Thursday, October 14, 2010

හද සාක්කි..

මම මේ ලෝකෙට ඉපදුනා.ඒ ගැන ගොඩක් ආඩම්බරයි.කොච්චර විදවීම් තිබ්බත් ලංකාවම හොයාගෙන ඇවිත් එතනින් නොනැවතී  අනුරාධපුරේටම ගිහින් අම්මාගෙ බඩටම ආවේ මම එහෙම එන්න ගිය ආත්මෙත් ප්‍රාර්ථනා කරන්න ඇති නේද?මේ අප්පච්චි ළඟම ඉපදෙන්න,මේ පිස්සො දෙන්නම මගේ සහෝදර,සහෝදරියො වෙන්නම පතන්න ඇති නේද? ඒක කොහොමටත් අහඹු දෙයක් වෙන්න බෑනෙ,ඒකයි.
මම කළුවෙලත්,ලස්සන නැතිවුනත් අයියයි,නංඟයි එක්කම එකට ඉන්න ගිය ආත්මෙත් හිතන්න ඇති...මේ ආත්මෙත් එහෙමයි..ඒත් ලස්සන කෙල්ලෙක් වෙලා ඉපදුනොත් හොඳයි...!
 මම සාමාන්‍ය පවුලක ඉපදුනා..ලොකු මොළයක් එක්ක නෙවේ..නොපසුබට කැපවීමක් එක්ක..මේ මෑත අතීතයේ ඒ කැපවීමත් මාව දාලා ගියා.. ඒත් තාම මම සතුටින්....
 මම හෝඩියේ පංතියේදී හෝඩිපොත කියවගන්න බැරුව පංතියේ නැඟිටලා හිටිය ළමයෙක්,
 2වසරට ගිහිනුත් 2වරක් චක්කරේ පාඩම් නැතිව හිටිය ළමයෙක්,
3වසරට යනකම්ම ඉංග්‍රීසි හොඩිය A to Z කියාගන්න බැරිව හිටිය ළමයෙක්...
 අම්මානම් කියන්නේ මම පවුලේ දෙවනියා නිසා මාව මඟහැරුනා කියලා...එහෙම වෙනවලු පවුල්වල.
 ඒත් ඒ මගේ මෝඩකම මිසක් වෙන දෙයක් නෙවේ..මම දන්නවා.....
ඒත් හැම වැටීමකදිම මම ළඟ දෙන්නෙක් ඉතිරි වුනා..දැන් නම් 4 දෙනයි(ඉස්සර අයියයි,නංඟයි පොඩිනෙ)
මට පුංචි කාලේ පුලුවන්වුනේ සිංදු කියන්න විතරයි...ඒත් මට ඊට වඩා ඕනෙ වුනා.මට කථිකයෙක් වෙන්න හිතෙන්න ඇති..ඒ නිසාම පත්තර කෑල්ලක ලිපියක් කටපාඩම් කරන් තනියෙන් කතා පවත්වන්නැති. 6 වසරෙදි මම සමිතියේ මගේ මුල්ම කතාව කලා..මම දක්ෂ කථිකයෙක් නෙවේ..මොකද මට සූදානමකින් තොරව කතා කරන්න,විවාද කරන්න බෑ....ඒත් මම ගොඩක් මහන්සි වුන හැම වෙලේම මට ලොකු ජයක් ලැබුනා..නැත්තම් නෑ....
මම කවි කියවන්න ආසයි.මට මං ගැන දුක හිතුනා ඇයි මට බැරි කියලා..ඒත් මම උත්සහ කලා..මුල්ම ඒවා ගොඩක් ප්‍රාථමිකයි..දැන් ඒවත් එක්ක..ඒත් මම ලිවුවා..මට තාමත් ආසාවක් තියනවා පත්තරේට කවියක් දාන්න,ඊට වඩා ලිපියක් ලියන්න..ඒත් මම තව පුහුණු විය යුතුයි.
මගේ කිසිම හැකියාවක් උපතින් අරන් ආවේ නෑ....ඒත් දැන් මම දන්නවා මට කරන්න බැරි දෙයක් නෑ කියලා.
ඉගෙනීමෙදිත් මම එහෙමයි..ඒත් මම එක තැනකදි පැරදුනා...මම තාමත් පිටියේ...බලමු මේ සැරේ....
මම කියන්න ගියේ මේකයි...මට ලබන ආත්මේ මේ දෙමවුපියෝ ළඟ ඉපදෙන්න ඕනෙ නෑ..ඉපදෙන්න එපා...!!!මම නිසා එයාලා විදින දුක..!හැමදේම දරාගන්න පුළුවන් වුනත් මට ඒක දරාගන්න අමාරුයි...ඒ ..මම ගිය ආත්මෙක ඒ දෙන්නා ළඟ ඉපදෙන්න පැතුව නිසා...එහෙම නොවුනානම් දක්ෂ දරුවෙක් ළඟ එයාලා සතුටින්. ඇයි එයාලා අපිට එච්චර ආදරේ කරන්නේ..?එහෙම නොවුනානම් මට මෙහෙම හිතෙන්නැතිවෙයිනෙ...ඒත් මම මේ අයියයි,නංඟයි ළඟම ඉපදෙන්න ඕනෙ..     මම හරිම ආත්මාර්ථකාමි නේද? ජීවිතෙ මට මෙච්චර කල් හමුවුන ප්‍රශ්න වලට තිත්ත උත්තර තිබුනා...ඒත් මේකට එහෙම උත්තරයක්වත් නෑ වගේ..


