Thursday, August 18, 2011

කොපි cat..



                                 කොපි කරාම විභාග තහනම් වෙනවා,ඒ නිසා කොපි කිරීම කොහොමටවත් සාධාරණීකරණය කරන්න බෑ. ඒ නිසාම තමයි මමත් හයේ හතේදී ලොකූ ෆයිල් කවරයක් විභාගෙ දවස්වල අරං ගියේ..

                                 ඒත් Science College ආවහම තත්වේ නොසෑහෙන්ඩ වෙනස් වුනා.ඒකට කොපි කිරීම කියලාවත් කියන්නෙ කොහොමද කියලයි මට නං හිතුනේ.

කොපි කරනවා කියන්නේ හොරෙන් බලං ලියන එක.
කොපි කරනවා කියන්නේ ප්‍රශ්න පත්තරේ අයිති කෙනාගේ අනු දැනුමෙන් තොරව බුද්ධිය හොරා ගැනීම.

                                 නමුත් 10,11දී වුනේ ඒකද කියලා මම හිතුවා. අපේ පංතියේ සෑහෙන පිරිසක් එකට එකතු වුනා. එතනදී එක විෂයක් අමාරු කෙනාට එක ප්‍රශ්නෙකින් හරි අනික් අයගේ උදව් හම්බුනා. නමුත් මේකෙන් වුනේ ගොඩාක් මහන්සි වෙලා හෝ වාර විභාගෙට ගන්න ලකුණු වුනත් "කොපි නොකරපු සාන්ත දාන්ත තීන්ත ලමයින්ගේ" සමච්චලේට ලක්වීම. 

                                  අන්තිමට අපේ නම්(names)  ප්‍රින්සිපල් සර් ලඟටත් ගියා. නමුත් සර් අපිට එරෙහිව පියවරක් ගත්තේ නෑ.. හොඳම තැනදී (O/L) දක්ෂයා අදක්ෂයා කැපී පෙනෙන බව දැනගෙන හිටි නිසා.

                                   ඔව්.. අපේ gang එක ඒකෙනුත් ගොඩම ගොඩ තමයි.. දිස්ත්‍රික්කෙත් උඩ... ඒ නිසා කේලම් කියපු ගොඩාක් අයට කට වහගන්න වුනා.

                                    හැබැයි A/L පංතියේදී ජොලියටවත් අපිට කොපි කරන්න නම් ලැබුනේ නෑ. පේපර් එක දීලා ආයෙ අරගන්නකම් කාලය ගෙවුනේ හිතාගන්න වත් බැරි තරම් වේගෙන්.

                                     මම මේ ලිපියෙන් කියන්නේ කොපි කරන එක හොඳයි කියලා නම් නෙවේ.. ඒක කොහොමටවත් සාධාරණිකරණය කරන්න බෑ. ඒත් මම ගිය සතියෙ පත්තරේක කියවපු දෙයක් නිසයි අය මේ ගැන හිතුවේ.

                                     ඒ ලිපියේ හැටියට කොපි කිරීමත් එක්තරා විදිහක team work එකක්. කල යුත්තේ නරක වැඩකට යොදපු ඒ හැකියාව අපි හොඳ වැඩක් වෙතට යොමු කිරීමයි. 

ඉස්කෝලෙ ගැන කතා කරන අපි වැඩිපුරම කතා වෙන්නෙ අපි කරපු සුවච කීකරු වැඩද..? නැත්තම් ඇට්ටර වැඩද..?

කවදාහරි කතා කර කර හිනා වෙන්න ඉතුරු වෙන්නෙ අපි කරපු ගොංකම් විතරයි.. 



ඒ නිසා අපි ජිවිත කාලෙදී අඩුවැඩි වශයෙන් ගොංකම් , මෝඩකම් වුනත් කලයුතුයි කියන එක තමා මගේ හැඟීම..

24 comments:

  1. මම නම් ඉස්සර අල්ලේ හිටන් ලියාගෙන ගියා. අන්තිමේදි අපේ අම්මාට අහුවෙලා බැන්නා. දන්න් දේ ටියලා එනවා මිසක්කා කොපි කරලා අහුවෙනවා එහෙම නෙමේ කියලා.

    ඊට පස්සේ මම් කොපි කලේ නෑ ඔහේ ලියලා එනවා. කැම්පස් එකේ කට්ටියත් කැල්කියුලේටර් එකේ පිටිපස්සේ ලියාගෙන යනවා. ඒකට කියන්නේ කැල් බැක් කරනවා කියලා. (කැල්කියුලේටර් එක විභාගෙට ගෙනියන්න දෙනවා.)

