Wednesday, December 29, 2010

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 01 කොටස )


"මේ.. ඔයා මාව බඳිනව ද..?"

"ඔයාට වයස කීයද..?"

"28යි.. ඔයාට..?"

"23යි"

පුංචි දොස්තර මද සිනාවෙන් යුතු මුහුණින් කියන්නට වුනා.ඔහු තාමත් වෙද සිසුවෙකි.එහෙයින් පුංචි
දොස්තර යැයි ඇමතීම සුදුසුයි යැයි සිතමි.

"ඒකට කමක් නෑ අනේ.. අපි බඳිමු.. ඔයා වෙන කාට හරි කැමති ද?"

"ඔව්.. "

"අහ්!.. එහෙනම් බෑ නේ?.. ඒක නෙවේ.."
ඇය ඒ පාර තම දෑත් විහිදුවා පෙන්වමින්..

"ඉස්සර මගේ අත් රත්තරං පාටට තිබුනා.. දැන් ඒවා අළු පාට වෙලා.. ඒ ඇයි?"
ඇය මුහුණ පුළුටු කරගෙන පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටී.

කසුන් ඈත එන හෙදි නිලධාරිනිය පෙන්වා..
" අර මිසීගෙන් අහලා බෙහෙත් ටිකක් ඉල්ලගන්න.මම එයාට කියන්නං.. "

"ඒ මිසී..???.. එයාට මං කී දවසක් කිවුවද.. කෝ තාම බෙහෙත් දුන්නෙ නෑනෙ.."

"අද අහන්න.. මම එයාට කියල තියන්නං.."

                                                          ඈත වාට්ටු කොනට විත් තමන් දෙස බලමින් ඔච්චමට හිනා වෙන තම මිත්‍රයක් දෙස හොරැහින් බැලූ කසුන් එසේ කීවේය.මේ ඔවුන්ගේ වැඩක් බව ඔහු දනී.දැන් කීප දිනක්ම ඇය නඟන එකම ප්‍රශ්නාවලියට පිලිතුරු දී ඔහු හෙම්බත් වී සිටී.මානසික රෝගී වාට්ටුවක වැඩ කරන විට ඔවැනි සිදුවීම් අනන්තවත් සිදුවේ.. එය අරුමයක් නොවේ.එහෙත් ප්‍රේමය නිසාම එනම් ප්‍රේමය අහිමි වීම නිසාම කී දෙනෙක් උන්මන්තක බවට පත්ව ඇත්ද.. මිනිස්සු ප්‍රේමය නිසා මෙවන් තත්වෙකට පත් වීමට තරම් එය බලවත් හැඟීමක්ද.. පොතට කොටුවූ හිතට එයින් තොර ලෝකයක් ගැන සිතිමට පවා ඉඩක් නොලැබුනි.එහෙයින් ඔහුට මෙය අරුමයකි.

                                                          තුෂීට අත් වූ ඉරණමද එයයි.ඇය එතරම් රූමත් තරුණියක් නොවේ.නමුත් සුහදශීලි ප්‍රියමනාප යුවතියකි. ඇය කිසි දිනක තමන්ට ප්‍රේමයක් හිමි වේ යැයි නොසිතූ නොපැතූ තරුණියකි.හීන මානයක් හිත තුල තද කරගෙන සිටි අයෙකි.එහෙයින් ඇගේ දෙමවුපියන් හැම විටම ඇය ගැන සෙවිල්ලෙන් පසුවෙන්නට වුනා.

                                                           ජීවිතයේ ලස්සනම අවදියක් ගත කරන්නට ඇයට හන්තානට එන්න සිදු වුනා.අපූරු පෙදෙසක්.. ඇය ඒ ගැන පුදුම සතුටු වුනා.ගලහ හන්දිය පහුකරන කොටත් ඇගේ දිලිසෙන දෙනුවන් තුනී තුටු කඳුළු පටකින් වැසී තිබුනා. ලොකු හුස්මක් අරන් ඇය ඒ හරිත වර්ණ භූමිය දිහා බලන්නට වුනා.

