Monday, June 27, 2011

වතුර නෑ..

                                ගෙදර ඉන්න මේ කාලේ හොඳට කාලා,බීලා,නාලා ඉන්නලු.ඉතින් මේ නිසාම ගෙදරටම ගෙවුන මාස 9ක විතර කාලේ හොඳ සැපට හිටියා.එහෙම ඉන්න අතරේ තමයි අපිට මාදුරුඔය යන්න වුනේ..^_^ ^_^ (හප්පේ ඒ නම මතක් වෙනකොට මගේ හිත පිරෙන සතුට..ම්ම්.. අද මාදුරුඔය යාළුවෝ දිඹුලාගල යන්ඩ ඇති..අපිත් ගියේ දෙවනි ඉරිදා දවසේ නේ..)


                                 එහෙම හිටිය අපි,මාදුරුඔය ගිය පලවෙනි දවසෙම හරිම අද්දැකීමකට තමයි මුහුණ දුන්නේ,අපි යනකොට ළමයි 300ක් විතර තම තමන්ගේ බිලට් වලට ඇවිත් නාලා,කාලා rest කරනවා.. අපි ඉතින් මහන්සි ඇරලා,ඇඳුම් ටිකත් අරන් ආච්චිඅම්මලා වගේ ගියා නා ගන්න..:D

                                 අපායට යතත් ඉස්සෙල්ලා යන්ඩ කියන්නෙ ඇයි කියලා මට තේරුනේ එතකොට.. ටැංකි දෙකම අඩියටම වතුර හිඳිලා..නෑ,හිඳවලා..

"අපෝ... මාර පරිප්පුවක්නේ කන්න වෙන්නේ මාදුරුඔයදී අපිට.."
අපිට සෑහෙන්ට තරහා..

හරි,ඒක එහෙමයි කියමු...නාගන්න බාල්දියක්වත් තිබුනේ නෑ අහලක පහලක.. :D:D

                                  ඔන්න ඉතිං පලවෙනි දවසේ අපි loosers වුනා..තරඟයකින් තොර පැවැත්මක් නෑ කියලා අපි තේරුම් ගත්තා.. එදා ඉඳන් අපි දවල් කෑමට ආවහම ආයේ යන්න කලින් නාන්න අරං යන බඩු ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා..මොකද ඒ වෙනකොටම අපි හැමෝටම බාල්දි තිබුනා.. staff මිස්ලා අපිට බාල්දි ගෙනත් දුන්නා..හෙ..හේ..

                                 දෙවනි දවසේ අපි එනකොට සෑහෙන්ට පරක්කු වුනා,තේ අරං යන බාජන,කෝප්ප,වතුර බාල්දි,වතුර බෝතල් උස්සන් එන්න වුනානේ,ඒකයි.. ඒ දවස් ටිකේම DS (duty student ) වුනේ අපි තුන් හතර දෙනා..නම් පිළිවෙලට නායකත්වය..^_^

                                 එදත් හොඳටම හෙම්බත් වෙලා නාන්න යනකොට වතුර ඉවරයි... ඒ අස්සේ ළමයි අඩියේ තියන වතුර ටික හදිස්සියට නානකොට අහක ඉන්න අපිත් නෑවුනා..බාගෙට..හෙ..හේ....

                                 ඔන්න ඔහොම රතු කට්ටේ කෑලිත් නැතිවෙලා තිබුන වෙලාවක අපේ staff මිස් කෙනෙක් ඇවිත් කිවුවා මෙන්න මෙහෙම,

"ඉක්මනට පෝලින් වෙන්න..මීටිං එකක් තියනවා,ඔයාලව batalion වලට බෙදන්න"

                                ඉවසීම එහෙදී සෑහෙන්ට ප්‍රගුණ වුනේ මේ වගේ වෙලාවල තමයි... අපි ආයෙත් බිලට් වලට දුවලා ගිහින් හඩුම හඩු ට්‍රැක් කිට් එක දා ගත්තා,සපත්තු මේස් නැතුව දා ගෙන.. පෝලිං හැදෙන අතරේ කොණ්ඩේ ගොතා ගත්තා.."කාල කලමණාකරණය"....:P

                                 ඒත් එදා අපිට රෑ කෑමට පස්සේ නාන්න වෙලාව දෙනවා කියලා අපේ ස්ටාෆ් පොරොන්දු වුනා.අපි එදා නෑවේ රෑ 9.30ට විතර... අනේ මගේ අහිංසක tooth brushඑකත් වැටුනෙ එදා තමයි... එදා ඉඳන් අලූත් බ්‍රශ් එකක් ගන්නකම්ම (මම හිතන්නේ දවස් තුන හතරක්..:/) මම දත් මැද්දේ ඇඟිල්ලෙන්... :D:D.. අනේ මම පව්..!!!

