Friday, October 22, 2010

සිතත් දැන් දැනුම් තේරුම් ඇත්තෙක්..... 2..

දෙමවුපියන් දරුවන් වෙනුවෙන්ම වෙහෙසී මියැදෙයි.ඒ වනතුරුත්... නොහැඟෙන්න පුළුවන් ඒ හැරයාමේ අඩුව,තනිකම...,. ඇත්ත ඒකයි...! අපේ දෙමවුපියෝ ඔවුන්ට ලබාගන්න නොහැකි වූ දේවල් හෝ දරුවන් ලබාගන්නවා දකින්න කැමති දේවල් දරුවන් තුලින් දකින්න උත්සාහ කරනවා.ඒ කාලේ දරුවන්ට ඒක පුදුම කරදරයක්.. වදයක්(අද්දැකීමෙන් මම දන්නවා)..ඒත් ජීවිතේ අපි හිතන තරම් දිගු නෑ..හරිම කෙටි. දරුවා උස් මහත් වලා මුළු රටේම බුහුමන් ලබනකොට දෙමවුපියන් තවදුරටත් ඔහු/ඇය අසල නැති වෙන්න පුලුවන්... අන්න ඒ මොහොතේ මුලු ලෝකෙම තමන් එක්ක... ඒත් පුරවන්න බැරි ලොකු අඩුවක් හිත ඇතුලේ හිරවෙලා.. සෙනඟ පිරමින් ඈත මෑත බලයි.... නෙත් සොයයි..ඔවුන් කොහිද..??...ඔවුන් ළඟාවන්නට බැරි දුර ඈතට ඒ වන විටත් ගිහින්.............
               "ඇරඹුමම කඳුළක් වෙලා...
                මම බලාඉද්දී ඒ දිහා..
                ආ දුරත් දුර වැඩි නිසා..
                අවසානයට පෙර ඈ ගියා.."
සමහරවිට මේ කසුන් කල්හාරයන් ගැනම වෙන්න බැරිද..?.මාලනි බුලත්සිංහල මහත්මිය ජීවතුන් අතර සිටි කාලයේ කසුන් කල්හාරයන් නවකයෙක්.. ඒත් තමන් මිනිස් හදවත් තුලට ගියා... ප්‍රවීණත්වයට පත්වුනා කියලා හිතන අවස්ථාව වන විටත්...ඒවැනි ජයග්‍රහනයකදී තමන් ගැන උපරිමෙන් සතුටුවන "ඇය".... නොඑන ගමන් ගිහින්...... ගොඩක් ප්‍රමාදයි.....ඒත් ආයෙත් අතීතයට ඇඳීයන්න බෑ...!
මේ කියවෙන්නේ අම්මා ගැනමයි කියලා මට හිතුනේ "ආ දුරත් දුර වැඩි නිසා" කියන පද පෙල නිසා.. පෙම්වතියක් ගැන කියනවානම් මෙහෙම කීමේ තේරුම මොකක්ද?(මට තේරෙන තරමින...)
                "දුක්බරම කවියක් ලියා..
                 එක පදපෙලක් අඩුවෙන් තියා..."
 පියවරෙන් පියවර ක්ෂේත්‍රයක ඉදිරියට එන්න කවුරුහරි උදවු කලයුතුයි.මෙතනදී නම් "අම්මා".ඒත් කෙනෙක්ට ප්‍රශ්න වැඩිපුර එන්නේ සාර්ථක වෙන්න වෙන්නයි.ඉතින් එවැනි මොහොතක මවගෙ අඩුව කොතරම් දැනෙන්න ඇද්ද...
                 "අරුත් පසිදින්නට කියා
                  අවසානයට පෙර ඈගියා.."  එතනත් පේන්නේ ප්‍රශ්න මුල අතරමං වීමක් නේද..?