                                                           ඒතරම් කාලෙකට ඇය ගෙදරින් පිට බෝඩිං ජීවිතයක් ගත කරල තිබුනෙ නෑ.ඇය හිතුවා ඇයට කිරිල්ලියක් වගේ නිදහසේ ජීවත්වෙන්න ලැබෙයි කියලා.ඇත්තටම ඒ නිදහස ඇයට ලැබුනා.විශ්ව විද්‍යාල ජීවිතයට ඇය ඇත්තෙන්ම ඇලුම් කලා.විද්‍යා උපාධිය ලබාගෙන ඉන් ඉදිරියටත් අධ්‍යයන කටයුතු කිරීම ඇඟේ බලාපොරොත්තුව වුනා.

                                                            චමත් අනුරාධපුරයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි ශිෂ්‍යයෙක්.කඩවසම් පෙනුමැති පැහැපත් තරුණයෙකි.ඔහු නිතර පලඳින උපැස් යුවල ඔහුට වැදගත්,බුද්ධිමත් පෙනුමක් ගෙන දුන්නා.ඔහුත් විද්‍යා උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු කිරීමට පැමිණි කෙනෙක්.

                                                             පළමු වසර අවසාන වන විට තුෂීගේ මිතුරියන් සියල්ලන්ට පෙම්වතුන් සිටියා.මිතුරියන් අතර මහා තනිකමක් ඇයට දැනෙන්නට වුනා.

                                                            තුෂීගේහොඳම මිතුරිය චතුරිකා නම් රූමත් තරුණියකි.ඇය තුෂීට ඉතා හොද යෙහෙළියක් වුනා. චතුරිකාගේ පෙම්වතා විකුම් කටකාරයෙකි.ඇත්තෙන්ම කිවුවොත් කට හැකරයෙකි.

                                                            ප්‍රබෝධමත් හිරු කිරණ පේරාදෙණි විශ්වවිද්‍යාල බිම සිප ගන්නා එක් දිනෙක මේ මිතුරියන් සියලු දෙනා එක්වී හිම කිරම මිලදී ගත්තා.මෙතැනට විකුම් ඇතුලු ඉහත කී මිතුරියන්ගේ පෙම්වතුන්ද ඔවුන්ගේ තවත් මිතුරන් කීප දෙනෙක්ද එකතු වුනා.

හේ..හේ... තුෂානි.., තවමත් තනිකඩ ජීවිතේ වගේ.. බලාගෙන , ගෙදරටම නාකි වෙයි.

                                                            එසේ කියූ විකුම් උස් හඬින් සිනාසෙන්නට වුනා.සෙසු තරුණයෝද ඔහු හා එක් වී සිනා සෙන්නට වුනා.සෙසු තරුණයන් අතර චමත්ද සිටියා.

                                                            තුෂීට දරාගන්න බැරි ලැජ්ජාවක් දැනුනා.කියන්න දේවල් ගොඩක් හිතට ආවට බොහොම ආයාසයෙන් ඇය ඒ දේවල් නොකියා හිටියා.ඇය අඬන්නට බැරි නිසාම ඒ අපහාසාත්මක විහිළුව විහිළුවක් ලෙසම බාර ගෙන මදක් සිනාසුනා.කන් දෙක රතු වී දුම් දමන්නාක් මෙන් ඇයට දැනුනා.ඒත් එතනම ඉන්නවා මිසක් එතනින් පලා යෑමට නොහැකි බව ඇය තේරුම් ගත්තා.ඇයට ලොකුම දුක දැනුනේ චමත්ද තමන්ට සිනාසෙන අයුරු දුටු විටයි.ඊට හේතුව...

16 comments:

  1. අපූරුයි....

    දිගටම ලියන්න....

