Saturday, February 11, 2012

සොඳුරිය මට නොකියාම ගියා...






"i'm so lonely broken angel... i'm so lonely listen to my heart....."

මහ හඬින් උදේ පාන්දර කෑ ගසන ජංගම දුරකථනයට සාප කරමින් චමත් නිදිගැට හරින්නට විය.

                                  ගුලි කරන නෙතින් දුරකථන තිරය වෙත නෙත් යොමු කල චමත් ඒ තම අතිජාත මිතුරා කළණ බව දැක, "හිටපන් උඹ අද නම් අහගන්නවා මගෙන් හොදවැයින් දෙකක්..හැමදාම උදේ පාන්දර හතර අතේ සැපට නිදන් ඉන්න එවුන් ඇහරවනවට.." යැයි සිතා..


"හෙලෝ නරියෝ උඹ නම් අද මගෙන්......."


"හෙලෝ මචං ටිකක් හිටපංකෝ මම කියනකම්..."


"මොනවා කියන්ඩ ද බොල.උඹ හැමදාම ගෙම්බා පොළවේ ගැහුවා වගේ කළුවර වැටෙන්ඩ කලින් ඇඳට වැටිලා කුකුලා කුක්කු කූ කූ ගාන්ඩත් කලින් ඇහැරෙනවනේ... අනේ බං උඹ නැඟිට්ටට කමක් නෑ... අපි වගේ අහිංසකයොන්ට ටිකක් නිදා ගන්ඩ දියං.."


"මචං පොඩ්ඩක් අහපංකෝ මම කියන්ඩ යන...."


"අනේ බං මට නිදිමතයි ,පස්සේ කියපං හොඳ පුතා වගේ... චෙරියෝ.. බයි බායි... "


"මේ මචං චමත්..මට උඹට කියන්ඩ දෙයක් තියනවා ටිකක් අහපං.."
එවර මඳක් සසල වූ චමත්...


"ඇයි මචං මොකක්හරි අවුලක් ද..?"

"ම්ම්... නෑ මචං ...එඑ..හෙම අවුලක්... මත් නෙවේ... ඒත්... ඒත් මචං....."


"මොකක්ද බං කියපංකෝ නිකම් කෙකර ගාන්නේ නැතුව.." 
මිතුරාගේ පසුබෑම හමුවේ වඩ වඩාත් සසල වූ චමත්ගේ නිදිමත ටිකින් ටික සිදී යයි.

"චමත් මට මේ දැන් සඳුනි කෝල් කරා.."


"ඉතිං..??" 
සඳුනි යනු චමත්ගේ පෙම්වතිය තුෂීගේ හොඳම මිතුරියයි.

"නෑ..මචං මේකයි... මේ...මේ.... "

චමත්ගේ නිදිමත සිඳී ගියාක් මෙනි.. වෙන්නට යන්නේ කුමක්දැයි ඔහුට නොවැටහේ... යමක් කොතැන හෝ වැරදී ඇති බවක් පමණක් ඔහුට ඉවෙන් මෙන් වැටහේ.
"කළණ.. ඇයි බං කියන දෙයක් කෙලින් කියන්නෙ නැත්තේ..?"


"තුෂීලා සඳුනිලා ඊයේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයක් බලන්ඩ ගිහින්.. ඉතින් මචං ඒ ගිහින් එනකොට ගොඩක් රෑ වෙලා... බස් එකේ තමා ඇවිත් තියෙන්නේ.."


"ඒක මං දන්නවා කළණ... තුෂී මට කිවුවා එහෙම යන ගමනක් ගැන"


"එන මඟදී මචං... එන මඟදී........... බස් එක accident වෙලා.."

කැරකැවෙල වටපිටාව මැඬලන්න මෙන් ඇඳ විට්ටම තදින් අල්ලාගත් චමත්ට කළණගේ වදන් ඇසුනේ සිහිනයක මෙනි..

"එයා දැන් අනුරාධපුරේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා මචං... මචං චමත්.... චමත්....???"
ප්‍රතිචාරයක් නොමැත.

