Tuesday, July 5, 2011

දක්ෂයා කවුද?..



"දුව..ඔයා මෙච්චර ඉහළින් විභාගෙ පාස් වෙලත් ඇයි මේ තරම් අඬන්නෙ..??පුතේ දත් දොස්තර වුණත් දොස්තර නේ... ඇයි මෙච්චර දුක් වෙන්නේ..?"

"අම්මේ,මට කාර් එකේ කතිරයක් ගහගෙන යන්න වෙන්නෙ නෑනෙ අම්මේ..මම ඒ වෙනුවෙන් කොච්චර හීන දැක්කද..? ...."

"අනේ දරුවෝ... ඕනෙම දොස්තර කෙනෙක්ට ඔය කතිරෙ ගහගෙන යන්න පුළුවන්.. "

"ඔය ඇත්තමද අම්මේ..?"
කාන්ති කඳුළු නොවියලුනු විශ්මයට පත් දෑසින් අම්මා දිහා බැලුවා.

"ඔව්..ඔව්.. දැංවත් අඬන්නෙ නැතුව ඉන්න.."

                      පුංචි දරුවෙකුගේ හිතේ හීන ගොඩාක් නෑ.ඒත් ටික ටික ලොකුමහත් වෙනකොට,සමාජය එක්ක ගැටෙනකොට,සමාජය ගැන දැනුම් තේරුම් එනකොට එක් එක්කෙනා තුල ගොඩ ගැහෙන හීන අනන්තයි..ඒ වගේ අපි දකින ප්‍රධානම හීනයක් තමයි "අනාගතේ අපි කවුද වෙන්නේ..?"

                     සාමාන්‍යයෙන් ඔය හීනෙ ලොකුවටම ඔළුවට ගහන කාලයක් තමා A/L කාලෙ.මට නම් එහෙමයි. බෙහෙත් ගන්න ගිහින් ඉන්නකොට ලස්සන වාහන වලින් හරි උජාරුවට ආව දොස්තරලා දැක්කම , අප්පච්චිත් එක්ක කැකිරාව රෝහලේ ගැවසුනාම මට ආස හිතුනා වයිද්‍යවරියක් වෙන්න.

                      අපි ඒ ඒ කාලවල දකින හීනවලින් කීයෙන් කීයද ඉටුවෙන්නේ..? කීයෙන් කීදෙනාගෙද ඉටුවෙන්නේ..? එහෙමයි කියලා ඉටු නොවුන පැතුම් ගැන හිතලා ලතැවුන අය ජීවිතේ දිනුවද..? ඔව් එයාලා තමයි ජිවිතේ දිනුවේ... බොඳවුන හීන වලින් හිත් හොඳටම පෑරුන මිනිස්සු තමයි ජීවිත වැඩිපුරම දිනලා තියෙන්නේ..

                      A/Lතරම් මනුස්ස ජීවිතවල හීන,බලාපොරොත්තු අති ප්‍රබල ලෙස බුරුත පිටින් දාස්ගණනකගේ බිඳවැටෙන සාමූහික අවස්ථාවක් තවත් නැතුව ඇති..ඒත් ඒක තමයි ස්වභාවය..

                      කැම්පස් ජීවිතේ සුන්දරත්වයට අමතරව දැන් දැන් ලබාදෙන විශේෂ වරප්‍රසාද නිසා ඒ හෑම සියළු හිතක්ම සියුම් ලෙස සෑහෙන්ට රිදෙනවා ඇති... "ආයෙත් විභාගෙ කරන සහ කැම්පස් යාමට වරම් නොලැබූ සියල්ල".

කවුද කියන්නේ කැම්පස් යන අය තමයි එලම මීටර් කියල..???

                      මම ශිෂ්‍යත්වේ පාස්වුනේ ඉහලින්ම නෙවේ..සාමාන්‍ය විදිහට.ඒ කාලේ ශිෂ්‍යත්වේ ඉහලින්ම සමත්වුන සමහර මිතුරියන් A/L පන්තියේ ඉන්නෙ ඉහල මට්ටමක නෙවේ...ඒකෙන් කියන්නේ ඔවුන් අදක්ෂයෝ කියලද..?

