අපේ අම්මට මාව හම්බෙන්න ඉන්නවා කියලා ඇහුවම හීන් දාඩිය දැම්මලු.. මොකද කිවුවොත් ඒ වෙනකොට අපෙ අයියාට මාස 5ක්,6ක් විතරනේ.. ඉතින් කොහොමද බබාලා දෙන්නෙක්ගෙ වැඩ එක දිගට කරන්නේ... අම්මා හිතන්න ඇති.. (එහෙම හිතුවාලු.) ඒක ඉතින් මම දන්නෙ නෑ.. මේ ලෝකෙට එන්න ලොකු හදිස්සියකින් මම ඉන්න ඇති...
එහෙම කිවුවෙ මේකයි.. තාමත් මට උගන්නන ගුරුවරුන් කියන දේ තමයි..
"රණතුංග කලබල වැඩි.."
.. ඕහ්...!!.. ඒක අහලම මට එපා වෙලා තිබුනේ..
ඔන්න ඔහොම මම මේ ලෝකෙට ආවනේ.. අවුරුදු 20ක්ම හොඳ රැග් එකකුත් අම්මට දුන්නනේ.. ඉදිරියටත් එහෙමම වෙයි මට හිතෙන්නේ.. :\.. මොනවා කරන්නද.. කරුමේ..කරුමේ...
අපේ යාලුවෙක් දවසක් මුහුණු පොතේ දාලා තිබුනා ලස්සන status එකක්..
"අපෙ අම්මගෙ කොච්චි සම්බෝලෙ සැරායි.. ඒත් රසායි.."
හික්.. හරියට අම්මගෙ ආදරේ වගේ.. අපේ අම්මා ගැන කියනවා නම්.. මට හිතාගන්න බැරි තරම් සැරයි.. ඒ තරම්ම හරි හොඳයි.ඒ සමහර විට අම්මා පවුලෙ බඩපිස්සා නිසා වත් ද..?
මම බඩේ ඉද්දී අම්මා පැනඩෝල් පෙත්තක්වත් බිව්වේ නෑ කියලා අප්පච්චි කියනවා.. අපි හම්බෙන්න හිටියාම අම්මගෙ කොණ්ඩෙ ගියාලු ,දත් ඈත් වුණාලු.. හ්ම්... අපි ඉතින් බඩේ ඉදන් අම්මගේ සාරය උරාගෙනනේ..
ඒ මදිවට දැන් කට ගහන්නත් යනවා..
මම අම්මගෙ හිත රිද්දුවා කියලා දුක හිතෙන දවසක් තියනවා.මගේ මෝඩ කට තමා මේ හැමදේටම මුල..
එක දවසක් හැමදාම වගේ අම්මා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් මාව පිට ළමයෙක් එක්ක සංසන්දනය කරන්න පටන් ගත්තා.. (කොච්චර කිවුවත් අපෙ අම්මා තාමත් එහෙමමයි..:)
ඔය අස්සේ මම කිවුවා
"අපිට කියන්න කලින් අම්මා ඉගෙනගෙන ඉන්න " කියලා..
එදා නම් අම්මට ඇඬුනා..
මම මහා වාත බෝට්ටුවක් කියලා මට පස්සේ හිතුනා.මගේ ළමයිත් කවදාහරි මට ඔහොම කියයි.එතකොට මට හිතාගන්න පුලුවන් හිතේ අමාරුව.. දැන් ඉතින් කියලා වැඩක් නෑ.. විදලාම බලන්න වෙනවා ඒකෙ රඟ..
තව එක දෙයක්.. අම්මා ඔච්චර සුදු වෙලා.. මම මෙච්චර කළු වුනේ ඇයි දන්නෙ නෑ.. අම්මා ඔච්චර ලස්සන වෙලා මම මෙච්චර කැත වුනේ ඇයි දන්නෙ නෑ...
ගිය සතියේ අපේ කොම්පුටර් පංතියේ අක්කා මගේ මූණටම කිවුවා..
