Wednesday, April 20, 2011

කිරි ඉතිරවීම..

                                 මේකයි කතාව.. මට ඉතින් සීහි වසන්තෙට එන්න බැරි වුනානේ.. ඒ වුනාට මොකද අවුරුදු 2කට විතර පස්සේ (ඉස්කෝලෙන් පැන්නුවාට පස්සේ) 2011 අප්‍රේල් මාසේ 16 වෙනිදා කොවුල් වසන්තය කියලා අවුරුදු උළෙලක් පැවැත්තුනා.අපේ පාසලේ උණුඋණු ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් තමා මේකට එකතුවුනේ..ඒ කියන්නේ 2000 - 2010.. (ටිකක් උණු..හා උණු උණු...)

                                 වයසින් 21ක් වුනාට මොකෝ..(තාම විස්සයි..තව දින කීපයකින් 21යි..:(:(..)අපි තමයි එතන පොඩ්ඩෝ.. හෙ..හේ.. මල්ලිලා,නංගිලා ටිකක් හිටිය නිසා බච්චොම බච්චෝ අපි නෙවේ..

                                අවුරුදු උත්සවයක් ගිය අවුරුද්දෙත් තිබුනා..ඒ කාලේ මට අවුරුදු නෑනේ.ඉතින් මම ඒ පැත්ත පලාතේ ගියේ නෑ.ඒත් මේ සැරේ මට අවුරුදු වගේ..

                                සති අන්තවල තිබුන මීටින් වල ප්‍රතිඵලයක් විදිහට ඔන්න බොහෝම කැපවීමෙන් මහන්සියෙන්,හැමෝගෙම වගේ දතුත් ගැලවීගෙන ලස්සනම ලස්සන දවසක් උදාවුනා ඔන්න.

                                2009 අපේ කෙල්ලොන්ට නියමවෙලා තිබුනේ "කිරි ඉතිරවීම".. කවදා කාපු පාන් ද කිවුවා වගේ.. අපිත් ටිකක් බයවුනා.. ඒත් ඕක බාරවුනේ සමීටනේ.. සමීනම් බයවුනේ නෑ..
ගියසැරේ හරියට කිරි ඉතිරිලා නෑලු.ඔන්න ඒ අභියෝගෙත් තිබුනා..

(ඔන්න ඉතින් කියවන දනා හිතනවලු.."අපෝ මේ කෙල්ලෝ කවදාවත් ලිපක්,මුට්ටියක් දැකලා නැති ගානටනේ කතාව කියලා..) 
                                  අපෝ නෑ.. අපි උදේ ඉදන් රෑ වෙනකම්.. ගෙදර දොරේ වැඩට උදව් වෙන,හොඳ පිළිවෙලට හැදුන දැරිවියෝ හොඳේ..?

                                 ඒත් ඉතින් මේ වැඩේ හරිම විනෝදයි.. අභියෝගාත්මකයි.. කොහොමද batch 8ක්,9ක් ඉස්සරහ කිරි උතුරවාගන්ඩ බැරිවුනොත් තියන සතුට..?:P:P

                                 කොහොමින් කොහොමහරි සමී හොඳ මැටි මුට්ටියකුත් ගෙනත් තිබුනා.. 

(අපේ පන්තියේ ඒ කාලේ සර්ලට මැඩම්ලට මුට්ටි අල්ලපු අය ලඟපාත හිටියා නම් මුට්ටියට ගිය වියදමත් ඉතුරුයි..:D) 
                                 දර ටිකක් මමත් අරං ගියා.. කෝකටත් කියලා.. ඒත් ඉතින් සමී..

1.වියලි පොල් අතු
2.හනසු
3.වියලි දර
4.කඩදාසි
5.හොඳ බෙලෙක් පොත්තක්..

ගෙනත් තිබුනා.. (භූමිතෙල් එයාට අරහං.. කපුරුත් නෑ..:))

                                උදේම හිස තෙලුත් ගාගෙන නාගෙන කියාගෙන.. කට්ටිය ඉස්කෝලෙට ගියා.. සමහරුනම් මූණෙ ක්‍රීම්,පවුඩර් ගාලා තියෙන්නේ ඉස්කෝලෙට එනින් ගමන් එහෙම නෙවේ.. හොඳේ..?

