ඔහු ළඟ ගොඩාක් හොඳ ගතිගුණ තිබුනා..
හිත රිදෙන වචන ටිකක් තිබුනා..
සමස්තයක් විදියට ගත්තම හිතන්න කරුණු ගොඩාක් තිබුනා.. හිතලා ඵලක් නෑ.. මට තවත් හිතන්න අයිතියක් නෑ..
මට හිතන්නවත් අයිතියක් නෑ..
හීන මැව්වේ හිතට දුකක් නොදී ඉන්න... හැමදාම සතුටින් තියන්න නෙවේ.. නිකරුනේ හිත් වේදනා නොදී ඉන්න..
මම හිතුවේ එහෙමයි.. ඒත් ඒ හිත හිතුවෙ එහෙමද..? එහෙම නොවුනත් කරන්න දෙයක් නෑ..
"සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට"
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට"
මම හිත හිත දුක් වෙනවා.. තේරුමක් ඇත්තෙම නැති වැඩක්.. මට අවැඩක්.. හැම සිදුවීමකදිම අන්තිමට මට ඉතුරු වුනේ.. සීතලම සීතල කඳුලක් විතරයි.. කඳුළු බිංදුවේ වත් උණුසුමක් නෑ..
ඒත් ඒ සමුගැනීමේ දුක මට විතරයි.. ඒ ගැන තව්දුරටත් හිතන්නේ මං විතරයි..
"කඳුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කරේ ඇයි..?"
ගිලිහී යන්නට උරුම කරේ ඇයි..?"
කොච්චර අමතක කරන්නම් කියලා හිතුවත් ඒකටවත් හිත අවනත නැති වුනාම.. හිතන්න.. මම කොච්චර අසරණ වෙන්න ඇද්ද..?....
මගේ හිත අකීකරු නෑ.. මීට කලින් කවදාවත් අකීකරු වෙලත් නෑ.. ඒත් ඇයි මේ.. මටම හිතා ගන්න බෑ..
අහසේ තරු තරම්.. පොලවේ වැලිකැට තරම්.. මම කෙනෙක්ට ආදරේ කරා හෝ කරනවා කියන්න බෑ..
කියන්නෙත් නෑ..
කවදා පටන් ගත්තද..? දැන් ආයෙත් ආදරේ නොකරන තරමට ඒ කතාව ඉවර වෙලාද.. කියනවා නම්... තාම ඒ කතාව ලියවෙනවා.... හිත රිද්ද රිද්ද ලියවෙනවා...
ඒ රුව දකින්න ආසවෙන්... ඒ හඬ අහන්න ආසාවෙන්.. තාමත් මේ හිත මඟබලන් ඉන්නවා..
ඒකට කියන්නෙ නම් මෝඩකම කියලා... වෙන දෙයක් නෙවේ..
"සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතු මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කර දා සැඟව ගියේ ඇයි?"
අත්වැල වන්නට පැතුම් පැතු මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කර දා සැඟව ගියේ ඇයි?"
ගොඩාක් දුර අනාගතේ බැලුවේ නෑ... ඒත් ටිකක් එහාට හිතුවා.. හිතුව හිතිවිලි ටිකයි කවි ලිවුව කඩදාසි ටිකයි විතරක් මට උරුම වුන එක... තාමත් මට අදහගන්න බෑ...
නිදිදුව එනකම්... සිවිලිම දිහා බලන් හිටියත් නින්ද එන පාටකුත් නෑ.. සුසුමක හඬ විතරක් හෙමිහිට කොඳුරනවා.. මම ටිකක් වටපිට බැලුවා..කාගේ සුසුමක්ද ඒ කියලා... අන්තිමට මගේම සුසුමකට මම රැවටිලා..
මුළු විශ්වාසෙම කෙනෙක් ගැන තැබුවොත්... දැන හෝ නොදැන ඒ විශ්වාසේ බිඳුනොත්... පුළුවන් වෙයිද තිබුන තත්වෙටම ඒ සිතිවිල්ල අරං එන්න... කොහොමටවත් බෑ..
අද වගෙ දවසක ඔයා අතිනුත් වුනෙ.. ඒ වගේ දෙයක්....
මට ආදරේ නොකලා නම්.. මට බොරු නොකරන්න තිබුනා..
මට බොරු නොකලා නම්.. මම අද මෙහෙම නොහිතන්න තිබුනා..
මම එහෙම නොහිතුවා නම්.. ... "නම්" කියලා වැඩක් නෑ.. ඒ හැමදේම වෙන්න තිබුනු විදිහට වෙලා ඉවරයි..
"මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කර දා ඉවත ගියෙ ඇයි?"
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කර දා ඉවත ගියෙ ඇයි?"
මම වයිර කරන්නෙ නෑ.. (නෑ..මයි කියනවා නම් ඒක බොරු.. ඒත් නොකර ඉන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා).. මට මං ගැනම දුකයි.. මේ හැමදෙයක්ම ලියවුනේ ඒ හින්දා මිසක්... වෙන දෙයක් නිසා නම් නෙවේ..