 (නෙතින් නොදුටුවත් මට දැන් ඔයාලා මගේ හොඳම යාළුවෝ වගේ දැනෙනවා...අද ඒ නිසා මට ඇත්ත ඇතිසැටියෙන් කියවුනා...)
          Tears disturbed me when I writing "ME"

25 comments:

  1. ඔහොම ජීවිතේ ගැන හිතන්න එපා ප්‍රාර්ථනා...අපිට ජීවිතේදී හැමදේම පුලුවන් වෙන්නෙ නෑ...ඒත් මොකක් හරි එක දෙයක් අනිත් අයට වඩා හොදට පුලුවන් වෙනව..ඔයාට ලස්සනට නිසැදැස් ලියන්න පුලුවන්..අනිත් අයට වඩා ලස්සනට..චක්කරේ දෙක වසරෙදි නෙමේ දැනුත් රත්ගමයට පාඩම් නෑ.ඒත් ගණිත අංශයෙන් උසස් පෙල කරා.ඉස්සර ඉදලම පිරිසක් ඉස්සරහට යන්න බයයි..ඒත් උසස් පෙල පන්ති වලට ආවම ඒක නැත්තට නැති උනා.අනිත් හැමෝටම කලින් ඉදිරිපත් වෙන්නෙ මම...ඇල්බට් අයින්ස්ටයින් තමන්ගෙ වැඩක් වත් හරියට කර ගන්න බැරුව ඉදියා..රිතික් රෝශන් පොඩි කාලේ ගොඩාක් ලැජ්ජ කෙනෙක්.ඒකයි කියන්නේ..ඔයාම කියනවා කැපවීම තියෙනව කියල..ඇත්තටම කෙනෙකුට එචරමයි ඕන ජීවිතේට...කවදහරි හොද තැනකට යන්න පුලුවන් වෙයි..එදාට අයෙත් පෝස්ට් එකක් දාන්න...ඔයා එදාට හිනාවෙලා කියාවි.."අනේ බලන්න..ඉස්සර මම මගේ ගැන මහ බොලද විදිහටනේ හිතන් හිටියෙ කියල..'' ඔයාට සුබ පතනව

    ReplyDelete
  2. ජිවිතේ කාටවත් අපි බලාපොරොතුවන් අදෙවල් ඒවිදිහටම ලැබිලා නැහැ....

    වෙලාවකට් අහිතෙනවා ජිවිතෙ හරිම පුදුමාකරයි.

    මම කියන්නෙ මොනදේ නැතිඋනත් උත්සහය අතා රින්න එපා කවදාවත් එක නැතිකරගන්න් එපා අදිශ්ටානය තියනවනම් ඔනම තනකට ඔයට එන්න පුලුවන්
    ....

    ඔයා පතන ලසන් අනාගතයක් ඔයට ලැබෙන්න කියලා මම ප්‍රාර්තනාකරන්නම්....

