Monday, November 22, 2010

නිදහසේ ලියන්න.. ආසා නැද්ද මමත්...?


                                මම කවදාහරි මේ බ්ලොග් පිටුව අයින් කරනවා.. ඊට පස්සේ අළුත් නමකින් අළුත් පිටුවකින්.. ආයෙත් එනවා.. මොකද කිවුවොත්.. කියන්න හිතෙන හැමදේම ලියන්න මට මෙතන බෑ..
                                 දැන්.. ගොඩාක් අය දන්නවා මගේ ඇත්ත නම, ගම,.... ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒත් මේ පිටුව පවුලේ අයත් කියවනවා.. ඒක මට බරපතල ප්‍රශ්නයක්..!

                                 මම විශ්වාස කරන දේ තමයි "සත්‍ය.. ප්‍රබන්ධයට වඩා ගොඩාක් ලස්සනයි" කියන දේ.. ඒත් ඒ ලස්සන ඇත්ත ලියන්න කලින් මට දෙසැරයක් හිතන්න වෙලා.. අන්තිමට අකමැත්තෙන් වුනත් ප්‍රබන්ධයක් ලියන්න හිත යොමු වෙනවා.. වලක්වන්න අමාරුයි දැන්..

                                 පුංචිම කාලේ දින පොතක් ලිවුවේ අප්පච්චි කියපු නිසා.. ඒත් ඉංග්‍රීසියෙන්.. දැනුම වැඩි වෙන්න.. එකම දේ හැමදාම..

  "Today I got up early in the morning.. 
   I brushed my teeth & washed my face...." හැමදාම එකම චක්කරේ...

                                 ඊට පස්සේ  දිනපොතක් ලිවුවා.. 2006දී.. ඒක අපේ ගෙදර හැමෝම වැඩිම වාර ගණනක් කියවලා තිබුන පොත වුනා අන්තිමට..දුක තමයි.. මම නැති අතරේ හැමෝම ඒ පොත කියෙව්වා.. මම එක එක්කෙනාට බැන්න දේවල්.. අනං මනං ගොඩයි.. හොඳ වෙලාවට මම ඒ කාලෙත් දැනං හිටියා ඒ පොත පොදු දේපලක් වෙන බව.. ඒ නිසා ටිකක් පරිස්සමෙන් ලිවුවේ..
                                මම ලිපියක් ලිවුවා.. අන්තිමට ඒක ගෙදර අයගෙන් අඩුම වාර ගණනක් කියවලා තිබුන කෙනා වුනේ මම..
 
                                අන්තිමට බ්ලොග් ලියන්න පටන් ගත්තා.. තාමත්.. ලියන්න නිදහසේ.. නිදහස නෑ මට.....!

                               එක සැරේකුත් අයියට පණිවිඩේ ලැබිලා තිබුනා.. මම ලිවුව ලිපියක් ගැන..  ඒ නම් කවුරුහරි කේලම්කාරයෙක් කියලා..
දෙවනි සැරේත් ආයෙත් කියවලා.. ඇත්තමයි පුදුම හිසරදයක්.. .. මට ඕනෙ දේ ලියන්න මට නිදහස නෑ..
මම මෙච්චර කල් ඇරලා ලියන්නෙත් ලියන්න දේවල් නැති නිසා නෙවේ.. ඒත් ලියන්න කලින් ටිකක් හිතන්න ඕනෙ නිසා..
හරිම වදයක්.. හිතට බොරු කර කර බ්ලොග් ලියන එක.. අනික මේ දවස් වල හිතේ පීඩනය වැඩි.. ඔළුවත් රිදෙනවා.. ඒ පීඩනය අඩු කරගන්න බෑ.. ඒක පුදුම කරුමයක්..

                              ලෝකෙ දකින ලස්සන ලියන්න බෑ.. ඒ විදිහටම.. වටේ ගොඩාක් ඇස් තියනවා.. කොහොමද හරි හරියට ලියන්නේ..?....
මගේ හිතෙ දැනුත් ගොඩාක් වචන තියනවා.. එන්න දෙන්න බෑ.. අන්තිමට ඕවා අල්ලගෙන කියවනකොට ලැජ්ජාවේ මැරෙන්න හිතෙනවා.. ආයෙ බ්ලොග් නොලියාම ඉන්න හිතෙනවා.. 
                             ඒත් බ්ලොග් කියන්නේ ගොඩාක් ලස්සන තැනක්.. මෙතනට ආවම මොකක්හරි ලියන්නමයි හිතෙන්නේ.. බ්ලොග් ලියන අනික් යාළුවොන්ට මට වගේ බාධක කම්කටොළු නැතිව ඇති මම හිතන්නේ.. එහෙමනම් ඔයාලා හරිම වාසනාවන්තයි..

