Wednesday, April 27, 2011

සමරු..

                                මට මතක ඇති කාලෙක ලැබුනු මුල්ම වටිනා තෑග්ග තමයි "පහ වසරෙදී අප්පච්චි අරන් දුන්න අත් ඔරලෝසුව".ඒ කියන්නේ ඊට කලින් තෑගි දැකලාවත් නෑ කියන දේ නම් නෙවේ.. උපන්දින වලට,ඒ ඇරුනම අනං මනං තෑගි ගොඩාක් ලැබුනත්.. පහ වසරෙදී ලැබුන තෑග්ග විශේෂයි.මට හිතෙන්නේ අධ්‍යාපනයෙන් මං අද ඉන්න තැනට එන්න ඒ තෑග්ග ලොකුදෙයක් කරන්න ඇති..

                                මම පංතියේ හතරවෙනියා වුනා කියලා තමයි එදා මට අප්පච්චි එහෙම තෑග්ගක් ගෙනත් දුන්නේ.හැමෝම හිනාවෙයි.. 1,2,3ට ඇර 4ට තෑගි දුන්නේ කවද්ද..කියලා..:):) ඒත් මම හතර වසරේ පලවෙනි වාරෙ පංතියේ 14(පංතියේ ලමයි 14ට වැඩිය හිටියා හොඳේ..?:P) දෙවනි වාරෙ 11..
ඉතින් 5වසරෙදී මම පංතියේ 4 වෙනියා වීම ලොකුදෙයක් නේන්නං..

ඒ ඔරලෝසුව නං මේ වෙනකොට කැඩිලා.. :)

                                ඉන් පස්සේ මට 7 වසරේදි පංතියේ 3 වෙනියා වුන නිසා packer පෑනක් ලැබුනා.. අම්මේ!!මට එදා දැනුන සතුට.. තාමත් මතක් වෙනවා raping  paper එකක ඔතලා අප්පච්චී ඒ තෑග්ග ගෙනාව දවස..

                               ඊටත් පස්සේ 8වසරට එනකොට මට සෑහෙන හින්දි පිස්සුවක් හැදිලා තිබුනා..Hrithik Roshan..මගේ ප්‍රියතම නළු බට්ටා..:P:P.. ඉතින් ඉතින්.. 8වසරේ දෙවනිවාරෙ මම පංතියේ 2...  අප්පච්චී එතකොට මට ගෙනත් දුන්නේ KKKG.. (Kabhi Kushi Kabhi Gum)... එදා දැනුන සතුටත් ගොඩාක් ලොකුයි.. 

                               ඉතින් ඔන්න film CD එක Computer එකට දැම්මා විතරයි..:(:(.. Computer එක stuck..... ඒක හදාගන්න මාස 3ක් ගියා.. අන්තිමට කොහොමහරි ඒ ෆිල්ම් එකත් බැලුවා..

                                9 වසරේ තුන්වෙනි වාරෙ වෙනකොට අප්පච්චි මට VCD player එකකුත් ගෙනත් දුන්නා.. :):).. මොකද කිවුවොත් මට ඉරිදා හවස class.. ඉතින් ඉරිදාට ITN එකේ යන හින්දි film එක බලන්ඩ වෙන්නෙ නෑ.. :D... ම්ම්.. තුන්වෙනිවාරෙ මම පංතියේ 1වෙනියා.. ෂා...!!! ඔන්න එදා තමයි මම Koi Mil Gaya බැලුවේ..
අපේ යාලූවෙක් මගෙ auto එකේ මෙහෙම ලියලා තියෙන්නෙ ඒ නිසා වෙන්ඩ ඇති..

රිතික් ඉතින් ඔය කටේම නිති වැජඹෙනවා
පංතියෙ පලවෙනියා වෙලා ෆිල්ම් බලනවා
අනේ රුවන් ඔයත් ඉතින් පිස්සු නටනවා..(පළවෙනි පේලිය මතක නෑ.. :(..)

                                 ඔය කාලෙ අපි ,ලොකුඅම්මලා,අප්පච්චිගෙ යාළුවෝ Hitachi කෝච්චියේ trip එකක් ගියා.. ඒකෙදී ළමයින්ට විනෝද ක්‍රීඩා තිබුනා.. මම ඉතිං හරීම දක්ෂයිනේ.. ඒ නිසා මට තෑගි 0ක් ලැබුනා..:D
ඕකට අපෙ අප්පච්චිට දුකයි... ඉතින් අප්පච්චි ,මට ගෙනත් දුන්නා "ප්‍රෙහෙලිකා කැටයක්..(මට ඒකට කියන නම මතක නෑනෙ..:\)... මගේ මොළේ වර්ධනය වෙනඩ කියලා.. :)

                                ඉතින් ඔන්න මම 12වසරෙදී පංතියේ 1වුනා.. එදා වෙනකොට අර ප්‍රෙහෙලිකා කැටේ නැතිවෙලා.. ඉතින් අම්මා මට අයෙත් ඒ කැටයක් ගෙනත් දුන්නා..