                                ගඩොල් කැට ටිකක් හොයාගෙන බොහොම මහන්සියෙන් දාඩිය පෙරාගෙන අපි විද්‍යාලයීය ක්‍රීඩාංගනයට සැපත් වුනා.. අපේ ground එක තියෙන්නේ ඉස්කෝලෙට ටිකක් එහා.. පාරෙන් එහා පැත්තේ..

                                ක්‍රීඩාභූමිය මැද කලමනාකාරිය හරිගස්සලා අපි පැත්තකට වුනා.. ඒ වෙනකොට අපේ "කිරි ඉතිරවීම"නඩේ හයදෙනයි..

1.මම
2.සමී
3.රූන්දි..
4.නිපූ
5.දුලී
6.මධූ..

(මේ නම් ටික දැක්ක ගමන් දන්න කියන කට්ටියට නං හිනා ..මොක්ද කිවුවොත් එක වගේ "කලේ මොචල් "සෙට් එකක්. ඒ නිසාම කණ්ඩායම් වැඩ කරන්ඩ ලේසී..:D)

                                      නිසි වෙලාව එන්ඩ කලින් අපි බැලුවා..ගෙනල්ලා තියන කල්කිරි ඇතිවෙයිද කියලා.. මෙන්න බොලේ වැඩක්.. මුට්ටියෙන් භාගයයි කිරි..

                                       අනුප් සර් කිවුවා ඔහොම ගියොත් නම් කිරි ඉතිරෙන්නෙ නැතිවෙයි කියලා.. ඒත් සමී හොඳ ගෙවිලී.. එයා කිවුවා අපෝ ඔය ඇති කියලා.. කොහොමහරි ඒ ගැටළුවත් විසඳගෙන අපි ලිප බැඳලා දරදාලා නැකත එනකම් බලං හිටියා.. නැකත කිවුවේ ඉතින් නියම වෙලාව කියන එකනේ.. කොහොමත් අපි වෙලාවට කලාවට වැඩකරන උදවිය..

( ඒ නිසාම තමා මීටින් එකකට 9.am වෙනකොට කට්ටිය එකතු කරගන්ඩ ඕනෙ නම් අඩුම තරමින් 8am වලටවත් එන්ඩ කියන්නේ.. :))


                        මේ අස්සේ අපේ විද්‍යාලයීය පෙරදිග තුර්යවාදක කණ්ඩායම පිට්ටනියට සැපත්වුනා.. ඔන්න වැඩේ .. පිට්ටනිය මැද මුට්ටිය හා ලිප.. ඒ කලමනා බේරලා යන්න තරම් bandඑකේ මල්ලිලා දක්ෂ වුනා.. නැත්තම්.. උතුරවන්න මුට්ටියක්වත් ඉතුරුවෙන්නේ නෑ.. :P:P

                                         එළඹෙන්නේ කිරි ඉතිරවීමේ අවස්ථාව කියලා කියවෙනකම්ම මම හොඳ චැටක හිටියේ.. ඔන්න අවසානයේ අපි හයදෙනා වැඩේට බැස්සා.. ම්ම්... පැමිණ සිටි පිරිසගෙන් හොඳ අත්පොලසන් හඬක් ආවා වගේ මතකයි..

                                         ලිපට වැදලා කාරිය ගිනි මෙලෙවුවා.. ඒත් ඉතින් සමී තමා.. අපි වටේ ඉඳන් දර සපයනවා.. අනං මනං..

                                        ම්ම්... විනාඩි දහයක් විතර ගෙවුනා.. ම්ම්.. තාම කිරි උතුරන පාටක් නෑ.. නඩේට ටිකක් දාඩියත් වගේ..ඒ ඉතින් මද්දහනේ රස්නේ නිසා මිසක් හීන් දාඩිය එහෙම නෙමේ ඔන්න..

                                        නිවේදක ඩිලාන් අයියා ලස්සනට නිවේදනය කරගෙන යනවා.. ඒ වදන් අහපු අපිටත් හිතට පුදුම උද්යෝගයක් දහිරියක්,සතුටක් තමා ආවේ..::P:P
මෙන්න මෙහෙමනේ ඒ අයියා නිවේදනය කරේ..

