Friday, January 27, 2012

අයියා.... මාළුවා ද..?





                                 කෙනෙක්ට ඇබැද්දී වීමෙත් සීමාවක් තියෙන්ඩ ඕනෙ.. නැද්ද මං අහන්නේ..? ඒක එහෙම වෙලත් මම නම් වූ ප්‍රාණීයා වැලක් යැයි ගණන් නොගෙන දිගින් දිගටම ඇබැද්දි වුන දවසකුත් තිබුනා ඔන්න සතියකට කලින් ඉරිදා දවසක.. ගිනි මද්දහනේ.;);)

                                 ඔය කියන ඉරිදා ගිරිබාව කියන සුන්දර පිටිසර ගමේ තිබුනා Medical camp එකක්. ඒකෙදී පලවෙනි වසරේ පොඩි පොඩි අයට ලොකු ලොකු වැඩ තිබුනේ නෑ.දුන්නත් කරන්ඩ බෑනේ,ඒකයි... :P:P

                                  ඉතින් අපිට තිබුනේ ප්‍රදර්ශනයට තියලා තිබුන නිදර්ශක නරඹන්නන්ට විස්තර කර කර ප්‍රදර්ශන කුටි වලට වෙලා ඉන්ඩ.

                                  ඔන්න මට හම්බුනේ නියම කුටිය.. "අපරාද පරීක්ෂණ " කුටිය.. ඊටත් හරියන්ඩ නියම නිදර්ශකේ..
                                  ඒ තමා මාළුවෙක් ස්වාසනාලේ ගිරවෙලා මිය ගිය කෙනෙක්ගේ උගුරක්.. මට ඉතින් තියෙන්නෙ වීදුරු පෙට්ටිය ලඟ වාඩි වෙලා ඒ ගැන පුරාවෘත , යටගියාව විස්තර කරන එක.

"මේ තියෙන්නෙ ස්වාසනාලේ පොඩි මාළුවෙක් හිරවෙලා මිය ගිය කෙනෙක්ගේ උගුර ප්‍රදේශය.."
මම කියන්ඩ පටන් ගත්තා විතරයි....

"අනේ අම්මප... මාළුවා හපලා ගිලින්නේ නැතුව පෙරේත කොම ලොකු වුන එකට ඔහොමමයි වෙන්ඩ ඕනෙ.. "
ඒ දිහා බලන් අල්ලේ මූණ තියාගෙන අත්තම්මා කෙනෙක් කියන්ඩ පටන් ගත්තා.
(ඔන්න ඉතින් ඇඩ්... :D:D )

"නෑ...නෑ.. අත්තම්මේ මේ එහෙම සිද්ධියක් නෙවේ.. මේ බොහොම කලාතුරකින් වෙන දෙයක්.. මේ මාළුවා දැක්කම පේනවා නේ... උයලා බැදලා නැති විත්තිය... හොඳට ගඟේ මුහුදේ පීන පීන හිටිය මාළුවෙක්.. :D:D
මේකයි වෙලා තියෙන්නෙ.. මාළු අල්ලන මාමලා බිලිපිත්තේ නූලට ඇම ගැට ගහන්න ඇමට ගන්න පොඩි මාළුවා කඩනවා කටෙන්.. ඒ වෙලේ පණ පිටින් දඟලලා මාළුවා කටට ගිහින්.. උගුරට ගිහින් හිරවෙලා මැරිලා තියෙන්නෙ..."
ඔහොම තමා මම ඒ ප්‍රශ්නෙන් ගැලවුනේ...

ඔය අතරේ තමා මම ලෝක ප්‍රසිද්ධ වෙන තරමේ කතාවක් කිවුවේ...

                                 final year අයියා කෙනෙක් හිටියා අධීක්ෂණයට සහ අපිට මේ නිද්‍ර්ශක ගැන කියලා දෙන්න.ඔන්න අයියා අහනවා හැමෝගෙම ප්‍රශ්න,

හ්‍ර්දේවස්තුවට පිහියෙන් ඇන්නම කොහොමද මොලේ මැරෙන්නෙ..?

අක්මාවට දෙපැත්ත කැපෙන පිහියෙන් ඇන්නම ඇයි හතරට පැලෙන්නෙ.?.. 
  
මොන... ඔක්කොම පොඩ්ඩො ගල් ගිලලා වගේ.. නැත්තම් ඇදගෙන නානවා...
අන්තිමට අයියා ඒ ගැන හොඳට පැහැදිලි කරලා දෙනවා..

ඔන්න ඊළඟ ප්‍රශ්නෙ මට...

අනපේක්ෂිත විදිහට තමා ප්‍රශ්නෙ එල්ල වුනේ.. ඒ කියන්නෙ මම කට්ටියකට බොරු ගොඩාක් ඇදබාලා තවත් කට්ටියක් එනකම් බලන් හිටියා...

"නංගී , මූ මැරිලා තියෙන්නෙ කොහොම ද..?"
ඔන්න ප්‍රශ්නේ....

මම දැන් ඉන්නවා වීදුරු පෙට්ටිය ඇතුලේ තියන උගුර දිහයි වහල දිහයි බල බල..:O:O
මම බැලුවා මේ කවුරු ගැනද අහන්නෙ කියලා... 
ටිකක් හිතලා බලලා කිරලා මැනලා මම ඇහුවා...

" අයියා....................මාළුවා ද..? "...... o_O



 (අයේ ඉතින් කාඩ් දාන්ඩ ඕනෙ නෑනේ...:D:D..කවුරුත් බලෙන්...)

16 comments:

  1. එතකොට අයියා..මාළුවා(නෙමෙයි)නංගි මාළුවා

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නෙ නෑ... අයියා මාළුවා නැති දුකට නංගි මාළුවාට මොකද දන්නෙ නෑ වුනේ..;);)

      Delete
  2. නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ^_^... කියවන්න හොඳ තැනක් වගේ...

      Delete
  3. නියම කතාව....... ඇත්තටම මාළුවා මැරුනේ කොහොමද අක්කියා,,,,?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලී , ඒ අහිංසකයා ගැන කවුරුත් අහන්නෙ නෑ... එයා මැරුනේ "හුස්ම හිර වෙලා.."..:(:(

      Delete
  4. හික් හික් ඇත්තටම මාළුවා මැරිලද......

    ReplyDelete
  5. ප්‍රාර්ථනා නංගී ගොඩක් දවසකින්.. නියම කතාව..

    ReplyDelete
    Replies
    1. ගෙදර එන්නෙත් හුළඟ වගේ අයියා.. ඉතින් කොහොමද මේ පැත්තට ගොඩ වෙලාවත් යන්නේ...:/
      ස්තූතියි අයියා..!

      Delete
  6. හොහ් හොහ් හොහ්...... :D

    ReplyDelete
  7. ඕක හරි ප්‍රසිද්ධ නිදර්ශකයක්. මාත් ඕක දෙපාරක් දැකලා තියෙනවා.
    අපේ මලයාම මට ඕක ගැන පැහැදිලි කරලා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසිද්ධ නිසාමයි මම ඒ නිදර්ශකේ දකින්න ආසාවෙන් හිටියේ... අනේ වාසනාවට මටම ලැබුනා දවසක් පුරා ඒක විස්තර කරන්න... එහෙම වාසනාව විද විද ඉද්දි මටත් වුන දෙයක්..:D:D

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...