    ReplyDelete
  2. මාත් දවසක් කොපි කලා කියලා මා එක්ක තරහක් නැතත් මොකක්දෝ මෙව්වා එකක් තියන මිස් කෙනෙක් ඇදන් ගියානේ. අනේ හැබෑට ඒ මිස්ට මතක් උන්නෑනේ එදා තිබුනේ ආගම පේපර් එක මගේ පිටිපස්සේ හිටි මගේ හොඳ යාළුවා මුස්ලිම් කියලා....... හී අපි දෙන්නම ඉවර කරලා හිටියේ. එයා ලේසිද අහපු එකට මං උත්තර දෙද්දි තමා ඕන් අල්ල ගත්තේ. වැඩිය නෝන්ඩි නැ. එහෙමවත් කතාකරන එක වැරදියි කියලා එව්වා. :D

    කොපි වල ක්‍රම සහ විධි තියනවා අහුනොවන. හික්......

    ReplyDelete
  3. ඒ විදිහට අපිත් කරලා තියනවා... ඇත්තම කිවුවොත් සමාදානෙන් කොල මාරු කරගෙන ලියලා තියනවා 10 වසරෙදි විතර 11දිනම් සෙල්ලම් දාන්න හම්බුනේ නෑ

    ReplyDelete
  4. අඩේ සාපෙ කොපිකරන්න බෑ කියලා කට්ටිය මහ ලොකුවට කෑ ගැහුවට වාර විභාගෙකටවත් අපේ උං එහෙම කොපි කලේ නෑ... බොරු කියන්නේ මොකද මාත් කොපි කලා හැබැයි ඉතින් ගත්තට වඩා දුන්න එක තමා කලේ.... පට්ටම ආතල් වැඩේ අපේ එකෙක් මෙලෝ සිහියක් නැතුව කොපි කරලා අන්තිමට මේකට උත්තර වලට කතිර ගහන්න අමතක වෙලා මූ පේපරේ ඉරි ගහගෙන ආතල් එකේ හිටියා කොලේ එකතුකරනකොට තමා මූට වැඩේ මීටර් වුනේ ඒකට සිංහල මුල් කොටසට ලකුණු 40ම නෑ

    ReplyDelete
  5. අප්පේ 10 11දිනම් කොපි කරපු තරම්....
    11 වසරෙදි මම ගණන් ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්නේ ෆූල්ස්කැප් කොලේ 2කට ඉරලා.. මම ඒ කොලේ ගණන් ටික හැදුවාම ඒක පිටිපස්සට යවනවා ඔය විදිහට මුළු ප්‍රශ්න පත්තරේම යවනවා....
    ඕලෙවල් විභාගෙදිත් මම මගේ සිංහල ප්‍රශ්න පත්තරේ තව එකෙක්ට දුන්නා :D සෞඛ්‍ය ප්‍රශ්න පත්තරේ දවසේ මම සිංහල ප්‍රශ්න පත්තරේ දුන්නු කොල්ලගෙන් එක ප්‍රශ්නයක්ම බලාගෙන ලිව්වා :D

    ඒලෙවක් කාලෙනෙම් කොපි කළේම නෑ :(

    ReplyDelete
  6. හික්...කොපි කොරපුවා කතා කොරන්න හොද නෑ... :)
    කොපි කොරපු නිසා තමා බොල අපි පාස් උනේ..

    ReplyDelete
  7. සික්........
    ආයෙත් ඉස්කෝලේ යන්න වෙනව නේ.... :D

    ReplyDelete
  8. අපි නම් ඉතින් කොපි කරනවාට කරනවා... මගේ නම් IT තමා යන්නෙ.. මමත් ඉතින් සිංහල කවි ටික අහ ගන්නේ කොල්ලොන්ගෙන් තමා..මොනවා කරන්නද ඉතින්..ඒකෙ තියෙන කවි පාඩම් හිටින්නෙම නෑ නේ...(මම තාමත් 11 වසරේ..කලින් අයියලා අක්කලාත් ඔය කොපි කරලා තියෙන්නෙ ඇති වෙනකන්..ඉතින් අපි මොකෝ නේද?? :D )