                                  ඒ හැමදෙයක්ම කිවුවම මේ ලිපිය කියවන අය හිතයි.. නායකත්ව පුහුණුවට මාදුරුඔය ගිය ගෑනුළමයින්ට තිබිලා තියෙන්නේ අවම පහසුකම් ය... මේ නායකත්ව පුහුණුවේ අඬුලුහුඬුකම් ය කියලා.එහෙම නැත්තම් හිතයි කරපු හොද දේ වැරදි විතරක් හොයන අමන කෙල්ලක් කියලා..:)

ඒත් මේ කියන්න යන්නෙ ඒ දේ නම් නෙවේ..

අපේ lecturer සර්ලා,මැම්ලා හැමදාම තමන්ගේ දේශනේ පටන්ගන්න කලින් අහනවා මෙන්න මෙහෙම..

"දැන් හැමෝම කාලද ඉන්නේ..?"

"ඔව් සර්"

"කෑම කොහොමද?"

"අති විශිෂ්ටයි සර්"

"ඈ..? මට නං කල්දේරම් බත් කාලා එපා වෙලා.."

"නෑ සර්..කෑම රසයි.."

"මොනවද තියන ප්‍රශ්න?"

"වතුර නෑ සර්.."

"ඒකත් මේ පුහුණුවේම කොටසක්.. දරාගැනීමේ ශක්තිය.."

අපිට කට උත්තර නැත.. ඇත්ත ඒකෙන් අපි දරාගැනීමේ හැකියාව වැඩිකරගත්තා තමයි.:):)

                                  ටික ටික අපි හා අපේ සුවදුක් බැලීමට සිටි මිස්ලා ලං වන්නට වන්නට ඔවුන් ඔවුන්ගේ ද්දැකීම් අප සමඟ කියන්නට වුනා.

"අපිට එක කෝස් එකක තිබුනා දවස් 25ක් එකම එක වතුර බාල්දියක් පිරිමහගෙන ඉන්න..මොකද යුද්ධෙ තියන සමහර පැතිවල වතුර නෑනේ.. අපි ඒවට මූණදෙන්න ලෑස්තිවෙලා යන්න ඕනෙ නේ.."
එහෙම කිවුවේ හැම මොහොතක්ම ගොඩාක් විනෝදෙන් ගතකරපු සඳමාලි මැම්..

"ඔයාලට වගේ නෙවේ මිස් අපිට... "කියලා පටන්ගත්තම... 
දිග හැරුනු එයාලගෙ ගොඩාක් යුධ අද්දැකීම් "අපි අපේ රට වෙනුවෙන් මොනවද කැප කරලා තියෙන්නේ" කියලා හිතන්න සැලැස්සුවා.

                                 එයාලා ගොඩාක් අය අපේ වයසේ..ඒත් අපිට වඩා ගොඩාක් දුර ජීවිතේ ඉදිරියට ගිය.. අපිට අපි ගැන ලැජ්ජා හිතුන තරම්...

අපි "අපෝ මේ ජීවිතේ...:/""" කියලා හිතපු හැමවෙලේම එයාලා එක් එක්කෙනා කියපු කතා මතක් වුනා.මේ මොන පීඩාවක්ද කියලා හිතුනා.

                                  ආයේ වතුර නොතිබුනත් අපිට තරහ ආවේ නෑ... මොකද අපි දැනගත්තා අපි වෙනුවෙන් එයාලා කොච්චර කැපවෙනවද කියලා.. දවසේ පැය 24ම... පැය 24ම එයාලා කැපවුනේ අපි වෙනුවෙන්...

