ලිපියේ පෙර කොටසට මෙතනින් යන්න
සොඳුරු එතනාගේ රුවට පෙම් බැදි අදිරියන්ට ඇගේ මටසිළුටු සෞම්‍ය සිත දැක ගැනීමට හැකිවන්නේ දැන් දැන් ය.
ඈ උදේ රැයින් පිබිද මිදුල අමදී.අදිරියන් ඈ අසල දැවටෙමින් මදක් සිට ඉන්පසු වස්සා දිගේලි කරනුවස් නික්ම යයි.
කහට කෝප්පයට නැවුම් එළකිරි මුසුකොට ඒ සමඟ හීල්බත් මඩක්කුවකින් කුස පුරවා ගන්නා අදිරියන් ඒ උදෑසන ආහාරයේ ඇති ප්‍රණිත බව නිසා සතුටින් පිනා යයි.ඒ රසැති බව ,ඔහුගේ ප්‍රියම්බිකාවගේ අත් ගුණයට නොදෙවෙනි , ඔහු කෙරේ ඇති සෙනෙහස මුසු වූ නිසා ඇති වූවක් බැව් ඔහු දනී.
අදිරියන්ගේ මව් එතනාට ඇගේම මව් වන්නීය.ඈ ගැන සොයා බලන්නී ය. අතපසු වීම් ඉවසන්නීය.
විටෙක කදේ වැටී වල් පල් දොඩන්නීය.
මේ සොඳුරු නවාතැන මෙසේ සතුටින් පිරී ඉතිරී යද්දී වලව්වේ සිද්ධ වෙමින් පැවතුනේ මදක් උණුසුම් වාතාවරණයකි.
"කෝ අම්මේ එතනා ?දැං මෙහෙ උදව්වට එන්නෙ නැතුව වද්ද..?"
ටිකිරි බණ්ඩාර වලව්වට පැමිණියේ සෑහෙට කලකට පසුවය.එයට හේතුව මැණිකේ විසින් ඔහුට ලියාතිබූ පරිදි නිවසේ පිළිසකර කිරීම් , අළුත් වැඩියා කටයුතු නිසා මාස දෙක තුනකින් නිවසට නොපැමිණෙන ලෙස ඔහුට දන්වා යැවීමයි.
මැණිකේ සිතින් උරණ වෙයි.අමනාප බවක් වතින් නොපෙන්වූ ඇය,
"පුතාට මොකද පුතේ ඒකෙ වගක්..? මේ පුස්නාම්බුවක් කෑවනං... ඔය ඇඹුල් කෙහෙල් කැන පුතා එන නිසාමයි දුං ගහලා ඉදෙව්වේ..."
පුස්නාම්බුවට අතක් නොතැබූ ටිකිරි බණ්ඩාරගේ මුහුණ හරි නැත.ඒ බැව් මැණිකේ දැක්කා ය.
"පුතේ , එතනා අදිරියන් එක්ක ගොහිං දැං සුමාන හතරක් පහක්... ඒ කෙලී අදිරියන්ටත් වාසනාව ගෙනාවා කියලයි ගමේ උන් කියන්නේ.. ඉතිං එතනා මෙහෙ වැඩට එනවට අදිරියන් මනාප නැතුව ඇති..ඒ නිසා සෑහෙන දොහකින් මේ පැත්තේ ආවෙ නෑ නොවැ.."
ඇය සියල්ල දැන සිටියා ය.ඇගේ උකුසු ඇසට සියල්ල දර්ශනය වී තිබුනි.එතනාගෙන් ඇගේ පුතු බේරාගනු වස් කලහැකි හොඳම දේ ඈ කලාය. එතනාට ඈ වෙර නොබැන්දා ය.ඔය වයසට තරුණ නාම්බන් නෑම්බියන් එසේ යැයි ඈ දනී.පුතුගේ සිතට දුකක් දීම ඈ පීඩාවට පත් කලාය.නමුත් ඈ ඔහුගේ අම්මාය.
ටිකිරි බණ්ඩාරගේ මුහුණ මැලවී ගියේ බලාගෙන ඉන්දැද්දීමය.ඔහුගේ ප්‍රථම ප්‍රේමය මෙසේ කෙළවර වේ යැයි ඔහු නොසිතුවේ ය.වලව්වෙන් වුව එන ඕනෑම අභියෝගයක් එතනා වෙනුවෙන් ඉවසීමට ඔහු සිතා සිටියේ ය.නමුදු දැං පමා වැඩි යැයි ඔහු දනී...
දින සති ගෙවී යද්දී ටිකිරි බණ්ඩාර යලි කොලීජියට යා යුතු කාලය ලං විය.ඊට පෙර එතනා හමු වීමෙ සියුම් ආශාවක් ඔහුගේ හිත තුල විය.
ඒ ප්‍රාර්ථනා පෙරටුකොට ඔහු අදිරියන්ගේ නිවස දෙසට ඇඳෙන්නට විය.
ඔහු ඔවුන්ගේ පැලට සේන්දුවන කණිසමේ අදිරියන් කුඹුරට ගොස් ය.ඔහුගේ මව එළවළු ගෙන ඒමට පොලට ගොස් ය.එතනා ඇඹුල රැගෙන කුඹුරට යාමට සැරසෙයි.
ටිකිරි බණ්ඩාර කඩුල්ල පනින තුරුත් ඈ ඔහු නොදුටුවා ය.
"නඟා එතනා..."
ඈ අදත් එදා තරම් සුන්දර ය.නමුත් වේලෙ දෙවේලෙ කුඹුරේ අව් කට්ටේ තැම්බෙන නිසා මදක් රතු පැහැයට හැරී ඇත.