    ReplyDelete
  9. මාත් හයේ හතේ ඉඳලා O/l වෙනකම්ම කොපි ගහුවා .ඒත් අපිට ඔයාලා කරා වගේ අමාරු ප්‍රශ්න අහගෙන උදව් ගන්න වගේ එහෙම උනන්දුවක් තිබ්බේ නෑ. සාම්ප්‍රදායික විදියට කොපි ගැහුවොත් ඉතින් O/l වලදි ගන්න වෙන්නෙ අච්චාරු රිසල්ට් එකක් තමයි මට වගේ :)

    ReplyDelete
  10. @මධුරංග අයියා : මම හිතුවා හරි.. මේ ලිපියෙන් කියන්න ගිය දේ ඔයාලා අරං නෑ... මම කියන්න ගියේ කොපි කරපු දේ මහ ලොකු දෙයක්.. අපිට කොපි කරන්න තිබුනේ මහා ලොකු උණක් කියලා නෙවේ.. එහෙම ඕනෙ වුනා නම් අපි අතේ පයේ ලියං කොපි කරන්න තිබුනා... කොපි කිරීමේ හා කොපි කිරීමට ලක්වීමේ කියන කොයි පාර්ශවයෙද මම හිටියේ කියලා මම නොකිවුවේ එහෙම කියලා.. "මම තමා එළ මීටරේ" කියන්න මට ඕනෙ නොවුන නිසා.. මේ ලිපියේ කියවෙන චරිත ගැන වැරදියට වටහා ගන්න එපා.. මොකද කිවුවොත් එදා ඒ නඩේ හිටපු හැමෝම අද ස්ථාවරත්වයක ඉන්නවා... ඒ වගේම එදා එයාලා තුල තිබුන බැඳිමත් අදටත් එහෙමමයි...

    ReplyDelete
  11. @හා පැටික්කි අක්කා : කොපි කරලා අහු වුනාම තමයි හිතට දැනෙන දහිරිය වැඩි වෙන්නෙ..( අර වගේ කීප දෙනෙක් කේලම් කිවුවම.. ) එතකොට හිතෙනව,කොහොමහරි කට්ට කාලා එයාලා පරද්දන්න ඕනෙ කියලා.. 10,11දී කොපි කරාට O/L , A/L වලදී කොපි කරන්න බෑනෙ.. ඇත්ත දක්ෂයා තේරෙන්නෙ එතනදී නෙ..

    ReplyDelete
  12. @මාලන් මල්ලී : අන්න ඔයා හරි... සාමදානයෙන් කොළ මාරු කිරීම.. අපේ නම් කරේ එහෙම නෙවේ.. පුළුවන් කෙනා ලියලා ඒ කොලේ අහන කෙනාට පේන විදිහට තියනවා.. ඒකයි..

    බලන කෙනාට අයිතිය තියනවා අරයා ලියපු දේම ලියන්න හෝ තමන් කැමති දෙයක් ලියන්න.. අරයා ලියපුදේම ලියලා උත්තරේ වැරදුනොත් කවුරුත් ඒකට වවග කියන්නෙ නෑ..

    බුරුත පිටින් කොපි නොකර එහෙම කරාම ඒකට බලෙන් කොපි කිරීම කියලා කියන්නත් පුළුවන්ද මංදා..

    ReplyDelete
  13. @කීඩෝ : මම කිවුවනේ කීඩෝ.. අපි කොපි කරේ ජොලියට.. ඒ නිසා O/L වලට කොපි කරන්න තරම් සිහියක් අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට තිබුනා කියලා මං හිතන්නෙ නෑ...
    හැබැයි කොලුවෝ O/L කෙසේ වෙතත්.. යමෙක් A/L කොපි කරානම් ඒක අනුමත කරන්න බෑ.. මොකද ඒ විභාගෙන් කෙනෙක්ගේ ජොබ් එක බොහෝවිට තීරණය වන නිසා.. :D:D

    ReplyDelete
  14. @පූස් අයියා : අපි නම් ගොඩාක්ම කොපි කරේ 10දී.. එතනදී කොපි කරේ මමද,කොපි කරන්න දුන්නෙ මමද කියලා කියන්න යන්නෙ නෑ.. මොකද කොයි පැත්තෙන් හරි වරදක්නේ කරලා තියෙන්නෙ..
    A/L වලදී කොපි නොකරපු එක බොහොම හොඳයි...

