Thursday, October 21, 2010

සිතත් දැන් දැනුම් තේරුම් ඇත්තෙක්..

               එකම ගීතයකින් එකිනකට කොච්චර වෙනස් තේරුම් දෙන්න පුලුවන්ද...ඒ  එකම ගීතය දිහා කොච්චර එකිනෙකට වෙනස් විදියට බලන්න පුළුවන්ද කියලා මට හිතෙනවා..මම අද හිතුවා මට එහෙම පෙනුන ගීතයක් ගැන කතා කරන්න...
               ආදරයක් ඇතිවුනාම මම නම් හිතන්නේ පෙම්වතා පෙම්වතියට වඩා එඩිතරයි කියලා ගොඩක් වෙලාවට.. එහෙම වෙලාවක පෙම්වතියගේ දෙමවුපියෝ සම්බන්ධයට අකමැතිනම් හෝ කොහොම ප්‍රශ්නයක් ආවත් ඇයට ඒ පැත්තට නැමෙන්න සිද්ධවෙනවා..එතකොට සමාජය කියනවා ඇය චපලයි කියලා..ඒත් ඇත්ත ඒක නොවෙන්න පුළුවන්.....ගොඩක් දෙනාට මේ දේ තේරුම් ගන්න බෑ.හැබැයි මම මේ හැම සිද්ධියක් ගැනම කියනවා නෙමෙයි..වැරදියට තේරුම් ගැනීම සපුරා තහනම්..
ඒත් ඒ වෙලාවට පෙම්වතා අසරණ වෙනවා.. දරාගන්න බැරි දුකක්..
        "ඇරඹුමම කඳුළක් වෙලා...
         මම බලා ඉද්දී ඒ දිහා
         ආ දුරත් දුර වැඩි නිසා
         අවසානයට පෙර ඈ ගියා..."
             මෙතනදී අවසානය කියලා හිතන්නේ විවාහය කියලයි මම හිතන්නේ.. ඇත්තටම සිංහබාහු,මනමේ කතාවක වගේ කවුද හරි..කවුද වැරදි කියලා තීරණය කරන්නත් බැරි තරම්..අනුකම්පා කිරිම හැර...!
ඒත් මට මේ ගීතයේ රසවත්ම යැයි හැඟෙන පද පෙල ගැහෙන්නේ මීට පස්සේ..
        "දුක්බරම කවියක් ලියා..
         එක පද පෙලක් අඩුවෙන් තියා..
         අරුත් පසිදින්නට කියා..
         අවසානයට පෙර ඈ ගියා.."
             ඇත්තෙන්ම ඒ හැරයාම හරියට ලියන්න ගත්ත ලස්සන කවියක අවසාන පේලිය ඉතිරි කරා හා සමානයිලු.. මම හිතන දෙයක් තමා ලස්සන කවියක හරය..රසය ගොඩක්ම ගැබ්වෙලා තියෙන්නේ බොහෝවිට අවසාන පේලියේ කියන එක.. හරියට ආදර සම්බන්ධෙකින් සිදුවන විවාහයක් වගේ...
මටනම් හිතෙන්නේ හැරයාම නිසා පෙම්වතාට පෙම්වතිය කෙරේ වෙර බඳින්න හිතෙන්නෙත්නෑ මොකද කෙනෙක්ගේ බලකිරීමකට එහෙම වුනා වෙන්න පුළුවන්.. ඒත් පෙම්වතිය අකමැත්තෙන් පෙම්වතා හැරගියත් ඉන් පස්සේ විවාහයක් වුනාම තමන්ගේ ස්වාමිපුරුෂයාට ආදරය කරන්න පෙළඹෙනවා.. මම දැක්කා වත් අක්කා ආදරය එහෙමත් නිර්වචනය කලහැකි බව කියලා තිබුනා.ඒකයි මම එහෙම හිතුවේ..
     " ශෝකාන්තය එනතුරා..
       තව රැදෙන්නට සිත් නැති නියා..
       අනන්තය ළඟ මා දමා
       අවසානයට පෙර ඈ ගියා..."
මෙතනදි තමා ගොඩක්ම අසරණකමක් හඟවලා තියෙන්නේ.. ඒ වගේම මම කිවුව පෙම්වතියකගේ බියසුළු කමත්... ඕනෙ දුකක් ආවට කමක් නෑ..කියලා ඉන්න පුලුවන් වෙලා නෑ..ගොඩක් විට එහෙමයි වෙන්නේ..!
මම නම් විශ්වාස කරන දේ තමයි ආදරේ හිතට ගලන්න පුළුවන් ඕනෙ වෙලාවක.. ඒ සිතිවිල්ලට එන්න එපා කියන්නත් බෑ... බලෙන් එන්න කියන්නත් බෑ...ප්‍රශ්නයක්..!
සිතිවිල්ලක් ඇතිවුන පලියට හිතට වහල් වෙන්නත් බෑ.. සමාජ සම්මත ගැන හිතන්න ඕනේ.... වර්තමානයේ ගන්න බොළඳ තීරණවලින් මුලු ජීවිතේම අවුල් කරගෙනත් බෑ....
ඇත්ත ඒකයි.. අපිට අපි පාලනය කරගන්න වෙන වෙලාවල් බොහෝමයි.ආදරේ කරන්න ඕනෙ හිත විතරක් නම්... එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒත් ඊට වඩා ගොඩක් දේවල් දිගුකාලීන සම්බන්ධතාවයකට අවශ්‍යයි.
විවාහය ජීවිතේ එක සැරයක් විතරක් සිදුවිය යුත්තක් කියලා මම  විශ්වාස කරනවා..ඒකයි මම එහෙම කිවුවේ.
හිත පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..ඒත් ජීවිතේ එහෙම නෑ...  ගීතයක අපිට කෙනෙක් වැරදී..අනෙකා හරි කියලා හිතෙන්න පුළුවන්.. ඒත් අළු පාට චරිත මිස කලු සුදු චරිත නෑ කියලයි මම නම් හිතන්නේ..
අනෙක් තේරුම ගැන පසුව ලියන්නයි මගෙ කල්පනාව... එහෙම හොඳයි නේද? (මට මේ අද්දැකීම් අදාල නොවන බවත් සිත පමණක් පිහිට කරන් ලිපිය සැකසූ බවත් කරුණාවෙන් සලකන්න..)