    ඔයාට දිනන්න පුලුවන්..

    ReplyDelete
  3. මොනා කියන්න ද නංගා.... ඔයාගේ නම "ප්‍රාර්ථනා "

    ඉතින්....

    ReplyDelete
  4. ජීවිතෙ හැම දේම හැකියාව නෙව නේ :)ඔයාට නැති දෙවල් ගැන දුක් වෙනවට වඩා ඔයාට තියෙන හැකියාවන් ගැන ටිකක් සතුටු වෙන්නෙ පුලුවන්නම් :)

    අනික ඔයාගෙ උත්සහාය අතාරින්න එපා :)
    කවුද මන්ද කියල තියෙනවනෙ
    ""The difference between a successful person and others is not a lack of strength, not a lack of knowledge, but rather in a lack of will.""

    කියලා :)

    ReplyDelete
  5. කෙනෙකුගේ වැරදීම් එයාගෙ නිවරදි වීම් වලට මග පාදනවා. ඒ වගෙම හැම කෙනෙකුටම සැඟවුනු දක්ෂතා තියනවා. ඒක මොකක්ද කියලා සමහර විට එයා දන්නෙත් නෑ.. ඒ නිසා හැම විටම මොකක් හරි දෙයක් කරන්න...... කෙනෙක් ඒකට හරි කියයි. එතකොට තව සිය දෙනෙක් ඒකෙ වැරදි කියයි. නමුත් ඒක තමන්ගෙ හර්දශක්ෂියට එකඟනම් ඒක තමයි හරි දේ..... තමුන් වැරදි දෙයක් කලේ නෑ කියල තමන් දන්නවනම් අනිත් අය මොන දේ කිව්වත් සැලෙන්න එපා..... ඔයාට සුභ අනාගතයක් තියනවා. ඒක ලැබෙනකං ඉදිරියටම යන්න..................... ඔයාට ජය......

    ReplyDelete
  6. @රත්ගමයා සහෝ... ඇත්තටම මම හරියට වර්තමානය තුල විදවන කෙනෙක්..මට හිතුනා මුළු ජීවිතකාලෙම මම විදව විදව ඉදි කියලා.. ඒකයි මම මෙහෙම දෙයක් ලියුවේ..
    ඔයා කිවුව දේවල් දිහා බැලුවම මම තාමත් පරක්කු නෑ කියලා හිතෙනවා.. කවදාහරි මගේ දෙමවුපියොත් කිවුවොත් "මේ දරුවො ලබන්න අපි වාසනාවන්ත වුනා කියලා"ඒ ඇති.. මම සාර්ථක වුන දවසක ඔයාලත් ඒ පිටුපස හිටිය බව මම කවදාවත් අමතක කරන්නෑ..ඔයාට ගොඩක් පිං...

    ReplyDelete
  7. @ඉලංදාරි අයියා..
    මමත් දැන්නම් දන්නවා මට ඕනෙ දේ මට ලැබෙන්නෑ කියලා.. අපි කවුදො පාලනය කරන රූකඩ වගේ.. ඒත් ටිකක් කල් ගිහින් බැලුවම කොහොමහරි මට ඕනෙ දේත් ලැබිලා...
    ඔයාට ගොඩක් ස්තූතියි..මට ලස්සන අනාගතයක් පැතුවට...

    ReplyDelete
  8. @wath අක්කේ.. ඒකත් ඇත්ත..නමටත් නිගරුවක් මම මෙහෙම කියවන එක..ඒත්...

    ReplyDelete
  9. @නිසල්.. මට තියෙන දේවල් වලින් සෑහීමකට පත්වෙන්න අමාරුයි අයියා.. ඒත් ඔයා කිවුවා වගේ මටත් හැම දේකදීම හොඳ ඉලක්කයක් තිබ්බොත් හොදයි තමා..ඒක හරි.. ස්තුතියි අදහසට..

    ReplyDelete
  10. @චමියා අයියා... බොහොම ස්තූතියි..!!එක පාරක් නෙවේ සිය පාරක්.ආයෙත් මම හිතන්නම් මම මොනවටද ආසම කියලා.. මම කාටවත් වරදක් නම් කරලා නෑ උදවු මිසක්..