                      පලවෙනිසැරේ විභාගෙ කරපු කාලේ මගේ මිතුරෙකුගේ පියා නැතිවුනා.අති දක්ෂ ශිෂ්‍යයෙක්ගේ.. එතනින් ඔහුගේ මානසිකත්වය පහල මට්ටමකට වැටුනා. දෙවනි සැරේ ඔහුට සිට්උ තරම් හොඳ ප්‍රතිපලයක් හම්බුනේ නෑ. ශිෂ්‍යත්වේ ඉහලින්ම සමත්වුන, O/L වලට A 10ක් ගත්ත ඒ මගේ මිතුරා අදක්ෂයෙක්ද..?

                      අපේ එහා ගෙදර නංගී ගොඩක් දක්ෂ විදිහට විභාගෙ කරන් ආවා. මේ විභාගෙ කට උඩ තියන මොහොතේ එයාගෙ අම්මට අසනීප තත්වයක් ඇවිත්... එයා නොපෙන්නුවත් ඒ නංගී හදවතින් සෑහෙන්ට වැටිලයි ඉන්නේ... ඒ තත්වේ දන්නෙ ඒ වගේ අවස්ථාවකට මුහූණදුන්න කෙනෙක්... මේ සැරේ ඒ නංඟා විභාගෙට සිට්උ තරම් හොඳට මුහුණ නොදුන්නොත්.. එතනිනම එයාට A/L එපා වුනොත් සමාජය තීරණය කලයුත්තේ එයා අදක්ෂයෙක් කියලද..?

                     අපි ජීවිතේ එක එක කාල වලදී සාර්ථකයි. සමහරු පුංචිම කාලේ. සමහරු ඊට පස්සේ... තවත් සමහරු පාසලෙමුත් අස් වුනාට පස්සේ...
අනික් දේ තමයි "දක්ෂයා " කියන්නේ " උගතා"ටමද..?

                     මාදුරුඔයදී සියලුම ලමුන් අතරින් දක්ෂතම සිසුවිය තේරුවා.. ඒ තේරුවේ theory  test එකෙන් විතරක් නෙවේ... ශාරිරික අභ්‍යාස , හැසීරීම , ඉදිර්පත් වීම  යනාදී හැම දෙයින්මයි.

                   ඉගෙනීමෙන් ඉහලට යන කෙනා එතැනින්... ගායනයෙන් ඉහලට යන කෙනා එතැනින්... යනාදී විදිහට කොහොමහරි තමන්ට සමාජයේ ස්ථාවරව ජීවත්වෙන්න පුළුවන් තත්වෙට පත්වුනොත්,පුංචි සොඳුරු පවුලක් ඔබටත් හිමි වුනොත්... අන්න එදාට ඔබ දිනුම්..!

                     ඒකෙන් කියන්නේ "මට බෑනෙ"..කියන්න නම් නෙවේ... උත්සාහ කරලා බලන්න ඕනෙ තමන්ට පුළුවන්ද කියලා... ගොඩාක් විට... ආසාව තියනවා නම් උත්සාහ කරන දේ තමන්ට පුළුවන් වෙනවාමයි,මම නම් හිතන්නෙ එහෙමයි... 

මේ හැමදේම කිවුවේ ඔයාලට... ඔය හැමදෙනාටම... 

දොස්තර කෙනෙක් සමාජයේ ඉන්න හැම පුරවැසියෙකුටම ගෞරව කරන්න තරම් නිහතමානී නම්..
කුලීරථ රියැදුරෙක් ඕනෑම කෙනෙකුට පැහැඳීමක් ඇතිවෙන්න හැසිරෙන්න තරම් බුද්ධිමත් නම්..

අපි අද සමාජයේ දකින විෂමතාවය මදින් මද හෝ තුරන් වෙයි... 
හරියට ටිකෙන් ටික කොලොම්පුරේ සුන්දර වෙනවා වගේ..:):)



දුක් වෙන්න එපා... ඔයාටත් එයි දවසක් සතුටු වෙන්න..!

18 comments:

  1. මේ ලොකේ අපි හැමෝම එක වගේ දක්ශ නෑ.. ඒත් අපි අතරේ එකිනෙකාට වෙනස් උන දක්ශ කම් තියෙනවා.. හොදම දේ අන්න ඒ දක්ශ කම හොයාගෙන යන එක..

