Monday, October 18, 2010

ඇබිත්තං ගම්මිරිස් ඇටේ පණ්ඩිතකම..

එකෝමත් එක රටක හිටියලු..(ඇත්තට කවුද හිටියෙ..?)අහ්!.. පුංචි ගෑනු ළමයෙක්. පුංචි කිවුවට පුංචිමත් නෑ. ඒත් ඉතින් අපි එහෙම කියමුකෝ. ...ඔන්න ඔය ළමයා හරිම දඟයෙක්.දඟ වගේම තමා සැර... ඉතින් ඔය බටු ඇටෙයි,එයාගෙ පිරිවරයි..(පිරිවර කියන්නේ අත්තා,අත්තම්මා,අම්මා,අප්පොච්චි,අක්කණ්ඩි,අයියණ්ඩි යනාදී එකී නොකී ඈයො) දවසක් ගියාලු පෙරහැරක් බලන්ට.
වේලපහින්ම ලකලෑස්ති වෙලා කට්ටියම සේන්දු වුනා "අළුවිහාරෙ"පංසල් බිමට..පංසල් බිමට කිවුවට ඒ අහලකටවත් කිට්ටුවෙන්න බැරි තරම් සෙනඟ..... පෙරළෙන පැත්තට "හෝයියා"කිවුවා වගේ"ඈතට යනකොට තමා පෙරහැර හැදෙන්නෙ"කියලා කට්ටියම ටිකක් ඈතටවෙන්න පාර අයිනෙන් හිට ගත්තා...
 ටික ටික සෙනඟ වැඩි වෙනකොට පාරෙනුත් ටිකටික ඈතට.. ආයෙත් පෙරලෙන පැත්තට හෝයියා theoryයෙන් "පෙරහැරේ අලිත් යනවනේ..කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි"කියලා හිතාගෙන නඩේ සියල්ලෝම පැත්තකට වුනාලු...
ඒත් ඉතින් දොඩංගෙඩි දෙකක් තරංවත් උස නැති අපේ කතා නායිකාව ඉස්සරහටම වෙලා අත්දෙකත් බැඳගෙන උජාරුවෙන් බලන් ඉන්නවලු..(තාම පෙරහැර එන්න හිතලාවත් නෑ කියලයි ආරංචිය..ඒත් මෙයා ඇස් දල්වගෙන..හික්..)
දොඩං ගෙඩි දෙකක් තරං උස නැති වුනාට බණ්ඩියෙ කපුටො මහ එවුන් 10ක් විතර ඉන්න විදිහට තමා මේ පුංචි ඇත්ති හැසිරෙන්නේ.. එක පාරක කඩල,තව පාරක බැඳපු රටකජු...   ඉතින් මේ දැරිවිට කොච්චර කිවුවත් පාරෙන් ටිකක් ඈතට වෙන්න අම්මලා ළඟ ඉන්ට කියලා කෝ..!!ඇහුව එකක්යැ.....
 ඒ දැරිවිට අවවාද දෙනවට වඩා හොඳයි කට ගලක උලාගන්නඑක කියලා හිතපු වැඩිමල්ලෝටික වෙන කතාවකට වැටිලා "පුංචි බටු ඇටේට ඕනෙ කෙහෙල්මලක් කරගන්න"කියලා හිටියා..
 දැන් ඉතින් පුංචි කකුල් රිදෙනවා හිටගෙන ඉදලා..ඇස් දෙක පියවෙන්න වගේ නිදිමතත් ඇවිල්ලා.. මොනවා කරන්නද පණ්ඩිතකමට කරගත්ත දෙයක් කියලා හිත හිත බටුඇටේ පෙරටම වෙලා ඉන්නවා තාමත් ඇස් දෙක පොඩි කර කර.....
ඔන්න ඉතින් ඈතින් කස තලන සද්දේ ඇහෙද්දී හිතට හරිම සතුටුයි... කවදා දැකපු පෙරහැරක්ද..!!
කසකාරයෝ.., නැට්ටුවෝ...,කොඩි අරන් යන උදවිය..යනාදි විදිහට පෙරහැර ඉදිරියටම.... ඊට පස්සෙනේ හොඳම හරිය... සද්ධන්ත කුලේ ඇත්තො එක්කෙනා දෙන්නා දැන් ඔන්න ඉදිරියටම ඇදෙනවා....
හිතට ටිකක් බයයිත් වගේලු..ඒත් ඉතින් දැන් එතනම ඉන්නවා ඇර කෙලි පොඩ්ඩට වෙන කරන්න දේකුත් නෑනෙ.....
එකපාරටම පොලිස් මාමා කෙනෙක්  හයියෙන් මොනවද කියාගෙන එනවලු පාරදිගේ..
"අලියෙක් කුලප්පු වෙලා...කලබල වෙන්ඩ එපා......අපිට ඔය අතුරු පරෙ ඉඩ දෙන්ඩ..."////////
අ...ලි..යෙ..ක්...කු..ල... කිවුව විතරයි මිනිස්සු දිඹිගෝටයක් ඇවිස්සුනා හා සමානව..ඒ මේ අත දුවනවා
සමහරු දුවන අයට පෑගිලා කෑ ගහනවා"බුදු අම්මෝ..මාව පෑගෙනවෝ"
 සමහරු දුවන්නෙ අරමුනකින,සමහරුනම් හිස් ලූ ලූ අත.... 
එතකොට කෝ අපේ කතානායිකාව.......................
කට්ටියම දැන් හොයනවා කතානායිකාව කොහෙද කියලා..හරි ලොකු කෙනානෙ..හොයන්නත් හරි ලේසි:):)
කෝ...පේන්න නෑ......
තාමත් හොයනවා...අරෙහෙ හොයනවා.. මෙහෙ හොයනවා...... 
බැරිම තැන පාරට ටිකක් ඈතට වෙන්න නවත්තලා තියෙන වාහන ඇතුලෙත් බලන්න කට්ටියට හිතුනා...
 හොඳ වෙලාවට.....බැලුවේ 
මෙන්න ඉන්නවා බටු ඇටේ තුංකුද ගැහිලා ත්‍රී විල් එකක් ඇතුලේ.... කට්ටිය කතා කරනවා..වගක් නෑ ඔන්න!
 ඇස්දෙක වහගෙන තදකරලා..කන් දෙකටත් ඇඟිලි දෙකක් ඔබාගෙන....  
කොහොමහරි අලිහුටපටේ අහවරයි කියලා ඒත්තු ගියාට පස්සේ කෙලි පොඩ්ඩ ඇස් ඇරලා වට පිටත් බලලා කිසිම පණ්ඩිත වැඩක් නොකල ගානට හෙමීට එලියන ආවනේ..අම්මගෙත් තරහ නිවිලා තිබ්බ නිසා ගුටි පූජාවක් නම් පැවැත්තුවේ නැනෙ ඉතිං...
අවසානයේ පවුලේ සියල්ලෝ නිවස බලා සතුටින්  විසිර ගියාලුනේ.....

