Saturday, October 16, 2010

සිත පියා හිදිනු මට නොහැකි නිසා..

සිතට වහල්විය නොහැකි නිසා
නෙතු පියා හිදිමි ගනඳුරට වෙලා
මුළු ලොවට හොරා මගේ සිතට වෙලා
මුමුණන කව නෑසේ මටම මෙදා

ඔබ කවුද කියා නුදුටුවද එදා 
සිත සන්තක විය නොදැන මෙමා 
නෙතු පියා හිදිමි ගනඳුරට වෙලා
සිත පියාහිදිනු මට නොහැකි නිසා


සෙනෙහස අරුමයකිමැයි සදා 
මට වැටහෙන දින අත නුදුරෙ නිසා 
නෙතු පියාහිදිමි ගනඳුරට වෙලා 
සිත සිතා හිදිනු පල නොමැති නිසා

"The end of love.."

10 comments:

  1. නෙතු පියා හිදින විට........
    මැව්නා ඔබ නෙතු අද්දර..
    ලං වන්නට නොහැක මට...
    ආදරේ හීනයට..
    නෙතු පියාගෙන දකින.......

    ReplyDelete
  2. හ්ම්..මම කිවුවනේ..ඔයා නිසඳැස් ලිවුවොත් top hit වෙයි...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

    ReplyDelete
  4. අදුරට වී සැගව
    නුබ කරන පෙමක අරුම
    බිදකට හෝ ඔහුට
    දැනුනා නම් ...

    ReplyDelete
  5. @හසි අයියේ..ඔයාට හොරෙන්නම් කිසි දෙයක් කරන්න බැරිවෙයි වගේ...හි..හි..:):)
    (ඇත්තටම මේ මගේ අත්දැකීමක් විතරක්ම නෙවේ,...)

    ReplyDelete
  6. @දැනුනානම්...!!! ඒත් නොදැනුන නිසා..පලක් වේවිද සිතීමෙන්...???

    ReplyDelete
  7. නෑ ඒ හින්දා කියන්න :P ;)

    ReplyDelete
  8. අනේ නිසල්.. ඔයා ළඟත් තියෙන්නේ හරිම ෂෝක් උත්තර තමා..:):):)

    ReplyDelete
  9. හිතට දැනෙන හිතට වදින විදිහට ඔයා මේක ලියලා තියෙනවා. නියමයි.

    ReplyDelete
  10. බොහෝම ස්තූතියි..Hasithaඅයියේ.. ඔයා හැමදාම මාව දිරිගන්වන කෙනෙක්...

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...