Saturday, June 18, 2011

ලස්සන මාදුරුඔය..



                                 මමත්,දර්ශනීත් එකම වාහනයක ගමන යන්නට කතිකා කරගත්තේ ඒ වන විටත් අප හා එක්ව මෙම ගමන යෑමට අනෙක් කිසිදු මිතුරියක් සූදානම්ව නොසිටි හෙයිනි.ඔවුන් බොහෝදෙනා මෙම ගමන විනෝදචාරිකාවක්ම කරගෙන සිටියහ. අපේ පවුලෙන් අප්පච්චීත් ,අම්මාත් ,නංඟාත් එකවූ අතර දර්ශනී ඇගේ දෙමවුපියන් සමඟ බුද්ධඟෝෂ විද්‍යාලය අසල අප එනතුරු රැඳි සිටියහ.

                               වෙසක් සඳ තාමත් නැමි පනාවක් වන්නට තුන් හිතකින්වත් හිතා නොතිබුන ඒ සීතල උදෑසනේ මම දනිපනි ගා අවදි වී මූණකට දොවා,උණ හෙම්බිරිස්සාවට බෙහෙත් ටික බී අම්මලා සූදානම් වනතුරු මගේ සූට්කේසයට අඩුම කුඩුම පැටෙව්වෙමි.ගම්මිරිස් ඇටේ තාම සුව නින්දේය.ඇය ඇහැරවීම ලේසි නැත.:)  

                              අම්මා පොළොස් ඇඹුලක් පාන්පෙති වල තවරමින් මඟදී ගැනීමට ආහාර පිළියෙල කරමින් සිටී.මම මිදුලට පියමැන්නෙමි. වෙසක් කූඩු තාලෙට නැටවෙයි.වෙල් යායෙන් හමාඑන සුළඟ මට සීතල වැඩි මෙනි.මේ සියලු සුඛවිහරණ හැරදමා සති තුනක දුෂ්කර ක්‍රියාවකට මා යා යුතුයි.මට හැඟුන එකම දෙය එයයි.මේ තාක් කල සියළු රූපලාවණ්‍ය කටයුතු වතුරේය.හිත හදාගත යුතුය.මක් නිසාද යත් මම මාදුරුඔය යා යුතුමය...:D


                               යා යුතුම නිසා මම අම්මලා හා දර්ශනී එක්ක හයර් කරපු වෑන් රියේ ගමනට පිටත් වුනා.මඟදී මිතුරන්,මිතුරියන්ගේ සුභාශිංසන වලට ප්‍රතිචාර දක්වමින් නොනිදා පැය හයක් මඟ තොටේ සිරි නරඹමින් තමයි ඉදිරියට ඇඳුනේ.

                                අරලගංවිල පහුවුනාම යුනිෆෝම් එකෙන් හිටිය හමුදා සෙබල සෙබළියන් පිරිසක් දැක්කා.. හැමදාම වගේ ඇතිවුනේ චකිතය මුසු ගෞරව සම්ප්‍රයුක්ත බයක්.. එහෙම 22 - 05 - 2011 වෙනිදා මාදුරුඔය හමුදා පාසලට ලඟාවුනා.

                                එතනදී වාහනෙන් බහිනකොට දැනන් හිටියේ දර්ශනී මමයි මේ සති තුන එකට ඉන්න ඕනෙ කියලා විතරයි..දුකට සැපට.

                                 දැක්කේ දිගම දිග පෝලිම් විතරයි.. කර්කෂ පරිසරයට ඇස් හුරුවෙන්න ටිකක් වෙලා ගියා.පෝලිමේදී පවී අක්කා,එතුවක් කල් නුදුටු සුප්පි අක්කා සහ බෙත්මි නංඟා අපේ කාණ්ඩෙට එකවුනා.සමී එ වෙනකොටත් අපේ නඩේට එකතුවෙලා තිබුනා.

                                  පැය තුනකට අධික කාලයක් හිටගෙන ඉඳලා හෙම්බත් වෙලා අන්තිමට අපිව ඇතුල් කරගත්තා.. මගේ අංකේ වුනේ 398.. ඒ වෙනකොට තදබදේට තෙරපිලා දන්නෙම නැතුව හරිම හොඳ යාළුවෝ ටිකක් අපි 33 දෙනා අතරට තේරිලා තිබුනා... එදා ඒ වෙලේ දැනං හිටියේ නෑ..එයාලා මගේ ජීවිතේට මෙතරම් ලංවෙයි කියලා..ඒත් ඒක එහෙම වුනා...

                                    තුංමංසලක් වගේ තැනකදී අපි අප්පච්චිලාගෙන් වෙන් වෙලා අපේ Billets වලට ගියා..travelling bag තල්ලු කරන්.. ඒ බෑග් ඒ බොරලු පාරවල් වලට ඔරොත්තු නොදී පතුරු ගියා.. ටකරං වැටකින් වටවුන අපේ පුංචි ලෝකෙක දවස් 23කට අපි එකතුකරලා තිබුනා..

                                    ජීවිතේ මම ගතකරපු සුන්දරම දින 21ක් ඒ Billet වල ගතවෙයි කියලා මම නං ඒ වෙලේ තුන් හිතකින් වත් හිතුවේ නෑ.