හරියටම වෙලාවට වැඩ..ලොකුම සර්ගේ ඉඳන් පොඩිම staffට... "

"උදේ කවුද නොකෑවේ... "

"ඇයි මොකක්ද අසනීපේ... "ඒ මොහොතෙම එයාව MI room(Medical Inspection room) එක්ක යන්න "

"දවල්ට නොකා ඉන්න එපා,කලන්තේ හැදෙයි"

"දෙන තේ එක නොබී ඉන්න එපා මිස්.. මෙහෙ හරි රස්නෙයි..විජලනය වෙයි"
මුල් දවස් වල නම් උණුම උණු තේ බොනවා තියා හිතුවෙ වත් නෑ..ඔළුවෙන් ගිනි පිටවෙන අවුවේ තමා තේ බිව්වේ..^_^

"ඔයාලා පුළුවන් තරම් වතුර බොන්න.. මාදුරුඔය තමයි දැනට ලංකාවේ රස්නේ වැඩිම.."

ඒ වචන ගෙදර ඇවිත් දවස් දෙක තුනක් යනකම්ම ඇහුනා වගේ..

                                 උදේ PT ground එකේදී... ඊට පස්සේ drill ground එකේදී.. ඊට පස්සේ ලෙක්චස් වෙලාවෙත් අපි ලඟටම වෙලා ඉඳන්... අපි ලොරි තල්ලු කරද්දී අපිට cheer කරලා... කනපිට කූඩාරම් ගහද්දී කරපු ගොංකම්  දැක දැක නොදැක්කා වගේ හිනාවෙවී...

                                  රෑ පිස්සු නාට්‍ය කරද්දී වමනේ නොකර කොහොමහරි ඒවත් බලලා... සිංදු කියද්දී කන් වහගන්නෙ නැතුව දරාගෙන ඉඳලා:P.. එයාලා අපි වෙනුවෙන් කොච්චර කැපවුනාද..?

                                  ගෙදරදී නම් කරන්ට් නැති දවසට බංකොළොත්..පාඩම් කරන්නෙත් නෑ.. ඔහේ වැටිලා නිදනවා.... ඒත් එහෙදී..

එකදවසක් නැඟිටිනකොට කරන්ට් නෑ.. එදා මම හිටියේ උඩ ඇඳක..

                                 ඒත් කළුවරේ කොහොමහරි බිමට බැහැගෙන යාළුවෝ එක්ක මූණ හෝදන්න යනකොට ටැංකිවල වතුරත් නෑ... ආයෙත් බිලට් තිබුන තැනට ඇවිත් එතන ටැප් එකෙන් වතුර අරන් මූණ හොදගත්තත් එදා අපිට තරහා අවේ නෑ.අපිට හිනාගියා විතරයි... අපි ගත කරපු ජීවිතේ හා දැන් ගත කරන අල්පේච්ච ජීවිතේ ගැන.

                                  ඇත්තම කියන්නම්... මම ජීවිත කාලේ ආසාවෙනම ගතකරපු සති තුනක් තමා නායකත්ව පුහුණුවට මාදුරුඔය ගිහින් ගත කරපු සති තුන. ඒ විදපු හැම දුකක්ම ආපහු කතාවෙලා හිනාවෙන්න පුළූවන් තරම් සතුටුදායක වුනා... ඒ විඳපු හැම සතුටක්ම ආයෙත් මතක් කර කර හිත සතුටින් පුරවාගන්න අපිට උදව් වෙනවා.

                                  හැම අඩුපාඩුවකිනම මානසිකත්වය අඩියටම වැටෙමින් හිටිය,පොතෙන් හෙම්බත් වෙලා හිටිය අපි... මාදුරුඔයදී ගත්ත fun එක නම් කියලා වැඩක් නෑ....

                                 මේ වතුර නැති කතාව දැන් මාදුරුඔයට අදාල නෑ.. දෙවනි batch එකට වතුර ප්‍රශ්නෙ නෑලු...අපිට එතනදි හිතුනා දිව්‍යලෝකෙට යනකොට නම් අනිවාර්යෙන් පරක්කුවෙලා යන්ඩ ඕනෙ කියලා..;)

අපි වෙනුවෙන් එයාලා ගොඩාක් කැපවුනා.. අපිට එයාලට ස්තුතියි කරන්න වෙලාවක්  ලැබුනෙත් නෑ..

                                 දැන් මට ටිකක් සතුටුයි... මමත් බොහෝම ටිකා...............................................ක් හමුදා සෙබළ සෙබලියන් වින්ද වේදනාව වින්දා නේද කියලා... ඒ වගේම කඳවුරක(හමුදා පාසලක)  සොඳුරු නිමේෂයන් සමුදායක් ගතකරා නේද කියලා..

