Friday, October 22, 2010

ඔහු................ මිහිබට දෙවියෙකි..................!..


"කොහොමද පුතා දැන් ජීවිතේ...?"

"හොඳයි සර්..වරදක් නෑ"

අර... ඉස්සර එකට බත් එක කාපු ගෑනු ළමයා එහෙම..දැන් හොඳින්ද..?"
මම එහෙම ඇහුවේ මේ දරුවෝ දෙන්නගෙ සම්බන්ධෙ ගැන ගුරුවරු හැමෝම දැන හිටි නිසා...

නිමල්ගේ මූණ බිමට හැරවුනා... අයෙත් මං දිහා බලලා අඬන්න බැරි නිසා හිනා වෙනවා වගෙ හිනාවුනා.
"ඒක මම නැවැත්තුවා සර්.."

සාමාන්‍යයෙන් මේ වගේ රිදවීම් කරන්නේ ගෑනු ලමයි නිසාත්.. මේ දරුවො දෙන්නා ලොකු බැඳීමකින් හිටි බව අපට දැනී තිබුන නිසාත් මම පුදුම වුනා... ඒත් දැන් කොහොම ඒ ගැන අහන්නද..?මම නිශ්ශබ්දව බලන් හිටියා. ඒත් මගේ ප්‍රශ්නේ කොල්ලට තේරුනා වගේ..

"සර් අපි දෙන්නම උසස්පෙල ලිවුවට පස්සේ "ඇය" විශ්වවිද්‍යාලෙට තේරුනා.. මට ලකුණු මදි වුනා..
(හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ නුඹට හැකිය දකින්න..)

ඒ ජිවිතේ හරි සුන්දරයි සර්... මම "ඇයට" ඒ සුන්දරත්වය විදින්න ඉඩ දෙන්න ඕනෙ සර්...
(ලතා මඩුලු අත වනාවි..එපා අහක බලන්න..) 
ඒ නිසා මම ඒ සම්බන්ධෙ නැවැත්තුවා...."

මම මොනවා කියන්නද..?මේ විය හැක්කක්ද..? සත්‍ය ප්‍රේමය කියන්නෙ මේක නේද..?ප්‍රශ්න ගොඩක් මගේ හිතට ගලන අතරෙ...

"පුතා..!උඹ දෙවි කෙනෙක්.. සාමාන්‍ය තත්වෙට වඩා වෙනස් කෙනෙක්.." 
කියලා කියවෙනවා මටම ඇහුනා මගේ කටින්....
කොතරම් පරිත්‍යාගයක්ද..?                                                                                                                        
                             
                    හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න
                    මා නොදකින ඒ පුර හඳ නුඹට හැකිය දකින්න
                   
                    අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
                    කුඩය යටින් ඔබ යන කල එපා තනිය රැඳෙන්න

                    ලත මඩුළු අත වනාවි එපා අහක බලන්න
                    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න....
          
ඒ මහින්ද බණ්ඩාරයන් පේරාදෙණිය පාසලක ගුරුවරයකු ලෙස සේවය කරද්දී ලැබූ අදැකීමක්... පසුව ඔහු අතින් ගීයක සිර කළ..............

ටිකක් හිතලා බලන්න ... ඒ පුද්ගලයා කොතරම් උසස් සිතැත්තෙක්ද..? ....අපි අතර එහෙව් අය ඉන්නවාද.?
සැබවින්ම ඉන්නවා.... ඒ ආදර කතා ගොඩක් වේදනාත්මක මුත් උතුම්.. අමරණීයයි... ඇත්ත ඒකයි..

පුළුවන් නම් මේ ගිතය විදින්න.. මේ ගියෙ අරුත් පැහැදිලි කල යුතු නෑ..විදිය යුතුයි.. කොච්චර ලස්සනට පෙම්වතාගේ හැඟීම් කැටිකර තිබෙනවාද..?
තමන් අතැරි කල වෙඩිතබා පෙම්වතිය මරා දමන යුගයක මට නම් මෙය අරුමයක්... මේ ගීයෙ මගේ හිත්ගත් පේලි කීපයක් ගැන විශේෂ නොකලොත් මට දුක හිතෙයි...
           
              "කුඩය යටින් නුඹ යන කල.. එපා තනිය රැඳෙන්න..."

