Thursday, October 14, 2010

පාසල හැර එදෙස බලා..

චකිත මුදිත කැටිවූ හද 
ලයේ රුවාගෙන
 පෙර විදු ලකුණ සඟවා නව 
විදු ලකුණ රැගෙන

ආ හැටි එකට සිටිහැටි එක 
අතමිටකට මෙන
 පන්හිද තුඩින් පන් දහසක 
වඟුරනු කෙලෙසින


පැවරුම් පුරා ඉහිරුම් කර 
සිනා ගැලූ හැටි
 රසමසවුලට බොරුවට ලොබ 
බැඳ පොරකෑ හැටි
ගුටිබැට කන කවන පොදියට රහකර කෑ හැටි
 අමතක මතක සටහන් මෙන් 
සිත ඉපිලෙයි නිති
  

 විසුළු නම් වනම් නිති අන් 
සකි වත අන්දා
 සිත් රිදුම් තැවුල්මුල සැනසුම් 
පැදි බන්ඳා 
ලත් සියල් සැරුම් නුඹ මා 
සිතතුල රන්ඳා
අත් හරිම් කෙලෙස මිතුදම් වෙන්වුනැයි කියා
  

කරලියේ රැඟුම් පා ගිල්වා සයුරක සිනා 
නොමවුවත් නුඹත් මම රැවුදෙයි පියසම පුරා 
පොලඅතු රටා මැවු මිහිමත සරණ දන පවා
කල්මරයි නිතින් කල කි දෑ ගණිනු නියා

 සමරුපත් පුරා දිවු නන් 
වදන් කැටි මුතූ
 අරුම නැත නිමක් නැතිහැටි 
මතක ලත් තුටූ



කඳුළු බිඳු මතින් සෝදා 
දසුන් අප සතූ 
හැරිය හැකිද මිතුරනි ඒ 
සොඳුරු අවුරුදූ...

   The days we had at school will not come again....
But their memories also never leave us as long as we live.....

10 comments:

  1. හිත ඇත්තටම ඒ සුන්දර කාලයට ගියා නංගියෝ නොදැනිම....හරිම ලස්සනයි...
    දන්සැලේ ෆෝටෝ එක දැක්ක ගමන් මට මතක් වුනේ අපේ දන්සැල...අනිත් අයට වඩා කෑවේ බ්ව්වේ අපිමද මන්දා...හික්ස්‍‍...

    ReplyDelete
  2. ඔයාට කිවුවම මොකද හසි අයියේ..අපෙත් වුනේ ඔය ටිකමනේ....:):)

    ReplyDelete
  3. ඉස්කොලේ ජීවිතේ..ආයෙත් යන්න ඇත්තනම් කියල හිතෙනවා..

    ReplyDelete
  4. ඇත්තනම්.අපිට අයෙත් යන්න බෑ මේ ආත්මෙදී...නිසල්. ඒත් ඒ මතක සුවඳ අපිත් එක්කම එනවා මැරෙනකං...

    ReplyDelete
  5. ඇත්තටම එ මතක සුවද අපි මරෙන කල් අපිත් 1කම තියෙවි.....මෙ අත්මේ අයෙත් එ ඉස්කොලෙට යන්න බැරි 1ක නම් වාවා ගන්න බැරි dukak,,,,

    ReplyDelete
  6. @shani : ඔව් ..ඇත්තමයි නංගෝ..!ඒක වාවගන්න බැරි දුකක්..

    ReplyDelete
  7. ඇත්තටම ඒ කාලෙ මතක් වෙද්දි ඇස් 2ට කඳුලු උනනවා.. :'(
    ඉස්කොලෙනුත් සමු අරගෙන එකට පිස්සු කෙළපු යාඑවන්ගෙන් ගොඩාක් ඈතට ගිහින් අද මම..

    ReplyDelete
  8. ම්ම්.. ඒ කිවුවෙ මල්ලී?.. ගොඩාක් ඈතට ගිහින් කිවුවෙ රට ගිහින් ද..?.. අපේ යාළුවොත් විසිරිලා .. ඒත් එකතු වෙන්න පුළුවන් තරම් දුර තාමත් එයාලා ඉන්නවා.

    ReplyDelete
  9. ඔව් අක්කා. විභා‍‍ගේ ලියපු ගමන්ම මට යන්න වුනා.
    ජිවිතේ මේ ගලාගෙන යන විදියෙන් වෙනස් වෙන්නේ ගත වෙන්නෙ ගොඩක් පුංචි කාලයක්..
    ඊට පස්සේ හිතා ගන්නත් අමාරුයි ඒක වුනේ කොහොමද කියලා

    ReplyDelete
  10. ඔයා හරි මල්ලී.. අපි දැන් ඉස්කෝලෙට පිටස්තරයෝ..අර චතුවා කිවුවා වගේ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...