මේ ගැන හිතලා තවත් වැඩක් නෑ..
ඒ බව දැන දැනත් තාමත් හිතන්නෙම ඒ ගැනමයි..
පවුරු බැදි ඉසව්වේ..
ලිහිල් වූ එක් තැනක් වත්..
තාමත් සොයන්නෙම් මම්..
මම හරිද වැරදි ද..?
ඒකත් සාපේක්ෂයි..
හරිත් නෑ..
වැරදිමත් නෑ..
ඇහුම්කන් දෙන්නම එපා හිතට..
එතකොට මිනිස්සු කියයි හිතට වහල් වුනා කියලා..
ඒත් මට ඇහෙන්නෙම හිත කියන දේ විතරයි..
මගේ හිතට ඕනෙ දේ..
මට නොලැබෙන බව දැන දැනත්..
හිත තාමත් ඉල්ලන්නේ..
නොලැබෙන ඒ දේමයි..
අහසේ තරු මෙච්චර තිබුනට..
අපිට වැදගත්
අපිව දවන
අපි සනසන
හිරු විතරයි..
හිතට හිත් කොච්චර මුණ ගැහුනත්..
හිතේ ලැඟුම්ගත්තේ..
ඔය හිත විතරයි...
එක් නිමේෂයකින්..
කලින් නොහිතු ලෙස..
කලින් නොපැතූ ලෙස..
ඈතින් ඈතට අපි විසි වුන තරම්..
පැතූ පැතුම් මහ මෙරක් ඉටු වී..
අහුරක් ඉටු නොවූ හැටි..
ඒ අහුරම මා හිත දවන තරම්..
"මෙය මෙසේ නොවුනා නම්"..
මගේ හිත කියන තරම්..
වැරදුනේ කොතැනද..?..
මට එය නොවැටහෙනවා නම්..
අහිතකින් නොවන මුත්..
දැන් දැන් මට කියවෙන ලස්සන..
"මේ ලෙස ඔබ මා හමු නොවුනා නම්....!.."
(සත්‍ය සිද්ධියක් ඇසුරෙනි..)
ඇත්තටම හිතට දුකක් දැනුනා ප්‍රාර්ථනා.හැමදේම වෙන්නෙ හොදටයි කියලා සැනසෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.ලස්සණ පද ඇමිනුමක්....
ReplyDeleteජයවේවා ඔයාට!
"මේ ලෙස ඔබ මා හමු නොවුනා නම්....!.."
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ ඕකම තමයි.....
(ප්‍රාර්ථනා නංගිට නෙමේ හොදේ....මගේ ඇයට....)
දිගු නිහැඬියාවක් මොකෝ....හිතනවා ගොඩක් හොදින් කියලා...ලියන්න දිගටම....
ReplyDeleteජිවිතේ අපිට ගෙනද්දෙන්න හෑමදේම අපි බාරගන්න ඔනේ නෑති උනත්... සමහරවෙලවට ජිවිතේ අපිටත් හොරෙන් ආදරේ ගෙනත් දෙනවා... අපිට කාටවත්ම බ්ලේන් ආදරේ කරන්න බෑ නෙද ..?
ReplyDeleteඅපි ආදරේ කරනකොට මේ ආදරේ තමයි කියලා අපිට කියන්නේ අපෙම හිත නෙද ..? ඉතින් ආදරේට විතරක් අපි අපේ හිතට වහල් වෙමු...
පද ගෑලපුව හුගක් ලස්සනයි එවගේම දුක්කුත් මට දෑනෙනවා ...
@පුබුදු : පද වැල් වල කිසිම ශබ්ද රසයක් නැති නිසා මම හිතුවා එච්චර සාර්ථක නැද්දෝ කියලා.. එහෙම වුනත් මට කියන්න ඕනෙ වුන දේ වෙන විදියකට කියන්න විදියක් තිබුනෙම නෑ..
ReplyDeleteබොහෝම ස්තූතියි ඔයාගෙ වචන වලට.. මේ සත්‍ය සිද්ධිය වුනේ කාටද.. එයාටත් මේ කියනව වාරයක් ගානේ මහා ලොකු දුකක් දැනෙනවලු..