              "මා ගැන මතකය ගුලිකර.. මහවැලියට දමන්න.."  

මේ ගීතය ගැන සිතිවිලි හිතේ හිරවෙලා.. කොහොමද කෙනෙක් මෙහෙම හිතන්නේ... මට නම් හරිම පුදුමයි...!

මම එක ලිපියක කිව් "අවබෝධය" මෙයයි. සමාජ සම්මතයන්ට අනුකූල වීමේදි අපිට හිතට වහල් විය නොහැකී.. සමාජ ධර්මතාව එය කියලයි මම හිතන්නේ...

මම නම් හිතන්නේ ගීතයක් විදින්න නම් "අහන්න" විතරක් ඕනෙ කියලයි.. ඇස් දෙක පියාගෙන හෝ රූපරචනය අමතක කරලා....ආස නම් නැවතත් අහලා විදින්න...


අපි අත්විදින ජීවිතේ ප්‍රබන්ධයකට වඩා ගොඩක් ලස්සනයි..
දිගටම කියවන්න හිතෙනවා.. 
කවුද ලියන්නේ ? 
කවුරුවත් දන්නෑ....!

18 comments:

  1. ස්තුතියි නංගී මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදා හදා ගත්තාට.

    මේ දවස්වල මම මුහුණ දීලා ඉන්න දේකට මේ කතාවෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් වුණා.

    If you love something let it go,
    If it comes back to you it's your,
    If it doesn't it never was.............

    මොනවා වුණත් අපි ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඒ ඇත්තට මුහුණ දෙන්න ඕනේ. ඒක නිසා මේ දවස්වල මම කරමින් ඉන්න දේවල්වලට ඒ කතාවෙන් ලොකු හයියක් ආවා.

    නැවත වතාවක් ස්තුතියි නංගී :)

    ReplyDelete
  2. හ්ම්.. හොඳයි .. comment එකට ස්තූතියි අයියේ.මම ඔයාගෙන් මුකුත්ම අහන්නෑ..හිතට වේදනාවක් ගෙනෙන්න පුළුවන් නිසා.ඒත් ඔයා නුදුටුවත් දැන් නම් හොඳට අඳුරන යාළුවෙක් වගේ මට දැනෙන්නේ.ඒ නිසා ඔහොම කියන්න එපා.. මටත් හිතට දැනුනා කොහෙන්දෝ ආව් දුකක්....දුකක සුවඳක්..!

    ReplyDelete
  3. ඇත්තටම මම හුඟාක් වෙලාවට අන්තර්ජාලේ කැරකි කැරකී ඉන්නේ බ්ලොග් කියව කියව හරි බ්ලොග් ලිය ලිය හරි ඉන්නේ ඒ ගැන මතක් වෙද්දී දුක නිසා.

    ඒ වගේම මේ මොකවත් කරන්න හිතෙන්නේ නැත්නම් මම කරන්නේ ගෙදරින් උදේම ගිහින් හැන්දෑ වෙලා ගෙදර එන එක.

    ඒත් ඒවා එකක්වත් විසඳුම් නෙමෙයි. තාවකාලික විසඳුම්. කොහොම වුණත් මේ දවස්වල මම සුපුරුදු තත්වයට පත්වෙන්න උත්සහ කරමින් ඉන්නේ.

    ඒකට ඔයාගේ පෝස්ට් එකෙන් ලොකු හයියක් වුනේ නංගී.

    කොහොම වුණත් අනාගතේ දිහා සුභවාදීව බලනවා. එච්චරයි නේ මට කරන්න ඉතුරු.

    ReplyDelete
  4. අනාගතේ ගැන සුභවාදීවම බලන්න කියලා මාව දිරිගැන්වුව කෙනෙක් ඔයා..ඉතින් ඔයාට ඒක බැරි වෙන එකක් නෑ.අනික අයියා ... මටනම් sure ඔයාට ලස්සනම ලස්සන "වර්තමානයක්, අනාගතයක්" හිමී කියලා... ඒ මට හිතෙන හැටි... ඒ මම පතන හැටි.. අමතක කරන්න එපා..මම "ප්‍රාර්ථනා"...!

    ReplyDelete
  5. මාත් එහෙම හිතනවා. ස්තුතියි නංගී දීපු හයියට.

