මට දැන් මේක ඇති වෙලා.. ඔයා මගෙ තාත්තා කියලද හිතන් ඉන්නෙ..අහ්..?
"නෑ.. ඔයාගෙ boyfriend කියලා"
ඇයි ඔච්ච්ර මට නීති දාන්නේ.. ඔයා මම කවුරු කියලද හිතන් ඉන්නේ.. මම ඔයාගෙ wife නෙවේ.."
"ඉතින් එහෙම වෙන්න ඉන්න කෙනානෙ.."
මට ඕනෙ වුනේ නෑ බොහොම කලාතුරකින් මුණගැහෙන්න ලැබුන මේ අවස්ථාවෙත් රණ්ඩු වෙන්න..
"ඔහ් .. ඇත්තට..? එහෙමද හිතාගෙන ඉන්නේ..?"
ඇය ඇහුවා..
"ඔව් එහෙම තමා.."
දැන් නම් පොඩ්ඩක් cool වේගෙන එනවා වගේ situation ..
"හිතුවා මදි.. ඔයා හිතනවාද මේ නීති ඉවසගෙන තවදුරටත් මම මෙහෙම ඉදී කියලා.. "
දෙයියනේ.. මේ මොකෝ.. අද මෙයාට වෙලා තියෙන්නේ.... මම හිතන්න වුනා.. ඒත් මටම හිතා ගන්න බෑ..
"මම අද ආවෙ මේක කියලා යන්න.. මම අයෙ ඔයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. තේරුණා ද..? මමත් ආසයි නිදහසේ ඉන්න.. මට ඔයා ගැලපෙන්නෑ... ඇත්තනම් එහෙම කෙනෙක් කොහේ හරි ඇති කියලා මට හිතෙනවා..
මම යන්නම්.."
මට දැන් හුස්මගන්නත් අමතකයි වගේ... ඒත්..
"හ්ම්....."
"තේරුණා.. හොඳට තේරුණා... එහෙනම් ඉතින් මටත් කියන්න තියෙන්නේ "පරිස්සමින් යන්න".. එච්චරයි.."
මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි... ඔක්කොම තීරණය කරලා ඉවර නම් මම තව මොනවා කියන්නද..
ඇය යන්න යනවා.. මම අන්තිමට කියූ කිසිදෙයක් ඇහෙන්න නැතිව ඇති.. ඇහුනත් දැන් වැඩක් ද..
"මම ඔයාගෙ කවුරු කියලද හිතන් ඉන්නේ" කිව්ව ලස්සන..
ඇත්තටම මම කවුද ඔයාගෙ...
මම නම් හිතන් හිටියේ මම ඔයාගෙ මුළු ජීවිතේම කියලා..
බලනකොට මට වැරදිලා...
"ඔබ පවසයි මා හැර යන බව
ඔබට අවැසි නිදහස ගන්නට
සත්තයි මා කවුරුන්දෝ ඔබගේ.."
හරි ..ඔයාට ඕනෙ නම්..
මම ඔයාගෙ කවුරුත් නෙවේ කියලා හිතාගන්න..(ඇය යන දිහා බලන් මම තවමත් හිතනවා..)..
ඔයා ඔය විදිහටම යන්න.. ඒත්..
ඒත් ඔයා මේ කරපු දේ හදවතට එකඟද කියලා අහලා බලන්න.. ලස්සන උත්තරයක් ලැබෙයි ඔයාට..
"යා යුතු මඟ එය නම් යන්න
ඔබට අවැසි විදිහට"
"සවන් දෙන්න
ප්‍රවේශමෙන්
නුඹ හද ගැහෙනා රාවයට...
පවසන්නේ කුමක්දැයි කියා.."
" රැදී තියේවී මතකයන්..."
මට හැමදේම මැවිලා පේනවා..ඒත් ඔයාට නෑ... අපි කොහොමද මුණ ගැහුනේ.. කොච්චර ලස්සන මතක සටහන් තියෙනවද අත්වින්ද.....
ඔයාට පේන්නේ නුදුරු අනාගතය විතරයි.. ඒත් ඉදිරිය ගැන ටිකක් හරි මට ඔයාට වඩා පේනවා.. ඒක නිසයි මම ඔයාට මේ මේ දේවල් කරන්න එපා කිවුවේ..
සමහර විට කවදාහරි ඔයාට තේරෙයි..
ඒත් ප්‍රමාද වැඩි වෙයි..
(හැමදෙයකටම යම්කිසි හේතුවක් තියනවා...)
"අහස ගිගුරුම් දෙන්නේ වහින විටදී
සබඳ මදක් නැවතී නුඹ යනමඟ දෙස බලන්..
