Thursday, September 29, 2011

කැමතී අකමැතී..



                            Facebook එකට මම ආසා කරන හේතු බොහොමයකි.එකක් දෙකක් නම් පාසලෙන් ඉවත් වූ පසු මිතුරන් මුණ ගැසීමට ඇති හොඳම ක්‍රමයක් වන බැවිනි.අනෙක නම් ඇබිත්තක් හෝ කඩ්ඩ polish වන බැවිනි.අනෙක්වා නම් ආසාවට තමන් කල නිර්මාණ අනික් ඈයන් සමඟ බෙදා හදාගෙන ගුණ දොස් අසා තෘප්තිමත් විය හැකි හෙයිනි.. :):)

                             ඔහොම තෘප්තිමත් වෙන්න ගිය මොහොතක මට හොඳ වැඩක් වුනා. මම ඉතින් මීට කලින් වතාවකත් windows movie maker එකෙන්  ඉස්කෝලෙ කාලෙ photo edit කරලා vedio එකක් හැදුවා.ඒක upload කරේ පරණ account එකෙන්.(මට දැන් තියෙන්නෙ අලුත් account එකක්..:D) ඉතින් ඔය විදිහටම මාදුරුඔය ගිහින් ඇවිත් මම තව vedio එකක් හැදුවා.මේකට යොදා ගත්ත audio track එක තමා ප්‍රශ්නෙ වුනේ.

                             මම ගත්තේ හින්දි සිංදුවක මියුසික් එකක්. ඉතින් vedio එක upload කරන්න හැදුවට මෙන්න FB එක කියනවා "මම කොපියක් හොරෙන් අරන් upload කරනවා ලු.ආයෙ එහෙම කරොත් මට කවදාවත් vedio upload කරන්න දෙන්නෙ නැතිලු.. "

                             අනේ ඉතිං මම බය වුනේ නෑ... උත්සාහවන්තයා ජය ගනී කියලා හිතන් ආයෙ ආයෙ වැරදි වැඩේ කරා.. :P:P

                             දැන් තමා මට්ටු වුනේ.. ඒ vedio එක තියා.. අද වෙනකම් වෙන කිසිම vedio එකක් upload කරන්න FB එක දෙන්නෙ නෑ මට..

                             මම පරණ accout එකෙන් upload කරලා අලුත් account එකට share කරන එක තමා දැන් කරන්නෙ.. මේ වැඩේ මට හරි කරදරයක්.. ඇත්තටම කිවුවොත් account දෙකක් තියෙන එකත් හරිම වාතයක්.. තේරෙනවා නේද..?

මම දැන් මේකට මොකද කරන්නෙ..?

ඔයාලට අදහසක් හෙම පහල වෙනවා නම් මට පිහිට වෙනවද..? :D



මේ නිසා මට දැං වෙලාවකට FB එපා වෙනවා.. ඒත් මම FB එකට කැමති.. :D:D

13 comments:

  1. උත්සහාවන්තයා ජය ගනී කියලා කරපු ගොන් කම දැන් තේරෙනවදෝ..හික්zz

    මම දන්න එකම විසදුම
    අලුත් එකවුන්ට් එක අයින්ම කරලා දාන්ට :පි

    ReplyDelete
  2. මම නම් වීඩියෝ අප්ලෝඩ් කරලා නෑ. ඒ නිසා දන්නේ නෑ.

    ReplyDelete
  3. මං හිතන්නෙ කාලයක් ගියාට පස්සෙ හරි යනවද කොහෙද...

    ReplyDelete
  4. අනේ මන්දා........ මාත් අප්ලොඩ් කරලා නෑ,
    උත්සහ කරලා බලන්න.......

    ReplyDelete
  5. මමත් දන්නෑ හරියටම මොකක්ද කල යුත්තේ කියලා....

    ReplyDelete
  6. මටත් පේස්බුක් ඇකවුන්ට් එකක් තියෙනවා... හැබැයි මගේ පෙන්ඩ් ලිස්ට් එකේ ඔයා නෑ..

    ප.ලි - මම කියපු එක තේරුනාද මන්දා.... :D

    ReplyDelete
  7. සොරා : කල දුටු කළ වල ඉහ ගැනීම! :D

    ReplyDelete
  8. @පබලු : අපෝ බෑ පබලූ , පරණ account එක අයින් කරත් කරන්න නම් බෑ...

    අපෝ ඔව් , cow කියලා මරන්න යැයි නේද..?:P:P

    ReplyDelete
  9. @මධුරංග අයියා : ම්ම්... හ්ම්... කමක් නෑ අයියා.. ඔයා දන්නෙ නැත්තම් මොනවා කරන්නද නේද..?

    ReplyDelete
  10. @සීතල අයියා : අනේ නෑ... මම දැන් කාලෙකට පස්සේ ආයෙත් උත්සාහා කරා..කෝ ඒ සැරෙත් පරාද වුනා නේ..:D

    ReplyDelete
  11. @රහස් පරීක්ෂක : හොඳයි හොඳයි..:):).. මම බලන්නම්කෝ ආයෙත් සැරයක්..:D

    ReplyDelete
  12. @දිනේෂ් අයියා : කමක් නෑ අයියා.. ස්තූතියි උදව් කරන්න වචනෙන් හරි උත්සාහ කරාට...

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...