සුළු මොහොතකින් ඉතා පහත් වෙව්ලන හඬින් චමත්,
"කළණ මට පොඩි උදව්වක් කරපන්..."


"කියපන් චමත් , මොකක්ද වෙන්න ඕනෙ..?


"බයික් එක අරන් දැං මාව බස් ස්ටෑන්ඩ් එකට එක්ක පලයන්... මට මුකුත් හිතා ගන්න බෑ කළණ.. තුෂීට මම හවස ඔය ගමන යන්ඩ එපා කිවුවා..එන්න රෑ වෙන නිසා.මම ආස මොකක්ද පොතක් ගන්ඩ පුළුවන් ඒකෙන් විතරයි කියලා , කියන දේ අහන්නෙත් නැතුව ඔය ගමන ගියේ මචං..."


"බය වෙන්ඩ එපා.. එයාට මුකුත් වෙන්නෙ නෑ චමත්.. සඳුනිටත් සීරීම් තුවාල විතරයි කිවුවා.. මමත් බයවෙලා හිටියේ... ඉන්ඩ ...මම ඉක්මනට එන්නං..."

                             ඒ වනවිටත් ඔහු ... චමත්.... පැතූ සියල්ල ..සිතූ සියල්ල දිය වී ගලා ගොස් හිරු එළියේ වියලීද ගොස් තිබූ බව ඔහු ඒ වෙලේ නොදැන සිටියේ ය.

                             ඒ බැව් දැන ගන්නා විට.. ඔහුගේ නෙතින් කඳුළකුදු නොහෙලුනි... අදහා ගන්න නොහැකි අරුමයක් සිදු වී තිබුනි... එය අදහනවාට වඩා හිත රැවටීම හිතට තාවකාලික සුවයක් ඔහුට ගෙන දුන්නේය.

                           නමුදු මිලින වී ගිය ඔහුගේ පෙම් කැකුළ ඉදිරියේ ඔහුගේ සිත අසරණ විය.දරා ගන්නට නොහැකි වූ ... මහා ජල දාරාවක් පස් බැම්මක් බිඳින්නාක් මෙන් ඔහු නෙතේ කඳුළු කැට සිඳි යනතුරු ඔහේ සිදු වෙන්නක් සිදු වීමට ඉඩ හැරියේ ය.




වෑහෙද්දී මගේ දෑස් අඟින්
දෑත ලයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

                                        ඇය මුඛරී ය. ඔහු ඉදිරියේ නන් දේ දෙඩුවා ය. විටෙක එය කන් කරච්චලයක් තරම් විය.ඒත් ඒ වදන් ඇසීමට ඔහු ආසා කලේය.
අද පිය වී ඇති ඒ මුව දෙස ඔහු වික්ෂිප්තව බලා සිටී.

ලයේ ගලාගිය ස්නේහයේ සුව
සිනා පිරූ රතු දෙතොල් වසා

                                       සිනා ලන්නී ඈ දෙනෙත් පුංචි කර... කඳුළු සලන්නී ඈ ඔහුගේ සුළු අතපසු වීම් මුල... රහසක් කොඳුරන්නට මෙන් පියැවුනු ඒ මුව පොව්වකුගේ වන් දෙනෙත් යලිදු විවර වන තුරු ඔහු බලා හිදී ... නොඉවසිල්ලෙන්..

එදා මෙදා තුර කඳුලට විවර වූ
දෑස් පියන් පත් කවුළු වසා

                                         ඇය වත සුදුමැලිව ඇත... එහි බිඳකුදු උණුහුමක් රැඳි නැත... ඔහු කෙරේ පෙමින් පිරී තිබූ ඇගේ සිතද අද හීතල වී ගල් වී ඇත. ඒත් ඔහුගේ හද තුල ඇය ජීවමානයි...  තේරුම් ගත යුතු තිත්ත ඇත්ත හමුවේ ඔහු අසරණ වී ඇතුවා පමණී..