19 comments:

  1. "හිත පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..ඒත් ජීවිතේ එහෙම නෑ"
    ජීවිතේ ගැන සරලවටම කියපු ගැබුරුම අර්තයක්..ගොඩක් හිතට වැදුනා ප්‍රර්තනා!

    ඔව් ඇත්ත කොල්ලෙක් ආදරෙ කරද්දි සම්පුර්නයෙන්ම වගෙ හිතන්නෙ තමන් ගේ ආදරෙ ගැන විතරයි කෙල්ලෙක් ට එක "ආත්මාර්තකාමීකම" කියල කියන්නෙ පුලුවන් ඒත් කොල්ලෙක් ගෙ පැත්තෙන් එකෙ එගෙම නෙවෙ..
    මගෙ ම අත්දැකීම් වලින් මන් ඔයත් එක්ක එකග වෙනවා,,

    සින්දුවට ලස්ස්න අර්තකතනයක්!

    ReplyDelete
  2. මම ආසම සිංදුවක්..ඔන්න අර අන්තිමට වරහන් ඇතුලේ තියෙන ඒව නම් මට පේන්නෙ නෑ..සමහර ආදර කතා තියෙනවා කදුලක් වෙලා ඇරඹුනාට අවසානය සතුටුදායක වෙන..අනේ මම දන්නෙ නෑ....කතා ලියන්න නම් පුලුවන්...ඒත් ඇත්ත කතා නම් අඩුයි....

    ReplyDelete
  3. @නිසල් : මගේ ගොඩක් යාළුවොන්ට එයාලා යාළුවුනාට පස්සේ මුහුණු පොතෙන් පවා අයින් වෙන්න වුනා..එයාලා එච්චර කල් ඇසුරු කරපු පිරිමි යාළුවොන්ගෙන් ඈත් වෙන්න වුනා.මම හිතුවා කොල්ලෝ කොච්චර ආත්මාර්ථකාමිද කියලා.(මම කොහොමටත් එච්චර මුරකපොලු දානවට විරුද්ධයි)ඒත් මම blog එකේම post කියවලාම(වත් අක්කගෙද කොහෙද..මට මතක නෑ) දන්නවා ඒත් ආදරේම කොටසක් කියලා..ඒත් එතනත් තිබිය යුත්තේ දෙන්නාගෙම අවබෝධය.. මට හිතුන විදියට..!
    ස්තූතියි අදහස් පලකලාට...ඒවා මට ලොකු ශක්තියක්..!

