"මේ නීටා .."
"ඇයි ශානි.."
"අර..බලන්න.."
"ඇයි ..මොකක්ද.?
"අර අපේ සුජීගෙ බබා....."
"අනේ ඇත්තමයි..හරි ෂෝක් දරු පැටියා නේද..?"
"ඕං බලන්න ඒකෙත් හැටි...."
"ඇයි.. එහෙම කියන්නෙ"
"ඇයි..දන්නැද්ද.. ඔය හදාගන්න ළමයෙක්නේ....අනේ මටනම් දාහක් දෙනවා කිවුවත් අනුන්ගේ දරුවෝ එපා..! කාගෙ එවුන්ද කවුද දන්නේ..නැද්ද මං අහන්නේ"
"මං ඔය වගක් දන්නෑනෙ...එතකොට සුජීට බබාලා නැද්ද..? අනේ ඇත්තට... ඔය ගෑනු උදේට දකින්නවත් හොඳ නෑ කියනවානේ...හරි මුස්පේන්තුයිලු..."
අපිට මේ වගේ කතාකරන අය කොච්චර සමාජයේ මුණගැහෙනවද?ඒවගේ හිතන හණමිටි අදහස් තියන අය කොච්චර ඉන්නවද..?
අන්තිමට බැලුවම දරුවා විතරයි නොදන්නේ "රහස"... අනික් හැමෝම දන්නවා...
ඒ වෙලාවට ..තමන් සර්වසම්පූර්ණයි.තමන් වගේම තවත් ගැහැනියක් "මුළුමනින් අසම්පූර්ණයි.." ..
ඇයි මිනිස්සුන්ට ටිකක් වෙන කෙනෙක්ගේ දෘෂ්ටිකෝණෙන් බලන්න බැරි..!
මට නම් හිතාගන්න බෑ..
ඒ අම්මත් කොච්චර ආසා ඇත්ත වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙන්න...
තමන්ගේ හිතම කොච්චර රිදවනවා ඇද්ද ඒ හිත.... මිනිස්සුන්ගේ කතා කොච්චරක් වැටෙනවා ඇත්ද ඒ දෙසවනට..... අරුමයක්... ඒ දේ තවෙකෙකුට නොවැටහීම...!
"කිරි අම්මාවරු දනට වඩිනවා..
කිරි සුවඳයි මුළු ගම්මානේ..
අම්මා ඇයි ඒ දනට නොයන්නේ.....
නොඅසන් පුතණුවනේ....
මා සිත රිදෙන නිසා...."
හැමෝටම හැමදේම ලැබෙන්නෑ.... ඒකට අනෙකා හරිම කැමති... අනුකම්පා කරන්න මිනිස්සූ තරම් රුසියෝ වෙන කවුද..? ඒ අනුකම්පාවත් බොහෝවිට හිත් පෙලන තරම්.....!
කිරි අම්මලා විදිහට කිරිඅම්මා දානෙට වඩින්නේ විවාහක "සර්වසම්පූර්ණ" කාන්තාවෝ.. වැන්දඹු නම් "අසම්පූර්ණ..", දරුවන් නැත්තම් .."අසම්පූර්ණ'................ මේ දේවල් මිනිහෙක් පෙලන්න තවත් මිනිහෙක්ම යොදාගන්න ආයුධ.
ඒ අම්මත් දරුවෙක් හදන්න ගන්න ඇත්තේ දරුවෙක් නැතුවම බැරි නිසා නොවේද..? එහෙම නේද..? මම රූපවාහිනියේ,පුවත්පත්වල පවා දැකලා තියනවා දරුවන් නැති කලා කරුවන්ගෙන් ඒ ගැන පුන පුනා අහනවා.. ඇත්තට ඒ වෙලාවට මට හිතෙනවා "මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද" කියලා.
" නෙත නිදි මරලා..
කැත කුණු අතගා..
මම නුඹ හැදුවෙමි..
දුක් විදලා.... "
"එනමුත් කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරිකර නැත පොවලා.."
හදපු අම්මාද, වදාපු අම්මාද උතුම්..? මම නම් හිතන්නෙ හදපු අම්මා කියන එකයි.. සමහරෙකුට කළලයක්............,භෘණයක්............, පමණක්ම වූනු දරුවෙක් ....තවත් අම්මෙකුට ලේ කිරි කැටියෙක් වෙනකොට තමා මිනිස්සුන්ට ඉවසන්න බැරි...................... මම ඇත්තටම එහෙම හිතන මිනිස්සුන්ට වයිර කරනවා...ඒ ඇර මට මේ සමාජය වෙනස් කරන්න බෑ....
"නුඹගෙන් දරුසුරතල් බැලුවා මිස...
මව් පදවිය නැත මා පතලා.."
" මතු බවයේ මා..
දනට වඩින්නම්...
නුඹ බිහි කර ඉන්..
