Thursday, July 7, 2011

ඇල්බට්..

විවාහ වී වසරක් පමණ ගෙවුනු පසු ඇනාගේ ජිවිතය කෙබඳු වන්නට ඇද්ද..? අද එතැන් සිට..

 
                              ඇත්ත ඇති සැටියෙන් පැවසිය යුතුය.මා මෙතෙක් කල් සිතා සිටියේ එය වසන් කරන්නටය. නමුත් මට තවදුරටත් එය කල නොහැක. මම ඇත්ත පිළිගත යුතුයි.. එනම් මම බිඳෙන් බිඳ රිචඩ්ට ආදරය කිරීමට පටන්ගෙන ඇත.

                               මේ සෑම සියළු දෙයක්ම සිදුවූයේ කොතරම් ඉක්මනින්ද.. මටම නොදැනී. මම අවුරුදු හතරක් පහක් පිටුපසට ඇඳුනෙමි.

                               එක යායට විහිදුන තිරිඟු යායකට මායිම් වන්නට එතරම් විශාල නොමැති මුත් අවශ්‍ය සියලු පහසුකම් සහිත ලස්සන ගෙදරක් ඉදිරියේ ඈත බලාගෙන සිටින්නේ වෙන කිසිවකු නොවේ මමයි.දඬු වැටට දෑත් වැලමිටෙන් බරකර අත්ල මතට මූණේ බරදී.. දෑස් කකියන තුරු කලක් මම ඈත ක්ෂිතිජය දෙස බලා සිටියෙමි. ඒ මිටියාවතේ ඈත කොනින් මතුවන මිනිස් රුවක් දකින අටියෙනි.

ඔහු කටකාරයෙකි. ඇල්බට්..!!!..අපගේ පළමු හමුවම පුදුමාකාරය.

                                දිනක් අපේ නිවසට අමුත්තෙක් හරිම හුරුපුරුදු කාරයෙකු ලෙස ගොඩ වැදුනි.ඔහු කඩුල්ල ඉවතලා තම දුඹුරු පැහැ අසු ඒ මතින් දක්කා.. අපේ ඉස්තාලය අසල අසු ගැටගසා  ඌට කෑමට විළද බදුනත් බීමට ජල බඳුනත් ලංකර එයින් සෑහීමකට පත්විය. එයින් පසු වටපිට බැලූ ඔහු..

"අහ්.. වෝල්ටා මහත්මිය,කරුණාකර මට පාවිච්චියෙන් ඉවත්කල රෙදි කෑල්ලක් දෙන්න පුළුවන්ද..?"

"මහත්මිය..???"
මම මටම මුමුණාගත්තෙමි.
ඉහවහා ගිය කේන්තියෙන් මුත් එය ඔහුට නොඅඟවා කිසිත් නොදොඩා මම ගෙට ගියෙමි.

"මහත්මිය??? "ඒකෙන් ඔහු අනිවාර්‍යෙන්ම අදහස්කරේ මම මගේ අම්මා( කැත්‍රින් වෝල්ටා) බවට වරදවා වටහා ගත් බව ඇඟවීමද..? ඔව්... ඒක තමයි... අන්තිම නරකයි.. අන්තිම කැත විහිළුවක්... සමහරවිට අත්වැරදීමෙන් කියවුනාද දන්නෙ නෑ..මම සිතා ගතිමි.

ඒ සමඟම මම පහල මාලයේ කතාබහට ඇහුම්කන් දුනෙමි.

"ඇයි මොකද ඇල්බට් මහත්මයා අමුත්තෙක් වගේ මිදුලට වෙලා..?
ඒ මගේ අම්මාගේ කටහඬයි.

"අහ්... මේ කැත්‍රින් වෝල්ටා මහත්මිය වෙන්න ඇති.. මම මේ ගෙදර ඉස්සරහ හිටගෙන හිටිය ගෑනු ලමයගෙන් පරණ රෙදි කෑල්ලක් ඉල්ලුවා.. මම මේ ඒක ගේනකම් ඉන්නෙ මගෙ පැට්ව පිහදාන්ඩ"

එහෙනම් මේ තමා ඇල්බට්... පුහ්... දැං ගෑනු ලමයලු... ඉස්සෙල්ලා මහත්මිය... හිතලම කරපු අවමානයක්... මම ලේසියෙන් අත අරින්නෙ නෑ... "
මම කවුළුවෙන් ඇල්බට් දෙස බලාගෙන එසේ කිවුවේ අතද මිට මොළවාගෙනය.