                            හිතට එකඟ නැතිව ලියන කිසිදෙයකින් මට තෘප්තියක් නෑ.. ඉතින් මට "මම ලියන දේවල් අපේ ගෙදර අය දැන ගන්නවා" කියන දේ අමතක වෙනකන් මට ලියන්න අමාරුයි.. හිතට කපොල්ලක් set කරලා තියෙන්නෙ.
                           දැනට මම ලිවුව එක ලිපියක් ඒ "අනික් අය කියවයි" කියන බය නිසා ඉවත් කලා.. මම අදත් දුක් එනවා ඒ ලිපිය ඉවත් කිරීම ගැන.. ඒත් එක තිබුනා නම්,,, (සමහර විට ඒ ලිපියත් කියවලා ඇති)... මම ආයෙ බ්ලොග් ලියන්නෙ නැති වෙන්නම upset වෙලා හිඳී..

මම හරිම ආසයි නිදහසේ ලියන්න.. ඒත් ඒකට මට ඉඩක් නෑ.. 

              Trust me.. I want to write more...

22 comments:

  1. මෙහෙම කරන්න යාළුව්...මේ theme එක වෙනස් කරලා වලින් පියගැට පෙළ කියන මේ නමවලින් අයින් කරන්න.අන්තර්ගතය වෙනස් කරන්නත් ඔයාය පුළුවනි..එක්තරා විදියකට අපිත් මාධ්‍යවේදියෝ..ඒ නිසා අපිටත් යම් නිදහසක් තියෙන්න ඕනි කියන කථාව මමත් පිළිගන්නවා..

    ReplyDelete
  2. කතාවක් තියෙනවනේ අක්කේ ඇත්ත කියන්න බය වෙන්න ඔන නැහැ කියලා.... අපි කොහොම ඇත්ත වසන් කරලා ලියන්න හැදුවත් අපි ලියනදේ කාට හරි කෙනෙකුට වක්‍රව හරි අදාල වෙනවා....ඉතින් අපිට ඒක වලක්වන්න බැහැනේ.... අක්කාට මතක ඇතිනේ අක්කා ලියපු "මා දැන් තනියෙන්.. වරක් සිටිය නුඹෙ සිහිනයේ..." ලිපියට මම කමෙන්ට් කලා මේක මගේ ජීවිතෙට ගොඩක් සමීපයි කියලා.... ඉතින් අක්කා ප්‍රභන්දයක් ලිව්වා උනත් එක කාට හරි අදාල වෙයි... ඉතින් මම කියන්නේ ඔක ගැන ඒතරම් නොහිතා හිතේ තියෙනදේ ලියන්න....ඒ වගේ තමයි අනිත් අයටත්...

    ReplyDelete
  3. නොලිය ඉන්න ඔයාට බැහැ එන මම දන්නවා තරු කියන එක හරි

    ReplyDelete
  4. ලෝකේ ඔනම දේකට උතරයක් තියෙන්න ඕනේ අපි මෙහෙම් කරමු...

    අපි අලුත් නමකින් වෑඩේ පටන්ගමු ..මේ බ්ලොග් එකෙත් මොනවා හරි ලියමු එහෙම හොදයිනේ ..එහෙම කරමු අපි නිදහස හොයාගෙන යමු ඉවරයිනේ වෑඩේ.නෙද ..? ඊට පස්සේ කටවත්ම ඔයගේ නිදහසට බාදා කරන්න බෑහෑනේ ..එහෙම කරමු ඉක්මනට ඔබේ නිද හස් හිතත් අරගෙන ආපහු කරලියට එන්න සුබ පෑතුම් ..

    ReplyDelete
  5. මේ බ්ලොග් එකෙන් ඉවත්වෙන්නම ඕනිනම් අපිට එපා කියන්න බෑ.ඒත් මේ බ්ලොග් එක ඩිලීට් කරන්න එපා කියන ඉල්ලීමනම් කරන්න වෙනවා.මොකද ඔයාගේ අදහස් වලට අපි ආසා නිසා, ගරුකරන නිසා.
    පුළුහන්නම් අර නෝමල් දෙවල් ඉදලා හිටලා මේ බ්ලොග් එකේ දාන්න...අවුලක් නැති පොදු ඒවා....