                                මම O/L pass වුන දවසේ නංඟා දුන්න පර්ස් එකත් අමතක කරන්න බෑ.. ඒක හරි හුරුබුහුටි.. O/L pass වුනාම අම්මයි අප්පච්චි අපිව සිංගප්පුරුවෙට දවස් 5ක විනෝද චාරිකාවක් එක්කන් ගියා. .. ඒකත් ලස්සන මතකයක්..

                                මම Medical Faculty select වුනාම අම්මයි අප්පච්චී මට හොඳම හොඳ phone එකක් අරන් දුන්නා.. නංඟා ලස්සන phone case එකක් අරන් දුන්නා.. අයියා ලස්සනම ලස්සන watch එකක් එවලා තිබුනා..:)).. අත්තම්මා කැවුම් කිරිබත් හැදුවා... 

                               අයියා watch එකත් එක්ක ලස්සන වචන ටිකක් එවලා තිබුනා.. මම ඒ ගැන කියන්ඩ යන්නෙ නෑ,මොකද මගේ බ්ලොග් එකේ අයියා ගැන ලියන එක තහනම් කරලා තියෙන්නේ.. :P:P... හික්ස්...

                               යාලුවෝ දුන්න උපන්දින සුභපැතුම්පත් ,වෙසක් සුභ පැතුම්,... කොළයක් කොළයක් ගානෙ මං ලඟ තියනවා.. ඇත්තටම ඒ දේවල් මට ගොඩාක් වටිනවා.. 



ජීවිතයක් කියන්නේ සමරු වලින් හැදුන පඩිපෙළක් දෝ කියලා මට හිතෙනවා..

20 comments:

  1. නංගිට ගොඩක් තෑගි ලැබිලා තියෙන හැඩයි. මටත් අපේ අප්පච්චි ඔරලෝසුවක් ගෙනත් දුන්නා. ඒක මේ මෑතක් වෙනකං දැම්මා. ඊට පස්සේ මොකද්ද මංදා උනා ස්ක්‍රීන් එකට. ආයේ හදන්න බෑ කියලා අහක දාන්න උනා.

    ReplyDelete
  2. අහවල් දෙයක්ද මන්දා මටත් නැතිවෙන්න තෑගි හම්බවෙනවා.. සමහර වෙලාවට තෑග්ගක් ලැබෙන්න හේතුත් නැතිව.. ඒකත් මරු වැඩේ.. :D :D

    ReplyDelete
  3. සමරු තිළිණ ගොඩාක්.... ඇත්තටම ඒ දේවල් වල වටිනකම් තෙරේන්නේ එක ලැබුන කෙනාටම තමයි... මං ලගත් ඔය වගේ සමරු ගොඩාක් එකතු කරලා තියෙනවා..

    ReplyDelete
  4. අපේ ජීවිතේ අපිට හම්බෙන සමහර පුන්චි පුන්චි තෑගි වල වටිනකම අපේ ජීවිතේට දැ‍නෙන්නේ අපි ඒ තෑගි වලින් කොච්චර දුර ආවද කියලා මතක් ‍වෙන කොට... මාලි.. ඔයා ම‍ට මගේ පුංවි කාලෙ මතක් කරලා දුන්නා...
    Thanx & Nice Post :D

    ReplyDelete
  5. මට නම් ඔය වගේ සමරු තිළිණනම් හම්බවෙලාම නෑ වගේ.
    මගෙ ලඟත් මට හම්බවුන බර්ත් ඩේ කාර්ඩ්, වෙසක් කාර්ඩ් ඔක්කොම තියෙනවා.

    මේ, මේ අවුරුද්දෙ අම්මගෙන් හම්බවුනු තෑග්ග...
    http://www.facebook.com/photo.php?pid=31658937&id=1329993198

    ReplyDelete
  6. @මධුරංග අයියා : ම්ම්.. තෑගි නම් ගොඩාක් ලැබුනා අයියා.. පුංචිකලේ මට මතකයි මට බෝනික්කෝ ගොඩාක් හිටියා..
    මේ තෑගි විශේෂයි... ඒ තෑගි මට හදපු පඩිපෙළක්..

    හ්ම්.. අර ඔරලෝසුව ලඟක් වෙනකම්ම මං ලඟ තිබුනා.. ඒත් ඒක ලඟදි අයින් කරා...