                  "ශෝකාන්තය එන තුරා..
                   තව රැඳෙන්නට සිත් නැතිනියා.."
අම්මා කෙනෙක් කවදාවත් ප්‍රශ්න හමුවේ දරුවා තනි කරන්නෑ..එහෙම වෙද්දී මව තමන් හැර ගියේ ලොකු දුකක් තමන්ගේ දරුවාට මුහුණදෙන්න වෙනවා දකින්න තියන අකමැත්තටද("තව රැඳෙන්නට සිත් නැති නියා")..කියලා දරුවා අහනවා වගේ මට මෙහිදී හැඟෙනවා.
                   "අනන්තය ළඟ මා දමා..
                    අවසානයට පෙර ඈ ගියා.."
එතනදී කියවෙන්නේ ප්‍රශ්නයකින් ගොඩ එන්න බැරුව..."මේ ප්‍රශ්න වලට විසදුම් කියා නොදී ඇයි අම්මේ මාව දාලා ගියේ"කියලා නොහඩා අමතන දරුවෙක්ගේ හද ගැනයි....(මට තේරුනේ එහෙමයි)
(මේ තේරුමම තියන ගීතයක් තමා සුනිල් එදිරිසිංහයන්ගේ "දෙවැනි බුදුන් ලෙස"ගීතය...ගොඩක් හිතට වදින ගීතයක්..)

 මම නම් ගොඩක් එකඟ මේ ගීතය ප්‍රේම ගීතයක් කියන දේටයි...ඒත් මේ ළඟදී දවසක මගේ යාළුවෙක් මේකෙ තේරුම මේ වගේ දෙයක් කිවුවම මම ටිකක් හිතලා බැලුවා..වෙන්න පුළුවන් නේද කියලා...

 කොහොම වුනත් මම කියන්න ආසයි මෙන්න මේ දේ.අපි හිතනවාට වඩා ජීවිත ගොඩක් කෙටි.අපි කෙනෙක්ට හෙට දෙයක් කියන්න හිතන් හිටියා කියමු..ඒත් අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්..
සමහරු සෙනෙහස හිතේ හංඟගෙන ඉන්නවා.. දෙමවුපියන්ට,සහොදරයින්ට,බිරිඳට/සැමියාට,දරුවන්ට..
ඒකෙන් වැඩක්ද..? මම නම් හිතන්නේ මම කෙනෙක්ට ආදරේ නම් පුලුවන් උපරිමෙන් ඒ දේ අඟවන්න ඕනෙ කියලා...අම්මාට, අප්පච්චිට, අත්තම්මට, ලොකුඅත්තට, අයියට, නංඟිට..(දැනට වැඩිපුරම මෙච්චරයි..)
මමත් කැමති මට ආදරේ බව අඟවනවානම් විතරයි..හිතේ හංඟගෙන ඉන්න සෙනෙහසකින් මටනම් "තුට්ටු 2ක තරම්වත් වටිනාකමක් නෑ"
සමහරවිට ඔයාලා මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්..මම හිතන විදිහ එහෙමයි... මම කැමති හැඟීමක් විදින්න විතරයි... "හිත ඇතුලෙ ඇති - නොපෙන්නුවට"කියලා විදවන්න නෙවේ..
දහසකුත් එකක් සිතිවිලි අස්සේ මට හොඳටම මම ගැන හිතෙන විදිහ ඒකයි..
     "සෙනෙහසට සෙනෙහෙ කිරීම"
ලස්සන වචන ටිකක්..ලස්සනම ලස්සන තේරුමක්................!

17 comments:

  1. මේ දවස්වල ප්‍රාර්ථනා වැඩියෙන් සිංදු අහනව වගේ...කොහොම උනත් ඔයා ඒව ලස්සනට පැහැදිලි කරනවා..ඒ විදිහට රත්ගමයා ආසයි...අලුත් ලිපියක් එනකල් නිතරම බලන් ඉන්නේ...

    ReplyDelete
  2. අනේ නෑ රත්ගම සහෝ..! මම කොහොමත් ගීත අහන්න හරි කැමති..ගොඩක්ම කැමති ඒ ගීත මගේ කරගෙන තේරුම රසවිදින්න.. ඉතින් මම ආසයි වැඩි වැඩියෙන් ඒ ගැන ලියන්න..
    ඔයාලා එළිකරපු පාර දිගේ තවදුරටත් මම ඉදිරියට..සහෝ...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්.....
    මේ පාර නංගියා මගේ හිත කියෙව්වා වගේ...කියන්න ඕනිදේ ඒ විදිහටම හරියටම කියලා තියේ...අනර්ඝයි අතිවිශිෂ්ඨයි නියමායි...ඇත්තමයි නංගියෝ කියන්න වචන නෑ....

