ගොඩාක් පෙරේත කෑදර කමින් රත්‍රන් සමාන කාලය කා දාන මම දැක්කම අයියට දුක හිතුන නිසා තමයි මට මුලින්ම බ්ලොග් එකක් හදලා දුන්නේ.
රෝස පාට ලස්සන බ්ලොග් එකක් හදලා ඒකට හරියට තේමාවක් , මට අන්වර්ථ නමක් හිතන්න කියලා අයියා කිවුවත් මට එච්චර දෙයක්වත් හිතෙන්න තරම් නිර්මාණශීලි හැකියාවක් නොතිබුන නිසා අයියා මුවින් නොබැන "පියගැටපෙළ අද්දර" කියලා ලස්සන තේමාවකුත් එක්ක "ප්‍රාර්ථනා" බ්ලොග් ලෝකෙට හදුන්වා දුන්නා.
බොහොම අමාරුවෙන් කොළ කෑලි , ප්‍රශ්න පත්තර පුරා කුරුටු ගෑවුන කවි කෑලි ටිකක් අමුණලා මම මගේ පළවෙනි පෝස්ට් එක ලියන්න පැයක් විතර ගියා.. (කවි පේලි 16ක් විතර)
මේ බ්ලොග් එකේ මුල්ම ඇරඹුම් ලිපියත් අයියාගේ අනුදැනුම ඇතුවයි ලිවුවේ.
ටික ටික අනික් බ්ලොග් වලට ගොඩ වදිනකොට මම මුලින්ම දැක්ක ලොකුම හීනෙ තමා පෝස්ට් 25ක් ලියන එක.. මම දැනගත්තම Facebook එකේ වගේ මේකෙ යාළුවෝ add කර ගන්න බෑ කියලා.. සෑහෙන උත්සාහ කරලා followers වැඩි කර ගන්න ඕනෙ කියන හිතිවිල්ලත් ආවා හිත මුදුනට මුදුනට..
ඒත් මම කියවපු බ්ලොග් වල හැටියට මගේ ලිපි මොනවද..? මම දැනගත්තා.
මුල් ලිපි ලියවෙනකොට වගේම තාමත් අළුත් ලිපියක් ලිවුවම දවසට දෙතුන් සැරයක් ඇවිත් බලනවා කොමෙන්ටු කීයක් ඇවිත් තියනවද ... ඒ වගේමොනවද කියලා තියෙන්නේ කියලා.. :):)
නිසඳැස් වලට අමතරව කොහොමද මගේ ලිපි සිත්ගන්නා සුළු විදිහට ලියන්නෙ කියලා මම හෙවුවා.. ගොඩාක් බ්ලොග් වල ඇවිද්දා.... අන්තිමට මම හිතුවා හැමෝටම තියනවා තමන්ගේම අනන්‍යතාවයක් කියලා.. මටත් එහෙම දෙයක් තියනවද කියලා හිතුනා..
එහෙම හිතලා මම ආසම ක්ෂේත්‍රයක් මේකට යොදා ගන්න හිතුවා.ඒකෙන් මටත්තෘප්තියක් ලැබෙන නිසා. ඒ තමා ගීත ගැන ලිවීම. ගීත වලට විචාර ගොඩක් අය දෙනවා.. එහෙව් එකේ ඇයි බැරි ගීතයෙන් කියවෙන දේ රසවත් කතන්දරයකින් කියන්න කියලා මට හිතුනා... ටික දවසක් යනකොට ඒ ක්‍රමේ සාර්ථකයි කියලත් තේරුනා.
ටික ටික ඉදිරියට මම ඇවිත්... දියුණුවෙමින් ඉන්න කෙනා ආපසු හැරී බලන්න හිතුව දවසට එයාගෙ දියුණුව පෑල දොරෙන් පලා යනවා කියලා කතාවක් තියනවා.
කීප සැරයක් බ්ලොග් ලිවිල්ල නවත්තන්න... අතරමඟ කමාවක් තියන්න මට හිතුන වාර ගණන බොහෝමයි.. අන්තිමට මම හිතුවා මගේ බ්ලොග් එක විනිවිද පේන කඳුළු බිංදුවක් කර නොගෙන පොඩ්ඩක් ඩයි දැම්ම වතුර බිංදුවක් කර ගන්න... එතකොට කවුරුහරි කියවලා අතරමඟදී මුන ගැහිලා සමච්චල් කරයි කියලා බයකුත් නෑනෙ.