13 comments:

  1. සමහර වෙලාවට හිතෙනවා අපි යන්නෙ අපායට කියලා, බැලුවාම දිව්‍ය ලෝකෙටත් වඩා හොඳයි, සමහර වෙලාවට අපි හිතනවා යන්නෙ දිව්‍ය ලෝකෙට කියලා, බැලුවාම ඒක අපායටත් අන්තයි .........

    සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි .......

    ReplyDelete
  2. කොයි දේට උනත් අපි ඉක්මන් වෙලා ඒක මොන වගේ වෙයිද කියලා හිතන්න නරකයි.. හොද උනත් නරක උනත් අපිට සමහර දේවල් වලට මුන දෙන්නම වෙනවා...

    ReplyDelete
  3. මම නම් මාදුරු ඔය බලන්න ගිහින් නෑ.

    ReplyDelete
  4. මෙන්න තවත් කෙනෙක් ඇත්ත කියනෝ.....

    ඒ දවස් 21 ගැනනම් මතක් වෙද්දිත් මාරම සතුටක් එන්නේ... කොච්චර ලොකු සහෝදර බැදීමකින් බැදුනද?
    කොච්චර වැඩ කලාද.. කවදාවත් නොකරපුව..
    වෙනස් වෙනස් සමාජීය මට්ටම් වල සහෝදරයන් උනත් 2 වනි දවස ගෙවෙද්දි අපි ඔක්කොමල්ල එකා වගෙයි..
    අන්තීමට ගෙදර එන දවසෙද්දි යාලුවොයි සර් ලයි එකට ඉදන් අඩද්දි හිතට දැනුන වේදනාවනම් කවමදාවත් අමතක වෙන්නෙ නෑ..

    ReplyDelete
  5. මෙන්න තවත් එක්කෙනෙ මරු මරු....අපේ මතකයන් බ්ලොග් වලට එකතුවෙන එකනම්!

    ReplyDelete
  6. athtatama e matakayana marama sundarai.adatath boossa camp eka matak wena kota dukai.aluth batch eka ape billetz allagena kiyala denenakota dukai.ita wada dukai next 3rd apita podi prty ekak majrzla orgnz karala ekata yanna gedarin no prmsn.aio e dawas marama lassanai.matak wenakota dukai..

    ReplyDelete
  7. @පංසල් හන්දිය : හරියටම හරී.. මට හැමවෙලේම වෙන්නෙ ඔන්න ඔය දේ තමයි..සිතූ දේ නොමවේ..නොසිතූ දේම සිතුවේ.. ඒකත් නරකම නෑ.. :):)

    ReplyDelete
  8. @දිනේෂ් අයියා : ඔව්වේක ඇත්ත.. දැන් බලන්න අපි... මාදුරුඔයට ඇතුල්වුන දවසේ පුදුම දුක්වුනා..අවුවේ කරවෙන්ඩ වෙයි කියලා..අරවා කියලා..මේවා කියලා..ඒත් දැන්..දැන් මතක් කරාම ආයෙත් යන්න ආස හිතෙන තරම් සුන්දර කාලයක් අපි එහෙ ගතකරා.. හැම තත්පරයක්ම.. හැම මිනිත්තුවක්ම.. හරිම සොඳුරුයි..

    ReplyDelete
  9. @මධුරංග අයියා : මමත් ගිහින් තිබුනේ නෑ....කවදාවත් යන්න හිතුවෙත් නෑ.. සමහර සිද්ධි දයිවෝපගතයි.. ඒ විදිහේ සිදුවීමක් තමා "නායකත්ව පුහුණුව"... :)

    ReplyDelete
  10. @මාලන් මල්ලී : ඇත්ත මල්ලී.. "කවදාවත් නොකරපු තරම්... කවදාවත් නොකරපු වැඩ" කරපු එක නම් ඇත්ත මල්ලී.. පොතෙන් තොර සතුටින් පිරි ඒ වගේ කාලයක් ආයේ ගතකරන්න හම්බෙන්නෙ නෑනේ..

    ReplyDelete
  11. @මදුෂාන් : අනේ කරුණාකරලා..තවත් මේ ගැන ලියවුන බ්ලොග් අඩවි තියනවානම් මට දැනුම් දෙන්න පුළුවන්ද? අනික් camps වල අයගෙත් අද්දැකීම් අහන්න දකින්න පුදුම ආසාවෙන් මම ඉන්නේ..

    ReplyDelete
  12. @පිටස්තරී : ඔයාලා වාසනාවන්තයි අපිටත් වඩා.. අයෙත් ආයෙ ආයෙත් camp එකේ යාළූවෝ.. Staffලා ,mamලා,sirලා මුණගැහෙන්න පුළුවන්.. අපිට මාදුරුඔය මුණගැහුණු මුහුණු ආයෙ කවදා කොතැනදී මුණගැහෙයිද දන්නෙ නෑ.. අපේ Staff ගේ නම් හොඳ වෙලාවට 4n no එක ඉල්ලගත්තා.. ඒ මිස් ඇර අනික් කා එක්කවත් සබඳතා 11වෙනිදායින් ඉවරවුනා.. හිතට හොඳට දැනුන සමුගැනීමක්.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...