    ReplyDelete
  2. මමත් ඒලෙවල් වලින් විනාස වුනා හැබැයි දැනට මම කරන කියන ඒවා දැක්කාම කාටවත් හිතන්න බෑ මම ඒලෙවල් ඇනගත්තු කෙනෙක් කියලා :D පිස්සු! විභාග වලින් වත් තනතුරු වලින්වත් මිනිස්සුන්ව මනින බෑ.

    ඔයාට කියන්න ඊයේ රෑ මූණුපොතෙන් මාත් එක්ක හලෝ මචං කියලා කතා කලා බ්ලොග් ලියන කෙනෙක්. ඇත්තමයි මම හීනෙකින්වත් හිතුවේ නෑ ඒ ඩොකෙක් කියලා. අන්න පොලොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු! දොස්තර නෙමෙයි කාට වුනත් පොඩි මිනිහගේ උදව් ඕනේ වෙනවා. වැසිකිලිය සුද්ද කරන සේවකයා නැති වුනොත් ඒ වැඩේ දොස්තර හරි ඉන්ජිනේරුවා හරි කරනවද? අන්න ඒකයි කියන්නේ ලෝකේ කෙනෙක් තමන්ගේ තාන්න මාන්න නිසා තවත් කෙනෙක්ව පහත් කරලා සලකනවනම් උගේ උගත් කමින් වැඩක් නෑ. එහෙමනම් ඌ මහා මෝඩයෙක්. උගත් මෝඩයෙක්!

    ReplyDelete
  3. ආ තව කියන්න අමතක වුනා. විභාග ඔක්කොම පේල් උනත් පොත පත ඇසුරු කරපු බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය ඉන්න බැරිද? ඕන තරම් ඉන්නවා.... ඔය පොත විතරක් පාඩම් කරලා විභාග පාස් වුනු අයට වඩා රටේ ලෝකේ ගැන සෑහෙන්න දැනුමක් ඒ අයට තියනවා. අපේ එහාගෙදර ඉන්න අයගේ ළමයි ඔක්කොමලා දොස්තරලා ඉංජිනේරුවෝ ආකිටෙක්චර්ස්ලා.... ඒත් ඒ ළමයින්ගෙන් බහුතරයක් දැන් බඳින වයස පහු වෙලත් තාම කසාදයක් කරගෙන නෑ. සමහරුන්ගේ කරගත්තුවා නැති වෙලා. ඒ ඇයි? එයාලා පොත විතරයි ඉගනගෙන තියෙන්නේ. සමාජේ ඉන්න ඕන හැටි දන්නේ නෑ....

    ReplyDelete
  4. මම නම් ශිෂ්‍යත්වේ පාස් උනේ නෑ. ඕලෙවලුත් පාස් උනේ ෆෘට් සැලඩ් රිසල්ට් එකකින්.(හැම ජාතියකම අකුරු තියෙනවා) කොහොමහරි ඒ ලෙවල් ගොඩ දාගත්තා. උසස් පෙළ කරන කාලේ මටත් ලොකු බලාපොරොත්තු ගොඩක් තිබ්බා. ඒවයින් ඉටු කරගන්න පුලුවන් උනේ ටිකක් විතරයි.

    මම අද ඒකෙන් සෑහීමකට පත් වෙනවා.අපි ලද දෙයින් සෑහිමට පත් වෙන්න පුරුදු වෙන්න ඕනේ.

    මොකද්ද නංගි අර වාහනවල ගහගෙන යන කතිරය ???

    ReplyDelete
  5. මධුරංග අයියා: ඇම්බියුලන්ස් එකේ රතු පාට කතිරෙගැන තමයි ඔය කියලා තියෙන්නේ...

    පූසා: ඒ කතාවට මමත් ඒකගයි.. මොකද මේ ලෝකේ හැමෝම එක වගෙ හැමෝම මිනිස්සු.. මිනිහෙක් වගේ ඉන්න වෙන කවුරුත් නැනෙ..
    එතකොට ඒ මනුස්සයා කරන රස්සාවව අනුව ඒ මනුස්සයව පහත් කරන්නවත් උසස් කරන්නවත් බෑ.. ඒ ‍තෝරගන්නෙ තමන්ට පුලුවන් රස්සාව.. ඒත් ඒ රස්සාව ලෝකෙට වැදගත්..