    ReplyDelete
  4. ප.ලි ඇත්තම කියන්නම්....(නංගි ) දැන්නම් ලියන ඒවා ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  5. @ රත්ගමයා, යාළුවා ඔයාට වරහන් ඇතුලේ දේවල් පේන්නැති තරමට හොඳයි..ඒවා පරිබාහිර කරුණු...:):)
    "කතා ලියන්න නම් පුලුවන්.. ඒත් ඇත්ත කතා නම් අඩුයි"ඒ කිවුවේ..? මට නම් එහෙම හිතෙන්නෑ.. මොකද මම ලියන්නෙම ඇත්ත කතා මිස ප්‍රබන්ධ නෙවේ..
    කඳුලකින් ඇරඹිලා සතුටකින් අවසන් වෙන කතාවක් අහන්න ආසයි..පුලුවන් නම් ලියන්න..
    ස්තූතියි..comment කලාට.

    ReplyDelete
  6. @ප.ලි :පසුවයි දැක්කේ.. මට නංඟි කිවුවට කමක් නෑ අයියා..මොකද මට නම් හිතෙන්නේ ඔයා blog එකේ මට වඩා ගොඩක් ප්‍රවීනයි. ඔයාලා කියන නිසයි මම ලිපි ලියන්න හිතුවේ.. ඒ නිසා ඔයාලට පිං.

    ReplyDelete
  7. මේ ගීතය මගේත ප්‍රියතම ගීතයක් තමයි මේක.
    අපිට ආද‍රය කිව්වාම මතක් වෙන්නෙ පෙම්වතුන් පෙම්වතියන් අතරේ තියෙන ආදරේ විතරයි.මේ ගීතය අහන ගොඩක් අය හිතන්නේත් ඒ දේමයි.විරහ වේදනාව විදින පෙම්වතේකුගේ සිතුවිළි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුහන්.
    ඒත් මේක මව් සෙනෙහස අහිමි දරුවෙකුගේ සිතුවිල්ලක් විදිහටත් මේ ගීතය සලකන්න පුළුහන්....පෙඩ්ඩක් හෙමින් සීරුවේ හිතලා බලන්නකෝ.....
    ආදරය එක්කම එන ඊළග සිතුවිලි තමා ඊර්ෂ්‍යව සහ ආත්මාර්ථකාමීත්වය.තමන් පණටත් වඩා ආදරේ කරන කෙනා වෙනත් කෙනෙකු එක්ක කතාකරනවට තියා වෙනත් කෙනෙක් දිහා බලනවටත් අකමැති අය ඕනිතරම් ඉන්නවා.ඒක අවබෝධය නැති කමම කියන්න අමාරුයි.90% කටත් වඩා පෙම්වතුන් පෙම්වතියන් ඔයවිදිහයි.ඒත් සමහරු තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියගේ හිතරිදෙයි , දුක හිතෙයි,තමන්ගෙන් ඈත් වෙයි කියන බය නිසා තමන් හිතින් දරාන ඉන්නවා ඒ දේවල්.
    මාත් ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න ඕනි නංගියා කියනවිදිහට.මොකද මටත් ඔය සිතුවිළි ඔය විදහටම දැණුනා.ආදරයේදී වගේම විවාහයේදීත් කැපකිරීමක් දෙන්නගෙන් එක්කේනෙක්ට කරන්නම වෙනවා.ඉතිං දෙන්න හොදට තේරුම් අරන් ඒ ඒ දේට දෙන්නගෙන් එක්කෙනෙක් කැපකිරීම් කලනාම් වැඩේ ගොඩ.අන්න ඒකටයි අවබෝධය කියන්නේ.අනිත් එක් මහමෙරක් වගේ ලැබෙන ආදරයක් වෙනුවෙන් කැපකිරීමක් කලාට මොකද වෙන්නේ නේද........

