Tuesday, November 20, 2018

එදා වේල

Hotel hilton එකෙන් කාලා ගෝල්ෆේස් එකේ රැල්ල පාඟන ලස්සන ජීවිතම විතරක් රූප පෙට්ටියේ පියාඹන.. මයිලෝ දාපු කිරි බිබී සූරපප්පා බලන සූටික්කෝ ඉන්න පොත් කියවන ගමන් මං පොඩ්ඩක් වාට්ටුව දිහා බැලුවා..
බැලුවා නෙවේ බැලුනා..
නිය අඟ කළු ගැහුන .. ඒ නියපොතු වලින් කොණ්ඩෙ කස කසා එන පොඩ්ඩියක්.. වයස අවුරුදු දහයක් විතර..
කෙලීගෙ අම්මා අතේ පැටවු දෙන්නයි..
එකෙක් කෙල්ලක්.. ඒකිට පණු අමාරුව... පාණ්ඩුව.. ඔහේ වැටිච්ච තැන වැටිලා...
අනික් පොඩි එකාට ඇදුම.. හතිය.. සති දෙහෙකට කලින් එළොව ගිහිං මෙලොව ආවේ..
අවුරුදු දහයේ පොඩ්ඩි එක පැටියෙක් කිහිල්ලෙ ගහගත්තෙ මහ පුරුදු කාරී වගේ නෙව..
ආයේ අම්මා කියනකං හිටියෙ නැ...
කකුල් දෙක උඩ පැටියා තියාගෙන මෙන්න යස අගේට නලවනවා..

ඊට එහා පැත්තෙ ඇඳේ ශෝක් සෝස බබෙක්.. අවුරුදු දහයයි.. හැබැයි කවන්න නාවන්න නිදිකරන්න.. අම්මයි අප්පයි විතරක් මදි.. අත්තම්මත් ඕනේ..

අපි ඉන්නෙ එහෙව් රටක..
නැති බැරිකමක විතරක් ඇස් ගෙඩි දෙකෙන් පෙරෙන මිනිස්සු ඉන්න රටක..
තනේ කිරි ටික ඇර.. පැටවුන්ට දෙන්න බත් ඇටයක් ගෙදර නැති මිනිස්සු ඉන්න රටක..

ඇහැටුල්ලෝ වගේ පාර්ලිමන්ට් ජෝක් බැලුවට කාරි නෑ.. සුජීවගේ පොත් කියෙව්වට කමක් නැ.. ඒත් අපේ රටේ වැඩිහරිය ඉන්නෙ අන්ත අසරණ මිනිස්සු කියන එක අමතක කරන්න එපා...
තව තප්පරයකින් අපි මැරෙන්න පුළුවන්..
හුස්මට කටට දුවන ජීවිතේ එළොවට දෙයක් කරගන්න වෙනම වෙලාවක් නැති වෙන්න පුළුවන්...
මොකද අපි පැය විසිහතරෙම ඉන්නෙ ඔරලෝසු කට්ට පස්සෙ පැත්තෙ එල්ලගෙන..
එහෙව් වෙලාවට තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ වාට්ටුවකට ඇවිත් ඇඳුම් කැඩුම් ටිකක්.. බෙහෙත් ටිකක්... කොට්ටයක් පැඳුරක්... සෙල්ලම් බඩුවක් දීලා ගියාම දැනෙන සතුට.... විඳලා බලන්න..

3 comments:

  1. This is a beautifully written and thought-provoking piece.

    ReplyDelete
  2. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...