Wednesday, May 4, 2011

නොදැක්කා සේ ..

                                මෑත කාලයේ නාවුල ප්‍රදේශයේ සිදුවුන සිදුවීමක් මම පත්තරේ කියවනකොට හමුවුනා.ඒ තමයි කබර ඇතෙක් බේරගන්න ළමයි දෙන්නෙක් කල උත්සාහයක් ගැන කතාව..සමහරවිට ඔයාලත් කියවන්න ඇති ඒ ගැන.

                                ඒ ඇතා ඒ ගමේම මිනිස්සු තුන්දෙනෙක් මරපු "මිනීමරු" මරුමුස් ඇතෙක්.. කකුලට වෙඩි වැදිලා අසරණව හිටිය ඇතෙක්..

                                වයිර කරන්න ඕනෙ තරම් හේතු තියෙද්දී ඒ ළමයි දෙන්නා ඒ ඇතා ලඟට ගියා,එයාව බේරගන්න උත්සාහ කරා. මේ ගැන වනජීවි නිලධාරින්ට කිවුවම ඇතා ලඟටවත් යන්ඩ එපා කියලා අනතුරු ඇඟෙව්වලූ.. 

                                ඒ දෙන්නත් ඒ දෙන්නට උපකාර කල තවත් වැඩිහිටි දෙන්නෙක් හැර අනික් අය ඒ අසරණ සතාව තඹ සතේකට ගණන් අරගෙන නෑ.. 

                                හරි.. ඒ ගමේ මිනිස්සු වැරදිනෑ.. ඒ මිනිස්සු අලි ඇත්තු නිසා ඕනෑ පදම් දුක් විදින උදවිය.. ඒත් වනජීවි නිලධාරීන් හා අනික් වගකිව යුත්තන්..????

                                ඇතා මැරුණට පස්සේ මැති ඇමතිවරු පවා ආවලු.. වනජීවි නිලධාරින් ආවාලු.. ළමයින් දෙන්නාගේ වැඩේ ප්‍රශංසා කරාලු.. ඒ.... ඇතා මැරුණට පස්සේ...

හරියට මෙන්න මේ වගේ,



එක් වසන්තයක
පිපි මලක මතුපිට මෙළෙක
නෙත් දහසකට හසු වූ හැටි
ඒ නෙත් දහසම වින්ද අපූරුව..



ඒ වසන්තයේම
බිඳු බිඳු අහිමි වන
දිය කඩිත්තක්
එක නෙතකටවත් හසු නොවුනු අරුම
එක නෙතක්වත් තඹයකට මායිම් නොකල කරුම

අහිමි වීමේ කෙලවර
කඩිත්තම සිදුනු කල
පණ අදින කනයියකු
දැන් දුටුවා සේ
"අනේ අපොයි"
ඉතින්..
කියවෙනු කිම?
එසේ නොකියනු මැන..




(විභාග ආතතිය තුල එයින් මිදීමට ගත් තවත් එක් පියවරක් 2010 - 03 - 04.. කාවුන්ට ආහාරයක් වන්නට පෙර යලි නෙත ගැටී.,.)

10 comments:

  1. ගොඩක් කල් තිබුන ලිපියක් උනත් ඒකේ රසය අඩු වෙලා නෑ වැඩි වෙලා මිසක්. කතාවටත් කියනවනේ චීස් උනත් පරණ වෙද්දි රහ වැඩියි කියලා.

    අපරාදේ ඔය ඇතා බෙර ගන්න තිබ්බා. පොඩ්ඩක් සලකලා බැලුවනම්. දන් ඉතින් මොනා කරන්නද ගොඩක් ප්‍රමාද වැඩි කොට.

    ReplyDelete
  2. අපිට සමහර දේවල් වෙනස් කරන්න බෑ ප්‍රාර්ථනා.. හැම දේකදිම ඔහොම තමයි..

    ReplyDelete
  3. අලි නිසා දුක් විඳින මිනිස්සු අලින්ට වෛර කරනවා නිරායාසයෙන්ම ..

    ReplyDelete
  4. ඇත්තටම ලස්සන අදහස් ටිකක්....... හොඳට රස වින්ද.......

    ReplyDelete
  5. @මධුරංග අයියා :ඔව් අයියා.. දැන් දැන් නොලිඅවුනත් කාලයක් මං අතින් හරි හරියට කවි ලියවුනා.. :D..
    මේ කවිය ලිවුවේ මේ කතාව පසුබිම් කරන නෙවේ... රිවිර පත්තරේට යවන්න හිතන්..
    ඒත් හැම්දාම හිතනවා විතරයි මට එක නිසදැසක්වත් පත්තරේට යවන්න බැරිවුනා..:(

    ReplyDelete
  6. @දිනේෂ් අයියා :ඔව්.. ඒත් වෙනස් කරන්න පුළුවන් දේවලුත් සමහර් වෙලාවට නොසලකා හරිනවා..:\

    ReplyDelete
  7. @හිස් අහස : ඔව් එහෙම කළ යුතුයි.. මම කිවුවේ ඊට පරිභාහිර උදවිය ගැන.. එයාලට ඒ ගැන සැලකිළිමත් වෙන්න තිබුනා.

    ReplyDelete
  8. @කල්හාර අයියා : ස්තූතියි අයියා.. ස්තූතියි ගොඩාක්..^)^

    ReplyDelete
  9. අලින්ගේ අලි හුට පට.....

    මමත් කාලෙකට කලින් අලි ගැන දාලා තිබුණු පෝස්ට් එකක් තමා මේ

    http://aagiyakatha.blogspot.com/2010/10/blog-post_09.html

    ReplyDelete
  10. @කතා හසී අයියා : tip top කතාවක්නේ අයියා.. මම මීට කලින් ඒ ලිපිය කියෙව්වා මට මතකයි..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...