    ReplyDelete
  7. @චතුවා : හෙ..හේ... හරී ෂෝක්නේ.. චතුවා ඉතින් හරි වාසනාවන්ත කොලුපැටියානේ..:)

    ReplyDelete
  8. @දිනේෂ් අයියා : ඔව්.. මට හිතෙනවා වෙලාවකට "අකුරු" වලට පුදුම දෙයක් කරන්න පුළුවන් කියලා.. අකුරු ටිකකින් කෙනෙක් කියන දේ තව කෙනෙක්ට කොච්චර වටිනවාද..?

    ReplyDelete
  9. අරා :හ්ම්.. මටත් ලඟදී බසෙකේ යනකොට නිවී හැනහිල්ලේ කලපනා වුනා ඔය තෑගි ගැන..
    ඇත්තටම කිවුවොත් ඉස්සර නුවර පංති යනකොට කොච්චර හිතුවිලි හිතට ආවද කියලා මතක් වෙන්නේ අයෙත් බස්වල යන්ඩ පටන් ගත්තම තමා..
    PC එක ඉස්සරහ වාඩිවෙනකොට වෙන්නේ සිතුවිලි ගොළුවෙන එක..
    ඒ දේවල් ආයෙත් එලියට එන්න නම් රෑ දෙගොඩහරි වෙනකම් ඇහැරලා ඉන්න ඕනෙ..

    ReplyDelete
  10. @තාරක මල්ලී : ඔයාට අම්මා දුන්න තෑග්ග නම් හරී.....ම වටිනවා.. මටත් අපෙ අම්මා ගියසැරේ උපන්දිනේට ඔහොම ලස්සන සුභපැතුමක් දුන්නා.. අකුරු වලට කරන්න බැරි දෙයක් නෑ නේද කියලා මට හිතෙනවා.

    ReplyDelete
  11. සමරු නම් මමත් පැත්තකට කරලා තියන් ඉන්නවා..එවා ඒ තරම්ම වටින නිසා වෙන්න ඇති..ඇත්ත ජිවිතේ සමරු ගොඩක්....

    ReplyDelete
  12. මට මේ ලිපියෙන් එක දෙයක් හොඳට තේරෙනවා....... ඔයාගේ තාත්තා ඔයාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්....... කවද හරි දුකක් නොදී බලා ගන්න.........

    ReplyDelete
  13. අනිවාර්යෙන්ම,ජීවිතේ කියන්නේ සමරු වලින් හැදිච්ච පඩිපෙලක්....ඒවා මතක් වෙද්දී තියෙන සතුට කවදාවත් කිසිමදේකින් ලබා ගන්න බෑ.

    ReplyDelete
  14. @නිම්ශා නඟා : හ්ම්... සමරු සයුරක්.. හරිම වටිනවා නේද..?

    ReplyDelete
  15. @කල්හාර : මගේ ලිපිය දිහා වෙනස් විදිහකට බැලුවට ස්තූතියි ගොඩාක්..^_^
    හ්ම්.. මම අදත් කල්පනා කරේ අම්මයි අප්පච්චී අපි තුන්දෙනා වෙනුවෙන් කොච්චර කැපවෙනවද කියලා..

    ReplyDelete
  16. @මකුළු අයියා : හ්ම්... අයෙත් හැරිලා බලද්දී තමයි ඒ දේ හොදටම තේරෙන්නේ..

    ReplyDelete
  17. මටත් හම්බුණු තැගි වගේම වෙන එක එක හේතු නිසාත් සමරු වුණු දේවල් ගොඩක් මා ගාව තියෙනවා. ඒ හැමදෙයක්ම බොහොම පරිස්සමට මම තියාගෙන ඉන්නේ. ඉදලා හිටලා ඒවා බලද්දී ඉස්සර කාලේ මතක් වෙනවා. ලොකු සතුටක් හිතෙනවා.......................

    ReplyDelete
  18. ඇත්තටම ඒ දේවල් ගොඩාක් වටිනවා.. ඔයාගෙ බ්ලොග් එක කියවනකොට මට මගෙ දෝනි ව මතක් වෙනවා

    ReplyDelete
  19. @කතා හසී අයියා : ඔව්.. සමරු වල වටිනාකම නම්... කියලා නිම කරන්න බෑ අයියා..

    ReplyDelete
  20. @ඊමේල් කවිකාරී : :D.. කෙනෙක්ට තව කෙනෙක්ගේ වචන ජීවිතේට වටිනවා කියන්නේ ඒ පුද්ගලයාට මුදල් වලට වඩා මනුස්සකම වටිනවා කියන දේ කියලයි මං හිතන්නේ..
    එහෙම අය අඳුන ගන්න ලැබීමත් වාසනාවක්..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...