    මමනම් මේ දවස් වල ඉන්නේ යන්න පාරක් හොයාගන්න බැරුව අතරමං වෙලා :))

    ReplyDelete
  6. තව ජාතියක් ඉන්නවා..
    වැටෙන්න ඕනි තරම් හේතු තිබිලා..පිස්සු කෙලිම හන්දා ජීවත් වෙලා අහම්බෙං විබාගෙ පාස් උන උං :P :P මං වගේ

    ලංකාවෙ අද්‍යාපන ක්‍රමේ එක වැරැද්දක් ඕක...දිලා තියන ටාගට් එකකට එකිනෙකාව පාගගන දුවන..මුලින්ම එන උන් ටික දක්ශයින් කියලා තෝරගන්න අද්‍යාපන ක්‍රමයක් මේක..උ.පෙට මුලින්ම ආපු දවසෙ හැම ලමයටම අහන්න ලැබෙන්නෙ "මේක තරඟයක්,හයියෙන් දුවපං" කියන එක..(මම අනුං කියන ඒවා අහන්නෙ නැත්තෙ වෙලාවට :P :P)

    //"දුව..ඔයා මෙච්චර ඉහළින් විභාගෙ පාස් වෙලත් ඇයි මේ තරම් අඬන්නෙ..??පුතේ දත් දොස්තර වුණත් දොස්තර නේ... ඇයි මෙච්චර දුක් වෙන්නේ..?"//
    සමාජයේ හුඟක් වෙලාට වෙන්නෙ මේක නෙවෙයි හන්දා,අගය කලයුතු අම්මා කෙනෙක්!!..හුඟක් වෙලාවට කියන්නෙ "තව ලකුනක් ගන්න බැරි උනානෙ උඹට" කියලනෙ

    පූසා තනිකර ඇත්ත

    මදුරංග යකෝ දෙස්තරලගෙ වාහන දැකලා නැද්ද?? :O :O

    ReplyDelete
  7. අදක්ෂයෝ කියලා නෑ තමයි නංගී ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මේක මේ සමාජයේ අද තියෙන මිනුම් දඬු වල වැරැද්දක්. සාර්ථකත්වය රැඳී තියෙන්නේ හිතේ. හිත ඇත්නම් පත කුඩා ද? අපේ රටේ දන්ත වෛද්‍ය විද්‍යාවට දෙවෙනි තැන දුන්නට , යුරෝපයේ සහ ඇමෙරිකාවේ ඉහළම ලකුණු ලබාගත් අය යොමු වෙන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන්න. මේ අපේ රටවල මං හිතන්නේ ආසියාතිකරයේ තමයි එහෙම නොවෙන්නේ. කවරෙකු වුනත් හොඳ මානුෂික ගුණාංග නැත්නම් ඉතින් වැඩක් නෑනේ. ලිපිය හොඳයි.

    ReplyDelete
  8. ගොඩක් වෙලාවට විවිධ බාහිර ප්‍රශ්න නිසා හොඳට ඉගෙන ගන්න ළමයි අසාර්ථක වෙනව. ඒක ඉතින් පෙර කරපු පවක්ම තමයි. මම දන්න අයිය කෙනෙක් හිටිය A දෙකයි, C එකයි හරි S එකයි හරි. අන්තිම සබ්ජෙක්ට් එක ලියන වෙලාවෙ ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා. අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න හිටපු කොල්ල අන්තිමට යාන්තන් කැම්පස් තේරුනේ. ඒත් එයා ඒකට ගියා, ආයෙත් විභාගෙ කලෙ නෑ.

    අනිත් එක නංගියෝ ඔයා කිව්ව වගේ දක්ෂකම කියන්නෙ උගත් කමම නෙමෙයි. උගත් කම කියන්නෙ එක දක්ෂතාවයක්. ජීවිතේ දිනන්න පුලුවන් තව ඕන තරම් දක්ෂතා තියනව. ඒව හොයාගෙන ගිහිල්ල තමන්ගෙ දක්ෂතා අඳුර ගන්න කෙනා තමයි දිනන්නෙ.