    මම ඔයාට FB friend request එකක් එවන්න හැදුවාට එවන්න බැහැනේ............ ???

    ReplyDelete
  6. කියන්නට දෙයක් නැත
    ගීතයේ පද පෙලත් අගනේය
    විචාරය ඊටත් වඩා අගනේය
    ලිපිය නම් අනර්ඝය.....

    මගෙත් කැමතිම ගීතයක් මේ ගීතය......

    ReplyDelete
  7. මොකද මන්ද ඔයාත් දැන් ආදරෙ ගැනමයි ලියන්නෙ :)
    හ්ම්ම් ඔහොම අය දැන් ගොඩාක් අඩුයි ඒත් නැ මයි කියන්න බෑ

    ReplyDelete
  8. හ්ම්......ඇත්ත... කවද හරි රත්ගමයත් විශ්ව විද්‍යාලේ යාවිලු..එතකොට රත්ගමයටත් එයාව අමතක වෙයිලු..ඒත් රත්ගමයා දන්නවා එහෙම වෙන්නෙ නෑ කියලා...එච්චර වටින ආදරයක් අමතක කරල යන්න තරම් රත්ගමයා නරක කෙනෙක් නෙමේ..ඒක එයත් දන්නවා..ඒත් එයාට බය ඇති..සමහර විට එයත් මේ සිංදුව කොහේදි හරි අහල ඇති...ඉතින් එයාට එහෙම සිතිවිල්ලක් හිතෙන එක සාධාරණයි......ඒ තරමට මේ සිංදුව හිතට දුක් දෙනවා
    ( ඉහත කතාව්... ගීතයේ අරුත පැහැදිලි කිරීම සදහා ගොතන බව කරුණාවෙන් සලකන්න )

    ReplyDelete
  9. @Hasitha අයියේ, මම ඔන්න ඔයාට request එකක් එව්වා..

    ReplyDelete
  10. @හසි අයියා.., "මට ගොඩක් සතුටු හිතුනා"ඔයාගෙ comment එකට අයියේ.

    ReplyDelete
  11. @ නිසල් සහෝ..,
    :):) අනේ මංදා.. මම ඇයි ආදරේ ගැනම ලියන්නේ..මම ඒ ගැන කතාකරන්න ගොඩක් ආසා නිසා වෙන්න ඇති..
    ඔය වගේ අය මං නම් කීපදෙනෙක් දන්නවා..

    ReplyDelete
  12. @රත්ගමයා සහෝ.., මට වරහන් තුල තියනදේවල් පේන්නෑ ඔන්න..:):).කවදාවත් එහෙම කරන්න හොඳ නෑ.. යන කෙනාගෙ පාර්ශවයෙන්. මම නම් අනන්තවත් දැකලා තියනවා එහෙම කරනවා..

    ReplyDelete
  13. මම ආස ගායකයෙක්ගේ ආසම ගීයක්... ස්තූතියි නංගා

    ReplyDelete
  14. නියමයි... ආසම ගායකයෙක්.. ආසම සින්දුවක්.. අනර්ඝ විචාරයක්.. :)

    ReplyDelete
  15. @Hasitha ජයසූරිය සහෝ.., බොහොම ස්තූතියි.. මමත් හරිම ආසයි..:)

    ReplyDelete
  16. දිගටම ලියන්න අක්කා ආසයි කියවන්න...
    ඔය සින්දුව මීට කලින් අහල තිබුනට තේරැම දැනන් හිටියෙ නෑ...
    ස්තූතියි!

    මමනම් හිතන්නෙ නැ මට ඔහොම පරිත්්‍යාගයක් කරන්න හයියක් ඇතිවෙයි කියලා

    ReplyDelete
  17. ම්ම්.. ඔව් මල්ලී.. ඒත් ඒ වෙලාවට හිතෙන්න පුළුවන්.. මොකක්ද හ්‍රි කියල.. බොහොම ස්තුතියි කොමෙන්ටුවට මල්ලි

    ReplyDelete
  18. මේ සින්දුව මම ගොඩක් ආස එකක්.. මේක ඇත්ත කථාවක් කියල දැනගත්තරම තවත් ආස හිතුන. ගොඩක් ස්තුතියි මේක ගැන ලිවිවට..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...