බ්ලොග් එකක් කියන්නෙ කෙනෙක්ගේ අනන්‍යතාවය.. ඒක එයාගෙ හදවත නොවුනත් එයාගෙ ස්වරූපය පෙන්නුම් කරනවා.. පරිභාහිර සමාජය නොදකින සත්‍ය පුද්ගල ගති ස්වභාවය ඔහුගේ හෝ ඇයගේ බ්ලොගය කියවූවොත් අපට දැන ගන්න පුලුවන්.
ගඟක් වන් ජීවිතයේ කෙනෙකුගේ ජීවිතයේ ජීවිතයක් තුල වුනු නොයෙක් හැල හැප්පීම් විතරක් නෙවේ සිද්ධින් සමුදායක්.. රසවත් විදිහට ගබඩා කර ගන්නත් පුළුවන්..
සමහර විට තව මාසෙකින් විතර මම අයෙත් අධ්‍යන කටයුතු පටන් ගත්තම මට මේ පැත්තේ එන්න වෙන්නේ සති දෙකකට තුනකට සැරයක් වෙන්න පුළුවන්..
එහෙම වුනාම සමහරවිට එකින් එක්කෙනා... මගේ බ්ලොගය අතඇරලා යන්න පුළුවන්... එතකොට මට ගොඩාක් දුක හිතෙන්නත් පුළුවන්...
මොකද මම මේ බ්ලොග් එක ගොඩාක් අමාරුවෙන් ගොඩ නඟා ගත්ත එකක්...
එහෙම වුනා කියලා මම දකින බ්ලොග් හීන බොඳවෙලා යන්නෙ නැති වෙයි,,,,,...
ඒත්....
මම දකින පෝස්ට් 100 , 150 , 200ට යන්න...
followers 200 හීනෙ...
ලඟට යන්න ඇතිවෙලා තියෙන මගේ ආසාව හා උත්සාහය
අතහරීද.... මංදා....
බ්ලොග් හීන උඩින් මං ආව හා ඉදිරියට යන ගමන...හරියට,
පැතුම් පියගැටපෙළක ඉහලට ඉහලට යනවා වගේ..
දැං මම... පියගැටපෙල අද්දර නොවේ...........
එහෙම ඔයාගේ බ්ලොග් එක අමතක වෙන්නෙවත්, ඔයාගේ බ්ලොග් එක දාල යන්නේවත් නෑ නංගියෝ. ඔයාට ඉඩ තියන වෙලාවක ලියන්න, අපි ඒව කියවනවා.
ReplyDeleteඔයාට මතකද දන්නෙ නෑ, මම බ්ලොග් ලියන්න ආපු මුල්ම දවස් වල තමයි ඔයා මගේ පුංචි බ්ලොගේට ඇවිත් කමෙන්ට් එකක් දාල ගියේ. එහෙව් ඔයාව කොහොම අමතක කරන්නද? ඔයාගේ බ්ලොග් හීන ඔක්කොම සැබෑ වේවි. හැමෝම ඔයා එක්ක ඉඳීවි.
බ්ලොග් හීන සැබෑ වෙන්න! සුභ පතනවා!
ReplyDeleteහ්ම්ම්.. බ්ලොග් එකක් කියන්නේ බ්ලොග් ලියන හැමෝගෙම ජීවිතේ ගොඩාක්ම සියුම් තැන් අඳුනගන්න පුළුවන් තැනක් කියලයි මාත් හිතන්නේ නංගෝ,. බ්ලොග් ලියන ගැමෝම තමන්ගේ බ්ලොග් එකට හුගක් ආදරෙයි.
ReplyDeleteඔයාට මේ පැත්තේ එන්න බැරි වුනා කියලා ඔයාගේ බ්ලොග් එක කියවන අය අඩු වෙන්නේ නෑ.. පුළුවන් වෙලාවට ඇවිත් ලියන්න. අපි ඉන්නවා බලන්න.,
ප.ලි- අනෙ මම නම් ඔන්න ඔයාගේ නම කොපි කරේ නෑ. මගේ ඇත්තම නමත් ප්‍රාර්ථනා නිසයි ඒ නමින් ලියන්නේ.. හෙ හෙ..
ඔයාගෙ බ්ලොග් හීන ඔක්කොම සැබෑ කරගන්න ඔන්න මගෙනුත් සුබපැතුම්...!!!
ReplyDeleteනංගී හීනයක් දැකලා විතරක් නෙමෙයි ඒක සැබෑ කරගන්න කැප වෙනවා කියලත් මට තේරෙනවා. එහෙම නම් බය වෙන්න දෙයක් නැහැ ජය නියතයි
ReplyDeleteමානිවත්ත අභික්ඛම [අද පෝය දවස නිසා දහමෙන් අවවාදයක්]
ප්‍රර්තනාල දෙන්නෙක් ඉන්නවද? මාර කේස් ඒක මම හිතුවේ දෙන්නම එක්කෙනෙක් කියලා.....