    ම්ම්ම්ම්ම් අනිත් දෙයක් කියන්න තියේනම් ඔයාගේ අළුත් බ්ලොග් එකේ දාන්න....එහෙම හොදයි කියලා මම හිතනවා...
    හදවතින්ම සුභ පතනවා....බාධක වලට බයවෙන්නවත් රැවටෙන්නවත් එපා....ඒ වලට නොවැටී නොබියව මුහුණදෙන්න....මුහුණ දෙන්න බැරිවෙන්න බෑ අපිට එන ප්‍රශ්නවලට.කවදා කොහේදී හරි ඒදේට මුණදෙන්න වෙනවා.ඒ නිසා ප්‍රශ්නේ ඇතිවුන වෙලාවේ ඒකට මුහුණ දීලා ඒක එතනින් ඉවර කරන එක හොදයි...

    පොඩ්ඩක් අපේ ඉල්ලීම ගැන හිතලා බලනු මැනවි....!!!

    ReplyDelete
  6. මිනිස්සු ඕනිම දෙයක් කියා ගත්දෙන් කියලා හිතාගෙන ලියන්න අමාරුයි කියලා නම් තේරෙනවා...
    එත් ඔය හිතේ තෙරපෙන අදහස් මෙහෙම වත් ලියන්නේ නැතිව කොහොමද ඉන්නේ?
    ඉතින් අලුත් විදිහකට හරි ලියන්න පටන් ගන්න....නොලිය ඉන්නවට වැඩ එක හොදයි නොවැ....

    ReplyDelete
  7. මටත් ඕකමයි වෙලා තියෙන්නේ මගේම යාළුවෙක් මගේ බ්ලොග් එක ගැනත් ගමේම කතා පතුරුවනවා....

    මොනවා කරන්නද සහෝදරී අපි අවංක උනා වැඩි වගේ !

    ජයවේවා !!

    ReplyDelete
  8. @තරු අහස : බලන්න තරු අහස මම එක සැරයක් එහෙම කලා.. මුල් නම අයින් කලා.. අළුත් එකක් පටන් ගත්තා.. එතකොට මට 17ක් followersලා හිටියා.. ඒ අය මට ලොකු දෙයක් වෙලත් ඔය ප්‍රශ්නෙ පලවෙනි සැරේට අපු වෙලේ මම වෙනම එකක් පටන් ගත්තා.. වැඩක් වෙලා නෑ.. email ලිපිනයම වෙනස් කලොත් මිසක් වැඩක් වෙන්නෙ නැති වෙයි මම හිතන්නෙ..:(
    මේ ඔයා හිස් අහසගෙ මල්ලිද..? අයිය ද..?..:):)

    ReplyDelete
  9. Denesh : මල්ලි.. කතාව ඇත්ත.. ඇත්ත කියන්න ලෝකෙට මම බය නෑ.. ඒත් ගෙදර අය දැන ගන්නවාට බයයි.. ඇත්තටම කිවුවොත් ලැජ්ජයි..:):)
    පත්තරේට වත් කවියක් ලිවුවෙ නැත්තේ අපි තාම පෙම් කවියක්වත්ලියයි කියලා අම්මලා හිතන්නෙ නැති නිසා... ලැජ්ජාවට..හික්‍ස්.!!
    කවුරු කිවුවත් මොකෝ කියලා ලියන්න හිතුවත් අමාරුයි..
    උත්සාහා කරලා බලන්නම්.. හොඳේ මල්ලියෝ..?

    ReplyDelete
  10. @සිදංගනා : ඔව් අක්කෙ.. නොලියා ඉන්න බෑ මට.. ලියන්න දේවල් තියනකොට.. ඒ වුණත්... අනේ මං දන්නෙ නෑ..:):).... අදත් මම ලියනවා... තවත් එක සැරයක් ඉවසනවා.. ඊට පස්සේ නොදන්වා යන්නෙ නෑ.. බය වෙන්න එපා.. කියලා තමයි යන්නේ... ආයේ එන්නෙත් ඔයාලා ටික අතරටම තමයි..:)

    ReplyDelete
  11. @ඉලංදාරි අයියා : ම්.. එහෙම නම් හොඳයි.. මම තව ටිකක් කල් මේ පිටුවෙම ලියලා අළුත් පිටුවකුත් පටන් ගන්නම්.. ස්තුතියි අදහසට.