    ReplyDelete
  15. @රත්ගමස් : අපෙ අප්පෝ... කතා නොකර ඉන්න එකම හොඳයි වගේ.. බොහොම භයානක කතාවක්.. :P

    ReplyDelete
  16. @සොරෝ අයියා : ඒක නම් හරියට තේරුනේ නෑ අයියා.. :/

    ReplyDelete
  17. @රෙෂාන් chathuranga මලයා : මේ පොඩි කොලුපැටියෙක් මේ පැත්තේ කරක් ගහන බවක් දන්නවා නං.. මම මෙලෝ කපේකට මෙහෙම පෝස්ට් එකක් ලියන්නෙ නෑ.. :):)
    මල්ලියේ... කොපි කරන එක හොඳ නෑ.. :D
    කවි ටික කොහොමහරි කටපාඩං කර ගන්ඩ.... නැත්තම් O/L වලදී අමාරුවේ වැටෙයි... :):)

    ReplyDelete
  18. @රොෂාන් : ඔයා වගේ පොරත්වයෙන් කතා කරන්න මටත් තිබුනා රොෂාන්.. ඔයා 6 - 11 වෙනකම් කොපි කරේ මොනවද එතකොට අමාරු ප්‍රශ්න අහගන්න උවමනාවක් නොතිබුනා නම්..??? :):)..
    ඒ අතින් අපේ කට්ටිය වාසනාවන්තයි... ආමාරු ප්‍රශ්න තව කෙනෙක්ගෙන් අහගෙන වාර විභාග කරලත් හැමෝටම වගේ o/l , a/l වලට හොඳ ලස්සන ප්‍රතිඵල තියනවා...
    මම මේ ලිපියෙන් කියන්න ගියේ... සාමුහික කොපි කිරීම හා එයින් මතු තමන් තමා මීටරේ කියලා අනික් අය පාවා නොදෙන තැන තියනවා අමුතු ෆිට් එකක්.. අපිට ඒකට කියන්න පුළුවන් batch fit එක කියලා.. (මේක මේ යාලුවෙක්ගෙන් හොරකම් කරපු වචනයක්.. :P:P)... මම මේ ලිපිය පුරාවට කියන්න ගියේ කොපි කිරීමෙ ආනිසංස නෙවේ සාමුහිකව හිතන්නට පුළුවන් වීමේ ආදිනව... :):)

    ReplyDelete
  19. අයියෝ නෑ ප්‍රාර්ථනා මම කොහෙද පොරත්වයෙන් කථා කරේ.ඇත්තටම මම ඒ කාලේ කොපි ගෑහුවේ එහෙම ඔයාලා වගේ අවබෝධයකින් නොවෙයි,කවුරුහරි ලියපු එකක් එහෙම් පිටින්ම ලියපු එක තමා කරේ. ඉතින් ඒක තමයි මන් උඩ කොමෙන්ට් එකේ ලිව්වේ...අනෙක මගේ යාළුවෝ කීප දෙනෙකුට හැර ඔයාලට වගේ ලස්සනට O/l ප්‍රථිඵල අපිට තිබ්බෙත් නෑ...ඔයා ලිපියෙන් කියන්න ගියපු එක මට හරියට මුලින් තේරුන් නෑ...ඒත් මම කොහොමටවත් හිතුවෙ නෑ මන් ලියපු එක ඔයා ඒ විදියට තේරුම් ගනී කියලා..

    ReplyDelete
  20. @රොෂාන් : sorry..මම ඒ කොමෙන්ටුව තේරුම් ගත්තා වැරදී..
    මම හිතුවා ඔයත් සාන්ත දාන්ත තීන්ත කූඩු ඝනයේ කෙනෙක් කියලා..

    ReplyDelete
  21. අපිත් කොපි කරලා තියෙනවා....සා.පෙ වෙනකම්ම මමත් කොපි කරලා තියෙනවා.හැබැයි උ/පෙ ලියද්දී වටේ උන් මගෙන් කොපි කරපු හින්දා මට කොපි කරන්න කෙනෙක් හිටියේ නෑ....හැබැයි මම කියන්නේ නෑ කොපි කිරිම හොඳයි කියලා....මොකද අපිට පුළුවන් විදියට ගන්න රිසල්ට් එක තමා වටින්නේ....

    ReplyDelete
  22. @මකුළු අයියා : ඔව් අයියා.. ඔයා හරි.

    ReplyDelete
  23. කොපි කළේ නැත්තං කෝමද අපි අද මේමවත් තැනක ඉන්නේ? හික්.. කොපි කරන එක කලාවක්. ඒක ඉගෙන ගන්න ඕනි

    ReplyDelete
  24. @චතුවා : චතුවා ළමයෙක් ලෙස සිටිය යුතුයි.. පොඩිහිටියන්ට ලොකු වැඩ අගුණ වනු ඇත..:P:P

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...