Thursday, October 14, 2010

තැවුලෙන් මිදෙමි..

තනියට තනිය ළංකරගෙන සිටිය සඳ 
කළුවර කළුවන්ව දවටා මගෙ දෙනෙත
 සිහිලස සීතකර සැඟවුනු කඳුළුකැට
 සඳවත් කවිකතා මුමුණනවාද මට
  
ගඟුලේ සින කිමිදී දියකෙළි එකල
 සිහිවී සිහින් සුසුමක් හෙලුනද මෙමට
 මුව මදහසක් නංවා කැඩපතට අද
 මම මට මා නොවී තනිරකිනෙමි නිබඳ

 රහසේ කඳුළු හංඟන අම්මගෙ දෙනෙත
 සුන්වූ පැතුමකට ලොල්වී බලන සඳ 
 හැකිනම් විවර කරනට ගිනි දැබෙන හද 
 සිහිගිරි ශිඛරයම උණුවී යනු නියත 

 දුලන රන්පතක් ඒ මෙ අත වැතිර
 සකල අපහාස සියොලඟ ගෙන තවර
 සැඟවී පයට පෑඟී වැළලෙන  විලස
 නොයමී සිතුවද අනෙකුන් කවර ලෙස 

මල් මකරන්ද නැහැපුඩු කිති කවන සඳ
පිනිදිය බිඳු මවත දෝතින් තවන ලද
අරුණට කලින් අඳුරට වෙරබැඳ නැඟිට
කළුවර අමතකව පියමැන්නෙමි පෙරට 

4 comments:

  1. හදවත සලන දුක් දොම්නස් අතරමැද
    සැනසුම සොයමි අතොරක් නැති කතර මැද
    දුටුවෙමි සොයුරියක් මවමින් සොදුරු කව
    වදනක් තබමි පැමිනෙන තුරු නැවත් හෙට..

    ReplyDelete
  2. තනිකම දරන් සඳ හට කවි ගෙතූවද
    නිතරම දැනේ කවුරුන්හෝ සිටී ළඟ
    යලි හෙට දිනෙත් පද රසවත් අතින් ගෙන
    එනතුරු සිටින්නෙම් සතුටක් දරන් නෙත

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...