Saturday, August 31, 2013

යමු රජුනේ පමා වෙනවා...




"සකූ.."
නිමල් වත පුරා ඇදුනු සිනාවෙන් රත්තී දෙස බලා තම ප්‍රිය බිරිඳ අමතයි.

"මේ මොකෝ හඳයටම ඇහැ යන ඔයාගෙ ඇස් අද රත්තී ලඟ නතර වෙලා..? පුදුමයි... කොයි බලන්න අද ඉර පෑවුවේ අවරින්ද කියලා.."

රත්තී යනු සකුන්තලා සමඟ මේ ගෙමිදුලට වැඩි ඇගේ වැස්සීය.
ඇය කුඩා කලසිට කෙළි කවටකම් පෑ ඇගේ හොඳම මිතුරිය රත්තී ය.
එනිසාම සකූ කරකාර කැන්දා ආ මට මගේ හඳයාට සහකාරියක් අමුතුවෙන් සෙවීම නුවමනා විය.

හඳයා මගේ ප්‍රාණේ සමානය.නාබර නාහෙට නාසන අවධියේ වුව ඌ මා තැකුවේ ය.
එහා ගමේ ධම්මීට පිදූ මා කුළුදුල් ප්‍රේමය අහිමිව වල්මත් වූ දා, තනිවම කඳුළු සැලුවේ මම හඳයාගේ හොම්බට කඳුළු සංග්‍රහයක් පවත්වමිනි.
ඒ නිසාම මා හා හඳයා අතර ඇත්තේ සංසාරික බැඳිමක් තරම් උතුම් වූවකි.


දෙවුරේ දිලෙනා සොඳ මුතුමාල පළඳන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණිතෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැකගන්නා


සකූ මා මාපිය ආශිර්වාදයෙන් කැටුව ආ මගේ බිරින්ඳෑය . ඇය මා ගෙපැලට පැමිණ ඒ හැටි දොහක් නැත.අප කැඳැල්ල ආදරයෙන් පිරි ඉතිරී යන මේ වසන්තය මට නව පණක් ගෙන දුනි.
ඒ සකුන්තලා මා සවනට කොඳුරා කී ඒ සොඳුරු සුභ රහසක් නිසාවෙනි.

ටික දොහකින් මගේ කැඳැල්ලේ කිරිකැටි සිනා නැඟෙනු ඇත.ඒ මියුරු සිතුවිල්ල මා කුල්මත් කර ඇත.

"විහිළු එපා සකූ..ඔන්න ඔයා ලෙඩේ යාළුවාටත් බෝ කරලා වගෙයි.."

සකුන්තලාගේ නෙත් සතුටින් දිලිසෙයි..ඈ මා දෙසත් ඈ ප්‍රිය රත්තී දෙසත් බලයි.
"අනේ ඔයා මේ ඇත්තමද කියන්නේ... ම්ම්... ඔව්මයි බණ්ඩියත් චුට්ටක් පිරිලා වගෙයි.."

ඈ රත්තී අසලට ඇදුනා ය.
"මයෙ අම්මෙ , එහෙනම් උඹත් පැටියෙක් බණ්ඩියෙ හංගං ඉන්නෙ... මයෙ පැටියයි , උඹෙ පැටියයි එක දොහේ මේ ලෝකෙට එයි නේද..? එදාට උඹ මයේ පැටියාටත් කිරිඅම්මා වෙයි නේද..? "
ඈ රත්තීගේ හොම්බ සිප සැනසුවාය.

රත්තී වෙහෙසකර හුම් නදක් පමනක් නැගුවාය.

"ඉතින් නිමල් , ඔයා අපෙ සුදු අම්මට කිරි මදුවැල් ගෙනත් දෙන්න වෙයි දැං දැං හොඳේ..?... අනේ අහිංසකී...!"

මම ඒ වදන් බලාපොරොත්තුවෙන් සිටියෙමි.
"ඔව්..ඔව්... ඒ දොළදුක් නිවන්න වෙන්නෙත් මට නේ.. මොකෝ මගේ මස්සිනාට ඕකෙ වගක් ඇතැයි.."
මම හොරැහින් හඳයා දෙස බලා ඇසක් ඉඟි කලේ ය.

"නිකා ඉන්න නිමල්... ඔයාගෙ හඳයාට විතරක් සලකලා දැං හරියනවැයි..? එතකොට ඔයාගෙ යාලුවාගේ බිරිඳට මොකද වෙන්නේ..?"
මද සිනා පෑ සකුන්තලා නැවත ගේ දෙසට ඇඳූනේ පෙර නොවූ තරම් සතුටක් ලය තුළ රන්දාගෙනයි.

සකුන්තලාවක් මා නොපැතුවෙමි.ඈ මා පැතූ තරමට වඩා බොහෝ සොඳුරු වූ රුවැත්තියකි.කපු මහත්තයා රැගෙන ආ යෝජනාවට මට කෙසේවත් අකැමැති වීමට හේතු නොතිබිණේ එබැවිණි.සැබවින්ම මා ඒ වනවිට පෙළවහක් බලාපොරොත්තුවෙන් සිටි තරුණයෙක් මි.

