Saturday, September 7, 2013

දුටු හද සහ නොදුටු හඳ




"අහසේ තරු කැට වගේ.."

"හරියට දැක්කා වගෙයි කතාව , කොහෙන්ද ඔයා ඒ කොටස හොයා ගත්තේ..?"
"ඒ ඇස් අහසේ තරුකැට වගේ දිලිසුනා කියලා පොතක තිබුනා.. "


"කවුරුත් කිවුව දෙයක් ඒ.. 
කියන්නකෝ අනේ ඔයාටම හිතෙන දෙයක්..?"

"ඔයාගේ මූණ හඳ වගේ.."

"වෙන්න බෑනෙ , මම කළු කෙල්ලක්.."

"කවුද කිවුවේ..?"

"මතකයි දවසක් අම්මා කිවුවා මම මගේ කළු කෙල්ලට අර නිල් අහස තරම් ආදරෙයි කියලා.."


"හඳ සුදුයි ද..? නෑ ඒක මුදුයි.. ඔයාගේ මූණත් ඒ වගේ.."

"හි..හී... හඳේ ආවට තියෙනවලු.ඒවා ඈතට කළු පාටටත් පේනවලු ,ඉතිං කොහොමද ඒක මුදු වෙන්නෙ ?"

 "මම දකින හඳේ ආවාට නෑනෙ ,ඒ හඳ හරියටම ඔයාගෙ මූණ වගේ තමයි"

"මට නම් ගොඩාක් ආස හිතෙන්නෙ හිත ඇතුලටම කිඳා බහින ඔයාගේ ගැඹුරු කටහඬට.."

"ඔව් ඉතින් ඔයා හිතන් ඉන්නෙ අර Film එකේ නළුවත් එකේ සිංදු වල ඇහෙන කටහඬ තරම්ම කඩවසම් ඇති කියලනේ..?"

"ඉතිං මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ..මට කැමති විදිහට හිතන්න මොකටද මට කාගෙන්වත් අවසර..? :).."

"සිංදු කියන අය අරන් බලන්න , ඔයා ආසම _______ට. එයාගේ කටහඬ ගැඹුරු ආදරණිය වුණාට එයා උණහපුලුවෙක් වගේ කියලා අපේ අයියා කියනවා මට ඇහුණා.."

"නෑ ...එයා උස , ලස්සන කොල්ලෙක් , මේ දැනුත් මට පේනවා එයා සිංදුවක් කියනවා..."

"පිස්සු පූසි..:P "

"අපි කොච්චර වාසනාවන්තද අනේ..?"

"ඒ ඇයි..?"

"මොකද කිවුවොත් අපි අපිට බොරු කරන්න බෑනේ... ,
හිතන්න , මම ඔයාට අහස තරම් ආදරේද..? බොරු මොකටද , නොදැකපු දෙයකට මගෙ ආදරේ මම කොහොම සමාන කරන්නද..? "

"හ්ම්.. ඔයත් එහෙනම් පැහිච්ච අම්මණ්ඩියෙක් වෙලා අහ්..? 
කෝ දෙන්න "

"මොකක්ද..?"

" සුදු හැරමිටිය"

8 comments:

  1. මට නිකන් කියවගෙන එද්දී හිතුනා මෙහෙම දෙයක් වෙන්න ඕන කියලා ...

    එක අතකින් එහෙම අඩුවක් තියෙන කෙල්ලෙක්ට ආදරේ කලානම් ඒ කෙල්ල කවදාවත් අපිව දාලා යන්නේ නැහැ .. එක සුවර් ..

    ලස්සනයි ප්‍රාර්ථනා .. ගොඩක් ...

    ReplyDelete
    Replies
    1. දෙන්නම අන්ධයි සුළඟ , මම මේ රිද්ම පත්තරේ තිබුන ඇත්ත කතාවක් ආනුසරයෙන් ලියුවේ..
      අන්ධ යුවලක්.. එයාලට බබෙකුත් ඉන්නවා.. අන්ධ ඉස්කෝලෙදි තමා යාළු වෙලා තියෙන්නෙ.. දැන් එයාලා හඳුන්කූරු විකුණලා තමයි සල්ලි හොයන්නේ...

      මට හිතුනා... ඒ ආදරේ හරි විශේෂ ඇති කියලා... අපි නිකම් යොදන උපමා ආටෝප කොච්චරකින් ඒ ආදරේ තොරද කියලා හිතුනා..
      මුළුමනින්ම හදවත් දෙකක් පරිභාහිර රූප ,ධන , යස ඉසුරෙන් තොරව හදවතින්ම විතරක් කරන ආදරයක් නේද කියලා හිතුනා...

      Delete
  2. හ්ම්ම්ම්ම්.....


    Love isn't an exam,so why to cheat?
    :)

    අපූරු සටහනක්,මට වගේම තව අයටත් ඇති කියලා හිතෙන පුද්ගලික අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි කරූ..!

      හිතන්න , කාටද අපි බොරු කරන්නේ..? මුළු ජීවිත කාලයක් ආදරය කරන්න බලන් ඉන්න කෙනෙක්ට...
      මොකටද බොරු..?
      එහෙම නේද..?

      Delete
  3. ඇත්තටම ආස හිතුණා.......

    ReplyDelete
  4. පවු නේ ..., අපි කොච්චර වාසනාවන්තද නේද

    ReplyDelete
    Replies
    1. හ්ම්.. අපි බොහොම සාමාන්‍යයි...

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...