    ReplyDelete
  9. මේ කතාව කියෙව්වහම අපේ අම්බලන්ගොඩ ටවුමෙ ඉන්න වඩේ විකුණන මනුස්සයව මතක් වෙනව. ඉතින් ඒ මනුස්සය තමන්ගෙ රස්සාව විදියට කරන දෙය පැහැදිලි සිතකින් අවංකව කරගෙන යනව. හොදම වැඩේ කියන්නෙ මේ මනුස්සය උදේට එන්නෙත් A/C එකක නැගල යන්නෙත් A/C එකක නැගල කියන එක. අනිත් මිනිස්සුන්ගෙන් ගෞරව ලබනවට වඩා තමංගෙ පාඩුවෙ දෙයක් කරගෙන ඉන්න එක තමා හොදම දේ කියල මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  10. මොන දේ ඉගන ගත්තත් නංගී පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕනේ....අන්න එහෙම මනුස්සයෙකුට ජීවිතේ සතුට කියන දේ ලේසියෙන්ම ළඟා කරගන්න පුළුවන්...හැම කෙනාටම ඉල්ලන උදව්වක කරලා සමාජයේ වාසය කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා සාර්ථක පුද්ගලයෙක්....

    වෛද්‍යවරු ගැන කතාවක් ගිහින් තියෙනවනේ මගේ අයියා(ලොකු අම්මගේ පුතා) වෛද්‍යවරයෙක් හැබැයි ඌ ඩොකෙක් කියලා කියන්න පුළුවන් හොස්පිටල් එකේදී ටයි එක දාගෙන ස්ටෙත් එක බෙල්ලේ එල්ල ගත්තම විතරයි....ඒ තරමට සිම්පල්...ඒකේ අනික් පැත්ත වෙච්ච අක්කා කෙනෙක් ඉන්නවා...දැනට MSc එකක් කරනවා හැබැයි ඉන්නේ නිකම් අයින්ස්ටයින් එයාගේ තාත්තා වගේ.....

    සියලුම දෙනාගේ අදහස් වලට එකඟයි....

    රතු කතිරෙකටත් වඩා ඒක කුරුසයක් නේද?

    තව දෙයක් නංගිට විශේෂයෙන් කියන්නේ වෙන ඕනම දෙයක් වෘත්තියක් විදයට සැලකුවත් වෛද්‍ය වෘත්තියක් ලෙස සලකන්න එපා...ඒක සේවයක්........

    ReplyDelete
  11. @දිනේෂ් අයියා : ඔව්.. ඕක ත්මයි ගොඩාක් අයට අමාරු සහ වරද්ද ගන්න තැනත්.. හරියට තමන්ගේ දක්ෂකම් තේරුම් ගන්නෙ නෑ... බැරි දෙයක් කරන්න ගිහින්... තමන්ගේ ජීවිතෙත් නාස්ති කරගන්න අතරේ සමාජයේ නිග්‍රහයටත් අහු වෙනවා..:(

    ReplyDelete
  12. @පූස් අයියා : ඔයා A/L වලින් විනාශවෙලා නෑ අයියා.. සමස්ථයක් වශයෙන් ගත්තම මට ඔයාගෙ කොමෙන්ට් එකෙන් තේරුනේ ඒකයි.. අපිව වැටෙන්න හදන හැම වෙලේම කොහොමහරි නැගිටින්න ඕනෙ.. හරියට ජපානේ වගේ..:)

    තමන් ඕනෙම ක්ෂේත්‍රයක ඉහලට යන්න යන්න... වී කරලක් වගේ වෙන්ඩ ඕනෙ කියලයි අපෙ අප්පච්චි කියන්නේ... වී කරලක් පිරිපුන් වෙන්න වෙන්න බිමට නැමෙනවා... හරි සරල උදාහරණයක් නේද..?

    අයියා,දොස්තර කෙනෙක් වේවා.. ඉන්ජිනේරුවෙක් වේවා.. විදුහල්පති කෙනෙක් වේවා.. බැංකු කළමනාකරුවෙක් වේවා.. තමයි තමා ලොක්කා අනික් හැමෝම මෝඩයෝ කියලා හිතාගෙන වැඩ කරොත් කවුරුත් එයාව ගනන් ගන්නෙ නෑ.. අපි හම්බ කරගන්න ඕනෙ මිනිස්සු... අපෙ අත්තම්මා කියන්නෙ රණ්ඩු වෙන්නෙත් මිනිස්සු ඕනෙ වෙන්නෙත් මිනිස්සු කියලා..