                                  මාදුරුඔය ගැන අපි පම්පෝරි ගහන හැමවෙලේකම අපේ අනික් යාළුවෝ.."ඒ වුනාට එහෙ වතුර තිබුනේ නෑ නේද?:P:P" කියලා අහන නිසා මට හිතුනා මේ ගැන ටිකාක් ලියන්න..




මාදුරුඔය තරම් පැහැදිලි ලස්සන අහසක් මම ඊට කලින් දැකලා තිබුනේ ග්‍රහලෝකාගාරෙදී විතරයි...
එහෙ ගත කරපු දවස් 21ත් ඒ අහස තරම්ම සුන්දරයි..



(අනේ ඇත්තට,මාදුරුඔය ගත කරපු හැමදවසක්ම අමතක් නොවෙන සිදුවීම් වලින් පිරිලා තිබුන නිසා මම හිතුවා පෝස්ට් ටිකක් ඒ ගැනම ලියන්න..කෝ ඒ වැඩේ දවසෙන් දවස කල් යනවා හරියට බාලගිරි දෝෂේ වගේ)

ඒ හැමදේටම රජයට පිං...

13 comments:

  1. ඕවා ඉතින් සුමන බණ්ඩා දිසානායකගේ මනස්ගාත නේ. නායකත්ව පුහුණුව කියලා රටේ සල්ලි කන වැඩ පිලිවෙලක්. ඔන්න ඔහේ ෆන් එකක් අරගන්න පුලුවන්. ඒ ඇරෙන්න වෙන දෙයක් නෑ. කැම්පස් ආවම ඔය හැමදේම පුරුදු වෙනව.

    සහයෝගිතාව වගේ දේවල් කොහොමෙයි දවස් 21කින් පුරුදු වෙන්නේ. ඒකට ගොඩක් කල් යනවා.

    අපිත් කැම්පස් ගියා ඔහොම දෙයක් නම් තිබුනේ නෑ.

    ReplyDelete
  2. ම්ම්ම් මේ දවස් වල හාවි ඔය කට්ට කනවා... ම්ම්ම්ම් මුලදිනම් මාත් එයාව යවන්න ටිකක් බයවුනා... ම්ම්ම් හිතපු තරම් යකා කලුනෑ කියලා තේරුනේ එයා ගියාට පස්සෙයි.... කියන්න තරම් වරදක් නැතිලු...

    ම්ම්ම්ම් ගොඩදවසකින්‍ මේ පැත්තේ ආවේ.... ඉතිං කෝමද ජීවිතේ?

    ReplyDelete
  3. හොඳ වෙලාවට අපිනම් කැම්පස් ගියේ නෑ :D
    (දැන් එහෙමවත් කියන්න එපැයි)

    ReplyDelete
  4. මං නම් හිතන්නේ වැඩේ හොඳයි කියලා?මොකද අත්දැකීමෙන් දන්නවා වතුර නැතුව කොච්චර කරදරද කියලා....

    රුවන් නංගී ඇති වෙන්න විනෝද වෙලා වගේ....හි...හි....මම මුල ඉඳනි හිතාගෙන හිටියේ කොහොමත් කියන තරමට යකා කළු නැතුව ඇති කියලා....

    පෞද්ගලිකව මම සෑහෙන්න කණගාටු වෙනවා අපිට ඔය පුහුණුව නොලැබිච්ච එක ගැන....

    ReplyDelete
  5. ජීවිතේට හොද අත්දැකීම් එකතු කර ගත්ත පුහුණුවක් වගේ.. කවදා හරි ඉස්සරහට ජීවිතේට ඔය පාඩම් ගොඩක් වැදගත් වේවි..

    ReplyDelete
  6. අනේ මන්දා මේ කොහේවත් යන උන් පිට ඉදන් මේ නායකත්ව පුහුණුව දිහා බලලා බනින්නේ මොන කෙංගෙඩියකටද කියලා..

    මගේ යාලුවොන්ගෙන් පුහුණුවට ගියපු එකෙක්වත් කිවුවේ නෑ ඒක නරකයි කියලවත් වදයක් කියලවත් ඒකේ වරදක්වත්..

