Friday, January 13, 2012

ආදරණීය පූසී..

                                                            ආදරනීය පූස් පැටික්කී


                                අපේ ගෙදර ඉන්නේ පැටී කියන ලස්සන සූටි පූසෙක්. එයා චුටිම නෑ.. දැන් ලොකුයි.මේ අපේ පූසාට මීට කලින් පෙම්වතියෙක් හිටියා.ඒත් ඒ පෙම්වතියට අපේ ගෙදරින් හරියට වැට කඩුළු.:(:(... ඔහොම තමා ඉතින් , ආදරේට කොහෙද නැත්තේ බාධා..?:D:D

                                                                       අපේ පැටී

                                      ඒ සම්බන්ධය බිඳ වැටුනා.ඒ විරහව නිසාම අපේ අහිංසක පැටී මෙච්චර කල් හිටියේ තනිකඩව. එයාට තනිකම් දෝසේ හැදෙයි කියලා බයේ අපේ අම්මලා ගෙදරට ගෙනාවා හරීම හුරුබුහුටි බලු පැටවු දෙන්නෙක්. ඒත් ඉතින් අපේ පැටී උන්දෑ නෙවේ අර අළුත් යාළුවෝ දෙන්නා ගනන් ගන්නේ... දැක්ක වෙලේ ඉඳන් පුළුන් පුප්පනවා... ඔන්න ඔහොම කාලේ ගත වුනා.

                                      මීට මාස ගාණකට කලින් අපේ එහා ගෙදරට බලු පැටව් දෙන්නෙකුයි සූට්ටං පූසි පැටික්කියෙකුයි ගෙනාවා. මේ බලු මාස්ටරුයි මැඩමුයි ලොකු වෙනකොට සෙල්ලමට ගන්නේ අර පුංචා පූසි පැටියාලු.. ඔය අවනඩුව කියන්න එයා දුවගෙන එන්නෙ අපේ දිහාවට..^_^

                                   අපේ ගෙදර පැත්තේ පූස් උන්නැහේලා සෑහෙන්ට සැරි සැරුවා.ඒ හැමෝම පැටී එළවලා දැම්මා.. පුදුමේ කියන්නේ එයා මේ චුටි පූස් එලවන්නේ නෑ.. කෑම කනකොට එයාටත් ඉඩ දෙනවා කන්න... අපිට හරි පුදුමයි ඇයි පැටී එයාට විතරක් විශේෂයක් කරන්නෙ කියලා.. එයා ගොඩාක් ලස්සන පූසියෙකුත් නෙවේ... කෙට්ටු , කට කළු , ඇස් දුඹුරු පූසියක්.. ඒත් අපේ පැටී එයාට හරි කැමතී..

                                    අපේ බලු පැටව් දෙන්නට මෙයා දැක්කම හරිම චූන්..;)... නගුට වනනවා හාරසිය හානට.. මූන ලෙව කනවා... අනේ පව් එයාලත් මෙයාට හරීම ආදරේ.. ^_^

                                                             පැංචයි පැංචී... ^_^


                                    මේ පූසි අපේ ගෙදර එනවට ඉස්සර අම්මලා කැමති නෑ.. පැටව් දායි කියලා.. ඒත් අනේ දැන් අපෙ අම්මා එයාට කතා කරන්නෙ "බට්ටි කිරිල්ලී" කියලා... ( අම්මා එහෙම කතා කරන්නෙ අපිටයි , අපේ බලු පැටව් දෙන්නටයි , මේ පූසිටයි විතරයි..;););)...)

මම දැන් දන්නවා ඇයි මේ පුංචි පූසට හැමෝම මෙච්චර ආදරේ කියලා.