    අන්න හරි... ඒ වගේ උගත් ඒත් තමන් විතරයි "එළ පොර" කියලා හිතන් ඉන්න අය "උගත් මෝඩයෝ.."...

    රිවිර පත්තරේ හැම සතියෙම යනවා උත්සාහයෙන් දියුණුවෙලා දියුණුවේ හීනිපෙත්තටම ගිය මිනිස්සු... ඒ ගොඩාක් අය අර මම කිවුවා වගේ A/L වලින් "හිත රිදුනු" ඈයෝ..

    ආදරය , විවාහය කියන දේවල් නම් ජීවිතයකට අත්‍යවශ්‍යයි කියලයි මම නම් හිතන්නේ... එක් පැත්තකින් පමණක් කෙනෙක් කොතරම් දියුණු වුනත් පෞද්ගලික ජිවිතයේදී ඔහු අසාර්ථක නම්... වැඩක්ද..? :/... මම දන්නෙ නෑ.. මගෙ මෝඩ මොළේට වැටහෙන විදිහට මං කිවුවේ.

    අපි ඔක්කොම මිනිස්සු.. අපි ජාති වශයෙන් ලේබල් ගහගත්තට.. ආගම් වශයෙන් වෙන්කර ගත්තට.. හැම ආගමකම , ජාතියකම එක වගේම හොඳ ගතිගුණ තියන අය සහ අමනම ගති තියන අය ඉන්නවා..
    අන්න ඒ වගේ තමයි.. කැම්පස් ගියා හෝ නැතුවා හෝ..
    ගති පැවතුම් නම් එක් එක් පුද්ගලයාට අනන්‍යයි...
    සුළුතරයකගේ හැසිරීමෙන් බහුතරය ගැන දළ වැරදි මතයක් ගොඩනැඟෙන එක විතරමයි අන්තිමට "උගත් මෝඩයෝ" නිසා වෙන්නේ..

    ReplyDelete
  13. @මධුරංග අයියා : ඔයා කැමති හා ඔයාගේ නිපුනත්වයක් තියන ක්ෂේත්‍රයෙන් ඔයා ඉදිරියට ගිහින්.. ඒ ගැන සතුටු ඇති නේ ගොඩාක්...
    අපි හැමෝටම මොකක්හෝ විශේෂ දක්ෂතාවක් තියනවා.. ඒක හරියට අදුනගන්න ඕනෙ.

    ඇයි අයියා දැකලා නැද්ද..? ඩොක්ටස්ලගේ වාහන වල කොළපාට කතිරයක් ගහගෙන යනවා..

    ReplyDelete
  14. @මාලන් මලයා : අනේ කොලුවෝ.. !!!... CO නම් බිංදුවයි දශම 5යි..:):).. ඇම්බියුලන්ස් එකේ තරම් ලොකු කතිරයක් නෙවේ මල්ලී... eeeerrrr>:(.. හෙ..හේ..;)

    මිනිස්සුන්ට ඉපදෙනකොටම සමහරවිට ලැබෙන දේවල් තියනවා.. සමහරු මොලේ බබාලා.. සමහරු සංගීතේ අතින් අරං එන්නේ.. සමහරු කලා රිටවල්.. මේ වගේ..

    ඒත් සමහරු ඉන්නවා ආසාව නිසාම කොහොමහරි තමන්ට බැරි දේවල් පවා පුළුවන් කර ගත්ත...

    අපි හැමෝම හිතන රාමුවෙන් දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි බිංදුවයි එකක් පිටින් කෙනෙක්ට හිතන්න පුළුවන් වුනා නම්.. එයා සමාජයේ හිතාගන්න බැරි තරම් ඉහළට විසිවෙනවා...