"අම්මත් එක්ක බලද්දී මෙයා ළඟින්වත් තියන්න බෑ"
කියලා..
එයා එලිපිට කිවුවා.තව ගොඩාක් අය නැති තැන කියනවා ඇති..
මට ගොඩාක් දුක හිතුනා කියලා මම කියන්නෙ නෑ.. මොකද ඔය වචන ටික අහලා අහලා හෙම්බත් වෙලා මම ඉන්නේ.. ඒත් අම්මා ලස්සනයි කියලා කතාව නැවැත්තුව නම් මම අහන්නෙ නෑ.." එතකොට මම..?" කියලා.. මම බලෙන් නාගන්න කොහොමත් කැමති නෑ.. හරි ඒකට කමක් නෑ..
අම්මා ලස්සනයි නේ.. ඒක නම් හරිම සතුටට සහ ආඩම්බරයට දෙයක්.
අනික් දේ තමයි අම්මා සැරට නොහිටියා නම් මම මෙතැන නෑ කියන එක.. මම එහෙනම් "ප්‍රසිද්ධ මැට්ටිය"ක් වෙලා.
ඉස්සර නම් ඒක මහා වදයක් මට.. අම්මගෙ කෑ ගැහිල්ල...ඔළුව ගලේ ගහ ගන්නවාටත් වඩා ගොඩක් රිදුනා.. ඒ කාලෙත් හිතුනා මේ මගේ හොඳට කියලා.ඒත් හරි හිසරදයක්නේ.. ඒ නිසා වර්තමානයේ ඒ දුකෙන් පෙලෙන මගේ නංඟා පොඩ්ඩ (ගම්මිරිස් ඇටේ) එයින් මුදවා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ.. ඒත් වැඩේ ලේසි නෑ.. අන්තිමට වැඩිපුර බැනුම් මට.. මම පව් අප්පා...!!!
අම්මා හොඳම හොද දුවෙක්.. මම නම් එච්චරම හොද දුවෙක් නෙවේ..(ඒ මට හිතෙන හැටි).. අම්මා ලොකුඅත්තට සැලකුව හැටි මම දැක්කා.. කවදාවත් සැරෙන් කතා කරේ නෑ,.. (ඒවටත් හරියන්න අපිට නම් හොද පදමට බැනුම්..)
මම වෙනුවෙන් අම්මා වෙහෙසුන තරම් මගෙ දරුවෙක් වෙනුවෙන් මට නම් වෙහෙසෙන්න බැරි වෙයි.ඒ ගැන මට හරිම දුකයි.පහුගිය අවුරුදු 4,5ම අම්මා මට වඩා කට්ටක් කෑවා..(අප්පච්චිත් ඊට නොදෙවෙනි)..
හැම බ්‍රහස්පතින්දම උදේ 3ට නැඟිටිනවා කියන්නේ මට නම් හිතන්නවත් බැරි වැඩක්.. අම්මෝ.. මට නම් හිතන්නම බෑ..
ඇයි ..,හැමවෙලේම මම පාඩම් කරනවා ද.. පොතෙ පිටු ගණන් කරනවද කියලත් බලන්න වුනා නේ.. අපොයි අපොයි ඒවා ගැන කතා කුමටද..?
මේ ඔක්කොම එක පාරටම කියන්න හිතුනේ ඇයි දන්නවද..?
හි..හි....
අද තමා අපෙ අම්මගෙ උපන්දිනේ.. හ්ම්.. අම්මට නම් තාම වයස 24යි ලූ.. 24න් පස්සේ අම්මගෙ වයස නතර වෙලාලුනේ.. ඒ නිසා ඔන්න මේ සමරන්නේ හැමදාම වගේ අපෙ අම්මගෙ 24 වෙනි උපන්දිනේ හොදේ..? අතුරු ප්‍රශ්න තහනම්.. (24 මුලින්ම සැමරුවේ කුමන වර්ශයේ ද..?වගේ..)