16 comments:

  1. ඒ බටු ඇටේද දන්නෑ නේද "පතක නොඇඳුනු සිතක සිත්තම් වුනු කැටයම්" කියලා බ්ලෝග් එකක් කරන්නේ...?
    හික්ස්...

    ReplyDelete
  2. හප්පේ පොඩි උනට කරලා තියන දෙයක් .... නේද..?ඉතින්..

    එතකොට මේ නගාගෙ ගෙවල්.....?

    මාතලේ පෑත්තේද..?


    හොදා හොදා ..... විරයන් බිහිකල නගරයක් නොවෑ...මාතලේ කියන්නේ.. එදා ඉදන් අද දක්වාම..... පුරන් අපුලාගෙ සිට ----- ෂවෙන්ද්‍රසිල්වා දක්වාම නෙද ද..?

    ReplyDelete
  3. @හසියා...හික්ස්...!!නෑ අයියේ මේ ඒ blogඑක ලියන කෙලීගෙ නඟා ගැන නොවෑ..ඒ කෙල්ලත් ඔය වගේ වැඩ කරලා තියනවලු... ඉදිරියට ලියන්නයි හිතන් ඉන්නේ..:):)

    ReplyDelete
  4. @ඉලංදාරි අයියණ්ඩි,
    ඔව්..මම කේතලේ මල්ලක් තමා ඉතින්.
    ඇත්ත අයියා ගොඩක් වීරවරු බිහිවෙලා තියනවා මාතලෙන්.
    ඒ ගැන කතාකරන්න ආඩම්බරයි...ඒ ගැන කිවුවට ස්තුතියි,,,!!

    ReplyDelete
  5. මොකෝ...(නංගි ) දැන් නිසැදැස් ලියන එක අඩු කරලද...නියමෙට ලියනව හැබයි..ඉවර වෙනකල් ම කියවන්න හිතෙනවා.....නිතරම නිසැදැස් නැතුව මෙවෙමත් ලියමු......