"මේ මොකද මේ..?"
(ඔහ්..  කවුද දන්නෙ ඔය වගේ වෙලාවල්වල අම්මා කාමරේට කඩාපනී කියලා..)

"ම්..මුමු..කුත් නෑ අම්මේ... මම මේ බැලුවේ අර ආව පෝරිසාද උන්නැහේ කවුද කියලා.."
මම දෑත් දෙපසට විහිදුවා හොඳ හුස්මක් ගන්නා අතරේ ඇඟට පතට නොදැනී කීවේ අම්මා දෙසත් මිදුල දෙසත් මාරුවෙන් මාරුවට බැලුම් හෙලමිනි.

"ඇනා... ඔයාගෙ ඔළුව හොඳ නැද්ද..? "

"ආව්..ආව්.... "
(අම්මා මගේ කනකින් අල්ලාගෙන සැරෙන් නමුත් හඬ බාල කර ඇසුවා ය.)

"ඔය ඇවිත් ඉන්නේ ලොකු සල්ලිකාරයෙක්.. එයාට කියන්නෙ දත් ඇල්බට් කියලා.. ඒ මොකද කිවුවොත් එයා කරන්නෙ අශ්ව වෙලදාම.. සල්ලි ගොඩ ගහන්න තරම් තියෙනවලු.. ඔය අස්සේ මගෝඩි වැඩ වලටත් සම්බන්ධයක් තියනවලු. එහෙම මිනිහෙක්ට ඔයාගෙ ඔය එක වචනෙ ඇති ඔයාව මරන්ඩ.. "

"අම්මා..???"
මම බියට වඩා පුදුමයට පත් වීමි.

"කෑ ගහන්ඩ එපා මෝඩ කෙල්ල.."
අම්මාගේ ඉවසීමේ සීමාව මට පෙනෙන නොපෙනෙන ගාණයි.

..........                      එලෙස කලාතුරකින් අපේ නිවසට ගොඩ වැදුනු ඇල්බට් කලක් ගතවනවිට අපේ නිවසට සමීපතයෙකු බවට පත්විය. මුලින් මිතුරන් ලෙස ඇසුරුකල අපි දෙදෙනා නොදැනීම පෙම්වතුන් බවට පත්වුනෙමු. ඒ මොහොත වනවිටත් මට එදා අම්මා කියූ දෑ වතුරට දැමූ සෝඩියක් කැබැල්ලක් තරම් ඉක්මනට මතකයෙන් වාශ්ප වෙමින් තිබූ අතර ඇල්බට් මට වඩා 15 වසරක් වැඩිමල් වීමද මට ප්‍රශ්නයක් නොවුනි... හේතුව මම බොහෝ දේ පිළිබඳව උවමනාවට වඩා සරලව හිතීම යැයිමට හැඟේ.

                                ඔහු බෙහෙවින් කටකාර ය. බොහෝවිට අපි සති අන්තවල අසු පිටින් නගරයට යන්නට පුරුදු වී සිටියෙමු.එහිදී ඉතා වටිනා අත් පළදනාවක් හෝ වටිනා කුමක් හෝ තිළිණ කිරීමට ඔහු පුරුදු වී සිටියේ ය.
                                ඇත්තෙන්ම මට එතරම් වටිනා බඩු පිළිබඳ විශේෂ ආශාවක් නොතිබූ නමුත් මම ඔහු සමඟ ගත කරන හැම නිමේශයක්ම මට සතුට ගෙන දුනි.ඔහුහා දොඩමළු වීමම මට ලොකු සතුටක් ගෙන දුනි.

                                මේ සම්බන්ධයට මපියා හෝ මව කිසිදු කැමැත්තක් නොදැක්වුවද ඇල්බට්ට විරුද්ධව වදන් පෙලගැස්වීමට තරම් එඩිතර නොවූහ.ඇල්බට්ගේ චරිතයේ කිසිදු වරදක් නොතිබූ මුත් ඔහුගේ ව්‍යාපාර ගැන මිනිසුන් අතර පැතිරී ගිය කටකතා ඉතා දරුණු ඒවා විය.

                                 දිනක් හවස කාලයකට පසු තේ මේසයට අම්මා ,මම සහ තාත්තා ඉතුරු විය. සේවිකාවද නිවාඩු ගිහින් හිටි ඒ සැන්දෑව පෞද්ගලික දෑ කතාබහ කරගැනීමට හොඳ පරිසරයක් ඇතිකර තිබුනි.

