Monday, October 25, 2010

තුන්මංසලේ දී..


   උදේ පාන්දරම නැඟිට්ටම ගතට දැනෙන පුදුම සීතල එක්කම හිතට ලොකු ප්‍රබෝධයක් දැනුනා... අද අළුත් දවසක්.හෙටත් එහෙම දවසක් වෙයි.ලස්සන දවසක් වෙයි.ඒත් මගේ ජිවිතේට මොකක්ද මේ වෙන්න යන්නෙ.. හිතා ගන්න බැරි "මොකක්දෝ දෙයක්"
.අළුත් ආරම්භයක්.. 
ජීවිත කාලෙටම හොඳ සඟයෙක්... 
හ්ම්... අනේ මංදා..... 

හෙට කොහොම වෙයිද..? මේ සැහැල්ලුව දිගටම දැනෙයිද..?
හිත අහනවා අතොරක් නැතිව මගෙන්..."උඩු හිත ද... යටි හිතද..." කවුරු වුනත් මගෙ හිතනේ....

         "සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ..
          සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ.."

ඕකටද දන්නෑ අර කියන්නේ "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ"...ම්ම්.. ඉතිරි ටික නම් ඕනෙ නෑ...  දුක් කරදර නැති වෙනකොට දුර පෙනෙනෙ නෑ කියන්නෙ ඇත්ත වෙන්නැති...
අනේ..අනේ.. උදේ පාන්දර මමත් හිතන දේවල්.. සුභවාදීව හිතන්න ඕනෙ... ..ඇස් පියාගෙන....

     අද දවසම් හරි අමුතුයි... මට මෙතුවක් කල් නොපෙනුන ලෝකයක් මං ලඟ තිබිලනේ... 
කවුලුවෙන් එළිය බලන් මම හිතන්න වුනා... ලස්සනම ලස්සන ලෝකයක්.... 

අර ඈත යන පෙම්වතුන් කොච්චර දේවල් කියවනවා ඇත්ද..? කියාගන්න තව කොච්ච්ර දේවල් ඇත්ද..?....... 

    " ලතාවක් සේ වෙලී සියොලඟ..
       පතමි රැකවරණය ඔබෙන්..."  (එහෙමත් කියනවා ඇති.. එතකොට පෙම්වතා මොනවා කියනවා ඇත්ද.?)

       සදා දෝතින් මලක් සේ ඔබ...
       වැලදගන්නෙමි හදවති..." 

(එහෙම කියයිද..? අප්පෝ.. එයාලා ගැන නම් කියන්නම බෑ.....එයාලගෙ    හිතේ තියන දේවල් දෙයියො දනී අපි නොදනී..)

හි.....!!.(නොදැනීම හිනාවක් ඇඳුන නිසා.. වටපිට බැලුවා... කවුරුහරි දැක්කානම්... BBC News වල දායි..)
        
    ඉස්සරනම් කොහොමද අපි හිතුවේ.." අනේ මේ ඒ කොල්ලා වැඩක් නෑ... අරයට try කරලා තියනවා.. එතකොට අනික් එක්කෙනා...? අහ් .. එයාද එයා  ".."ට try   කලානේ..."

   ඔහොම කිවුව අපි..! ඉතින් අපි ගැන නම්.. කියන්න  ඕනෙ නෑ..... "දන්නෝ දනිති.... නොදන්නෝ.. සොයා ගනිති ...තමා..!!!

එහෙම හිතුවේ මීට කොච්චර කාලෙකට කලින්ද..? අවුරුදු 20දි විතර....:):)
         
         "වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි.."  (ඇත්ත නම් ඒකයි..)

හැබැයි  "ඔහු" නම් කියන්නෙ....

        "මහා කතරක ගෙවූ තනිමඟ නිමා කල ඉම ඔබ නෙතයි.."

කොහොමද බොරු කියන ලස්සන..!... මගේ අනාගත නෑනම කිවුවා මිසක් නැත්තම් මම හිතන් ඉන්නේ.. 

"අනේ මාගේ අනාගත සැමියා අදහන්න වටින සාන්ත දාන්ත තීන්ත කූඩුවක්ය.. මෙවන් සැමියෙක් කාටනම් ලැබේද..?" කියලා...... හරි හරි ඉතින් ..... එවන් සැමියෙක් ලැබෙන්නෙ මටම තමා.. වෙන කාටද ඉතින්....:):)
ඒත් බොරු කිවුව එක තමා නරක.. .. ඒකෙන් වැඩක් නෑ.. කොහොමටවත් දැන්  මට.....

         ඇත්තටම ජීවිතේ මම හිතනවට වඩා සොඳුරු වෙයි... "තවත් කෙනෙක්ගේ" ජීවිතේ එහෙම කරන්න උත්සාහ කරයි.. 
හිතට දැනෙන මේ සතුට අඩු වැඩි වෙවි මෙහෙමම තියෙයි....

        කාලය මැවු වෙනසක් ....අරුමේ....

 (මේ ගීතය..පද රචනයට නොදෙවෙනිව තනුව මගේ සිත් ගත් නිසා ඒ ගැන සිතන්නට වුනා.. මට නම් දැනුනේ ඒ ගීතය විවාහ වුනු අළුත හෝ විවාහ වීමට ආසන්න දෙදෙනෙකුගේ හැඟීම්.. ඉහත වචනයක් පාසා දැන් පබැඳි දෑ මිස කිසිසේත්  කිසිවකුගේ අත්දැකිම් නොවන බව සළකන්න..)

