Saturday, September 21, 2013

බොහොම සාමාන්‍යයි...




          හැමෝම කියන්න කැමති දෙයක් තමයි... "මම ටිකක් වෙනස් කෙනෙක්" කියන එක.

මේ වෙනස් වීම කොයිතරම් දුරට හොඳද නරකද කියලා කියලා අපි බලමු..

                                                   අපි හැමෝම එකිනෙකාට වෙනස් නේද..? නමුත් අපි එක වගේත් නේද..? එහෙම නොවුණත් රැළක් විදිහට එකෙක් වගේ ඉන්න අපි උත්සාහ කරනවා නේද..? එහෙම ඉන්නත් අපිට පුළුවන් නේද..? රැහේ උන් අපිට වඩා වෙනස් නම් අපි නිකම්ම කොන් එනවා නේද..? උන්ගේ දෘෂ්ටියෙන් බැලුවොත් අපි "අමුතු සත්තු" නේද..? ඒ පීඩනය එක්ක අපිත් ආසයි සාමන්‍ය වෙන්න.. අසාමාන්‍ය නොවී ඉන්න... :)

                                                 ඒත් ආදරේ වගේ මාතෘකාවක් කතා කරද්දී.. අපි ආසයි අපි හරි වෙනස් කියලා පෙන්නන්න... රෝමියෝ කෙනෙක් , ජුලියන් කෙනෙක්ට වඩා ආදරේට කැප වෙන බව පෙන්නන්න.. ආයේ තමන්ට හිමි නොවෙන කෙනෙක් වෙනුවෙන් කෙස් පැහෙනකම් වුනත් බලන් ඉන්න පුළුවන් Lost Valentine එකේ අත්තම්මා වගේ කෙනෙක් නේද මං කියන්න... :) 

                                                කෝච්චියේ යනකොට අපි ඔක්කොම දෙමලිච්චෝ වගේ කච කච ගාද්දී , අයිනකට වෙලා පොතේ ඔළුව ඔබාගෙන ඉන්න කෙනෙක් දිහා බලං... "මේ මොන විකාරයක් ද?" කියලා හිනා වෙන්න අපි හරි ආසයි... "අපි හරි විනෝදාත්මකයි.. ජීවිතෙ විදිනවා.. ඒත් අර මනුස්සයා නම් පිස්සෙක්" කියන්න අපි හරි ආසයි...

                                              නමුත් කෙනෙක්ගේ වින්දනය යොමු වෙන්නෙ එක් එක් දිශානති වලට කියන දේ අපි තේරුම් ගන්නෙ නෑ නේද...?පොත් වල තියෙන පුංචි පුංචි බෝල බෝල අකුරු අස්සේ හැංඟිලා ඉන්න ලස්සන දේවල් ඇඳලා අරං ඔලුවේ ඔබාගනිද්දී දැනෙන සතුට අපි කොහොම දැන ගන්නද..? ඒ ලස්සන දේවල් වැටහෙද්දී මූණේ පිරෙන හිනාව , සතුට අපි කොහොම තේරුම් ගන්නද ..? ඒක හරියට ලස්සන සිංදුවක් කනට වැටුණාම හිත පිම්බෙන සතුට තරම් ඇති...

                                                                 සංගිතය , චිත්‍රය , ගෙත්තම , චිත්‍රපටිය විතරක්මද වින්දනය..? :) ඒවාට කැමති අය විතරමද කලාකාමී..?
අපි ලඟට එන ලෙඩෙක්ට තියෙන ලෙඩේ හොයා ගන්න එකත් Art එකක් නේද..? 
හරියට හොරා පොලිස් වගේ... ජිවිතෙ මරණය අතර දෝලනය වෙන ගණිත ගැටළුවක්... ඒත් ඒක ඇතුලෙත් කලාවක්... :)
ආදරෙන් කතා කරන්න , හිතේ දුක නැති කරන්න , එයාගේ ඔක්කොම තොරතුරු ගන්න , ගැටළුව ඇඳෙන්නෙ කොයි පැත්තටද කියලා හිතන්න... මේ ඔක්කොම කලාවක් නේද..? 

                                                              ඒ වගේම බුද්ධිය කියන්නෙ මොකක්ද..? පොත් වලින් ගන්න .... අකුරු සාස්තරේ මද..? කසුන් කල්හාරයන්ගෙ සංගීතයේ , හඬ පාලනයේ ..අනෙකුන්ගේ වෙන් වූ "යමක්" තියෙන්නේ මොකද..? සෑහෙන අධ්‍යයන , අත්හදාබැලීම එක්ක වැඩිදියුණුකර ගන්න බුද්ධිය නිසා නොවේද..?