මව වීලා..... "
පුළුවන් නම් අපිට තේරුම් ගන්න කෙනෙක්ගේ හදවත... ඒකම ලොකු පිනක්...! මහ ලොකු කමට.. "මම නම් ඇත්තමයි කියන්නේ... කියන දේත් මූණටම කියනවා... " කියලා කියන එක නෙවේ මනුස්සකම කියන්නේ... මගේ බොළඳ හිතට හැඟෙන විදිහට....
මිනිහෙක් කියන්නේ අනික් අයට ඇහුම් කන් දෙන කෙනෙක්............
හඬට නෙවේ..........
හද ගැහෙන රාවයට....
මම දන්නෑ මේ දේවල් කතා කරන්න තරම් මම මෝරලාද කියලා.. ඒත් මට පෙනෙන ලෝකෙ ගොඩක් තැන් මට පේන්නෙ හිස් තැන්... තමන් ළඟ වැරදි කොච්චරක් තියනවද... ඒත් බලන්නෙම අනික් කෙනෙක්ට රිදවන්න.....
අද අපිට හරි ලොක්කො වගේ ඉන්න පුළුවන්.. ඒත් හෙට ගැන අපි කාටවත් කියන්න බෑ..
මම ඉස්කෝලෙදී හරියට යාළුවොන්ගෙන් බැනුම් ඇහුවා.."ප්‍රාර්ථනා,ඔයා ලෝකෙ හැමදෙයක්ම සාදාරණීකරණය කරන්න යන්න එපා.." කියලා
.ඒත් මම හිතන දේ තමා හැමෝම එහෙම හිතලා බෑ.කවදාහරි සමාවදෙන්න බැරි වැරැද්දක් වුන කෙනෙක්ට අනුකම්පා කරන්න මිනිස්සූ ලෝකෙ ඉන්න ඕනෙ..හැමෝම ඕනෙ නෑ.. ඒත් එහෙම අය ඉන්න ඕනෙ.. කෙනෙක් වැටෙන්නෙ සුළු මොහොතයි යන්නේ.. හිතන්න...!ඒ වෙලාවට කවුරුත් නැති වුනොත් එයා නැඟිට්ටවන්න........
පුළුවන් නම් මේ ගීතය විදින්න... මම මේ ගීතය එක සැරයයි අහලා තිබුනේ.. රූපවාහිණියෙන්.. ඒ මීට අවුරුදු ගානකට කලින්.. ඒත් ඒකෙ තේරුම මගේ හිතට ගොඩක් වැදුනා... අද තමා 2වනි සැරේට මම මේ ගීතය ඇහුවේ.. මේ වගේම ගීතයක් තමා.."ජයසිරි මහ බෝ හිමි මම පිරිමි පුතෙක් පැතුවා(හරියට මතක නෑ..ඒකත් එක සැරයයි ඇහුවේ..) ගීතය..
මම හිතන්නේ මේ ගිතයේ නම් රූපරචන ගැලපෙනවා..ඒත් ඒ නැතුව අහන්න....
පුළුවන් තරම් මිනිස්සු දිහා සානුකම්පිතව බලන්න...ඒත් අනුකම්පාව අඟවන්න එපා.. ඒ දේ එයාලව ගොඩක් රිදවයි...ඒ වගෙම හිතට එන හැමදෙම නොකියා ඉන්න.. හිතක් කියලා දෙයක් ඇත්තේ අපිට හිතන්නනේ........... නැත්තම් එහෙම එකක් මොකටද..?
මේ ලෝකෙ හැමෝම සතුටින් නම්
කිසිම අඩු පාඩුවක් නැත්නම්..
මේකත් ලෝකයක් වෙයිද...?
ලෝකෙ අපි හැමෝම ඉන්න ඕනෙ.. කවුරු යන්න කිවුවත්..........
අම්මා....
ReplyDeleteදරුවෙක් බිහිකරන්න පුලුවන් උන පලියට අම්මා කෙනෙක් වෙන්නෙ නෑ..අම්ම කෙනෙක් දරුවව බිහි කරන්න විදින වේදනාවට වඩා වේදනාවක් විදිනවා ඒ දරුවව හදන්න..
පොඩි කතාවක් කියන්නම්..ලගදි උසාවියට ගියා මම..යාලුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා උදව් කරන්න.
එලියේ ඉන්නවා අම්මල දෙන්නෙක්..දරුවො ගැන කතා වෙනවා
"බලපන් බන්..අපේ එකා පොලීසියෙන් අල්ලල නේ..කුඩු සීන් එකකට..ඌ කුඩු විතරයි බන් ඌ වික්කේ..මේ ජරා පොලිස් කාරයෝ ඌට ගංජා සීන් එකකුත් දාල නේ බන්..අනේ මගෙ අහිංසකය පව්.."
අම්මාලා එහෙමයි..සමහරු.....දරුවා කුඩු විකුනුවත් ඌ පව්....තමන්ගේ එකා නිසා.....