    ReplyDelete
  15. @මදුෂාන් මල්ලී : ඒ නම් මොළේ බබෙක්..:P:P

    ඒකෙ වැරැද්දක් නෑ මල්ලී.. බලන්න 3 idiots..
    "life is a race.." කියලා තමා පටන් ගන්නේ...
    අපිට Bio වලත් උගන්වන්නේ උචිතයන් වරණය වෙන්නේ පරිසරයේ සුළු සම්පත් ප්‍රමාණයකට ඇති වන අධික තරඟයෙන් කියලා..
    තව මොන කතාද..?

    මම නම් දන්නේ පරිසරය (ස්වභාව ධර්මයත්) එහෙම නම් හැසිරෙන්නේ අපි අතර හැමදේටම අනිවාර්‍යෙන් ලොකුම ලොකු තරඟයක් තිබිය යුතුයි..

    අපිට අධිෂ්ඨානයක් තියනවා නම් මාර්ගයක් තියනවා මයි.. (මේ දවස් වල කියවන පොත "දෙවියගේ අඩවියෙන්" උපුටා ගන්නා ලදී..:))

    ඉතින් අපි බලමු කී දෙනෙක්ට අධිෂ්ඨානයක්... ඒ වෙනුවෙන් මාඑගයක් පෙනෙනවද කියලා..

    ඔය දෙබස ඇත්තම ඇත්ත.. මගේ හොඳම යාළුවෙක්ගේ අක්කට එයාගෙ අම්මා එහෙම කියලා තියෙන්නේ.. ඒ යාළුවත් මේ සැරේ විභාගෙ කරනවා.. මං දන්නවා මේ සැරේ නම් එයා එයාගේ අරමුනට ලඟාවෙයි..!

    ReplyDelete
  16. @අනිත්කොන අයියා : සහතික ඇත්ත..

    ඔව්..ඔව්.. අපෙ චූටි නැන්දම්මත් කිවුවා ඇමරිකාවේ දන්ත වයිද්‍යවරු තමා ඉහළින්ම ඉන්නෙ කියලා..

    ඔව්.. හැමෝම තමන් වගේම මනුස්සයෝනේ.. එයාලත් තමන් තරම්ම ආත්ම ගරුත්වයක් ඇතිව ජිවත්වෙන අයනේ.. කියලා හිතුවා නම් හරි.

    ස්තූතියි අයියා..

    ReplyDelete
  17. @ප්‍රාර්ථනා
    ස්වභාවික වරනය යට කරගන උඩට ඇවිත් ඉන්න මිනිස්සුම ස්වභාවික වරනයෙන් ලෝකයේ අනාගතය තීරනය වෙනවා කියන එකනම් මට අල්ලනෙම නෑ..
    හිතනවද මිනිස් සමාජයක මිනිස්සු තෝරා ගැනීමේදි "වරනයක්" වෙනවා කියලා..
    වරනයක් සිද්ද වෙනවානම් සුදුස්සා සුදුසු තැන ඉන්න ඕනි..එහෙම වෙලා තියනවද.උදාහරන දෙන්න ඕනි නෑ නෙ..
    ඔයා බයෝ කරපු හන්දා දන්නවා ඇතිනෙ මිනිසා සවභාවික වරනයට කරන බාදාවල් අහඹු සංසේචන වැලැක්වීමෙන්..සංස්කෘතික බාදක වගේ දෙවල් වලින්...

    හලේ මට බැරියෝ..මෙන්න මම ආයි පටන් අරන්..මම හිතුවෙ ඉක්කොලෙ ගිහින් ඉවර උනායින් පස්සෙ මේ තර්කත් ඉවරවෙලා කියලා.. :P :P

    මේ අර කවුද අක්කා ආයි විබාගෙ කලාද??..වෙන කියන්න දෙයක් නෑ...එයානම් මී එලදෙනක් :D

    ReplyDelete
  18. @මධුරංග මල්ලී : ඔව්.. ඩාවින්ගේ පරිණාමවාදය හරිම නෑ කියලා පසුව ඔප්පු වුනා තමයි මල්ලී... අපි කැමති නැති ගොඩාක් දේවල් අපිට ජීවිතේදී කරන්ඩ වෙනවා.. ඒක ඔයා දන්නවා ඇති නේ..?

    නෑ..නෑ.. ඒ අක්කා අයෙ විභාගෙ කරේ නෑ.. :)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...