                                                            නගරේ ගසා කන , ගසා නොකන , කළු මුදලාලිලා , සුදු මුදලාලිලා අතරින් යමෙක් සාර්ථක වෙන්නෙත් අනෙකා නොවෙන්නෙත් ඇයි,..? ඔහු තුල දියුණු කර ගත් යම් බුද්ධියක් නිසා නොවේද..?

                                                            ලඟදී මම බැලුවා චිත්‍රපටියක් Beautiful Mind කියලා.. :) ඒකෙ ඉන්නෙ නොබෙල් ත්‍යාගලාභී බුද්ධිමතෙක් ගැන.. නමුත් ඔහු මානසික රෝගියෙක්... Hallucinations නොහොත් මනො රූප සමඟ දොඩමළු වන්නෙක්... මනො ලෝකයක සැරි සරන්නෙක්...
අපිට සාපේක්ෂව අස්වාභාවික , හාස්‍යජනක ඔහු , ඔහුගේ බිරිඳට බොහොම සාමාන්‍ය පුද්ගලයෙක් .. :)
ඔහුගේ වාසනාවට ඔහුට ඉන්නවා හොඳ බිරිඳක්...

                                                          ලෝකේ කවුරුත් තනි නෑනේ... එක්කො යාළුවෙක්... එක්කෝ බිරිඳක්, සැමියෙක් , පෙම්වතියක් , පෙම්වතෙක් , අම්මෙක් , තාත්තෙක් , සහොදරයෙක් , සහෝදරියක් , හෝ වෙන යම් කවුරුන් හෝ ඉන්නවා... ඒ කියන්නේ පිට කාට අපිව අසාමාන්‍යව පෙනුනත් තව එක්කෙනෙකුට හෝ අපිව සාමාන්‍යව පේනවා කියන එක නේද..?

 එහෙනම් මෙයින් මතු කිසිම කිසි පුද්ගලයෙක් අසාමාන්‍යයි කියලා ඔබට හිතන්න පුළුවන් ද...? 

දන්නවද..? ඉස්සර සුදු කබර තිබීම කාන්තාවකට ලස්සනක් ගෙන දෙන කරුණක් වුණාලු... කවි ඇස් වලට වැටුණු "පෙති ගෝමර" තමයි ඒ...
ඉතිං.. ඒ දේ එදා සාමාන්‍යයි... අද අසාමාන්‍යයි... :) යාළුවනේ... මේ ලෝකේ... අපි හැමෝම.... බොහොම සාමාන්‍යයි...

එහෙම නේද..?



6 comments:

  1. ඉස්සර සුදු කබර තිබීම කාන්තාවකට ලස්සනක් ගෙන දෙන කරුණක් වුණාලු... කවි ඇස් වලට වැටුණු "පෙති ගෝමර"
    _____________
    ඒක ඒකාලෙට සාමාන්‍යයි උනාට අද වෙනකොට අසාමාන්‍යයි නෙමේද හදුන්වන්නෙ ලෙඩක් විදිහට ප්‍රතිකාර ගතයුතු .
    සමහර දේවල් කාලය එක්ක ලෝකෙ දියුනුවත් එක්ක සාමාන්‍යයව තිබ්බ දේවල් අසාමාන්‍යය වෙලා .

    පොස්ට් එක නියමයි ස්තුතියි

    ReplyDelete
  2. අපි හැමොම සාපෙක්ෂයි. එහෙම කිවුවත් හොදයි වගේ. සටහන බොහොම සිත් ඇදගන්න සුළුයි. :) 

    ReplyDelete
  3. Interesting Topic,
    Are there "abnormal" people ? That's what you are going to point it out, isn't it parthana?, yes you are right there are no specific set of abnormal people, they are told to abnormal relative to the majority of people or according to the traditions and customs of the prevailing society. So as you describe these traditions, customs and also qualities of majority of people change with time
    for example wearing spectacle was considered as "abnormal" in past, but now it has become "normal" and also a style..
    actually there is nothing called abnormal ,
    People, animal and natural things are unique to themselves, but if their specialty is far different from the average it is called "abnormal" during that time frame, which can be normal under a different scenario..
    actually people has unique values and qualities.. those different qualities become good or bad "relative" to the person that describe them...

    ReplyDelete
  4. සාමාන්‍යකරණය හා විභේදනය...
    තවමත් අගක් මුලක් නැති මාතෘකාවක් මට.

    ReplyDelete
  5. කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...