මේ ලෝකෙ ඉන්න ගොඩාක්ම හොඳ.. අපේ අම්මාට මේ ලබන අවුරුද්ද.. සතුට,සැනසුම පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක්ම වෙන්න ඕනේ..
(මම අප්පච්චිගේ උපන්දිනේටත් විශේෂ ලිපියක් ලියන්න ගොඩක් ආසවෙන් හිටියේ.. ඒත් ඒ වෙනකොට මට සිංහල අකුරු ටිකයි... අවශ්‍ය කලමනා කාරිය නැතුව හිටියේ.. ඒ නිසා සිංහල අකුරු ටික මට ආයෙත් දුන්න.. මම හොඳ මලකඩ කාපු ඇණයක් වුන මිස්‍ටර්.රත්ගමස්ට ගොඩාක් පිං.. අනික් දේ තමයි මේ බ්ලොග් එක නැත්තම් මට මේ දේවල් ලියන්න තැනකුත් නෑ.. ඒ නිසා මාව බ්ලොග් අවකාශෙට හඳුන්වා දුන් මගේ අයියණ්ඩීටත් ස්තූතියි.. )
ඔන්න ඔහොමයි අපෙ අම්මාගෙ ____ වෙනි 24 උපන්දිනය අපි සමරන්නේ..
ගුවන් ගැබම රන් කෙන්දෙන් ගෙතීයන්
නොතෙර සයුර කිරි දියරෙන් තෙමීයන්
නුවන් සඟල නුඹෙ තුටුයෙන් නැහැවීයන්
අම්මේ නුඹෙ හදට සැනසුම ලැබීයන්
සිනා කටක් කා තුටු මී ඉසින්නට
ඉනා මිට්ක් දුන් සැම සිත් තැවෙන්නට
වැරූ නිදි කඳුළෙ ගුණ ගී ගැයෙන්නට
දින ටික දිනයි නුඹෙ සෝ ගිනි නිවෙන්නට
සඳක් රුවැති වත රූ සිරි මැකේ යැයි
දැරූ මහ මෙරක් වන් බර වැඩී යැයි
කළුවන් කෙස් කළඹ අළුවන් වුනේ මැයි
නුඹෙ රන් කිරෙන් පැටවුන් උස් වුනේමැයි
(මම මේ පදවැල් ගෙතුවේ 18 - 02 - 2010 වෙනිදා.. විශ්වවිද්‍යාල ගිය යෙහෙලියකගේ මවක් කිවු දෙයක් නිසා අපෙ අම්මා හිත් තැවුලෙන් හිටිය තවත් එක දවසක්.. එදා මම මේ ටික ලිවුවේ හැඬු කඳුළින්.. ඒත් ලොකු අධිෂ්ඨානෙකින්...)
hmmm
ReplyDeleteඅම්මා හිත යටින් සතුටු වෙනවලු..මගේ දූ පොඩ්ඩ හොදට විභාගේ පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්න නේ යන්නේ..ඉතින් දූට පේන්නේ නැති වෙන්න හිත යටින් ගොඩාක් සතුටු වෙනවලු...දැන් ම ඒ සතුට පෙන්නන එකක් නෑ...දූ තව දුරට ඉගේන ගන්න ඕනේ නේ..එතලක් අම්ම සැරම සැරයි...කවද හරි අම්මගේ හිතේ තියෙන තැනට දූ ගියාම අම්ම කියාවි ඒ ගැන එදාට සතුටින්....
ReplyDeleteඔන්න රණතුන්ග :) ...නෑ නෑ...ඔන්න රුවන් ගේ අම්මට සුබම සුබ උපන්දිනාක් කියලා..මම...ඒ කිව්වේ මිස්ටර් රත්ගමස් ප්‍රාර්තනා කරනවා....ඒ වගේම අර ගම්මිරිස් ඇටේටත් කියන්නේ...ඔන්න අක්කා වගේ ඉගෙන ගන්න...අම්ම එතකල් බනීවි කියලා.... ඔක්කොටම ජය වේවා!!!!!!
