Monday, October 11, 2010

සිතිවිලි හින්දා..

සිතට ගලන සිමින් සැලෙන
අතොරක් නැති සිතිවිලි ගඟ
අඟුළු ලමින් පරිස්සමින්
හද තුල සඟවා.....

 නෙතින් ගන්න සිතේ තබන 
 කවි පදයක අඩුක්කරන  
තව දෙනෙතක සටහන් වන 
 සිතිවිලි හන්දා.....


පින්සලකින් සිත්තම්වන
 ගෙත්තමකින් ගෙත්තම් වන 
කැටයමකින් කැටයම් වන
 නිමැයුමක් වෙනා...

 කවියක් ගැන කවියක්..

9 comments:

  1. හ්ම්.....හරිම ලස්සනයි නංගියෝ.....

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි...හසි අයියේ..!!!

    ReplyDelete
  3. හැමදාමත් වගේ ලස්සනයි...රත්ගමයා "පතක නොඇඳුනු සිතක සිත්තම් වුනු කැටයම්" බලන්න එන්නේ ගොඩක් ආසාවෙන්...නියමයි

    ReplyDelete
  4. ඇත්තටම .. හරිම ලස්සනයි...

    ReplyDelete
  5. @රත්ගමයා අයියණ්ඩි,නමට "පොඩි" මල්ලී...
    ඔයාලා වගේ ප්‍රවීනයකුගෙන් එහෙම දෙයක් අහන්න ලැබුනම මට දැනෙන සතුට හිතාගන්න පුලුවන්ද..?
    රත්ගමයා අයියා එක දවසක්..වෙනස් මාතෘකා තෝරගන්න කිවුව නිසා මම "ආදරය"මඟ ඇරලා කවි ලියන්න තමා ගොඩක් උත්සාහ කරන්නේ දැන්....
    ඔයාලට ගොඩක් පිං.!

    ReplyDelete
  6. ළමයා දැන් බරටම වැඩ වගේ. ඔහොම යන් ඔහොම යන්, දිගටම ඔහොම ලියමු නඟා................

    ReplyDelete
  7. Hasitha අයියා..මේකයි හේතුව..තාම මම ගතකරන්නේ අපායේ Interval එක.ඊට පස්සේ සමහරවිට නිදහස් වෙන්නත් පුලුවන්,නැත්තම් කල්පයක් ඔලුවෙන් හිටගෙන ඉන්න වෙන්නත් පුලුවන්නේ..!!ඒ නිසා මම හිතුවා කල් නොයවා තියන වැඩ ටිකක් වැඩිපුර කරන්න............

    ReplyDelete
  8. ඔව් අයියා...මම EXAM කරලා ඉන්න කෙනෙක්නේ...තාම interval.(අපායේ)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...