                     "ඔව්. අපි දන්නවා.. රජයේ විද්‍යාවිද්‍යාලයීය ගෙවිලියන් කොහොමත් ඉහුම් පිහුම් කටයුතු වලට හරිම දක්ෂයි.. කොච්චර දක්ෂද කියනවා නම් ගියසැරේ කිරි ඉතිරවීම සංකේතයකට පමනක් සීමා වුනා.. මේ සැරෙත් එහෙමම වෙන පාටයි.. ඒ වෙන කිසිවක් නිසා නෙවේ.. මේ බොහොම මහන්සියෙන් කිරි උතුරවන ගෙවිලියන්ගේ උත්සාහය නිසයි.. :D:D...

                                        ඔන්න නිවේදක තැනගේ වැඩ.. (කතාවේ යම් සාධාරණ කමක් නැත්තේ නොවේ..):):)

                                        ඒත් ඉතින් නිවේදිකා පූර්ණිමා අක්කා හිටියේ අපේ පැත්තට.. හික්ස්.. එහෙමත් කෙනෙක් එපැයි..

                                       බලං ඉඳලා ඉඳලා අන්තිමට අපිට එපා වුනා.. යස වැඩක්නේ... මේ... නැද්ද මං අහන්නේ..?:P:P

                      අන්තිමට කිරි මුට්ටියට අපි ගැන දුක හිතුනලු.. අපේ බෙරිවෙච්ච මූණු දැකපු මුට්ටිය  බොහොම ලස්සනට කිරි ඉතිරුනා..ලූ... (මුට්ටිය තමයි එහෙම කිවුවේ.. හීනෙන්.. :D)

                      ඔන්න ඔහොමයි '09 කෙල්ලෝ.. 2011 කිරි ඉතුරුවේ..

පුන්චි සිද්ධියකින් අමතක නොවෙන ලස්සන මතකයක් ජීවිතේට ලැබුනා..:)

28 comments:

  1. ඔය යස අගේට ඉතිරිලා තියෙන්නෙ....

    ReplyDelete
  2. අහ් ඔය තියෙන්නේ වැඩේ එලට නංගෝ....

    ම්ම්ම්ම්ම් ඔන්න ඔයාටත් සියළු පැතුම් ඉටුවෙන කරන කියන හැමදේම අතිසාර්ථක වෙන නිදුක් නීරෝගීසුව ඉතිරුණු එවගේම ආදරය සතුට සමගිය පිරිණු සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
    සුභ පතන්න පරක්කු වුනාට සමාවෙන්න ඕනි....එක්සෑම් නංගෝ.....

    ReplyDelete
  3. ඔය තියෙන්නේ අවුරුදු ගානකටම කිරි ඉතිරිලා. මුට්ටියට වගේම හිත පුරාමත් කිරි ඉතිරිලා තියෙන්න ඇති කට්ටියට.

    ReplyDelete
  4. ඔය හරි අපූරුවට කිරි ඉතිරිලා තියෙන්නේ..

    ReplyDelete
  5. ගෙවිලියෝ ටිල ලස්සනට කිරි උතුරවලා තියෙන්නේ............
    ඔය කිරි ඉතිරුවා වගේම ඔයාගේ ජීවිතෙත් වාසනාවෙන් සතුටින් ඉතිරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  6. Ane manda mata nam monawath hithaganna ba

    ReplyDelete
  7. ගිනි අවුලෝලා හොඳට පුරුදුයි වගේ :)

    ReplyDelete
  8. මේ සැරේ වැඩේ ගොව දැම්මා නේ ද.... :D

    ReplyDelete
  9. @මාලන් මල්ලී : ඒකනේ.. :):)

    ReplyDelete
  10. @හසී අයියා : හෙ.හේ.. අවසානයේ අපි ජයග්‍රාහිකවෝ වුනෙමු.. :P
    පමාවී පතමී.. සමා වුව මැනවී..:) "සුභ අළුත් අවුරුද්දක් අයියා..".. අම්මෝ.. අවුරුදු අස්සෙත් එසෑම් ද අයියා..? :O

    ReplyDelete
  11. @ප්‍රාර්ථනා : අවුරුදු සතියේ නිවාඩු තිබ්බා ඇරෙන්න අනිත් සති තුනේ ම විභාගේ තමා. මට තිබ්බේ 9, 20, 23 :))

    ReplyDelete
  12. @මධුරංග අයියා : ඔව්වොව්.. නැතුව නැතුව.. ඒ සෙට් එකත් එක්කම එකතු වෙලා ජයටම අයිස්ක්‍රීම් දන්සැලකුත් දෙන්නයි කල්පනාව.. ඒකත් අවුරුදු සංවිධායක මඩුල්ලේම වැඩක් තමා.. අපි ඉතින් උදව් උපකාර තමා..