"දුව ඇනා.."
තාත්තා යමක් කීමට හදයි.

"ඔව් තාත්තේ කියන්න... මොකක්ද කියන්න හදන්නෙ..?"
මට යමක් වැටහීගෙන එයි.

"ඔයා දන්නවනේ... ඔයාගෙ සම්බන්ධෙට අම්මයි මමයි දෙන්නම අකමැති.. ඒ වෙන දෙයක් නිසා නෙවේ ඇල්බට් හොඳ මිනිහෙක් නොවන නිසා...."

මම හිතුවා හරි...
"කොහොමද තාත්තා එහෙම කියන්නෙ..? ඇල්බට් කරන රැකියාව පැහැදිලී... එයා අශ්වයෝ ඇති කරලා විකුණනවා... ඊරිසියාකාර මිනිස්සු කියන දේවල් වලින් තාත්තලා අන්ධවෙලා ඉන්නේ.."
මට ඇතිවූයේ කලකිරීමකි.

"පුතේ,අපි ඔයාට හොඳ මනමාලයෙක් හොයලා තියෙන්නෙ.."
අම්මා මගේ දෑත් මුදුව පිරිමදින අතර් කීවා ය.

"මොකක්ද..?... ආයෙත් කියන්න අම්මේ..."
මගේ මොළය තුලට ඉඳිකට්ටක් අරං දස දහස් වාරයක් සිදුරු කලානම් මීට සැප යැයි මට සිතුනි.

"මට පෙම්වතෙක් ඉද්දී...? මට මනමාලයෙක් හෙව්වා..?"

"ඇනා,මගෙ දුවේ... ඔයා ජීවිතේ දිහා බැලුවේ ගොඩක් සරලව.. තාමත් එහෙමයි... ඒත් අපිට ඔයාට වඩා ජිවිතෙ ගැන තේරෙනවා.මෙච්චර කල් අපි ඔයාට තීරණ ගන්න බලපෑම් කරේ නෑ.. ඉදිරියටත් නෑ... ඒත් දුවේ අපි කැමති ඔයාට හොදක් වෙනව දකින්න.. ඒක වෙන්න පුළුවන් එකම විදිහයි තියෙන්නෙ.. ඒ ගැන අපි ඔයාට කිවුවා.. ඉතිරිය ඔයාගෙ.... ඔයා කැමති තීරණයක් ගන්න.... "
තාත්තා හරිම සංවේඟයෙන් හැඟීම්බරව එහෙම කියලා නැඟිටලා යන්න ගියා.

මගේ පලමූ ආදරයේ අවසානය එයයි...

                                ඒ වෙන්වීම කෙතරම් තදින් මගේ මනසට කා වැදුනේද යත්... එතරම් කලක් උද්යෝගයෙන් සියළු ගේ දොර වැඩ වලට සහභාගී වූ මම පැහැදිලි වෙනසකට බඳුන් විය. ප්‍රබෝධමත් හිරු කිරණින් තුටු වීමට වඩා කාමරය තුලට වී පාළුවේ කිමිඳී සිටීමට වැඩි ඇල්මක් දැක්වීමි.

                                දෙමාපියන් කෙසේ ඇල්බට් අර්ථ දැක්වූවද.. මගේ තත්වය පැහැදිලි කර කියූ අවස්ථාවේ නියම මහත්මයෙක් ලෙස ඔහු කටයුතු කලේය. එනම් අපගේ අවසාන හමුවීමෙන් පසු අපි සතුරන් නුවුනෙමු. ඔහු මගේ දිවියට සුභ පැතුවේය. අපිදෙදෙනාට මුණ ගැසිය හැකි හොඳම සහරුවා/සහකාරිය අපි දෙදෙනාම නොවන බව අප වටහා ගෙන සිටියෙමු.ඒ හෙයින් ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට තරම් බුද්ධියක් අප දෙදෙනා තුල විය.
මේ විවාහයට අකැමැති වීමට තාත්තා දැක්කූ කරුණු මම නොවලහා ඔහුට කීවෙමි.ඒ ඔහු මා හොඳින් තේරුම් ගන්නා බව දැන් සිටි හෙයිනි.මම සිතූ ආකාරය නිවැරදිය.ඔහු මා තේරුම් ගත්තේ ය. එමෙන්ම මෙතරම් කලක් ඔහු අවිශ්වාස කල මගේ දෙමව්පියන් යලිදු කවදා හෝ ඔහු විශ්වාස කරනු ඇතැයි තමන් නොසිතන බව කීවේය. එවන් සැකයක් ඇති පුද්ගලයන් සමඟ තමන්ට ලඟින් ඇසුරු කිරීම ඉතා අසීරු වනු ඇතැයි යන්න ඔහුගේ අදහස විය.එය සත්‍යකි.