ReplyDeleteමටත් ඔයා ආන්සිසන්සේම වෙන හින්දා මම කල්පනා කරා එකට මොකක්ද කරන්න ඕන කියලා.... එතකොට තමයි මට හිතුනේ කැම්පස් එකේදී අපීට මුහුණ දෙන්න වෙන අලුත් අත්දැකීම් ලිවුවනම් හරි කියලා.... ඔයත් මොනා හරි හිතලා මොනා හරි ලියන්න.... ලගකදී නම ගීත කතන්දරයක් ඇහුවේ නැද්ද මන්ද
මුලින් තිබ්බේ ෆලෝවර්ස්ලා 100ක් කියන හීනේ නේද? :D
ReplyDeleteඒක ලබා ගත්තාම 200.....
ඉවරයක් නෑ මේ බ්ලොග් කියන්නේ ඇබ්බැහිවෙන දෙයක්. මාත් ඇබ්බැහි වෙලා.
දවස ගානේ එක එක දේවල් ලියනවට වඩා කලාතුරකින් උනත් ගුණාත්මක බවින් වැඩි දෙයක් ලියලා ෆලෝවර්ස්ලා වැඩි කරගන්න තමයි මම නම් ආස.
ඔයාගේ හීන අනිවාර්යයෙන්ම සැබෑ වෙයි!
cogrtzzzz achive ur goal
ReplyDeleteපූසා කියු එක ඇත්ත.. අපි කවුරුත් කැමති තමා අපේ බලොග් එකේ ෆලෝවර්ස්ලා, හිට්ස්, කමෙන්ට්ස් වැඩි වෙන එකට..
ReplyDeleteඒ වුනාට ඒ මත්තෙම ඉන්න එපා.. එතකොට වෙන්නේ බ්ලොග් එක මෙලෝ රහක් නැති එකක් වෙන එක.. මොකද අර ටික වැඩි කරගන්න ඕන නිසා දිගට හරයට පෝස්ට් දාන්න පෙළඹෙන නිසා.. එතකොට වෙන්නේ අර ෆේස් බුක් ස්ටේටස්, ටුවිට්ස් වගේ වෙනවා බ්ලොග් එක.. කියවන කෙනාට රසවිඳින්න දෙයක් නැති වෙනවා..
මම කියන්නෑ ඉඳලා හිටලා දැම්මා කියලා බ්ලොග් පෝස්ට් රසවත් වෙනවා කියලා උදාහරණයක් මගේ එක හික් හික්..
ඒ වගේම හැමදාම ලිවුවා කියලා අනිවාර්යෙන් කොලිටි අඩු වෙනවා කියලා උදාහරණ මාරයියා, මාලුවා, අරුණි අක්කා..
ඒක නිසා ෆලෝවර්ස්ලා, හිට්ස්, කමෙන්ට්ස් ගැන එච්චරටම හිතන්න එපා.. බ්ලොග් එක බලන්න එන අය කැමති නම් කමෙන්ට් එකක් දාවි, කැමති නම් ෆලෝ කරාවි..
ජය වේවා..!
ප.ලි - කමෙන්ට් එක දිග වැඩි වුනාට සොරි වෙන්නෝන..
ඔය කරගෙන ගියේ අවුරුද්දක්ම!
ReplyDeleteමං ඔබේ මුල්ම සටහන ට දැමූ කමෙන්ටුව කියවන්න.
Jivite hema padiyakinma jvite sartakathwaya hoyagena yanakota wetena tenwaladi mahanc denenakota paluwak enakota loku jayakgrahanayakadi, oyage blogg eke tawath pitu peralev.wedagat wenne ekata kochchara kalayak yanawada kiyana eka neme.me sahodarathwaya hemadatama tiyena eka.pulu puluwan welawata me piyageta pele tawat padiyak nagimu.api hemadama laga innawa kelzzz..anagata dostara nonata hadawatinma suba petum...Jivite hema padiyakinma jvite sartakathwaya hoyagena yanakota wetena tenwaladi mahanc denenakota paluwak enakota loku jayakgrahanayakadi, oyage blogg eke tawath pitu peralev.wedagat wenne ekata kochchara kalayak yanawada kiyana eka neme.me sahodarathwaya hemadatama tiyena eka.pulu puluwan welawata me piyageta pele tawat padiyak nagimu.api hemadama laga innawa kelzzz..anagata dostara nonata hadawatinma suba petum...