    ReplyDelete
  12. @හසි අයියා : ok..එහෙනම් එහෙම කරන්නම්.. තව ටිකක් කල් ගිහින්.. ප්‍රශ්නයක් ආව වෙලේ බ්ලොග් යාළුවොන්ට කිවුවෙ හොද විසඳුම් ලැබෙයි කියලා දන්න නිසාම තමයි..

    ReplyDelete
  13. @mhasantha අයියා : ඔව්.. ඒ සිතුවිලි තැවරෙන්න තැනක් ඕනෙ මයි. නැත්තම් ඒක හිතට මහ වදයක්..:).. ඒ නිසා සුදුසු හොඳ විදිහක් කරන්නම්..

    ReplyDelete
  14. @හිස් අහස : මොනව කරනද සොයුර.. අපි අවංක වැඩි තමා.. හැබැයි මෙ ප්‍රශ්නේ බ්ලොග් එකේ තියෙන්නෙ අපි දෙන්නට විතරක්ම නෙවේ මම හිතන්නේ..:)... ඒ නිසා විසඳුමක් හොයාගෙන සතුටින් ඉමු.. අපි ලියන දේවල් ආයෙත් කවුරුහරි අතේ මාට්ටු වෙනවා කියලා දැන ගන්නකම්ම..

    ReplyDelete
  15. සහෝදරී ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා.....කවදාවත් බාධාවක් නැති ක්‍රියාවක් මේ ලෝකේ නෑ.ඒවත් මැඩගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි හැකියාව කියන්නේ.ජීවිතේ කියන්නේ අභියෝග වලට අභියෝග කිරීමක්.(Enya ගේ Anywhere Is සින්දුව අහන්න.ඒකෙ තියෙන පද මාලාව සෑහෙන ආදර්ශවත් එකක්.)
    මොකා මොනදේ කිවුවත් ඔයා කරන්නේ නිවැරදි දෙයක් නම් ඒ දේ නවත්තන්න එපා......හිතලා බලලා හොඳ තීරණයක් ගන්න.....

    ReplyDelete
  16. අනේ සත්තරනේ වෙන පිටුවක් ලියන්න ඕනි නම් කිය කිය ඉන්න එපා...
    හිතුව නම්
    පටන් ගන්න
    ලියන්න ....

    ෴ සුබ පැතුම් ෴

    ReplyDelete
  17. @ මකුළුස් : හ්ම්.. හොඳ තීරණයක් ගන්නම්..

    ReplyDelete
  18. @වත් අක්කා : ඔව් අක්කේ.. ඒත් මට ආයෙත් මුල ඉදන්ම පටන් ගන්න වෙයි.. ඒත් ඒක කල යුතුම නම් කරනවා මයි..

    ReplyDelete
  19. අලුතෙන් පටන් ගන්න අක්කේ. හදවතින්ම සුබ පතනවා...!!

    ReplyDelete
  20. @Tharaka මල්ලී : හ්ම්... හොඳයි.. බොහොම ස්තූතියි මල්ලී..!

    ReplyDelete
  21. ඔයාගේ කතාවට මාත් 100% ක් එකඟයි නංගී.

    අපේ බ්ලොග් එක අපේ අදහස් ලියන්න තැනක් වුනාට හිතෙන හැමදේම ලීයන්න බැරි ගැටළුවක් තියෙනවා.

    මටත් මේ ලඟදී දවසක ඔයාට හිතුණු දේම හිතුණා. අපි යමක් ලියන්න කලින් ඒක කවුරු කවුරු කියවයිද මොනවා කියයිද ? ආදි වශයෙන් නොයෙක් දේවල් හිතලා ඊට පස්සේ තමා ලියන්න වෙලා තියෙන්නේ.

    අපි අපිවම ස්වයං වාරණයකට ලක් කරගෙන තියෙන්නේ................

    ReplyDelete
  22. Hasitha අයියා : ඔව්.. ඒක ගොඩාක්ම දැනෙන්නේ කටවත්ම කියාගන්න බැරි දෙයක් හිත ඇතුලෙ ඉදන් කෑ ගහනකොට.. එතකොට නම් හිතෙනවා බ්ලොග් එකක් තිබිලත් වැඩක්ද.. නිදහසේ ලියන්න නැත්තම් කියලා.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...