@ හසි අයියා : ඔව්.. මම එහෙම කිවුවට.. ඒ වගේ ලස්සන මතක සටහන් ගොඩ ගහන්න හොඳ වෙලාවට ඒ දෙන්නා මුණගැහෙන්න ඇත්තේ..? එහෙම නෙවෙද.. අයියා..?
ReplyDeleteමේකයි වුනේ.. මම හිතුවෙ නිවාඩු කාලෙ වැඩිපුර ලියන්න පුලුවන් වෙයි කියලා.. ඒත් අපේ ගම්මිරිස් ඇටේට ගොඩාක් වැඩ තියනවා computer එකත් එක්ක.. ඒ නිසා.. නිවාඩු කාලෙන් පස්සේ පූර්ණකාලිනව ලියන්නයි හිතන් ඉන්නෙ..
මම මේ දවස් වල අයියගෙ මඩ කෝච්චිය කියවන්න පටව් ගත්තා.. මම ඒව ගැන හිතෙන දේත් ලගදීම කියන්නම් අයියේ..
කියවන වාරයක් පාසා ඇතිවන දුක අඩු කරගන්න බලන්න.
ReplyDeleteඒක සිද්ධිය වුන කෙනාගේ අනාගතේට හොදයි
ජයවේවා ඔයාට!
හදත් තරුවක්ලු
ReplyDeleteඅහසේ පෑයුව
සිසිල් සද එළිය
දෙනවා නෙද එය
ඇති පමනට..
හිතට වහල් වෙන්න එපා නුබ
මනසින් සිතා තීරණ ගන්න
එක් වරක් ජීවිතය වැරදුන පමණට
පරදීවිද නුඹ නුඹේ අනාගතය..
@පුබුදු සොයුර : ස්තුතියි ඔයාට..
ReplyDelete@Dinesh මල්ලී : ඉරක් නැති ලොව
ReplyDeleteඒ නැති අඩුව
සුමුදු සඳ රැස්
කෙලෙසනම් පුරවයිද?..
සිතට වහල් නොවූ කල
මනසින් තීරණ ගත් කල
පැරදෙන්නේ මා නොව සොයුර
මා ලබැදි සිත සන්තක අයවලුන් මිස..
"මේ ලෙස ඔබ මා හමු නොවුනා නම්....!.."
ReplyDeleteහ්ම්ම්..නංගියෝ මේ වචන ටික මං හිතින් හිතලා ඇති දස දහස් වාරයක්...මං හුග දවසක ඉදලා කියන්නමයි හිටියේ අපි දෙන්නම ටිකක් හිතන්නෙ එකම විදිහටදෝ කියලා මට වෙලාවකට හිතෙනවා...කොහොම උනත් ඔයා ලියන විදිහනම් හරිම ලස්සනයි..ඒ විදිහටනම් මට ලියන්න බැහැ වගේ
@මම : අක්කේ.. ඒ කියමන ඇත්ත කියලා ඔයාටත් හිතෙනවද..? මටත් හිතෙනවා.. එතනදී කවුදෝ අපේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා වගේ දැනෙනවා.. හැබැයි එහෙම නොවුනා නම් ඔහොම තේමා යටතේ ගී ලියවෙන්නෙත් නෑ නේ..
ReplyDeleteම්ම්.. හි.හී.. එහෙම ද..? එහෙනම් මම වගේම හිතන කෙනෙක් හමු විමත් සතුටක් අක්කේ.
අනේ.. ඇත්තමයි.. මෙ නිසඳැසේ නම් කිසිම ශබ්ද රසයක් නැති එකත් අමුතුව විදිහක් කියලා දැන් මට හිතෙනවා..:)
@ඉලංදාරි අයියා : හ්ම්.. ආදරේ බලෙන් ගෙන්න ගන්න බෑ.. ඉබේම ආවම පන්නගන්න බෑ.. හිතට වහල් වෙන්න.. මෙතනදී විතර්ක්.. මම නම් හරිම කැමතී අයියා..ඒත්...
ReplyDelete