    ReplyDelete
  11. බණ කියනවා නෙමෙයි නංගී

    ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා
    අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති කියලා. ඒ කියන්නේ සිතූ දෙය එලෙසටම සිදුනොවේ. නොසිතූ දෙය සිදුවේ කියලා.

    ඉතින් ඒක නිසා ඒක ගැන කම්පා වෙන්න ඕනේ නැහැනේ. ලෝක සොබාවය ඒකනේ.

    අනිත් එක හැමෝම හැම දේටම දක්ෂ නැහැනේ. එතකොට තමන් දක්ෂ මොකටද කියලා හඳුනාගෙන ඒකෙන් ඉදිරියට යන්න ඕනේ.

    අනික් අයට මේ මේ දේවල පුලුවන් මට මේ මේ දේ බැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ.

    ඔයාගේ අනිත් හැකියාවන් කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ.ඒත් ඔයාට හොඳ කාරුණික හදවතක් තියෙන බව නම් පේනවා. එහෙම අයට වරදින්නේ නැහැ.

    ඒ වගේම ඔයාට හොඳ අදහස් වගේම ඒ අදහස් කවි, නිසදැස් විදිහට එළිය ප්‍රකාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා.

    ඉතින් ඔයාගේ තියෙන තවත් සැඟවුණු දක්ෂතා හඳුනාගෙන හොඳ ගමනක් යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා එක සිතින්ම.............

    තද සීත සුළං හමාවි,
    මහ වැසි ඇද හැලේවි,
    සතුන් බියෙන් සැඟවී යාවි,
    ඒත්,
    වසන්තය එනවා සත්තයි....................

    ReplyDelete
  12. හ්ම්..Hasith අයියා, කරුණාවන්ත වචන වලට ගොඩක් පිං හොඳේ..? ඒ වසන්තය එනකං මං බලන් ඉන්නම්.. එදාට හැමෝටම කලින් ඒ ගැන ඔයාලට කියන්නම්...

    ReplyDelete
  13. ඔයාට වගෙමයි මටත්...ඔයාට මෙහෙම හිතන්න එපා කියලා කියන්න මට බැහැ..මොකද ඔයා හිතන විදිහටම මටත් හිතෙන නිසා..ඒත් එක අපේ ලැබීම

    ReplyDelete
  14. ඔහොම හිතට දැනේන්නේ විභාගය නිසා නෙවේද නංගියෝ....හොදට හිතල බලන්න ඔයා ඔය විදිහට හිතන්‍නේ විභාග ප්‍රතිඵල ගැන තියෙන බයට නෙවේද?
    විභාගයක් කියන්නේ ජීවිතේ නෙමේ නංගියෝ.විභාගය ඉහලින් සමත්වෙලා ඩොක්ටර් කෙනෙක් ඉංජිනීයර් කෙනෙක් උනත් ජීවිතයේ වෙනත් පැත්තකින් අන්තෙටම අසාර්ළුක වුන අය ඉන්නවා.මම දැනුවත් අයත්‍.ඒ වගේමයි විභාගය ෆේල් උනත් සතුටින් ජීවිතය සාර්ථක කරගත්ත අය ඉන්නවා.
    මේ කියන මමත් විභාගයෙන් කැම්පස් යන්න නොලැබුණු කෙනෙක්.(මගේම වැරදි නිසා වෙන්න ඕනි එ‍හෙම වුනේ.)ඒත් තවමත් ස්ථීරත්වයක් නැතත්, මම දැන් ඉන්න තත්වේ ගැන සතුටු වෙනවා.විය යුත්තේ ඒක නෙවේද?
    බය වෙන්න එපා ඔයාට ඔයා හිතනවටත් වඩා හොදට විභාගය සමත් වෙන්න පුළුහන්.
    අනිත් එක ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයාව වදයක් කරදරයක් නම් ඔයා අද ඉන්නේ අනාථ නිවාසෙක එහෙමත් නැතිනම් මහ පාරේ.එයාලා ඔයාට අවංකව ගොඩක් ආදරෙයි.ඒක එයාලට කරදරයක් වදයක් නෙවේ.එහෙම හිතන එක ඔයාට පව් කියලයි මම නම් හිතන්නේ.ඔයා ඒ වෙනුවට හිතන්න ඕනි, අනේ මගේ අම්මයි තාත්තයි මට කොච්චර ආදරෙයිද එයාල මං වෙනුවෙන් ඕනිම දෙයක් කරයි.මම ඇත්තට ගොඩක් වාසනාවන්තයි මෙවගේ දෙමව්පියෙක් ලබන්න.ඉතිං එයාල වෙනුවෙන් මම මගේ ජීවිතය හුගාක් හොදට සාර්ථක කරගන්නවා.එයාලට මගේ හැකියාවන් වලින් සතුට ලබාදෙනවා.කියලා හිතන්න.ඒ දේට හිත යොමු කරන්න.එතකොට ඔයාගේ අම්මයි තාත්තයි ඔයා දිහා බලලා අනේ මගේ දූ කොච්චර හොදද, එයා අපේ ශක්තියෙන් ඉදිරියට යනවා කියලා....
    ඉන්න ගමන් පොඩ්ඩක් හිතල බලන්න‍කෝ...අර විදිහට හිතන්න එපා ඒක ඇත්තටම පවක්, එයාලට එවා ඇත්තටම දැනෙනවා.

