Wednesday, September 21, 2011

මන්ද රිදුන කාරණාව..?

මගෙ හිත රිදුනා
මට ගොඩක් හිත රිදුනා
අහන්න එපා ඇයි කියලා
මට කියන්න බෑ ඒ ඇයි කියලා
ඒත් මට හිත රිදුනා

අහන්න එපා ඒ අම්මා බැන්න නිසාද කියලා
නෑ ඒ නිසා වෙන්න නැතුව ඇති
හිතන්න එපා ඒ හිතේ තිබුනු පැතුමක් බිඳුනු නිසා කියලා
සමහර විට ඒ නිසාද කොහෙද
අනේ හිත රිදුනා
මගේ හිත බිඳුනා

අහන්න එපා මගෙ හිත විදුරුද කියලා
අනේ නෑ හිත ඒ තරම් හයිය නෑ මගෙ
හිතෙයිද දන්නෑ මම කිසි පරිස්සමක් නෑ කියලා
අපෝ මම මගෙ හිතට ආසයි
ගොඩක් මහ ගොඩක් හරි ආදරෙයි

මගේ හිත රිදුනා
මගේ හිත බිඳුනා
මෙහෙම ලියු හින්දා
ආයෙ හිත හැදුනා..



සදාදර සොඳුරු සිතුවිලි..හැර නොයන් මා..තනි නොකරන් මා...


16 comments:

  1. ඔන්න මම නම් අහන්නේ නෑ මොකද හිත රිදුනේ කියලා. දැන් හිත හැදිලද කියලා විතරක් අහන්නම්.

    ReplyDelete
  2. අහන්න එපා කියනවනම් අපි අහන්නේ නෑ... ඒත් ඩුක සතුට හැමදේම එකවගේ අපි ලගට එනවා.. ඒ නිසා දුක ගැන හිතලා දුක් වෙන්න එපා...

    ReplyDelete
  3. මම අහන්නෙ නම් නෑ රත්තරනේ
    හිත රිදුනේ කොහොමද කියලා
    ඔබ කියන්නෙ නැත්තං ඒක
    මම අහන්නෙ නැතුවමම ඉන්නම්...


    හේ හේ හේ.. :D

    ප.ලි - හැම එකටම රිප්ලයි දැම්මේ නැති වුනාට මම කියවනවා හොඳද...

    ReplyDelete
  4. "අහන්න එපා මගෙ හිත විදුරුද කියලා
    අනේ නෑ හිත ඒ තරම් හයිය නෑ මගෙ"
    මේ පේළි 2කට මම හරි කැමතියි.

    නැව ගිලුනත් බෑන් චූන් කියලා ඉන්න හලෝ...

    ReplyDelete
  5. මෙහෙම ලියු හින්දා
    ආයෙ හිත හැදුනා..

    අන්න එච්චරයි...

    ReplyDelete
  6. රිදුන හිත හොඳ වෙලා නම් එච්චරයි........

    ReplyDelete
  7. @මධුරංග අයියා : හිත කියන දේ හැදෙනවා කැඩෙනවා.. මේ පද ටික ලිවුවට පස්සේ ඇත්තටම හිත ගොඩාක් හැදුනා.

    ReplyDelete
  8. @දිනේෂ් අයියා : හ්ම්... ස්තූතියි අයියා..!

    ReplyDelete
  9. @සොරෝ අයියා : මේ පද වැලට හේතුව නම් "සොරෝ - sorrow " තමා අයියා.. මොනවා කරන්නද... :D:D...

    ස්තූතියි අයියා... ^_^..!

    ReplyDelete
  10. @සීතල අයියා : :D... දැන් නං නැව ගිලෙමින් තියෙන්නෙ.. ඒ නිසා "තව ගිලුනොත් තවත් චූන්" කියලා තමා හිතන් ඉන්නේ...

    ReplyDelete
  11. @රහස් පරීක්ෂක : ඔව්... ගොඩක් වෙලාවට හිතේ දුක අකුරු වලට පෙරළලා දුක නිවා ගන්න පුළුවන්.. ^_^

    ස්තූතියි..!

    ReplyDelete
  12. @මකුළු අයියා : කියන්න සතුටුයි අයියා.. දැන් නම් හිත හරි... ^_^

    ReplyDelete
  13. හ්ම්ම් හිතේ හැටි ඔහොමයි නංගෝ.. ඒත් කරන්න දෙයක් නෑ,, ඇත්ත අපේ හිත් වීදුරු තරමට හයිය නෑ තමයි..

    ReplyDelete
  14. @ප්‍රාර්ථනා අක්කේ : ඒ නිසාම වෙන්න ඇති වීදුරු වලට වඩා ඉක්මනට අපේ හිත් බිඳෙන්නෙ...

    ReplyDelete
  15. ඔන්න මාත් අහන්නේ නෑ ඇයි කියලා...මගෙත් හිත හැමවේලේම රිදෙන නිසා..ලස්සනයි අනේ මේක

    ReplyDelete
  16. @මම : ස්තූතියි අනේ ගොඩාක්..:)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...