Tuesday, August 31, 2010

හොඳට හිතලා ලියන දෙයක්..



මන්දාරම් අහස 
හරි කලුවරයි        
මම ඒ බව දැක්කෙ 
අහම්බෙන්  කවුලුවෙන් එලිය බලනකොට
හිතේ තිබුන කිසි දෙයක්
ඉටු නොවෙනකොට
 සිද්ධවෙන දෙයක්
 ඔහේ වුණාවේ කියලා
 මට හිතුනා



නිකමට
අහම්බෙන් හිතට නැඟි පලමු සිතුවිල්ල පද වැලක ඇමිණුනි..

11 comments:

  1. සාදරයෙන් පිළිගන්නවා සිංහල බ්ලොග් අවකාශයට....

    මට හැම වෙලෙම ....පායන්නේ මන්දාරම් අහස තමා..

    ජය

    ReplyDelete
  2. අලුත් ඇරඹුමක්. සතුටුයි. සාදරයෙන් පිළිගන්නවා.
    ලියල තියෙන අදහසෙත් සෑහෙන අමුත්තක් තියෙනවා.
    දිගටම ලියන්න.

    ReplyDelete
  3. සයිබර් අවකාශයේ සිංහල බ්ලොග්කරුවන්ගේ එකමුතුවට සාදරයෙන් පිළිගන්නවා....
    කියා ගන්න බැරි දේවල් කියන්න මේක හොඳ අවකාශයක්...

    දිගටම ලියන්න... කියවන අය ඕනෑතරම් ඔබ වටා රොක්වේවි...

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක් වන්න...
    http://www.sinhalabloggers.com/
    ඔබේ සහයට එහි බොහෝ අය සිටිවී...

    ReplyDelete
  4. අහම්බෙන් දැක්කා වුව
    අහස කළු උනා වුව
    දුක සිතනු ඇයි ඔහොම..?
    ඉටු නොවුනු පැතුම් ගැන

    ReplyDelete
  5. අර කිව්වත් වගේ මාත් මේක දැක්කේ අහම්බෙන්....
    දිගටම ලියන්න හදවතින්ම සුභ පතනවා.....

    ReplyDelete
  6. ඉලන්දාරියාට,
    බොහොම ස්තූති මාව සිංහල බ්ලොග් අවකාශයට පිලිගත්තාට.
    මන්දාරම් අහසත් කොච්චර ලස්සනද, මම එහෙම කිවුවට.

    ReplyDelete
  7. sansarasiduට,
    ස්තූතීයි!ඈත්තටම,කියාගන්න බැරි දේවල් කොච්චර හිතේ හිරවෙලා තියෙනවද.

    ReplyDelete
  8. nimanthiට,
    අහස කලු වුන නිසා
    නොවේ දුක හිතුනෙ මට
    එකම එක පැතුමකුදු
    හිතේ ඉටු නොවුනු තැන
    දුක් නොවී ඉනු කෙලෙස
    කියනු හැකි ද මට?

    ReplyDelete
  9. අහසේ කළුවර මකාලන්නට
    ඉරක් නැත්නම් හඳක්
    පායන බවම සත්තයි
    සිතේ තියෙනා නොයෙක් දේවල්
    සැබෑ කරගැනුමට සැමවිටම විරියෙන්
    කටයුතු කිරීමයි කළ යුත්තේ

    ReplyDelete
  10. @Hasith අයියා,
    කඩාවැටුනු කල කෙනෙක් දිරිගන්වන්නට
    කෙනෙක් සිටිය යුතුමයි
    හඩාවැටෙන සිත් සනහන්නට
    නුඹේ වචන නම් උතුම්මයි

    ReplyDelete
  11. @chami..
    බොහෝම ස්තූතියි.........!

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...