන් අහන්න.ඉතිං මගේ වොක්මන් කට්ට දාගෙන අහන් ඉන්නවා පුදුම ආසාවකින්.ඒ කතාව යද්දි ඒ අදාල පරිසරය ඒ වගේම ඊට අදාල රූප රාමු හිතේ ඇදිලා පේනවා.පොඩි ළමයෙක්ට මේවගේ කතා අහන්න දුන්නොත් කොහොම තියෙයිද ඒ අයගේ චින්තන හැකියාව.ඒත් ඉතිං අපිට තිබ්බ ඒ පොඩි වාසනාවවත් දැන් ළමයින්ට ඇත්තේම නෑ.මොනා කරන්නද ඉතිං.අන්තිමට මම හැමදාම කියනවා වගේ හිතන්න බැරි,කරුණාවක් දයාවක් අනුකම්පාවක් ආදරයක් නැති රොබෝලා ටිකක් ඉදිරියේදි ලෝකයට බිහිවෙයි.

    මම ඉදලා හිටලා අහන රේඩියෝ වැඩ සටහනක් තමයි සියත ගුවන් විදුලියේ යන "රෑ දහයට මම කැමතිම ගී දහය" (සතියේ දවස් වල රෑ 10ට තමා ඒක යන්නේ...නමෙන්ම වෙලාව තේරෙනවනේ‍‍‍‍....) කියන වැඩ සටහන.ඒකට කවුරු හරි යම් කේෂේත්‍රයක ප්‍රසිද්ධ චරිතයක් (නළුවෙක්, ගායකයෙකේ, පද රචකයෙක්.....) ගෙන්නලා ඒ කෙනා කැමති ගීත 10 විකාශනය කරනවා.ඉතිං ඒ ආපු පුද්ගලයා ඒ ගීතයට කැමති ඇයි ඒ ගීතයේ විශේෂත්වය ඒ ගීතයත් තමන්ගේ ජීවිතයත් අතර තියෙන රසබර දෙවල් ඒ කෙනා‍ කියනවා.අහන් ඉන්න ආසයි.කෙනෙක් ගීතයක් විමසන විදිහ පුදුම ලස්සනක්.ඒ ගීතයම වෙනත් කෙනෙක් විමසන විදිහ හරිම අපුරුයි.හැම ප්‍රශ්නයක්ම අමතක කරලා ඇස් පියාන විදින්න පුළුහන්.වෙලාවක් තියෙනවනම් පොඩ්ඩක් අහල බලන්නකෝ.

    අර රත්ගමයා කිව්ව දේට මාත් එකගයි ඕන්...
    අළුත් දෙයක් කරන්න අළුත් දෙයක් හිතන්න...හැබැයි ලෝකය නසන්නට නෙවේ ලෝකය සුරපුරක් කරන්නට....
    හොද කෙනෙක් වෙන්න බලන්න නංගියෝ ඔය සිතුවිළිත් අතැතිව.......

    ReplyDelete
  5. @හසි අයියා.., ස්තූතියි අයියා.. මටනම් හිතෙන්නේ අරුත් සුන් වෙන තරමට ඔයා කිවුව විදිහේ රූපරචන යොදනවා කියලා.. "මම එහෙම කෙනෙක් වෙන්න බලන්නම් අයියේ.."

    ReplyDelete
  6. @පසන් sid යාළු..,සුසුම් හෙලන්නේ කිමැයි සොයුර..?

    ReplyDelete
  7. පොඩි අය මොනවා හරි දෙයක් දිහා බලනවානම් ඒ බලන්නේ වෙනම කෝනෙකින් .

    අනික මම ගොඩක් අකමැතියි පොඩි අයට උගන්වන්න . ඒ ඇයි කියනවා නම් මහ අමුතු ප්‍රෂ්න එයාලා අහන්නේ , පොඩි අයගේ පන්තියක් මට දුන්නදාට නිකං දඩුවමක් දුන්න වගේ දැනෙනවා . මට අද්දැකීම් නැති නිසා තමයි ඒ . මට දැන් හිතෙනවා කොහොමහරි හොඳට ට්‍රයි කරලා පොඩි උන්තේරුම් ගන්න ඕන කියලා

    හැබැයි මමත් තාම පොඩි කොල්ලා ! හි හි

    ජයවේවා

    ReplyDelete
  8. පොඩි කෙල්ලගේ අදහස ශොක්.... හැමවෙලෙම අලුතින්ම හිතන්න තියෙනවා නම් හුගාක් දෙවල් වෙන්ස් වෙලා තියේවි...

    ReplyDelete
  9. @හිස් අහස...(හිස් නෑ වගේ හිත් අහස..:P)
    ඉතින් ඇයි ඔයා පොඩිහිටියන්ට උගන්වන්න යන්නේ... (අමාරුවේ වැටෙන වැඩක්නේ..)
    ඔව් ..!පොඩි අය තේරුම් ගන්න...:):)
    හිස් අහස නම් අනන්තයි..ඒත් කොල්ලා තාම පොඩි..අහ්..??..:D
    ස්තූතියි...commentඑකට..සහෝ..

    ReplyDelete
  10. @නිමාශා.., පොඩි කෙල්ලගෙ අදහස මට නම් "ගොන්" joke..:)
    ඒත් ඇත්තටම ඒකත් නරක නෑනේද යාළු..?
    ඇත්ත..ගොඩක් දේවල් වෙනස් වෙයි..
    "අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී."ලුනේ..
    ස්තූතියි..මේ පැත්තේ ආවට...

    ReplyDelete
  11. මේ දොනි පොඩිකාලෙම අම්මව අමාරුවේ දාලා නේද ?

    දොනි ගිතය තෙරුම් ගත්ත විදිහත් සාදාරනයි.. කියලා මට හිතෙනවා...

    එයාට ලෑබිලා තියන ..තෑන අහිමි උනහම.............

    ReplyDelete
  12. @ඉලංදාරි අයියා.. ඒකනේ.. සාධාරණයි නේද..?

    ReplyDelete
  13. වෙනස්ම විදියකට හිතන දෝණියෙක්.....

    හැම දෙයක් ගැනම අඑත් විදියකට හිතන්න පුඑවන්නම් ඒකෙන් මේ ලෝකේ ගොඩාක් ලස්සන කරන්න් පුලුවන් ‍වේයි කියලයි මගේ අදහසනම්...

    ReplyDelete
  14. ඒක නම් සම්පූර්ණ ඇත්ත මල්ලි... බ්ලොග් අඩවියේ ගොඩක් අයගෙ මම දැක්ක විශේෂත්වය තමා "අළුත් විදිහට සිතීම"

    ReplyDelete
  15. හරිම ලස්ස්සනයි...තවත් විචාර ලියන්න

    ReplyDelete
  16. @ෆැන්ට්සි : අනිවාර්යෙන්ම..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...