දිනෙක සියල්ල නුඹව හැරදා යාවී"
වස්සානය නිමා වේවි..
ඔබ වටහා ගනීවී..."
කෙනෙක් ඔළුව අතගාලා කියන දේට වඩා ටිකක් සැරෙන් කියන දේ ගැන වැඩිපුර හිතන්න..
ඔයාට ලස්සන අනාගතක් තියෙයි..
ඒත් ඒ අනාගතයේ ..
ඔයා ඔයාගෙ ලෝකෙ..
මම මටම හිමි වෙනම ලෝකෙක..
මට දුක මම ගැන නෙවේ..
මම මෙච්චර ආදරේ කරපු
ඔයා ගැන............
"නුඹ නැත්තම් මා ළඟින්
මං නෑ මං නෑ දුකින්..
වියෝව සොඳුරුයි.. මාගේ ආත්මයේ"
ඔහු හැරිලා යන්න යනවා.. ඒත් අනික් දවස් වලට වඩා වෙනස්.. එකම වෙනසයි..
අද ඔහු තනියෙන්...
(මට හිතුනේ මේ ගීතය ගොඩක් කාලෝචිතයි කියලා.. ඒත් අද මම ලියුව දේ එතරම් රසවත් නැතුව ඇති..
මොකද බත් කන්න ගියත් අතගගා හිටියම බත් එක සීතල වෙනවනේ.. ඒ වගේ මේ ලිපියත් දැන් දවස් ගාණක් ලියනවා... )
ලෝකෙ හැමෝම එක වගේ නෑ..
දෙන්නෙක් නම් අනන්තවත් රන්ඩු වෙලා ඇති....
ReplyDeleteමම යනව ඔන්න ආයෙ එන්නෙම නෑ..සත්තයි..
මෙහෙම කී පාරක් කියල ඇතිද.
ඉතින් යනව...
මෙන්න බොලේ ඊට පස්සේ දවසෙ දෙන්නගෙන් කවුරුහරි ජංගමේට කෙටි පනිවිඩයක් එවනව...
අනේ...මට ඉන්න බෑ නේ...කවදද ආයේ හම්බෙන්න එන්නේ..."
(කඩල 250ක් ගෙනා ගොට්ටක තිබුනි)
අනේ රත්ගමයෝ... ඔයා හැමදාම ගන්නේ කඩල 250යි.. ඒක්කො ඔයා ගත්ත එක කඩල ගොට්ටක් පත්තර පිටු හතරක් පහක් තරම්..:)
ReplyDeleteමමත් හිතන්නේ ඔය කතාවේ ගිය පෙම්වතිය අයේ එයි..පි එහෙම හිතමු.. අද්දැකීම් පත්තරේක හරි දැකපු කෙනෙක්නේ කියන්නේ..:):)
අපෝ ඔක කියවල පරන මතකයක් ඔලුවට ගැහුවනොවැ හෙහෙ ඔය සිද්දියනම් මටත් වෙලා තියෙනව කී ප පරක්ම ඒත් එ හැම පාරම ඔය රත්ගමයා කියපු විදිහට ආයේ අවා
ReplyDeleteයන්නම ඕනෙනම් බලෙන් නවත්ත ගන්නෙ මොකටද?වැදගත් විදියට වෙන එකකට බහිමු.
ReplyDeleteකෙල්ලෙකුටනම් ඉතින් ,
"ඉදීවි කොතැනක හෝ..,හිමිකාරයා උපන් ඔබේ නමින්" තමා කියන්න වෙන්නෙ.
@නිසල් : හරි.. හරි.. මම කිවුවද ආපහු එන්නැතිවෙයි කියලා.. ඉතිරි කොටස මතු සම්දන්ධයි....:):)
ReplyDelete@Dinesh සහෝ...,
ReplyDeleteහරි ඉතින් සහෝ.. කෙල්ලෙක්ට කොතැනකහෝ හිමිකාරයෙක් ඉන්නවානම් ඒකෙන් කියවෙන්නැද්ද.. කොල්ලෙක්ටත් හිමිකාරියක් කොතැනකහෝ ඉන්නවා කියලා..
ඒ ගැන හිතන එකත් හරි ෂෝක් නේද..?