ටිකිරි බණ්ඩාර දුටු එතනාගේ සිත සැනින් ගැස්සී ගියද ඈ එබැව් නොපෑවා ය.
"වලව්වේ ඇත්තෝ... "
"ඇයි නඟා එක පාරට මට ගරු නම්බු නාම... මම අඳුනන්නෙ නෑ වගේ නොවැයි.."
දොරපළුවට මුවා වෙලා හැංඟි හැංඟියේ
කියන කතා හුරු නැති විට වගෙයි නංගියේ
නෑසු කන් ඇතිව මුත් මද සිනා ඇතුව ගෙතුලට වැදි එතනා වංගෙඩිය පෙරලාගෙන පිලට විත් ඒ මත රෙදි කඩක් එලුවා ය.
"ඈදි ගත්තා නං බණ්ඩාර ඇත්තෝ "
"නඟා , උඹට මේ දෙතුං මාසෙට මාව අමතක වුනේ කොහොමැයි..?"
ඔහුගේ කියුම් ඈට විශ්මයකි.. ඈ දෑත් පටලා ඔහේ පයේ නිය පිටින් ගොම පිළියම් කල ගෙබිම පාරන්නට විය.
මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ
මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ
ගෙපිල කන්ඩියේ
"මට උඹ ගැන දුකයි මටත් වඩා නඟේ , උඹ ඉන්ට ඕනෙ මෙහෙව් තැනක යැ..? මාව උඹ අමතක කරේ මේ ගස් වැද්දෙක් එක්ක දීග එන්ටද..?"
ගස් වැද්දා.. ඒ වදනින් උරණ වූ ඈ බිමට යොමු වූ නෙතු සැනින් බණ්ඩාර වෙත යොමු කලාය.
"අමනාප වෙන්ට කාරි නෑ වලව්වෙ ඇත්තො මෙහෙම කිවුවට , මගේ රත්තරං මනුස්සයට අවලාද කරන්ට මේ ගෙයි පය තිබ්බා නං ඒ පය දෙපය අරං මේ දැං මෙතැනිං වහං උණානං හොඳා..මේ පැල මට මාලිගාවක් ගාණයි.."
තරහ ගන්ට එපා ඔන්න කී සුනංගුවේ
යතුර දෙන්න මේ ගේ දොර දැං මගේ නොවේ
"ගෑනු හරි චපලයි නේද නඟා..? මම හිතුවෙ නෑ උඹත් එහෙව් එකියක් කියලා... එදා උඹ කොච්චර අගේට මට කතා කරාද..? ඒත් අද... උඹට අඳු කැවිලා... මොකද නඟා ඔය හැටි පාරතොට බලන්නෙ... කවුරුහරි අපි දකී කියලැයි..?"
මුවැත්තියක් දිවියකු මඟ දුටුව වංගියේ
වගේ බයක් නුඹෙ මුහුණේ ඇයිද නංගියේ?
"කවුරු කාව මොන උප්පරවැට්ටි දාලා රැවැට්ටුවද මං කියන්නෙ මොකටැයි ඇත්තෝ... හැමදේම වෙන්නෙ හොඳට,නැත්තං මට මේ දෙයියෙක් වගේ මනුස්සයෙක් හම්බෙයි යැයි.අහ්... අන්න... අන්න සුමනෙ යනවා.. දැං මදැයි..ඇහැක් දෙකක් දැක්කොත් ඇති මෙව්වා..එක දෙක කොරලා කියන්ට... තරහ නොගෙන දැං ගොහිං අදිරයියා ඉන්න වෙලාවක මේ පැත්තේ ආවානං..."
අපි දෙන්නා දෙන්නාටම අයිති වංගියේ
වාගෙ නොවෙයි දැං අපි පති පතිනි පංතියේ
එතනාගේ හිත පෙලන වදන් යකඩ බරු සේ ටිකිරි බණ්ඩාරගේ හිත පෙලයි.ඇය ගැන තිබූ ආලය නම් කරුමක්කාර සිතුවිල්ල උපන්ගෙයිම මියැදීයන සෙයක් ඔහුට දැනේ..ඒ අරා කෝපය මහ මෙරක් මෙන් නැඟී ආ හෙයින් ඔහු දවාහලු කරන බැල්මෙන් එතනා දෙස බලා හැරී කඩුල්ල පැන පිටව ගියේ සිතේ වේගයට වඩා ඉක්මන් කල දෙපයේ වේගයෙනි.
කඳුළක් ඈ නෙත තවන්න සැරසෙද්දීම, වංගුවෙන් මතුවන අදිරියන්ගේ අම්මාගේ විඩාබර වත දැක එතනා ඈ වෙත දිව ගියේ ඇගේ දෑතේ බර තම දෑතට වාරු කර ගැනීමටයි.
ගායනය :- ජානක වික්‍රමසිංහ
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
will it ever happened in real life?
ReplyDeletesure.. y not.. :)
Deleteහික්ස්
ReplyDelete:) :)
Deleteඅපූරු රූප රචනයක් නේ
ReplyDeleteතිර නාටක / කෙටි කථා ලියල පුරුද්දක් තියනව වාගෙයි
ආසාවෙන් කියෙව්ව
බොහොම ස්තූතියි..ඔබතුමා වගේ කෙනෙකුගෙන් මේ වගේ කොමෙන්ටුවක් ලැබීමම මට ලොකු සතුටක් ^_^
Deleteලස්සනය්ලු ගොඩක් :), ගොඩක් දක්ෂ විදිහට ලියල තියනෙවා නේ....
ReplyDeleteඅනේ බොරු නොකියා ඉන්න... මේ වැදි භාෂාව පෙනෙන්න බෑ කිවුව කෙනාද මන්දා මේ... ;)
Delete