අම්මලා එහෙම තමයි...වෙලාවකට කඩයක් වුනාට හැමදේම අපි නිසානේ....මටත් මේ පෝස්ට් එක කියවලා අම්මා ළගට දුවලා යන්න තිබුණනම් කියලා හිතුනා...!!!
ReplyDeleteරුවන් නංගිගේ අම්මට සුබම සුබ උපන් දිනයක් කියල මාත් ප්‍රාර්ථනා කරනවා...!!!
මේ බ්ලොග් එකක්ට අහම්බෙන් මුල් වරට ගොඩ වැදුණේ අදයි. හිතා ගන්ට බැහැ, මේ තාක් කල් කොහොම මුණ නොගැසුණාද කියලා. සිංහල බ්ලොග් අවකාශයට කියවන්ට යමක් දායක කිරෙමට ඔබ ගන්නා උත්සාහට විශිෂ්ඨයි; සාර්ථකයි. දිගටම ලියන්න.
ReplyDelete- Taboo
අම්මා . . . ජීවන උයන් තෙරේ . . .
ReplyDeleteනොනිමී . . . දැල්වෙන පහනකි නිරන්තරේ. . . . .
ඔබ මට සුවය ගෙනේ . . .
ජීවිතේ අපි මොනවා කරත් අපිව අතහැරලා නොදාන පිරිසක් ඉන්නවා....ඒ වෙන කවුරුවත් නෙමේ...අපේ අම්මයි,අප්පච්චියි ප්‍රමුඛ තමන්ගේ පවුලේ උදවිය......
ReplyDeleteඅම්මට සුභ පැතුවා කියන්න...........
@මහීමා : ඇයි "හ්ම්.."..? ඔයත් මේ කතාවට එකඟ ද..?
ReplyDelete@මිස්ටර්.රත්ගමස් : ඔන්න මම අම්මට ඔයාගෙ කොමෙන්ටුව පෙන්නුවා.. ස්තූතියි කරා ඔන්න..
ReplyDeleteහ්ම්...:):)... මිස්ටර් රත්ගමස් ගැන ඔයගෙ අම්ම හිතන්නෙත් ඔහොම වෙන්න ඇති නේද.?
හරී.. ඔන්න මම නංඟිට කිවුවා.. නංඟා බැටන් පොල්ලක් හොයන් රත්ගම එන්න බස් එකට නැග්ගා.. අනේ මං දන්නෙ නෑ ඕවා.. ඔයාලම විසදගන්න..:P
@දෙවෙනි අයියා : නම වෙනස් කරගෙන..:)..
ReplyDeleteමම අම්මට පෙන්නුවා පෝස්ට් එක.. ඉතින් ඔයාට ස්තූතියි කරා අම්මා..
ඔව් අයියා.. ඔයාට තව ටික දවසකින් දුවලා යන්න කෙසේ වෙතත පියාඹලා යන්න පුළුවන් වෙයි නේ..?
@Mr.taboo : මට හරිම සතුටුයි එහෙම දෙයක් අහන්න ලැබීම.. සතුටුයි..සතුටුයි..සතුටුම සතුටුයි.. ^_^
ReplyDeleteස්තූතුයි කොමෙන්ටුවට..
@බූරු පුතා : හ්ම්.. ඒක නම් සහතික ඇත්ත..යාළුවා..
ReplyDelete@මකුළු අයියා : ඔව්.. මටත් වඩා ගොඩාක් බාධක අයියට ජීවිතෙ ඇවිත් ඇතිනේ.. ඒ හැම වෙලේම ඔයා ලගහ් ඉන්න ඇත්තේ ඔය කියූ පිරිසනේ.. මට අයියට තරම් අද්දැකීම් නැතත්.. දැන් දැන් මටත් ඒ දේ හොදට තේරෙනවා..
