Thursday, May 19, 2011

ඉලංදාරි අයියේ,නුඹට නිවන් සුව!..



සවනට නොවැටුනෙන් මනු ලොව අමන විකුම්
මිහිරැති පදවැලින් ඔපවිය බ්ලොගය නිතින්
ලඟනැති විටක දහිරිය ගන්නට නිතැතින්
විය නුඹ වදන් හයියක් මට අයියෙ "දිලුම්"

නෙත් හමුනොවී මනසින් බැඳි සොයුරු පෙමින්
සයිබර් සයුරෙ තුටුයෙන් වසමින් නිතියෙන්
ගෙවු ඒ මිහිරි කල යුතු කෙලිකවට කමින්
නික්මී ගියා දෑසින් දුර ඈත ඉමෙන්

මියුරු වදන් දෙසවන සනසනු රිසියෙන්
ලියලා වැඩුනු පැතුමක් සුපිපෙන විලසින්
බලා සිටියමුත් අප දැල්වූ දෑසින්
කඳුලක දැවටුවා අප සිත් සසල වෙමින්

වදනින් වදන සිරවේ දුක් කටු අකුලේ
කවියෙන් කවිය බොඳ වේ නෙතු කඳුළු පටේ
සසරෙන් එතෙර සැනසී පිවිතුරු නිවනේ
පියුමක් දෝ දැනේ අකලක මිලින වුනේ

බොඳ වී ගියා පැතුමන් හදේ..

8 comments:

  1. ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

    "මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

    සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........

    ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

    http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html

    ReplyDelete
  2. දයබර සුමිතුර අපි මේ සOසාර ගමනේ කවදා කොතෑනක හරි මුන ගෑසේවි යලිත් එදාටත් මේ වගේම දයාබර මිතුරුකම රෑදිටියේවි අපේ හදවත් වල ඉලන්දාරියො නුඹ නොකියාම ගියාට අපි තරහයි කදුලු හන්ගගෙන අපි අඩනතරම් උඹ් දන්නවනම් උඹ අපිට එහෙම කරන්නෑ

    ReplyDelete
  3. දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  4. සොහොයුර ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  5. දිලුම් සොයුර ඔබට නිවන් සුව..

    ReplyDelete
  6. සොයුර ඔබට නිවන් සුව අත්වේවා !!!!

    ReplyDelete
  7. දිලුම් සොයුර ඔබට නිවන් සුව ..........!

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...