    මොන හේතුවක් නිසාද මන්දා මාත් කැමති මේ ගීතය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට කියන අදහසින් සවන්දෙන්න.

    "සෙනෙහසට සෙනෙහෙ කිරීම"
    ඇත්තටම ලස්සන වචන පෙලක්...සැඟවෙලා තියෙන අර්ථය තේරුම් ගත්ත කෙනෙකුට, විදින්න පළුහන් උපරිම ආදරය සතුට සෙනෙහස දයාව කරුණාව උණුසුම අනිත් පාර්ෂවයෙන් විදින්න පුළුහන් කියලයි මම නම් හිතන්නේ.....

    ලිපිය වගේම අන්තිමට කියලා තියෙන වචන ටිකත් අනර්ඝයි....දිගටම ලියන්න...හදවතින්ම සුභ පතනවා නංගියෝ.....

    ReplyDelete
  4. ඇත්තටම අක්කි මාත් එකග මේ ගිතය ප්‍රේම ගිතයක් කියන 1කට .....අක්කි මුලින්ම කියලා තියන දේට මම ගොඩක් එකගයි,,,,,අපේ අම්මි තාත්ති,,,නැති කාලෙක අපි කොච්චර ජයග්‍රහන ලැබුවත් අපි වෙනුවෙන් හද වතින්ම සතුටු වෙන්න කව් රුත්ම නැ එදාට අපිට මොන දේ ලැබුනත් වැඩක් නැ............(යුද්දේට නැති කඩුව කොස් කොටන්නද

    ReplyDelete
  5. @හසි අයියේ,බොහෝ...................ම ස්තූතියි..!මට හරිම සතුටුයි අයියේ ඇත්තමයි...
    මම තව ගීත කීපයක් මට දැනුන විදිය ලියන්න හිතන් ඉන්නවා.. කමක් නැද්ද.. එපා වෙයිද..?

    ReplyDelete
  6. @shani නඟා, මේ පැත්තේ ආවට ගොඩක් පිං.. ඇත්ත.. ඒ නිසා මම නම් තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්නේ.. හෙට පරක්කු වැඩි වෙන්න පුලුවන්..

    ReplyDelete
  7. නියමයිනේ අහන්නත් දෙයක්ද ඉතිං ඕක....ලියන්න....අපි ඉන්නව නොවැ කියවන්න.....

    ReplyDelete
  8. මේ සින්දුව ඉස්සරවෙලාම ඇහුවෙ 2001 දි. එදා ඉදලම මම මේ ගීතයට කැමතියි. මේක ආදර ගීතයක් නේද?

    ReplyDelete
  9. @dinesh.. එහෙම කියන්නත් පුළුවන්.. මෙහෙම කියන්නත් පුළුවන් නේද?

    ReplyDelete
  10. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි නේ. නංගිත් එහෙම කෙනෙක් බව පේනවා.

    ඇත්තටම මටත් හිතෙන්නේ කසුන් කල්හාර තමන්ගේ අම්මා ගැන ගායනා කරපු ගීතයක් තමා මේක. ඒත් හුඟාක් අය හිතන්නේ මේක ආදර ගීතයක් කියලා.

    නංගී දක්ෂයෙක් බව පේනවා මේකෙන් කියන දේ හඳුනා ගත් නිසා.

    ඒ වගේම පුලුවන් නම් හොයාගෙන අහන්න රනිඳු කියන "සංසාරයේ" කියන සිංදුව. ඒකත් වෙනස් විදිහකට මවු ගුණ ගැන කියන ගීතයක් කියලයි මට හිතෙන්නේ.