                                  එදා ඇල්බට් හැසිරුනු ආකාරයෙන් මා තුල ඔහු කෙරේ තිබූ ගෞරවය තවත් වැඩි විය.නමුත් එදින් පසු කිසිදිනෙක අපි හමු නොවුනෙමු...

                                 කාලය කෙමෙන් ගතවී යද්දී මට සුදුසු සහකාරයෙක් යැයි දෙමව්පියන් සිතූ තරුණයා හා මා අතර හමුවීමක් සංවිධානය කරන්නට තාත්තාත් අම්මාත් යුහුසුළු විය. මෙතෙක් කල් ඒ සඳහා ඉක්මන් නොවුනේ මගේ මානසිකත්වය ඔවුන් හොඳින් තේරුම් අරන් සිටි හෙයිනි... ඇත්තෙන්ම මගේ කැමැත්තට ඉඩ නොදීම ගැන මුලින් මා තුල වයිරයක් හටගෙන තිබුනද.. පසුව ඒ තත්වය කෙමෙන් තුරන් වෙමින් විය.

                                  රිචඩ් දුටු මුල්ම වතාවේ මා තුල යම් සතුටක් ඇතිවූයේ ඔහුගේද ඇල්බට්ගේද පෙනුමේ යම් යම් මා ප්‍රියකල සමානකම් තිබුනු හෙයිනි.සතුටට හේතුව නම් බාහිරවත් ඇල්බට්ට සමාන රිචඩ් ගති පැවතුම් වලිනුත් ඇල්බට් තරම්ම ක්‍රියාශීලි , උද්යෝගිමත් , කටකාර තරුණයෙක් වෙනු ඇතැයි මම සිතා ගත්තෙමි..

අපේ මුල්ම හමුව ගැන මම මාග්‍රට්ට කිවු කතාව ඇය ඔබත් සමඟත් කියන්නට ඇති...

එදා මම සතුටින් පසුවීමට හේතුව දැන් ඔබට පැහැදිලි ඇති... නමුත් ... නමුත් මට වැරදුනේ ද එතැනය.....

ඇනාගේ ඇත්ත කතාවේ ඉතිරිය සමඟ නැවත හමුවෙමු.

8 comments:

  1. කොහෙන් ගියත් අන්තිමට නවතින්නේ එක්කෝ මනමාලයෙක් එක්කෝ මනමාලියෙක් හොයන සීන් එකකින්. අපි බලමුකෝ ඇනා රිචර්ඩ් ට කැමති වෙයිද කියලා. ආහ්... ඇනාගේ ස්වාමිපුරුෂයා නේ රිචර්ඩ් කියලා කියන්නේ ?

    ඒ කියන්නේ මේ කතාව තමයි ඒ අතීත කතාව. ඉක්මනට ඉතුරු කොටසත් ලියන්න.

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි නගෝ. ඔයාට ලස්සනට කතා ලියන්න පුලුවන් නෙ. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න.

    ReplyDelete
  3. ඉක්මනින් ඊළඟ කොටස දාන්න......

    ReplyDelete
  4. ප්‍රාර්ථනා මේක ගොඩක් දිග කතාවක්ද?? එහෙම උනොත් මට අවසානය කියවන වෙන්නේ නෑ.. කොහොම් උනත් කතාවනම් හරිම ලස්සනයි...

    ReplyDelete
  5. @Dinesh
    ඒ මොකද අයිය කොහෙද යන්නෙ?

    ReplyDelete
  6. තවත් දිග කතාවක්ද නංගි?බලමු බලමු අවසානය කොහෙමවෙයිද කියලා?

    ReplyDelete
  7. @මධුරග අයියා : මේ කතාව කියන්ඩ වෙන විදිහක් නැත..:D

    ReplyDelete
  8. @කසුන් අයියා : :) ඔයා තරම් ලස්සනට ලියන්න නම් බෑ අයියා.. ඒත් මේ කතාවක් ලියන්න මම ගත්ත දෙවනි උත්සාහය... මේක නම් කොටස් තුනකට හතරකට වඩා අරං යන්නෙ නෑ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...