එදවස හඳයා දක්කා හේනේ එළවළු රැගෙන නගරයට ඇඳෙන සෑම සැන්දෑවකම මගේ සිත නැවුම් සිතුවිලි  වලින් කිතිකැවුනු සැටි මටද මෙන් මතකය.

"හඳයෝ මේ අහපන්... උඹත් දැං නාබර වස්සා... උඹටත් මට වගේම දැනෙනවා ඇති... ඒකයි මම මේවා උඹට කියන්නේ... නහයෙන් පෙණ පිම්ඹෙනකම් උඹැහැ මං වෙනුවෙන් වෙන වෙහෙසිල්ල ලේසි නෑ යාළුවා... ඒ කාසි පණම්... ගේ දොර නිසා ඔන්න මටත් මංඟල්ලයක් හරියන්නයි යන්නේ... "

හඳයා වෙහෙසට තව තවත් පෙණ පුම්බයි... ගතම දහඩියෙන් පෙඟී ඇත... පිට පොත්ත අවු රස්නෙට ගිනියම් වී ඇත.
මට පහල වූයේ දැඩි සංවේගයකි. මේ මා හා එකට වැඩුනු මගේ කල්‍යාණ මිතුරා ය.මා උගෙ පිට අත ගෑවෙමි... 

"හරි කමක් නෑ යාළුවා... හෙමිහිට යමු... තව ටිකයි, මම අද උඹ උණු වතුරෙන් තවන්නං මයෙ අප්පච්චි... උඹ නිසා නොවෙන්න මම කිසි කෙනෙක් ගනන් නොගන්න හිඟන්නෙක් වෙන්ට තිබුනා... අහා...!!!! යමං කොලුවෝ යමං...හෙමිහිට යමං..."


සමනොළ මළුවෙ රන්වැලි වෙහෙරේ
මුද්‍රනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා
සුභ හෝරාව ලං වෙනවා
යමු රජුනේ පමා වෙනවා

 

"තවත් දෙයක් හඳයෝ... උඹලා කොච්චර පිංවන්තද..? කන්නෙම කොළදළු... බොන්නෙ නිල් කැටේට හීත දියපොදි... මේ මනුසතා වගේ උඹ පව්කාරද..? නෑ නොවැ... මම උපන්තේක බිව්වේ උඹෙ අම්මගෙ කිරි නොවැ... එහෙම බැලුවම උඹයි මමයි දෙබෑයෝ නේද..? මට කාසි පණම් ඇතත් උඹට එකයි... නැතත් එකයි... උබ මාව දාලා යයි ද..?මේ මහ මෙරක් බර ඇදලා උඹ හිතේ කිසි කහටක් නැතුව හෙටත් උදේ රැයින් මේ බර කරට ගන්නවා.. "


ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලෙ
සිරිලිය සේම ඈ හිඳුවා
ගම්මානේ පුරා කලඑළි කරවා
මම හත් දා මඟුල් කනවා
මේ පිං උඹට පිහිටනවා


එවේලේම අප යන ගුරුපාරේ අප දෙසට හරකෙක් දක්කාගෙන එන පිරිසක් නෙත ගැටුනි.ඔවුන් තුල ඒ සතා කෙරේ කිසිදු අනුකම්පාවක් ඇති බවක් නොදැනුනි... ඒ දැක මටත් කලින් හදයාට යමක් ඉවෙන් මෙන් වැටහුනු සෙයකි.ඌ තම වේගය වැඩි කරේ ය.
ඒ දුටු මම හඳයාගේ බය නැති කිරීමට සිතා මෙසේ කීවෙමි.


"තව දෙයක් හඳයෝ... උඹ දන්නවද..? සිංහලයා මස් බුදින එකෙක් නෙවේ නොවැ... උඹ නොදන්නවා උනාට මේ රයිගම් පත්තුවට මුලින්ම ආවේ අබුං කියලා...අපේ මීමුත්තා වෙන කෙනෙක්... පුතයි ඒ උන්නැහෙයි නේ ආවේ... ඒ උන්නැහැ ඇදහුවේම සිංහලයාට මස් කෑම අකැපයි කියලා... කැලේ අල,ගඩා ගෙඩි කඩාගෙන කාලා හේන් කොටාගෙන ,පැලක් අටෝගෙන උන්නැහැ මෙහෙ පැල පදියං වෙනකොට මේ ඔක්කොම ගණ කැලෑවලු... එක මිනිස් පුළුටක් නෑලු... අබුංගේ පුතා පිඹුරා ගිලලා උන්නැහැට ජිවිතෙම එපා උනාලු... ඉතිං ලඟ ගමක කෙල්ලක් සහේට ගත්තලු... ඒ කෙලීට ආදරේට ඇති කරපු වැස්සියක් හිටියලු... දවසක් මරක්කලයොන්ගෙන් දහජරා ගති උරා ගත්ත සිංහල බල්ලෝ ටිකක් ඒ වැස්සි පැටියෙක් බඩේ ඉද්දිම මරං කෑවලු... ඒ ගමහාමිනේ ඒ කියන්නෙ අබුංගේ හාමිනේ ඒකට දේවාලෙකට ගිහිං පොල් ගැහුවලු... වැස්සී මරන්ට හවුල් වුණ ඔක්කොම තියෙන ආල කලංචි ඔක්කොම වෙලා මලා ලූ...