    "රන් හිරුයි ඔබ යෞවනේ
    හදවතයි ඔබ ජීවිතේ
    මල් මිටයි මගේ ආදරේ
    ඔබ මගෙයි ආනන්දයේ

    උල්පතයි කරුණා ගුණේ
    සෙනෙහසයි ඔබ රන් කිරේ
    නාදයයි මගේ ජීවිතේ
    මා ඔබෙයි සංසාරයේ

    සැනසුමයි මගේ ජීවිතේ
    සිසිලසයි මේ පින්බිමේ
    ජීවයයි කුළුදුල් පෙමේ
    මා ඔබෙයි සංසාරයේ"

    මේ තමා ගීතයේ මුල් ටික. අනික් ටිකත් අහලාම බලන්නකෝ

    http://www.youtube.com/watch?v=bUZKWDlLIto

    ReplyDelete
  11. හරිම අගෙයි ප්‍රාර්ථනා.ඔයා ගීතයට නව අරුතක් එක්කරලා තියෙනවා.මේ ගීතය අහන හැමෝම හිතන්නේ මේක ආදර ගීතයක් කියලා.මම හිතුවෙත් නැහැ.ජයවේවා ඔයාට...

    ReplyDelete
  12. @Hasitha අයියා,ඔව් අයියා..ඒ ගීතය අපිට එහෙමත් දකින්න පුළුවන්. මම පත්තරේක රචකයාම මේ ගැන කියනකම් හිටියෙ ඒ අදහසේ. ඒත් රචකයා ලියලා තිබ්බා මේ ලියලා තියෙන්නේ විරහ ගීතයක් කියලා... ඒත් ගීතයක් අපි කැමති විදියට රස විදින්න පුළුවන්. මම ඔය ගීතය අහන්නම්.. ඔයා කිවුව විදියට. ලොකු අමුත්තක් තේරුමේ තියනවා වගේ... අහලම බලන්නම්කෝ..
    ස්තූතියි.. comment එකට අයියේ.

    ReplyDelete
  13. @පුබුදුවා අයියා.., ගොඩක් ස්තුතියි අයියේ.. ගීතයකට වඩා ඒ ගීතයේ සැඟ්වුනු අර්ථය,ඒකට පාදක වූ කතාව පුදුම ලස්සනයි අයියා.

    ReplyDelete
  14. සත්තකින්ම... ඇරඹුම කඳුළක් කියන මේ ගීතය මාත් දැක්කේ පටන් ගන්න කලින්ම නිමා වුන ප්‍රේම ගීයක් විදිහට... අලුත් මානයකින් ඒ දිහි බලන්න අපේ නෙත් ඇරියට තුති.....

    ReplyDelete
  15. මම හිතාගෙන හිටියෙත් මේක ප්‍රේම ගීතයක් කියල තමයි. නමුත් අක්කා හිතන විදියටත් ඒ ගැන හිතන්න ඔන තරම් සාධක තියෙනවා...
    දෙයක් ගැන වෙනස් විදියකට හිතල ඒ දේ තවත් ලස්සන කරනන් අපිට පුලුවන් අක්කේ.....
    ස්තූතියි අක්කේ!!

    මමත් පොඩ්ඩක්වත් කැමති නෑ හිතේ හංගන් ඉන්න ආදරේකට. ආදරේ තියෙන්නෙ හංගන්න නෙමේ, ඒක වි‍‍‍ඳගන්න. අම්මා 'මගේ පුතේ' කියල ඔලුව අත ගාලා කතා කරද්දි දැනෙන සතුට, එයා එක නොපෙන්වා ඉද්දි ලබා ගන්නෙ කොහොමද?

    "සෙනෙහසට සෙනෙහෙ කිරීම"
    මගේ මතයට අනුව අපි සෙනෙහසට සෙනෙහෙ කල යුතුයි. නමුත් මට සෙනෙහෙ නොකරන කෙනෙකුට සෙනෙහෙ කරන්න මට කවදාවත් බෑ.... (මම දන්නෙ නෑ මම හරිද වැරදිද කියලනම්)

    ReplyDelete
  16. ඔයා හරි මල්ලී.. තමන්ට සෙනෙහෙ නොකරන කෙනෙක්ට කොහොමද තව කෙනෙක් සෙනෙහෙ කරන්නෙ.. ඕක තේරුම් ගන්න ගොඩාක් අයට අමාරුයි.. ප්‍රශ්නෙ ඒකයි.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...