    ReplyDelete
  6. ඔව්නෙ රත්ගමයා "අයියේ"(හික්ස්...!)මට හිතුනා කවි සිතුවිලි වලින් ටිකක් මිදෙන්න.... සමහරවිට දුක හිතෙන ආදර කවි නොලියාම ඉදී. මට එහෙම ඒවා ලියන්න එපා කියලා යාළුවෙක් කිවුවනේ..:):)
    "නියමෙට ලියනවා"කිවුවට බොහොම ස්තූතියි..ලියන්න උත්සාහ කරනවා..මට හිතුනා සාර්ථක මදි කියලා..:):)

    ReplyDelete
  7. ඔයාලගෙ ගෙවල් පැත්තෙ කතාවක්ද ? :)

    ReplyDelete
  8. මාත් කියන්නම හිටියේ එක දිගට කවි ලියන්නේ නැතිව වෙනසක් කළොත් හොඳයි කියලා.

    නඟා කරලා තියෙන වැඩේ නම් අපූරුයි.

    නංගි නිදාගත්තා කියපුවාම මතක් වුණේ දවසක් කැලණි ගියා බෝධි පූජාවකට. අපිත් එක්ක හිටිය කාර් එකක ආපු කට්ටියකගේ පුතා නිදිමතයි කියලා කාර් එකේ නිදාගන්න ඇවිත්. මෑන්ට අවුරුදු 5 ක් විතර.

    අන්තිමට බෝධි පූජාව ඉවරවෙලා කාර් එක ගාවට එද්දී මෑන් නිදි හොඳටම කාර් එකත් ලොක් කරගෙන. යතුරත් මෑන් ගාව. අපි කට්ටිය වීදුරුවලට තට්ටු කළා. කාර් එක හෙල්ලුවා. එහෙට මෙහෙට පැද්දුවා. ඒත් කොල්ලා සැපට නිදි.

    පුලුවන් තරම් සද්ද බද්ද කළා. කොල්ලා කුම්භකර්ණයා වගේ නිදි. අන්තිමට වාහනේ ලොක් එකට පොඩි වැඩක් දීලා තමා කාර් එකේ දොර ඇරගත්තේ

    ඉලංදාරියා ට
    පුරන් අප්පු මීගමුවේ කෙනෙක් නේද ? පස්සේ නේද මාතලේ පැත්තට ඇවිත් තිබුණු ඉංග්‍රීසි නම වෙනස් කරගෙන අධිරාජ්‍ය විරෝධී සටනට එකතු වුණේ............

    ReplyDelete
  9. @නිසල්..ගෙවල් වලට ටිකක් දුරයි යාළුවා..ඒත් ඉතිං මාතලේම තමා..

    ReplyDelete
  10. @Hasitha අයියා.., ඔව් මටත් හිතුනා ටිකක් වෙනස් වෙන්න..:)

    පුංචි අයට නින්ද ගියාම නැඟිට්ටවන්න හරි අමාරුයි තමා අයියා..(ලොකු අය ගැන නම් ඉතින් කියන්න ඕනෙ නෑ..එයාලා කලින්ම ඇහැරෙනවනේ..හික්.)
    කාර් එක ඔයාලා ඇරියෙ කොහොමද කියලා නම් අහන්නේ නෑ අයියේ...
    පුරන් අප්පු ගැන මම ඔයා තරම් නම් දන්නෑ අයියේ..ඔයා ඉලංදාරි අයියාගෙන් අහනවා දැක්කා ඒකයි.."පුරං අප්පු කුළුණ කියලා එකක් නම් තියනවා මාතලේ town එකේ..මම හිතුවේ එයා මාතලේම කෙනෙක් කියලා..

    ReplyDelete
  11. හා හා තරමට නෙවෙයි නේ වැඩ... ;)

    ReplyDelete
  12. ඒකනේ සොරෝ අයියේ..තාමත් ඔය "බටු ඇටේ"ගෙ තරමට නෙවෙයි වැඩ....:):)

    ReplyDelete
  13. ෂා... මම අදනේ මේ පැත්තේ ආවේ... මම පරක්කු වෙලා. වගේ.. ප්‍රාර්ථනා...නමේ හැටියටම ප්‍රාර්ථනයක් වෙන්න කියල පතනව නංගෝ...

    ReplyDelete
  14. සමාවෙන්න මට වැරදීමක් වෙලා. පුරන් අප්පු මීගමුවේ නෙමෙයි මොරටුවේ තමා ඉපදිලා තියෙන්නේ. මේ තියෙන්නේ............

    http://en.wikipedia.org/wiki/Puran_Appu

    ReplyDelete
  15. @වත් අක්කේ,ස්තූතියි..කොමෙන්ට් කලාට..හොඳේ..?

    ReplyDelete
  16. @Hasitha අයියා..,මම ඇත්තටම දන්නෑ අයියේ ඔය ගැන..මම බලන්නම්කෝ.ඔයා කියන දේ ගැන...

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...