ඕන්න හඳයෝ අහ ගනින් වැඩේ.... හොඳ සිග්ගලයා කවදාවත් මස් බුදින්නෙ නෑ... ඒකයි මයෙ අප්පොච්චි මට කියා දුන්න ලොකුම පාඩම...උඹලා දෙවි දේවතාවෝ වගේ පුදන්න ඕනෙ සත්තු... "

හඳයාට ඔහේ වගේ වගක් නැත.ඊට ටික දොහකට පසු මා සැමියෙක් වුයෙමි... හඳයා මා අසල ය.

අද මා පියෙක් වීමට පෙරුම් පුරමි... හඳයා අදත් මා ලඟ..

ඒත් මගේ හිතේ සැනසුම නැති කරන එක් කාරණයක් ඇත.
මා නාබර වස්සෙක්ගේ වැස්සියකගෙ හිම්කාරයෙක් වෙමි.

ගම වට මස් වෙළෙන්දෝ කැරකෙන සැටියකි.. රෑට ඇහැ පියවීමද මට අමතක වී ඇත.

හ්ම්............................

හෙට උදේ මම ඇහැරේ වී...

ඉන්පසු මඩුවට පිය මනින්නේම ඒ සුන්දර වස්තූන් දෙක නෙත තුලට උරා තුටු වීමටයි..

ඒත්...............





" මගෙ බුදු අප්පච්චියා ................................................................."






(ජයසේන ජයකොඩි ශුරීන්ගේ අස්වැන්න සම්මානනීය නවකතාව ඇසුරු කර ගත්තෙමි)
ගායනය : ජානක වික්‍රමසිංහ
ගී පද : රත්න ශ්‍රී (not sure)



11 comments:

  1. ඇඬෙනවා :(
    හරක් මස් කන එක නවත්වන්න එකම විදියයි තියෙන්නෙ. හරක්ට බරපතල ලෙඩක් හැදෙන්න ඕන මස් කාපු උන්ටත් බෝ වෙන විදියෙ

    ReplyDelete
    Replies
    1. හරක් මස් විතරක් නෙමේ ඔබගේ පාර්තනාව හැම මසකටම පොදු උනානම් මේ ලෝකය වඩාත් සුන්දරවෙයි

      Delete
    2. Yasitha සොයුර : ඔව්,හරියට දැං දේශීය නැවුම් එළකිරි වලට හොඳ කලදසාවක් ඇවිත් වගේ.
      නිර්මාංශ වෙනැක කොච්චර උතුම් දෙයක්ද..? අපි තනිව ඒකට උත්සාහ කරත් වටාපිටාවේ හැමෝම උත්සාහා කරන්නෙ අපි පරන තත්වයට ඇඳලා දාන්න...

      Pandu : මේ පවෙන් ගැලවෙන්න.. ටික ටික හෝ මට උදව් කරනවද..?

      Delete
  2. "සිංහලයා මස් බුදින එකෙක් නෙවේ නොවැ...." මම එකගයි නගෝ

    ReplyDelete
    Replies
    1. අහන්න හිරූ , ජයසේන ජයකොඩි ශූරීන්ගේ අස්වැන්න නවකතාව ඉතාම සරල , කෙටි වූත් නවකතාවක්... ඒ තුල අපිට ගන්න පුළුවන් බොහෝ දෑ අන්තර්ගතයි... ඇසට කඳුළු උනන්නේ අපටත් නොදැනීමයි..

      Delete
  3. හිතේ කහටක් නැතුව මොන මසක්වත් කන්න පුලුවනැ , කුකුල්ලු මරණ හැටි දැක්කම මීට කලකිරෙනවා.......

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය ප්‍රතිපත්තියම රකින එක කොච්චර ලොකු දෙයක්ද පණ්ඩු... මොකද මම දන්නවා ඒක කොච්චර අමාරුද කියලා...
      මටත් පුළුවන් නම් ඒ ප්‍රතිපත්තිය රකින්න...
      සුළුවෙන් හෝ පටන් ගන්න ඕනෙ..

      Delete
  4. pivisenna http://videotutorialslk.blogspot.com/

    ReplyDelete
    Replies
    1. :/ මෙන්න මේ යකා ආයෙ පටන් අරං

      Delete
  5. හ්ම්ම්ම්..

    එක යායේ කකා බිබී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ
    කල ආරක්සා
    නාස් ලනුව බඳිනවාලු
    කරත්තයක බඳිනවාලු
    අපට හිටිය පුංචි කැකුලු නාබර වස්සා :)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...