අහ්හ් එහෙම එකක්ද කලින් කියන්න එපැයි :P
ReplyDeleteඉස්සෙල්ලම කියන්ට ඕන මම මේ සිංදුව අහල නම් නෑ ඔන්න... (හ්ම්.. ඇහිල තියෙනවද කොහෙද...) කොහොම හරි.. මොකක්ද මම කියන්ට ගියේ ආ... ලෝකෙ හැමෝම එක වගෙ නෑ නෙවෙයි... ලෝකෙ කවුරුවත් එක වගෙ නෑ මම හිතන විදිහටනම්... ආදර සම්බන්ධයකදි වෙන්නේ තියෙන නොගැලපීම් අත හැරල ගැලපෙන දේවල් කවුන්ට් කරන එක නේද... එතැනදි එක පාර්ශ්වයකට එකඟතාවයකට එන්න බැරිනම් හොඳම දේ යන්න දීලා බලන් ඉන්න එක... මේ කතාවේ ගෑණු ළමයා නීති දානවට අකමැති වුනාට සමහර ගැහැණු ළමයි කැමතියි නේද තමන්ගේ තාත්තා වගෙ වෙනවට තමන්ගේ සහකාරයත්...
ReplyDeleteඒ කොහොම වුනත් ලියන විදිහ ලස්සනයි... හැමදාම කියවන්ට ආවත් කමෙන්ට් එකක් දැම්මේ අදද මන්දා...
දුක හිතෙන කතාවක්.... ඇත්තම කියනවනම් මටත් මෙහෙම අත්දැකිමක් තියෙනවා....හැබැයි එදා මෙ විදිහට ගියෙ මම... මම එ විදිහට යනකොට එයාටත් මෙ වගෙම හිතෙන්න ඇති..... එත් මම ආපහු ආවා... එ එනකොට මම ගොඩක් පරක්කු වෙලා.... ප්‍රර්ථනා අක්කගෙ මෙ ලිපියෙන් මම එ මොහොත ආයෙත් මතක් උනා....
ReplyDelete@නිසල් සහෝ.. : ඔව් එහෙම එකක්... දැන් සතුටුද යාළු..? මම දුක හිතෙන film එකක් වත් බලන්නැතුව කොහොමද දුක හිතෙන දේවල් ලියන්නෙ... අහ්..?:):)
ReplyDelete@පුතා : ඇත්ත ගොඩක් අය කැමති එහෙම කෙනෙක්ට තමා.. මම ඉතින් ගීතය ඇහුවම එහෙම හිතුවේ..
ReplyDelete@Dinesh මල්ලී.. අතීතය ආපහු අදින්න අපට බෑ සහෝ.. ඉතින් ඒ දේවල් ආයේ නොවෙන්න වගබලාගන්න එක විතරයි ඉතිරි...
ReplyDeleteමේ ලිපියෙන් ඔයාගෙ හිත පෑරුනානම් සමාවෙන්න!
අනෙ නැහැ ප්‍රර්ථනා අක්කෙ........ හිත පැරුනාම නෙවෙයි... මට අයෙත් පරණ දෙවල් මතක් උනා... ඇත්ත ඉස්සරහට වැරදි නොවෙන්න ජිවිත් වෙන්න ඔන.....
ReplyDeleteමටනං උනේ අනික..කවදාවත් යන්න ගියේ නැතිව ඉඳලා..හිටි හැටියෙම එන්නම් කියලා ගිය ගමන තාමත් ආවෙ නැති එකයි...
ReplyDelete"කෙනෙක් ඔළුව අතගාලා කියන දේට වඩා ටිකක් සැරෙන් කියන දේ ගැන වැඩිපුර හිතන්න..
ReplyDeleteඔයාට ලස්සන අනාගතක් තියෙයි.." මේකනම් කෙනෙක් නිතරම මටත් කියනවා..ඒත් ඉතින් කවෘ හරි මට සැරෙන් දෙයක් කිව්වොත් ඒගැන හිතන්න කලින් මගෙ ඇස් දෙක අඩන්න පටන් ගන්නවා..
ඔයා මේ ලියලා තියෙන සින්දුව මන් කවදාවත් අහලනම් නෑ..එත් හරිම අරුත්බර සින්දුවක් නේ. ඔයා මේ ලිපිය ලියලා තියෙන විඩිහත් ලස්සනයි.ඩවස් ගානක මහන්සිය අපතෙ ගිහින් නෑ ඕන්...
මාර කේස් එක,අපේ රත්ගමයා ගේන කඩල ගොටු පරිප්පු ගොටු වල මොනවම හරි තියෙනවනේ
ReplyDeleteදවස් ගාණක් ලිවුවට කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ සහෝදරී නියමයි
@dinesh මල්ලී : එහෙනම් කමක් නෑ මල්ලී..
ReplyDelete@මාරයියේ : මම කිවුවනේ.. එයා අනිවාර්යෙන් එනවා.. එහෙම නැත්තම් ඔයා එනකම් බලන් ඉන්නවා එක්ක යන්න..
@මම : අනේ "මම"ත් ඔහොමයි අක්කේ.. කඳුළු නම් ඕනෙ වෙලාවක ready .. මට යාළුවො කියන්නෙ tapඑක කියලා..ඉතින්.. කුමන කතාද..