    ReplyDelete
  15. හසියා අයියේ..මම දැන් ඔයා ලියපු දේ කියෙව්වම ඇත්තටම ඇස් වලට කඳුළු ආවා..හේතුව ඒක තමා ඔයා හරි මම ගොඩක් බයේ හා දුකෙන් ඉන්නෙ විභාගෙ නිසා..මම දැන් මුහුණුපොතේ medical facalty ගිය යාළුවෙක් දාලා තිබ්බ videos බැලුවා.හිතට පුදුම දුකක් දැනෙන්නේ,ඒක කොච්චරද කියලා කියන්න තේරෙන්නෑ.මම කොතනද අද එයාලා කොතනද,එයාලා කොච්චර සාර්ථකද කියලා. එතකොට බය වැඩිවෙනවා..මේ සැරෙත් select නොවුනොත් මට මොනවා වෙයිද...ඒක හිතාගන්නත් අමාරුයි..ඔයාගෙ අදහස ඇත්ත..

    ReplyDelete
  16. ඇත්ත ඒකතමා නිපූ..අමාරුයි මට හිත සනසගන්න..blog යාළුවො නොහිටින්න මම හැමදාම මේ දේවල් හිතේ තදකරන් දුක් විදිනවා..

    ReplyDelete
  17. අපි කාටවත් තියෙන දෙවල් වලින් සෑහිමකට පත් වෙන්නෙ බෑ :) එක ලොකෙ හැටි සහෝදරී

