Saturday, October 22, 2011

බයගුල්ලී මං..



ගොලුබෙල්ලෙකුට වන් හයිය යැයි සිතා හිත හදාගතහැකි , නමුදු එක පොල්කටු පහරින් බිඳීයන කටුවක් තිබුනා නම් යසයි මට.. එඩිතරව ජීවිතයට මුහුණ දෙන්න..මියෙන තුරු ශක්තිමත් යැයි සිතා ඉන්න..

අතුල් පහරකට වඩා.. කටෝර වදනකට බියෙන් සැඟවීමට ගොලුබෙලි කට්ටකුත් ප්‍රමාණවත් නොවන මුදු,එයින් සැනසී සිනැහී සිටීමට තිබුනා එසේනම් මට..

කඳූලක් නෙතට උණන්නට නොදී , දසන් දක්වා සිනාසෙන්නට හයියක් තිබුනා නම් මට.. වතේ මස්පිඬු එහිදීවත් මා හා එකඟ නොවන අරුමය..

කරුමක්කාර මදයක් තිබූ , රන් ආලේපිත පැතුමක් පිටුපස අනේක දුක් විඳ හඹා පලවා ගොස් , පැතුම අත පත් දින තිබූ හද උතුරා ගිය සතුට කොහිද අද..???

හිතේ නැඟ එන.. "මගේ මතය" හිත තුලම සඟවා තෙරපා.. මුව සොලවා ,වෙනෙකෙකුගේ වදනක් , මගේ මුවින් පිට කිරීමට තරම් "බිය ගුල්ලියකි" මම.. බහුතරයක් එකඟ වන තැනක නොසිට.. සුළුතරයකට වී සැඟවී සිටින "අනේ කවුදෝ වගෙයි"..මං..

නිදහස.. අනෙකෙකුට හිතූ හිතූ පරිදි , සීමා මායිම් නොමැතිව ඇඟිලී ගැසීම් .. හිතින් දරා රහසේ වෙර බඳින.. තවත් එක් මනු හදවතක් මං..

අරමුණ පැහැදිලී.. බාධක බොහෝමැයි හැඟේ..
සිතට ලතැවුල් නිමක්ද නැත..
සතුටු දිය දහරා වල ඉසීම්ද අඩුවක් නැත
ජීවිතය මෙයමැයි.. දැන් දැන් හැඟේ මෙ මට..

සතුටම එපා හෙයින්.. දුකටද අත වනමි..
අත වැනුවද නොඑන සිනාවට වෙර බැඳ...



කවිය නුඹද  "හැඟුම"..?????

21 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!
    මොකටද බය වෙන්නේ ???

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා..
      ම්ම්... අනේ මංදා...සිද්ධ වුන , සිද්ධ වෙන , සිද්ධ වෙයි කියලා හිතෙන සෑම සියළු දේකටම

      Delete
  2. ලස්සන සිතුවිල්ලක්...
    කාටද මේ බය??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියා..තාමත් ලස්සන කතා කියනවා ඇති නේද..? එන්න බැරි වුණා ඒ පැත්තේ හුඟ කාලෙකින්...
      අනේ මංදා... හැම්දේටම බයයි...

      Delete
  3. බය ජීවිතයට ද ? ලෝකයට ද?

    ReplyDelete
    Replies
    1. ජීවිතයට.. ජීවිතේට මූණ දෙන්න බය නැති කෙනා..මුළු ලෝකෙටම බය නෑ...

      Delete
  4. විශ්ව විද්‍යාල නවකයෙක් වෙන එකත් එසේ මෙසේ කර්තව්යක් නෙවේ.සමහර දෙවල් වලට විරුද්දව නැගිටින්න කොයි තරම් උත්සහ කලත් හිතට බයයි.මොකද තව අවුරුදු කීපයක් ඒ පරිසරයත් එක්ක ,ඒ උප සංස්කෘතිය කියන රාමුව ඇතුලේ ජීවත් වෙන්න තියෙන නිසා මොන දේ කරන්නද කියලා හිතා ගන්න බැහැ....
    ඒත් මතක තියාගන්න
    චණ්ඩ වාග් කුණාටු හැමුවත්
    නපුරු රකුසන් ඔබ බය කෙරුවත්
    කවමදාහරි
    "වසන්තය එනවා සත්තයි "
    එදාට ඔයාගෙ මතයටත් ඉඩ ලැබේවි ;)

    ReplyDelete
    Replies
    1. ගුරු ගීතය....

      ස්තූතියි..!
      දැන්
      හැමදේම හොඳින්..

      Delete
  5. ඇත්තටම ලස්සන සිතිවිල්ලක් .. අද දවසේ බලපු මේ වගේ කවි සිතිවිලි අතරේ හිත ගිය එකම එක

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හිස් නොවූ හිස් අහස..

      Delete
  6. බය නැතුව ඉන්න ,,, මුල් කාලෙ හැමෝම ඔහොම තමයි,,,
    anyway nice post,,,

    ReplyDelete
  7. බයවෙන්න එපා ..එඩිතරව ඉන්න .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...^_^ ඔව් මම උත්සාහ කරන්නම්

      Delete
  8. මට නම් බය වෙන්න එපා කියන්න බෑ...මමත් සරසවි නවකයෙක්....
    එත් මට බය නැතිව කියන්න පුලුවන් "ලස්සන කවි සිතුවිල්ල" කියලා.....

    ReplyDelete
  9. මක්කා කියලා කරන්නද අක්කෝ... මෙහෙත් ඕකම තමයි... ඉවසන දනා තමයි තව මාස 2 ක් විතර යනකන්.. ගොඩක් වෙලාවට මාසයක් වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. :) හේ..හේ.. තවත් එක් නවකයෙක්.. :P

      Delete
  10. නංගී මට ලාවට වගේ හිතෙනවා ඔයා මේක ලියන්න ‍හේතු වුනේ මොකක්ද කියලා?කරන්න දෙයක් නෑ....තීරණේ ගත්තේ ඔයාමනේ....කට්ට කාගෙන ටිකක් කල් ඉන්න....හැබැයි අමතක කරන්න එපා.පෙර පුහුණුවක් දුන්නේ ඕනම නම් නැගිටින්න පුළුවන් කියලා මතක් කරන්න කියලා අමතක කරන්න එපා.....

    ReplyDelete
    Replies
    1. :) ... ඔයා හරි අයියා... නමුත් පෙර මුහුණුවෙන් එක පැත්තකින් තැලුව අපි
      කම්මලේ දාලා අනික් පැත්තට තැලුණා වගේ..
      දැන් ගාණට පදං වෙලා ඉන්නෙ.

      Delete
  11. mama kollo ekka katha karanna bayaine... please give me a solution.
    meke comment ekak vidiyata danna.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...