    සුභ පැතුම්........!!!!!!!

    ReplyDelete
  2. හොඳයි!!! දිගටම ලියන්න.
    හේතුව මොකක්ද කියලා දැනගන්න ඊළඟ ලිපිය කියවන්නත් එන්නම්...

    (අනේ Word verification අයින් කරන්න)

    ReplyDelete
  3. හොදයි රුවන් කුමාරි.....:) අලුත් තැනකින් අලුත් විදිහකින්....
    දැන් නම් බ්ලොග් කියවන්න වෙලාව අඩුයි...ඒත් මේක කියවන්නම්...

    ReplyDelete
  4. @කැන්ඩි : ස්තූතියි කැන්ඩි.. කියවන්න අය වැඩි වෙන තරමට.. මටත් හිතෙයි දිගින් දිගටම ලියන්න.

    ReplyDelete
  5. @පූසා : "අනේ කරුණාකරලා මේ කතාව කියවන්න එන්න.. කොමෙන්ටුවක් දැම්මොත් තවත් ගොඩාක් වටිනවා,මොකද මේ තමා මගේ පළවෙනි කතාව... මම ලියන මුල්ම කතාව.. ස්තූතියි මේ පැත්තේ ආවට..
    word verification අයි කරන්නෙ කොහොමද?:\

    ReplyDelete
  6. @රත්ගමයා : අයියෝ රත්ගමස්.. ඔයා මාව දන්නෙ නෑ නේද..? (ප්ලීස්,.. දන්නෙ නෑ කියන්න හොඳේ..?).. දැන් නම් මම නිදහසේ ලියනවා.. ම්ම්.. පුළුවන් වෙලාවක කියවන්න රත්ගමස්.. මොකද කිවුවොත් මම මෙ කතාව ලියන්නෙ හරීම ආසාවෙන්..

    ReplyDelete
  7. Settings වල ඇති Comments කියලා එකක්. ඒකට ගියාම ටිකක් පහලින් තියනවා "Show word verification for comments?" කියලා ඒක No කරන්න.

    ReplyDelete
  8. අලුත් තැන අදනේ දන්නේ... නියමයි නියමයි.. අපේ පැත්තේ කතාවක්... දිගටම ලියන්න.. මාර ලස්සනට ලියලා තියෙනවා!

    ReplyDelete
  9. @ළමයා : මම අද කියන්නයි හිටියේ.. බොහෝම පිං මේ පැත්තේ ආවට.. මට ඔයාට තරම් ලස්සනට ලියන්න නම් බෑ ළමයෝ.. ඒත් මම ආසයි බලමුකෝ.. ඔව්.. ඔව්.. ඒ පැත්තේ කතාවක්.

    ReplyDelete
  10. lassana kathawak asayi ethuru tika kiyawanna ekmanata danna.

    ReplyDelete
  11. මේ මගේ පළවෙනි කතාව නදී අක්කේ.. කතා කියවලා (විශේෂයෙන්ම ළමයාගේ කතාවක් කියවලා) මටත් ආස හිතුනා කතාවක් ලියන්න. මට හරි සතුටුයි ඔයා මේකට "ලස්සන කතාවක්" කිවුව එකට.. ගොඩාක් ස්තූතියි අක්කේ.

    ReplyDelete
  12. එතනින් මෙතනට....නව වසරක් නව ආරම්භයක්...ඔහොම යං නංගෝ....!!!
    ජය...!!

    ReplyDelete
  13. @දෙවෙනි : හික්‍..ස්තූතියි අයියා..

    ReplyDelete
  14. පළමුවෙනි කොටස කියෙව්වා. ලස්සනයි අපේ කැම්පස් එක ගැන ලියපු කතාවක් !!!!!!

    ReplyDelete
  15. @මධුරංග අයියා : හ්ම්.. හීනෙන් හන්තානේ කැම්පස් යන කෙල්ලක්නේ මං.. ඒකයි ඒ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...