ඒත් වෙන අම්මා කෙනෙක් මේ විදිහටත් කියන්න තිබ්බා
"බලපන් බන් මගේ එකා,කොච්චර කරත් මූව හදන්න බෑ නේ...හදනවා මම ඕකව කෝටු මස් කරල හරි...ඔච්චරයි...මූව හදාගන්න ඕන..මොකා උනත් මගේ එකා නේ"
ඒ කියන්නෙත් ආදරේට..මට වෙනම පෝස්ට් එකක් දාන්න හිතුනා මේක නිසා.....
මෙකනම් සුපිරිම සුපිරි පොස්ට් එකක් ..
ReplyDeleteනියමයි නියමෙටම නියමයි.....
කියලා තියන් අහෑම දේම ඈත්ත... ඉන් එහා මම මොකුත් කියන්නේ නෑහෑ...
@රත්ගමයා.., ඇත්තමයි සහෝ.. ඔයා කිවුවා හරියට හරි.. තමන්ගේ දරුවගෙ පැත්තට කතා නොකරපු අම්මා කෙනෙක් ඉන්නවද.? ඒකයි එයාලගෙ වෙනස...ඔයා හරි...
ReplyDelete@ඉලංදාරි අයියේ.., බොහෝම සතූතියි හොඳේ...? කාලෙක ඉදන් හිතේ කැකෑරපු සමාජ අසාධාරණයක් අද තමා එළියට අවේ..
ReplyDeleteඇත්තයි සහෝ..මේක නම් මැ..මැක්සා post එකක්..
ReplyDeleteLahiru සහෝ.., ගොඩක් ස්තූතියි..!
ReplyDeleteනියමයි..
ReplyDeleteප්‍රර්ථනා ඔයා මට වෙන්නේ අක්කද නංගිද කියල දන්නේ නෑ
ReplyDeleteඑත් ඔයා මේ ලියල තියෙන දේටනම් මං මුළු හදවතින්ම එකගයි
ඔයා මේ දාල තියෙන සිංදුවල හැම කොටසක්ම ඇත්තටම මගේ
ඇස් වලට කදුළු ගෙනාවා .
@නිසල්..ස්තූතියි. යලූ...
ReplyDelete@මම....මම මටම කියන්නේ ඔයා මම ම තමා.. මට වගේම දැනුන..
ReplyDeleteදසමාසයක් ලෝකෙන් හැංගිලා වදාපු කිරි සප්පයාව බ්ලේඩ් එකෙන් කපාල කකුස්සි වලට දාන උන්ට අම්ම කිව්ව ම ඊටත් වඩා කාලයක් මාව මනුස්සයෙක් කරපු මගෙ රත්තරං අම්මා දෙවියෙක්.ඊලග ආත්මෙදිවත් රත්තරං අම්මගේ කුසට පිලිසිදෙන්න මම පිං කරනව අම්මේ..
ReplyDeleteසිරීපාදෙ වන්දවන්න හිස උලියල් බැඳලා..
ReplyDeleteසිරි මා බෝ සාමිනී මම පිරිමි පුතෙක් නැතුවා....
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා..
සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා....
ඇත්තටම ගොඩක් සංවේදී ගීතයක්. අහන අපේ ඇස් වලටත් කඳුලු උනනවනම් කියන මනුස්සයට කොහොම ඇද්ද ? නිරංජලා සරෝජිනී මහත්මියටත් ඇත්තටම දරුවන් නැති නිසා මේ ගීතය ඇයගේම හිත කොයිතරම් රිදවනව ඇද්ද ?
අද තමා ඉස්සෙල්ලාම මේ පැත්තෙ ආවේ.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteකියන්න වචන නැහැ.
සුභ පැතුම්..
@සුදු මහත්තයා..,
ReplyDeleteඇත්ත.. මටත් ඒ ගීතෙ හරියට හිතට වැදුනා..
මට හොඳට මතකයි නෙරංජලා මහත්මියගෙන් ඔය ගැන මාධ්‍යවේදියා පුන පුනා ප්‍රස්ශ්න කලා.. මට පුදුම තරහක් ආවෙ
ඒ වගේම තමා "පොඩි පුතුගේ කතා පෙලයි" ගිතය ගැන සෝමතිලක ජයමහ ගායකයාණන්ගෙන් ඒගැන පුන පුනා ඇහුවා.."දරුවො නැති ජීවිතේ"ගැන..
ඇයි එහෙම හිත් රිදවන්නේ මිනිස්සු..
මටනම් හිතාගන්න බෑ..
@සිරකරුවොත් මනුෂ්‍යයොය...,
ReplyDeleteබොහෝම ස්තූතියි.. මේ පැත්තට ගොඩවුනාට යාළු..
ඒ වගේම commentඑකට..
යන්තර බණ්ඩා : ඔව් යාළු.. එහෙව් අම්මලා දෙවිවරු තමයි.
ReplyDelete