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා

                                        සියල්ලන් සමුදීමට සූදානම් වන තම පෙම්වතිය වෙත තම අන්තිම හාදුව පුදන්නට නොහැකිව ලතවෙමින් පසෙකට වී චමත් ඒ හැඟුම හද තුලම මැඬ ගන්නේ කියාගත නොහැකි තරම් වූ සොවකිනි.. තුෂීගේ නිවැසියන් මේ පෙම් සබඳතාව ගැන අංශුමාත්‍රයකුදු දැන නොසිටි කල ඔහුගේ සිතැඟි වලට ඉඩ දෙන්නට ඔහුට අයිතියක් , ඉඩක් නොවීය.

දෑස් කවුළුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අඟින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්

                                        ඇය හමූ වූ අයුරු ඔහුට පුදුමයකි... ඇය හා ගත කල කාලය ඇසිල්ලෙන් ගෙවී ගොසිනි... සමීපතයන්ගේ කර මතින් ඇය නිසොල්මනේ ඔහුගෙන් ඉවතට ඇදෙන අයුරු බොඳ වී යද්දී... 
තවත් එක් ඇසිල්ලක්... ඇය තමා ලඟ රඳවා තබන්නැයි ඔහු අයැද සිටියේ සියල්ලන්ගේ තෙත්ව තිබූ නෙත් කෙවේනි තුලින් කඳුලු දිය මතු කරමිනි....





ඇය යන්න ගියා මැකිලා..

10 comments:

  1. අහම්බෙන් බුකියේ දැකලා ගොඩවැදුනේ මට මුකුත් හිතාගන්න බෑ...මම තුන් පාරක් කියෙව්වා කතාව තේරෙන්නේ දැනුයි සෑහෙන්න දුක හිතෙන සිද්ධියක් සෑහෙන්න දුකයි අන්තිම හරිය කියවද්දි කඳුලු නාවත් සෑහෙන්න දුකයි..........

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව මම 10,11 සැරයක් අහලා අහලා හිතේ ගොඩ නැඟුන කතාව තමයි මේ... ඒත් මේ ගීත රචකයා අතින් මේ ගීය ලියැවුනේ සුසුමින් සමු ගත්ත පෙම්වතියක් නිසා නෙවේ ඔහුගේ ලොවෙන් සමුගෙන වෙනත් කෙනෙක් කෙරේ ගිය කෙනෙක් ගැනයි...

      මේ මුළු ගීතය මුළුල්ලේ මොනවා කිවුවත් අන්තිමට "ආයේ දවසක එක හිත් ඇත්තන් වී අප පිඅදෙමු එකට ප්‍රියේ".. කියන්නේ ඒ ගැන වෙන්න ඇති...

      දුක හිතෙන්න ඇති... ඒත් මල්ලී(මම හිතන්නෙ මල්ලි කෙනෙක් වෙන්න ඇති නේද..? ඉගෙන ගන්න කෙනෙක් කිවුවා නේ.. එහෙම නොවේ නම් සමාවෙන්න ඕනෙ..) මේ ගොඩ කාලෙකට පස්සේ මගේ අතින් "ගීයක් මුමුණයි රහසින්" ලිපි ගොනුව වෙනුවෙන් ලියවුනු කතාවක්.. ඒ කියන්නෙ කාලෙකට පස්සේ හිතට තදින් වැදුනු ගීතයක්...

      Delete
  2. අයියෝ අද නම් මුකුත් කියන්නේ නෑ.....:(

    ReplyDelete
    Replies
    1. ඇයි දෙවියනේ මේ කතාවට (-) marks වත් දෙන්න බැරි ද..? :/

      Delete
    2. ඉතින් (-) දෙන්න ඕන පෝස්ට් එක හරි නැත්තන් නේ. ගොඩක් දුක හිතුන නිසයි මොනවත් කියන්නේ නෑ කිව්වේ.

      Delete
  3. මේ සිංදුව අහන්න ආසයි ඒත් ගොඩක් දවසට ඉවරවෙනකං අහන්න දුකයි!!!

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...