12 comments:

  1. එහෙනම් එකත් ජයසිරි මංගලම්..හේ ..

    සුබ අනගතයක් වෙවා..!

    ReplyDelete
  2. @හේ..හේ... අයියණ්ඩි.. වරහන් තුල ඇති දේ සත්‍යයි.. :):)

    ReplyDelete
  3. මොනා කියන්නද අපි....කියන්න ඕනි සේරම ඔයා කියලනේ...නියමෙට විස්තර කරලා තියෙනවා.මැවිලා පේනවා ගීතයේ සිදුවීම යස අගේට.....
    නියමායි නංගියෝ....දිගටම ලියන්න....

    ReplyDelete
  4. @ස්තූතියි හසි අයියේ..!

    ReplyDelete
  5. වරහන් නොපෙනීමේ දුර්වලතාවයකින් පෙලෙමි...
    කොහොම උනත් කොල්ලො ගැන හිතන විදිහ නම් හරි නෑ..මේ සිංදුවට අනුව කොල්ල නරක එකෙක් වෙන්න බෑ හොදේ....කොල්ලො..කෙල්ලො ගැනයි..කෙල්ලො කොල්ලො ගැනයි හිතන විදි එකකට එකක් වෙනස්..මම දන්නෙ නෑ...කොල්ලෙක් කෙල්ලෙකුට මොනව බලාගෙන ආදරේ කරනවද කියල.....ඒත් එයාව විතරක් ලබාගන්න පුලුවන් විදිහට ආදරේ කරන්න පුලුවන් නම් හොදයි..ප්‍රාර්ථනාට මේ සිංදුවම...ප්‍රාර්ථනාගේ එයත් එක්කම කියන්න වාසනාව ලැබේවා................... මම සංවේදී නෑ...මේ ඔලුවෙන් හිටගෙන කියන්නෙ

    ReplyDelete
  6. ඔයාටත් මෙක අදාල වෙවී සුබ අනාගතයක් වෙවා :)

    ReplyDelete
  7. @අනේ රත්ගමයෝ දැන් ඉතින් ඔළුවෙන් හිටගෙන කියන්න.. මේ ගීතය ලියපු කෙනත් හීන් සීරුවේ කියන්න යන්නේ "කෙල්ලෝ චපලයි.. කොල්ලෝ එහෙම නෑ "කියලා නෙවේ කියලා.. ඒක තමා කියන්න යන්නේ... ඒත් ඇත්ත නම් දෙගොල්ල්ම චපල නෑ..ඒත් එයාලා ඊට කලින් ආදරෙ කරලා තියෙන්න පුලුවන්.. මම ඒකයි කිවුවේ..හොදේ..?
    ඔව්.. එයාව ලබාගන්න විතරක් ආදරේ කරන්න පුලුවන් නම් හොඳයි තමා..(අපෙ රත්ගමයා වගේ..:):))
    අනේ මම "එයත්" එක්ක ඕවා කියන්න යන්නෑ.. මම කියන්නේ
    "අහස් ගැබේ තරු කැට ගානේ
    පොලෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙල ගානේ...
    ආදරේ මං අදරේ... කියලනේ..:):)

    ඔයා සංවේදී තමා..(කපටියා.. මට රත්ගමට එන්න බැරි නිසා පුටුවෙ හොඳට වාඩිවෙලා බොරු කියනවා...:))

    ReplyDelete
  8. @නිසල්... ඔයාගේ "අනාගත බිරිඳට"ත් මේක අදාල වෙයි..
    ස්තූතියි....!

    ReplyDelete
  9. අැත්ත කතාව මරේ මරැ

    ReplyDelete
  10. බොහොම ස්තූතියි නිපූ...!

    ReplyDelete
  11. අක්කි දැන් කාලේ මනලියකට නම් අක්කි මුලින්ම කියපු ජිවිතේ අලුත් අරම්බය ගැන හිතන්න වෙලාවක් නතුව අති කියල මට හිතේනව...(හැමොටම නේවේයි ) මේ කාලේ අය හිතන්නේ අද මම අදින අලුත්ම විලාසිතාවට මම කොහොම ඉදිද කියලා
    """"ඉස්සරනම් කොහොමද අපි හිතුවේ.." අනේ මේ ඒ කොල්ලා වැඩක් නෑ... අරයට try කරලා තියනවා.. එතකොට අනික් එක්කෙනා...? අහ් .. එයාද එයා ".."ට try කලානේ..."""""හේ හේ....මට නම් එහෙම තාමත් හිතේනවා අක්කි,, "දන්නෝ දනිති.... නොදන්නෝ.. සොයා ගනිති ...තමා..!!!""""

    ReplyDelete
  12. @shaniනඟා..,
    නංඟෝ.. ඔයත් හරිතමා.. දැන් ඉතින් කොච්චර දේවල් තියනවද මඟුල් ගෙදරට කලින් දවසෙ හිතන්න...
    හේ..හේ.. මම ලිවුවේ අනාගතෙ ඉදන් නෙව.. ඉතින් "වර්තමානෙ" එතකොට අතීතය නෙව... ඉතින් මමත් ඔයාගේ තාච්චියෙම තමා නඟෝ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...