    ReplyDelete
  7. DS වුන දවසයි තේ ගේන්න කෑම බෙදන්න හම්බවෙන දවසයිනම් මරු ආයෙ ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. මාරම ෆන්... නැද්ද රුවන් අක්කේ...

    මධුරංග අයියා: කැම්පස් ජීවිතයනම් කොහොමද කියන්න දන්නේ නෑ.. ඒත් මේ කෑම්ප් එක නම් ජීවිතේට ගොඩක් වටිනව... ෆන් එකනම් ගොඩක් තිබ්බ තමයි ඒත් ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තිබ්බ ෆන් එකටත් වැඩියෙන්...

    ReplyDelete
  8. හලෙ හලේ අපිත් ගැහුවනෙව කුඩාරංනම් විනාඩි 20 න් ගහන්න කිව්වා.. අපි විනාඩි 11ක් පිස්සු කෙලලා විනාඩි 9න් ගැහුවා(කනපිට තමා ඈ :P :P)මට දැන් මතක් උනේ අපේ යාලුවො දෙන්නෙකුත් හිටයා මාදුරු ඔය :D

    ReplyDelete
  9. @මධුරංග අයියා : සමහර වෙලාවට අයියා,අපිට ආණ්ඩුව කරන කරන දේ "මනස්ගාත" කියන්ඩ බෑ... මට නම් මේ නායකත්ව පුහුණුව කොහොමටවත් මනස්ගාතයක් නම් නෙවේ.. මාලන් මල්ලි කිවුවා වගේ සමහර විට අපි අවුරුදු 6ක් ගත කරන්න යන කැම්පස් ජිවිතේට වඩා අපිට ඒ දවස් 21 වටින්න පුළුවන්...

    අනික තමා... ඒකෙදි අපි ගත කරපු හැම තත්පරයකම සහයෝගිතාව,කණ්ඩායම් හැඟීම මිශ්‍රවෙලා තිබුනා කියලා.. උදාහරණ වලින් පෙන්නන්න ඕනෙ නෑ මම හිතන්නෙ ,ඒ තරමට activities තිබුනා..

    පිට ඉඳන් ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න පුළුවන් අයියා..ඒත් දෙයක් ගැන පැහැදිලි අවංක සත්‍ය විග්‍රහයක් දෙන්න පුළුවන් ඒතුල ඉඳල යමක් අත්වින්ද කෙනෙක්ට විතරයි..

    :)..ස්තුතියි කොමෙන්ටුවට අයියා..

    ReplyDelete
  10. @හසි අයියා : අනේ..හසි අයියා දැක්ක කල්... කොහෙද මෙච්චර කල් හැංඟිලා හිටියේ..? බ්ලොග් එකත් වෙනස් කරගෙන..ම්ම්...??? :):)

    යකා නම් කොහොමටත් කළු නෑ අයියා,සුදූම සුදුයි හරියට හා පැටික්කි අක්කා වගේ.. ඒ නිසා මේ පුහුණුව ගැන නම් බයවෙන්නම දෙයක් නෑ අයියා... සතුටුම සතුටු වෙනවා මිසක්..^_^

    මම හොඳින් අයියා... තවත් මාස 3ක් ගෙදර කාලෙ කෑමට බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
  11. @පූස් අයියා : හොඳ වෙලාවට අපි මේ සැරේ A/L කරේ නෑ කියන්න අයියා..හෙ..හේ...

    නෑ.නෑ.. හැමදේම වෙන්නේ හොඳට් නේ...

    ReplyDelete
  12. මකුළු අයියා : අපේ අයියා චීනෙ ඉඳන් කියන්නෙත් මේ පුහුණුවයි , අපිට දෙන්න යන ඉංග්‍රිසි හා IT පුහුණුව හොඳයි කියලා.. ඇත්ත..සහතික ඇත්ත..:)

    ඔව්..විනෝද වුනා..හැමදේටම හුරුවුනා..ම්ම්.. මේ ඔක්කොම..

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අයියා..

    ReplyDelete
  13. @දිනේෂ් අයියා : ජිවිතේ ඉදිරියට යන්න ඕනෙම දේවල් අද්දැකීම් කියන දේ මම දැං හොඳට් තේරුම් අරං තියෙන්නේ
    ඔව්..ඔයා හරි.,.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...