    හෙ..හේ.. පුළුවන් නම් 17 වෙනිදා විතර මාතලේ පැත්තේ එන්ඩකෝ..:):)

    ReplyDelete
  13. @බීටා : :):).. ස්තූතියි ඔයාගෙ පැතුමට.. හ්ම්.. ගෙවිලියෝ ටික හරි ෂෝක්.. :P:P

    ReplyDelete
  14. @දිනේෂ් අයියා : හික්ස්.. ඒකනේ.. ඉතුරුනේ නැත්තම් තමා වැඩේ..

    ReplyDelete
  15. මට නම් හිතෙන්නෙ අක්කට sure එකටම රසට උයන්නත් පුලුවන් ඇති..
    මොකද මෙ වගෙ පුංචි සිද්දියක් අඩු වෑඩිය එහෙම දාලා ලස්සනට රහට ලියල තියෙන එකේ මිරිස් තුනපහ එහෙම පදමට දාලා රසට කරියක් හදාගන්න බෑරි වෙන්න බෑනේ...

    ReplyDelete
  16. @ධනුෂ්ක අයියා : ඒ මොකෝ..???

    ReplyDelete
  17. @කතා හසී අයියා : ඕවා පැහැදිලි මඩ අයියා :P:P

    ReplyDelete
  18. @සොරෝ අයියා : ඔව්..ඔව්.. කොහොමහරි වැඩේ ගොඩ.

    ReplyDelete
  19. @කතා හසී අයියා : විභාග..:(:(

    ReplyDelete
  20. @මිහිranga මල්ලී : ම්ම්.. උයන්ඩ නම් පුළුවන්,රස ගැන දන්නෝ දනිති මල්ලී.. :)

    ReplyDelete
  21. මුට්ටියක කිරි උතුරෝන තරං ලේසි නැහැ නංගි ජීවිතේ කිරි උතුරවන්න.... දැම්ම තියා ඒකට ලෑස්ති වෙන්න......

    ReplyDelete
  22. @කල්හාර අයියා : ම්ම්?? ඒකත් එහෙමද.. හ්ම්.. ඉදිරිය ඒ තරම් බරපතලද..? බලමුකෝ.. එනවිදිහකට මුහූනදීලා..

    ReplyDelete
  23. අදනෙ දැක්කෙ මේක...
    මුට්ටියට දුක හිතුන හින්ද ජාමෙ බේර ගත්ත...

    එහෙනම් 21 වුනාම කියන්න, එතකන් අක්ක කියන්නෙ නෑ :D

    ReplyDelete
  24. නන්ගි ඔය ඩිලාන් කිව්වෙ අපේ ඩිලාන් වර්නකුලසූරිය ලමයද ?? අපිත් එක්ක මොරටුවෙ එකට හිටියෙ

    ReplyDelete
  25. @තාරක මල්ලී : 21යි.. දැන් අක්කා කියන්ඩකෝ මලේ...:)

    ReplyDelete
  26. Pubudu අයියා : ඔව් අයියා එයා තමයි... මෙහෙ විත්ති කියන්ඩ එපා හොඳේ..? මම හරි අහිංසක ලමයනේ.. ^_^

    ReplyDelete
  27. ඔයා 2009 ද ? මම නම් 1989. ඒ කියන්නෙ ඔයා මට වඩා අවුරුදු 20 ක් බාලයි. (බ‍ටු කෙල්ලෙක්)

    ReplyDelete
    Replies
    1. අනේ මමත් ඉතිං ඔහොම බැලුවොත් 1990 තමා.කොහොම උණත් අපි බටු කෙල්ලො තමයි.:P

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...