    ReplyDelete
  18. නංගියෝ කවදාවත් වෙනකෙනෙක් දිහා බලලා අපි ගැන හිතන්න එපා.කවදාවත්ම එපා.ඒහෙම බැලුවොත් පේන්නේ අපේ තියෙන අඩුපාඩු දුර්වලකම් විතරමයි.කවදාවත් එ‍හෙම සන්සන්දනයේදී අපේ තියෙන හැකියාවන් දැකලා තියේද? මට නම් නෑ.ඒ හන්ද කවදාවත් තමන්ව තව කෙනෙක් එක්ක සන්සන්දනය කරන්න යන්න එපා.
    නංගියා තමන්ව සන්සන්දනය කරන අය ඔයා ගොඩක් වෙලාවට දකින්නේ පිටින්...ඒ කිව්වේ කොච්චර හොදින් ඉන්නවාද කොච්චර ලස්සනද ඉගෙනීම ඔය වගේ දේවල්...ඒත් එයාලගේ අභ්‍යන්තරය බැලුවොත් එයාල අපිට වඩා දුක් විදිනවා වෙන්න පුළුහන්.ප්‍රශ්න වලින් පිරිලා ඉන්නවා වෙන්න පුළුහන්.ඒ හන්දා කවදාවත් කෙනෙක්ව පිටින් මනින්න එපා,ඒ වගේම තමන්වත්‍.හැමදේම වෙන්නේ හොදට කියලා හිතාගන්න.
    මම අද මෙතන ඉන්නේ ඉස්සර ලොකු ලොකු ප්‍රශ්නවලට මුණදීලා.මගේ මෝඩ කමින් මමම කොරගත්ත ඒවා සහ යාළුවෝ නිසා අමාරුවේ වැටිලා.ඇත්ත කැම්පස් ගිය මගේ යාළුවෙක් හම්බවුනාම පොඩි දුකක් ඇති වෙනවා.ඒත් ඒ වෙලාවට මම හිතන්නේ මම ඉන්න තැන.කැම්පස් නොගියා කියලා ජීවිතේ අසාර්ථක වෙන්නේ නෑ කවම කවදාවත්‍.හැබැයි ඒක ගැන හිත හිත හිටියෝත්නම් අනිවා එහෙම වෙයි.
    හැමදේටම මුල් වෙන්නේ හිත.රිසල්ට් එනකන් ඉන්න.මේ පාර තමන්ට හොද රිසල්ට් එකක් තියෙනවා කියන විශ්වාසය හදාගන්න.
    හදවතින්ම සුභ පතනවා නංගියෝ....
    ඔයාට මේවගේ දේවල් හිතෙන්නේ ඔයාගේ හිතට කරන්න හිතන්න දෙයක් නැතිවෙලාවට.ඒ හන්ද මහන්සිවෙලා මොකක් හරි හොද වැඩක් කරන්න.බලන්න බොරුද කියලා.ගෙදර මල් පැල ටිකක් හිටවන්න.වත්ත පොඩ්ඩක් සුද්ද කරන්න.අම්මට උදව් කරන්න.දවස අවසානයේ ඇදට ගිහින් හිතලා බලන්න කරපුදේවල් එදා දවසේ.ඒ එක්කම හිතලා බලන්න අර ඔයා හිතුවා වගේ සිතුවිළි කීපාරක් හිතට ආවද කියලා.ඔයාටත් පුදුම හිතෙයි, ඔයාට එකපාරක්වත් ඒ සිතුවිලි හිතට නොඒන්න ඇති‍‍.බොරුනම් කරලාම බලන්නකෝ.....

    ReplyDelete
  19. @නිසල්..හ්ම්.. ඒක ඇත්ත..

    ReplyDelete
  20. @හසි අයියා..කවදාවත් මම කෙනෙක් හඹාගිහින් හොයන්නෑ එයා මට වඩා කොච්චර ඉදිරියෙන්ද කියලා..ඒත් FB එකේ එහෙම පාඩුවෙ ඉන්න බෑනෙ.මම ඔයා කිවුව විදිය අදම අත්හදා බලන්නම්. ඔයාට පිං ගොඩක්.. හොඳේ.?

    ReplyDelete
  21. ඔයා හරි හසි අයියේ..ක්‍රමේ සාර්ථකයි..!!!thanx හොඳේ.?

    ReplyDelete
  22. තෑන්ක්ස් කරන්න දෙයක් නෑ නංගියෝ...අපි එක පවුලේ අයනොවැ...දිගටම කරන්න..එතකොට ඔය අදහස් ඉබේටම නැතිවෙයි.හිත සතුටින් තියෙයි.
    සිතේ සතුට සැනසුම සැමදා රැදෙන්න කියලත් ඔන්න මම ප්‍රාර්ථනා නංගියාට ප්‍රාර්ථනා කරනවා....හික්ස්

    ReplyDelete
  23. බොහෝම ඉස්තූතියි...හසි අයියේ...:):)

    ReplyDelete
  24. තමන් ලබල තියෙනෙ දෙවල් ගැන හිතලා සතුටු වෙන්න අක්කේ.
    මම කොහෙන් හරි මෙහෙම අහල තියෙනවා......
    "තමන් බලාපොරොත්තු වෙන සියල්ල ලැබිය හැකි තැනැත්තා වාසනාවන්තයෙකු නම්, ලබා ගත නොහැක් කිසිවක් බලාපොරොත්තු නොවන්නාද වාසනාවන්තයෙකි"

    (ඒක මෙතනට අදාලද කියලනම් හරියටම දන්නෙ නෑ)

    ReplyDelete
  25. ම්ම්.. ටිකක් අදාලයි වගේ මලේ.. ස්තූතියි..!

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...