                                   මේ පුංචි පූසා හරිම ආදරණියයි.එයාට ඕනෙ කෑම නෙවේ.. (පූසෝ සාමාන්‍යෙන් ආදරේ පෙන්නන්නේ කෑම ඕනෙ වුනාම විතරයි... :P)  එයාට ඕනෙ ආදරේ. හරිම සරල චරිතයක්.ඒත් එයාට හැමෝම ආදරේ.. කොටින්ම අපෙ අප්පච්චිත් එයාව හුරතල් කරනවා... ^_^

                                    එක දවසක් මේ පූසි පැටියා හවස් වෙලා ආවා හොරෙන් ගෙදර ඇතුලට රිංගන්න... :( ඒත් අම්මා එයාට එන්න දුන්නේ නෑ... යන්න ගෙදර කියලා එළියට යැව්වා... :(
ඒ වෙලේ පැටී හිටියේ UPS එක උඩ නිදාගෙන. ඒත් ඒ එළවන සද්දේ ඇහිලා එයා කුස්සිය පැත්තට දිවුවා. ඒත් දොර වහන සද්දෙට පැටී උන් තැනම නැවතුනා...

සමහර විට ඒ වෙලේ පැට්ටට හොඳටම දුක හිතෙන්න ඇති... 
මම ඒ ගැන අම්මට කිවුවම අම්මාටත් දුක හිතුනා.. ආයේ එහෙම නොකරයි මම හිතන්නෙ.. :/

ආදරණිය පූසී මේ වෙනකොට අපේ ගෙදර එච්චර පෙරළියක් කරලා

මේ දැනුත් එයා මගේ දණිසේ මූණ තියන් දොයි.... ^_^

19 comments:

  1. අපිත් පූස් පැටියෙන් ගේන්න ඉන්නේ. ගේන්න ඕනා හොද පූසෙක්ව.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අදහසක්... දාන්න ලස්සන නමක් එයාට... ^_^

      Delete
  2. Replies
    1. ආන්න ආන්න... දැන් මෙතන නොකක් හෝ හිනා වීමට කරුණු කාරණා තිබේද අයියා..??? නැද්ද ඔයාලගේ කැන්ටින් එකේ පූතෝ...??? :D:D... අපේ නම් පූස් පවුල් දෙක තුනක්.. පැටව් හත අටක්.. බලු පවුලක්.. පැටවු දෙන්නෙක් ඉන්නවා... හරි ෂෝයි අනේ...

      Delete
  3. හලේ හරි හුරතල්...... අපේ ගෙදරත් ඉන්නවා පහක්ම චූටි පූස් ලා.

    ReplyDelete
    Replies
    1. ෂෝක් ෂෝක්.. ඉතින් එයාලත් අපේ මේ පූසි පැටියා වගේ ද..? මොනවද ඔට්ටු 5ම එක වගේ නැතුව ඇති... :)

      Delete
  4. අපේ ගෙදරත් පූසෙක් ඉන්නවා.. ඒ මම! :D

    ReplyDelete
    Replies
    1. පූසියෙක් නැද්ද ? :)

      Delete
    2. ඔව් ඉතින් ඔයා ඉන්නකොට අහල ගම් හතකවත් කොහොමද පූස් වරිගේ එක ප්‍රාණියෙක්වත් වසන්නේ..? ;);)

      හොඳ ප්‍රශ්නෙ ඇනෝ..

      Delete
  5. අපේ හොස්ටල් එකෙත් ඉන්නවා පූසෝ රොත්තක්ම....... හැබැයි මම වැඩියෙන්ම ආස ෆැකල්ටි කැන්ටින් එකේ ඉන්න චූටි බෝලෙට. එයත් හරිම හුරතල්......... උකුලේ සැපට නිදාගන්නවා.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් කොයි කැන්ටීන් එකත් එකයි වගේ..

      Delete
  6. සිතක ට දැනෙන්ට හැකි
    සිතක ට වින්දින්නට හැකි
    සිතක ට වින්දවන්න හැකි
    දෙයක් වේ නම් මේ ලොවේ
    ඒ ආදරය ම පමනි, මා මිතුරේ...

    ReplyDelete
  7. mn nan pusanta vadiya kamathi na. pusange adare ballange vage avanka na

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒක අපේ පූසාටත් පොදුයි.. ඒකයි මේ පූසි වෙනස් කෙනෙක් වෙන්නෙ... :)

      Delete
  8. කාලෙකට පස්සෙ මාත් ආවා ඔයාව බලන්න..නාමුතුවෙන් කියන්න දෙයක් නෑ මම නම් හැමදාම ඔයාගෙ නිර්මාණ විදිනවා...

    ReplyDelete
  9. Replies
    1. මෙයාට අද පුංචො 4ක් ලැබුනා.:)

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...