චමත්,
ඔයා ඉන්න තැනක සතුටින් ඇති... මම මේ ලියන්නෙ.. ලියවෙන අන්තිම වදන.. ඔයා ගැන
මේ හෙලන්නෙ.. ඔයා වෙනුවෙන් හෙලන අන්තිම කඳුළු බිංදුව..
තුෂී..
(සෙනෙහසක්.. ඉපදුනාම හදවතක... විරහ වේදනාවක් ඒ එක්කම කවදාහෝ එනවාමයි ඒ හදවත හොයාගෙන...)
http://www.youtube.com/watch?v=VCLKsDycEIY
ආදරේ හැටි ඔහොම තමයි......
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්
ReplyDeleteහරිම ලස්සනයි කියන් නේ කොහොමද..... හරිම හැඟුම්බරයි නංගෝ....... මේකත් ආසම සිංදුවක් තමා.......
සෙනෙහසක්.. ඉපදුනාම හදවතක... විරහ වේදනාවක් ඒ එක්කම කවදාහෝ එනවාමයි ඒ හදවත හොයාගෙන...
ReplyDeleteමම හිතන්නේ නෑ.....
අනේ මන්ද....එක්කෝ මම හිතනවා..වෙන්න ඇති...එහෙම වේදනාවක් එන්නේ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නෑ අනේ...ආදරේ කියන්නේ ඒකට තමා...දවසක් හරි අඩන්නේ නැති නම් ඒක ආදරයක් වෙන්නේ නෑ...ආදරේ වෙනුවෙන් එක මොහොතක් හරි අඩනවා....
@පූසා : මමත් එහෙම හිතනවා.. ඒත් මේ "ආදරේ හැටි ද..? විරහේ හැටි ද..?"
ReplyDelete@තාරක දිල්ෂාන් : හ්ම්.. ???
ReplyDelete@හා පැටික්කි අක්කේ : මමත් ආ....සම සිංදුවක් අක්කේ.. :D
ReplyDelete@මිස්ටර් රත්ගමස් : විරහව කියන්නෙ වෙන් වීමකදී දැනෙන දුක.. හරියට අපෙ ලොකුඅත්තා නැති වුනාම අත්තම්මිට දැනුනා වගේ.. ස්නේහය සම්බන්ධ දෙයක් නේද...? ඒකෙදී.. අනිවර්යෙන් අපිට ඒ වේදනාව විදින්නම වෙනවා යාළුවා..
ReplyDeleteඅක්කණ්ඩියේ, පුළුවන්නම් කතාවත් එක්කම ලින්ක් එකකුත් දාන්නකෝ සින්දුවට.
ReplyDeleteඔය සින්දු අහලම නෑ අප්පා.
සින්දුව අහන ගමන්නම කියවද්දි තමා නියම!
නින්ද රහසින් නුඹ අරන් ගිහින්
ReplyDeleteපෙම් බැදි සිත නුඹ අරන් ගිහින්
ආයෙත් එනවනම් සිහින අතරින්
ආදරෙයි තවමත් මා සිතින්..
@තාරක මල්ලී : අනේ sorry මල්ලී.. අයේ එහෙම කරන්නම්කෝ..
ReplyDelete@Dinesh : හ්ම්.. ඒ පද ටික නම් මේ පෝස්ට් එකට හොඳට ගැලපෙනවා.
ReplyDelete"සෙනෙහසක්.. ඉපදුනාම හදවතක... විරහ වේදනාවක් ඒ එක්කම කවදාහෝ එනවාමයි ඒ හදවත හොයාගෙන... "
ReplyDeleteඔය ටික නම් බොක්කටම වැදුනා. මෙහෙම ආදරයක් එක්කනේ චමත් සෙල්ලම් කරලා තියෙන්නේ
@මධුරංග අයියා : චමත් හිතට බොරු කරා..:(... මෝඩ කොල්ලා..:(
ReplyDeleteඅදයි මේ පෝස්ට් එක දැක්කේ.
ReplyDeleteඅද වගෙ දවසක ඔයා අතිනුත් වුනෙ.. ඒ වගේ දෙයක්....
''....මට ආදරේ නොකලා නම්.. මට බොරු නොකරන්න තිබුනා..
මට බොරු නොකලා නම්.. මම අද මෙහෙම නොහිතන්න තිබුනා..
මම එහෙම නොහිතුවා නම්.. ... "නම්" කියලා වැඩක් නෑ.. ඒ හැමදේම වෙන්න තිබුනු විදිහට වෙලා ඉවරයි..."
මේ ටික තමයි මටත් දැන් කියන්නත් හිතන්නත් ඔක්කොටමත් ඉතුරු වෙලා තියෙන්නෙ. ආදරේ නම් මහම මහ විකාරයක්