ReplyDeleteස්තුතියි අයියා.. මම අම්මට ඔයාගෙ කොමෙන්ටුව පෙන්නුවා.. අම්ම ස්තුතියි කරා ඔයාට..
මුල්ම කොමෙන්ට් එක වැරදි..ඔය ඉන්නේ මහීමා නෙමේ..මහීම...හික්...
ReplyDeleteගම්මිරිස් ඇටේ මෙහේ එනව කිව්වයි...හප්පුච්චේ......
බැටන් පොලු අරන් ය එන්නේ....මලාය.....දුවමි
අම්මා කෙනෙක් ගැනනම් කවර කතාද...?
ReplyDeleteදෙන තරමක් අපි කරදර කලත් කවමදාවත් අපිව අම්තක කරන්න බැරි අපිව දාලා යන්නෙ නැති මහා ලොකූ ආදරයක් අම්මා ගාව තියෙන්නේ..
ඔයාගෙ අම්මටත් සුභ උපන්දින්යක් වේවා...
අම්මගේ වයස (48(+-) 5) ක් යැයි උපකල්පනය කරමි..
අපේ රත්ස් දාලා තියන සිරාම කමෙන්ට් 1 තමයි මේ මම දැක්ක..(රත්ගමයා ගැන්නම් කවර කතාද?)
@රත්ගමස් : ටැන්කූ.. මම දන්නේ නෑ..ඒකයි මහීමා කිවුවේ..
ReplyDeleteරත්ගම කොල්ලෝ කාටවත් බය නෑ කිවුව නිසා මම හිතුවා මාතලේ ගම්මිරිස් ඇටයක් එහෙ එවලා බලන්න.. :P:P
@මහීම : නොදැන වුණු වරදට සමාවෙන්න මිත්‍රයා..
@මාලන් සොයුරා : ස්තුතියි අයියා..!!!
ReplyDeleteඔයා හරියටම හරි.. ඒත් එහෙම guess කරේ කොහොමද කියලා කියන්න පුළුවන් ද..?
අම්මාට පහුවෙලා වුනත් හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා...ඒ වගේමයි දීර්ඝායු ලැබෙන්ත් නිදුක් නීරෝගී සුව ලැබෙන්නත් සතුට සමගිය සමාදානය පිරි ඉතිරෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteඔයා ඔයාගේ අධිෂ්ඨානය කරා එක හිතින් යොමු වෙන්න....එතකොට අනිත් අය කීව දේවල් සහ ඔය ෆැකල්ටියේ සිදුවෙනවා කියලා කියන සිදුවීම්වලට ඔයාට නොසැලී මුහුණ දෙන්න පුළුහන්....
සංවේදී පෝස්ට් එකක්...හරිම ලස්සනයි නංගියෝ.....
@හසි අයියා : බොහෝම ස්තුතියි අයියේ.. ඔන්න මම අම්මට පෙන්නුවා ඔයාගෙ comment එක හොඳේ..?
ReplyDeleteඅම්මාට වගේම අම්මාගේ දුවටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී චිර ජීවනය පතනවා..............
ReplyDelete@කතා හසි අයියා : ස්තූතියි අයියා.:)
ReplyDeleteමේ ලිපිය කියවනකොට අපෙ අම්මගේ ඇස් දෙකේ කඳුළු කැට දිලිසෙන්න පටන් ගත්තා.. කියවලා ඉවරවෙනකොට ඒ කදූළු කැට පුංචි කදූළු ධාරා බවට පත්වෙලා මූණ දිගේ බේරෙන්න පටන් ගත්තා..
ReplyDeleteඅම්මා.. කවදාහ්‍රි කිවුවොත් "මේ පැටව් තුන්දෙනා ලබන්න අපි වාසනාවන්ත වුනා" කියලා..
එදාට මම ලෝකේ සතුටින්ම ඉන්න දුව වෙයි..^_^