    තවදෙයක් මුණුපොත් කියන්නේ ඇත්තම යාළුවන්ගේන් පිරුණු තැනක් නෙවේ.බොරු එකවුන්ට් හදාගෙන් ඉන්න අය ඕනිතරම්.ඉතං ඒ වගේ කෙනෙක්ට තමන් පණටත් වඩා ආදරේ කරන කෙනා අහුවෙනවාට මොන පෙම්වතාද පෙම්වතියද කැමති?අනිත් එක මුණුපොතේ ඇහැට කනට පේන (කනට පේන විදිහනම් දන්නේ නෑ ඕන්.....) ගෑණු දැරිවියන්ගේ ෆෝටෝස් අරන් ෆේක් ප්රෝෆයිල්ස් හදනවා.තව තව අයතා දේවල් වලට යොදාගන්නවා.ඉතිං තමන් පණටත් වඩා ආදරේ කරන කෙනා ඒ ව‍ගේ ප්‍රදර්ශන භාණ්ඩයක් වෙනවට මොන පෙම්වතාද කැමති....

    අනිත් ඒක කමයි නංගියෝ , ගොඩක් කාන්තා පාර්ෂවය ඉක්මණට වෙනස් කරන්න පුළුහන් (හෝව් හෝව් හැමෝම නෙවේ...මම දන්න අය පවා ඉන්නවා මොන දේ වුනත් තවම වෙනස් නොවුනු අය....නමුත් බොහෝ අය වෙනස් වෙනවා කිව්වොත් නිවැරදියි.....) සිතුවිළි වලින්.ඇය කැමති දේවල් ගැන කතා කිරීමෙන්,ඇයට කැමතිදෙවල් අරන් දීමෙන් , ඇයව වර්ණනා (ඔය කිව්ව ඒවා මම කරලා නම් නෑ...ඒත් ඒක එහෙමයි කියලා නම් දන්නවා.......) කිරීමෙන් වගේ දේවල් වලින් ලේසියෙන් වෙනස් කරන්න පුළුහන්.වැඩිය ඕනි නෑ මනමේ කුමරි හොදම උදාහරණේ.වැද්ද ඇයව වර්ණනා තියා වචනයක් කතා කලේ නැතිවනේ මනමේ කුමරිගේ හිත ගියේ.

    ඔන්න ඔය හේතුව නිසයි ඔයාගේ යාළුවන්ට මුණුපොතෙන් ඇත්වෙන්න සිදුවෙන්න ඇත්තේ‍.තමන් පණටත් වඩා ආදරේ කරන තමන්ගේ පෙම්වතියට කරදරයක් වෙයි, වෙනස් වෙයි, තමන්ට අහිමිවෙයි කියන බයට තමයි මොනහරි බාධක දාලා ආරක්ෂා කරගන්න බලන්නේ.කෙනෙක් කියයි ඒකට අවබෝධය නැති කම කියලා....ඒත් හොදට බැලුවොත් තේරෙයි ඒ ආදරේ වැඩිකම නිසා ඇතිවෙන දෙයක් කියලා.ඕක තේරෙන්න පෙම්වතෙක් වෙලාම බල්නන ඕනි ඉතිං....

    පොඩ්ඩක් හිතලා බලන්නකෝ නංගියෝ......අහ් ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් එකක් තරම් ලොකු කමෙන්ට් එකක් දාන්න දුන්නට බොහොමත්ම ස්තූතියි හොදේ....

    ReplyDelete
  8. @හසියා අයියා.., මම හොඳටම කියලා තියනවා අයියා "ඒ" ආත්මාර්ථකාමි කම කියලා මම හිතුවේ ඉස්සර කියලා...ඒත් දැන් මගේ හිතත් "දැනුම් තේරුම් ඇත්තෙක්" ඉතින් තව දුරටත් මම එහෙම හිතන කෙනෙක් නෙවේ හොඳද?ඒ කියන්නේ මම ඔයාගෙ කොමෙන්ටුවට 100% එකඟයි කියන එක.. (ඔයා වරහන් ඇතුලේ තිබ්බ දේ ගැන වැඩිපුර හිතලා වගේ..නෑ ආදරයක් වෙනුවෙන් කැපකිරීමක් කලයුතුමයි..හොඳේ..?දැන් හරි..).. comment කොච්චර දිග වුනත් මට ප්‍රශ්නයක් නෑ අයියා..දිග වෙන තරමට දැනෙනවා "අපේ කමක්".. ඔයාගෙ comment වලනම්..හොඳද අයියා...