ස්තූතියි අක්කේ..
@පුබුදුවා සහෝ : ඒකනේ මමත් කිවුවේ.. පුදුමෙනුත් පුදුම වැඩක්නේ සහෝ ඒක..:):)
බොහොම ස්තූතියි සහෝ..!
ඇත්ත..ඒත් කවදාවත් මේ විදියට ඇත්වෙලා තනිකරලා යන්න හදන කෙනෙක් නවත්තන්න එපා..දවසතට දෙකකට නවත්තගත්තත් කවදාහරි යනවමයි..එහෙම ගියපු දවසට අදට වඩා දුකයි..එයාට නෙවේ..කනි උන කෙනාට..
ReplyDelete
ඒ වගේමයි සහෝ..ආදරේට නිති දාන එකත් එච්චර සාධාරණම නෑ..ඊට වඩා අනොන්යාවබෝධය මත කථා කරලා විසද ගන්න එක හුගක් වටිනවා..
මේක කියවනකොට මට මතක් වුනේ... මගෙ තනිකම..
ReplyDeleteදිගටම ලියන්න සහෝ...
/ ඇයි ඔච්චර මට නීති දාන්නෙ.... ඔයා මම කවුරු කියලද හිතං ඉන්නෙ.... මම ඔයාගෙ wife නෙවේ.. /
ReplyDeleteදැං මේ කියන්නෙ Wife උනහම ඕනම නීතියක් දාන්ඩ ඔයාට බලයක් ලැබෙනවය, ඒ ඕන නීතියක් පිළිගන්ඩ මම සැදී පැහැදී ඉන්නවය කියන එකද?
@Lahiru සහෝ..: ඔයා කියන දේ ප්‍රායෝගික ඇත්ද .? දෙන්නෙක් තරහ වුනොත් ගොඩක් විට ඉක්මනටම යාළුවෙන්න ඕනෙ වෙනවා නේද? එහෙම වෙනවානම් නේද හොඳ..
ReplyDeleteඅනික නීති ගොඩක්ම දාලත් නෑනෙ.. එක් එක් කෙනාට "නීති" වගේ පේන දේ තව කෙනෙක් "ආදරය" කියලත් පිලිගන්න පුළුවන් නේද.?
@ධනංජය සහෝ : ස්තූතියි යාළු..
@Ravi සහෝ : ම්ම්.. ඒකම නෙවේ.. ඒත් විවාහ වුණාම ටිකක් ඊට කලින් හිටියට වඩා සැමියාට ඇහුම්කන් දෙන්න වෙනවා නේද ? මට හිතුනෙ එහෙමයි..
man nagige blog ekata aawa mul wathaawa..balapu mulma eka...kiyanna teerenne na..wachana walin hadapu malmaalayak wagee..harima soduru nawaathanak..novels liyana kenek hatiyata mata oyaata kiyanna thiyenne oyaata yanna puluwan dura bohomai...magen suba pathum...
ReplyDelete@ Ruwan අයියා ,
ReplyDeleteබොහෝම ස්තූතියි අයියා.. ඔයාගෙ වචන ටික මට හරිම වටිනවා.. බොහෝම ස්තූතියි.!
අහ්හ් එහෙනම් අදින් පස්සෙ ගොඩක් සතුටු හිතෙන දේවල් ලියන්නකෝ :)
ReplyDelete@නිසල් සහෝ.. : කිවුවට මොකද ක්‍රියාවට නැංවීම අපහසුයි නොවෑ..;)
ReplyDeleteමේ සින්දුව නම් ගොඩක් පාරක් අහල තියෙනවා....
ReplyDeleteඑත් අයෙත් 10 පාරක් වත් අහන්න හිතෙන තරම් ඔයා මේ සින්දුව මගේ අත්දැකීම් වලට ලං කරලනේ දෙවියනේ....
එත් එක දෙයක්,
මම මේ කොටසට නම් අසම නෑ ඔන්න....
"නුඹ නැත්තම් මා ළඟින්
මං නෑ මං නෑ දුකින්..
වියෝව සොඳුරුයි.. මාගේ ආත්මයේ"
මොකද කිවුවොත් මේ වියෝව මට නම් මාරම දුකක් ප්‍රර්ථනා...
ඒ තරම් ඒ ආදරේ වටිනවා....
ඔයා හරි.. ඒ පෙම්වතා (ලියූ කෙනාටත්) එහෙම ඇති.. ඒත් එයා එහෙම කියන්නෙ හිත රවට්ට ගන්න.. ඒත් ඒක සාර්ථක නෑ අයියා..
ReplyDeleteබොහොම ස්තූතියි කොමෙන්ටුවට..