    ReplyDelete
  9. @හසියා අයියා,මේ ඔයා හරි වැඩක්නේ කලේ..!මම මුලින්ම කියලා තියනවා නේද මේ සිංදුවට තේරුම් 2ක් විතර තියනවා..අනෙක පසුව ලියනවා කියලා..ඒක ඔයා comment කරලනේ..:(:((අහෝ දුකකි..!)මම දැන් ඒ post එක ලියලත් ඉවරයි.. අයෙ ඒක දාලා වැඩක් වෙයිද..?

    ReplyDelete
  10. අනේ සමාවෙන්න නංගියෝ....මම ඒක ඇත්තටම දැක්කේ නෑ....සත්තයි....ම්ම්ම්ම් මගේ කමෙන්ට් එක මකන්න...කිසිම ප්‍රශ්නයක් නෑ නංගියෝ...ඔයා ඔයාගේ ඒ පොස්ට් එක දාන්නම ඕනි...නැතිනම් තලාම තලායි.....
    සමාවෙන්න නංගියෝ ඇත්තටම ඒක දැක්කේ නෑ....

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්....එහෙනම් එල එල.....ඔහොම යංකෝ...පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වගේම නීති අඩුවෙන් දාන කොල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම අපේ බටු ඇටේට......හික්ස්

    අහ් තීම් එකන්ම මාර ගති....

    ReplyDelete
  12. @opzz..අනේ අයියණ්ඩිය..මම ඔයාගෙ commet මකන්න..?? නෑ.. කිසිදා නොකරමි එසේ මම හසි අයියාට.. :):)
    අනේ අයියට කිවුවම මොකෝ.. ලැබෙන කෙනෙක්ට ආදරේ කරන්න මිස හොය හොය ඉන්න මගේ කල්පනාවක් නෑනෙව.

    ReplyDelete
  13. අර්ථවත් බ්ලොග් එකක්.මගේ පලවෙනි කමෙන්ට් එක මම හිතන්නේ.මේ සින්දුව මම ආසම කරන් සින්දුවක්.ඔයා ඒකට හොද අර්ථයකුත් දීලා තියෙනවා.ආදරය කරද්දී හිතට ආත්මාර්තකාමී අදහස් එක නවත්ත ගන්න අමාරුයි.අනේ මන්දා මිනිස් හිතේ හැටියක් වෙන්න ඇති.දිගටම ලියන්න ලස්සණයි ඔයාට ජය වේවා!!!!!

    ReplyDelete
  14. සහෝදරී සමාවෙන්න කලින් කරපු කමෙන්ටුව අයින් කරන්න වුනාට.හේතුව පේනවනේ

    ReplyDelete
  15. @පුබුදුවා අයියා.. මීට කලින් ඔයා මගේ blog එකේ comment කරලා තියනවා අයියා.ඒ නිසා මට ඔයාව මතකයි..ස්තූතියි ඔයාගෙ comment වලට..
    ආ..මැකුවට කමක් නෑ ආයෙත් ලියලා තියනවනේ.. ආත්මාර්ථකාමිකම නෙවේ ඒ ආදරේම කොටසක්ලු.. මම නම් දන්නෑ අයියා.. හසි අයියා තමයි කිවුවේ..ඒක එහෙම වෙන්න ඇති නේද?

    ReplyDelete
  16. හසී අයියා කිව්වා නම් එහෙම වෙන්න ඇති,ආයේ දෙකක් නැහැ ඒකේ

    ReplyDelete
  17. ඔව් නේද පුබුදු අයියා..

    ReplyDelete
  18. මේකටත් එක්ක හරියන්න කමෙන්ට් එකක් ඊළඟ එකට දැම්මා. ඒ මදෑ කියලා හිතනවා :)

    ReplyDelete
  19. @Hasitha අයියා.. ඒ මදෑ අයියේ..:)එකම ලිපි පෙලක් නොවැ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...