ReplyDeleteමං නම් හිතන්නේ නංගි මේ යන ගමන තමා හරිම ගමන........... හෙමින් සැරේ යන ගමන හුඟක් ස්ථාවරයි......... :)
ReplyDeleteප්‍රාර්ථනාව මම අදුනන්නේ දෙක් ගොඩක් කාලෙක ඉදන්නේ.. ඔයා ඔයාගේ හීන නැති කර ගන්න එපා.. ඉඩ තියෙන පුන්චි වෙලාවක හරි ඇවිත් පෝස්ට් එකක් ලියලා යන්න.. මටනම් මේ බ්ලොග් එක අමතක වෙන්නේ නෑ...
ReplyDeleteමමත් සුබ පතනවා... ඒත් පෝස්ට් ගාන... ෆොලොවර්ස්ල.. හිට්ස් ගැන හිතන්න එප වැඩිය... අපි හැමෝම ආසයි හිට්ස් වැඩිවෙනවට.. කමෙන්ට්ස් වැටෙනවට... ඒත් ඒ මත්තෙම නොයිද.. හොඳ පෝස්ට් දාන්න... අපි කියවන්නම්... නොදැනිම ඔය ටාර්ගට් කවර් වෙයි....
ReplyDeleteසුබ පැතුම්.
ReplyDeleteඔන්න ඔහොම යනකොට තමයි මට ප්‍රාර්ථනා නංගිව මුන ගැහුනේ. එදා ඉදන්ම මම් ප්‍රාර්ථනා නංගි ලියන් හැම අකුරක්ම කියවලා තියෙනවා. මම් ආසම අර අපේ කැම්පස් එක පාදක කරගෙන ලියලා තියෙන කතාවට.
ReplyDeleteදිගු ගමනක් යන්න නංගිට සුබ පතනවා එක හිතින්ම !!!!
අපිත් ඉතින් නොකිව්වට ඔයාව හැමදාම කියවනවා :)
ReplyDelete@Kasun අයියා : ගොඩාක් පිං ඔයාගෙ වචන වලට අයියා.. මේ දැං බැලුවාමයි පෙනුනේ ඔයා තව ලස්සන පෝස්ට් ගොඩාරියක් ලියලා.. මට ඒවා කියවගන්නවත් වෙලාවක් හොයාගන්න නැති හැටි..:( මම ඔයා ලියන විදිහට හරි ආසයි අයියා.. (මතකද දන්නෙ නෑ අයියා ලිවුව කතාවක් ගැන මම එහෙම කිවුවා..)
ReplyDelete@මාධව සොයුරා : ගොඩාක් ස්තූතියි.. සුභ පැතුම සතුටින් පිළිගන්නවා මං.. ^_^
ReplyDelete@ප්‍රාර්ථනා අක්කි : ඒක නම් සහතික ඇත්ත... තවත් දෙයක්.. අපිට ජීවිතේ පොතක ලියන්න බෑනෙ..(ඒක එලි වෙනවා.. හැබැයි ඉතිං දැං බ්ලොග් කියලා වෙනසකුත් නෑ.. ඒකෙ ලියන ඔක්කොමත් එලී වෙනවනේ..හික්‍ස්..).. ඒත් අපි කරපු මෝඩකම්, පණ්ඩිතකම්.. ඔක්කොම බොහොම පරිස්සමට අහුරලා තියන්න පුළුවන් තැනක් තමයි මේ..
ReplyDeleteඅනේ මං මගේ බ්ලොග් එකට ආදරෙයි... බ්ලොග් අතර සැරිසරන්න ආසයි.. ^_^...
අනේ අක්කි... මම දන්නවා ඔයාගෙ ඇත්තම නම ප්‍රාර්ථනා කියලා.. මට ඕනෙ වුනේ මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රාර්ථනා එක්ක ජීවත් වෙන කෙනෙක් කියන්න..
@blog gadol අයියා : බොහොම ස්තූතියි :) ..!! මට බ්ලොග් ලියන්න..කියවන්න යම් ආසවක් කවදාකහෝ ඇති වුනා නම් ඒ ඔයාලාගේ පෝස්ට් කියවලා තමයි..
ReplyDelete@කතා හසී අයියා : :):)... ස්තූතියි ස්තූතියි.. ගොඩාක් ස්තූතියි වචන වලට.. ^_^
ReplyDeleteඅර්ථවත් වැකියක්.. අයියට හැමෙ වෙලේම යමක් පැහැදිලි කරන්ඩ වැකි ඔළුවට එන්නෙ ගොඩාක් පොත් පත් කියවන කෙනෙක් නිසා ද..?
@මාලන් මල්ලී : අනේ අනේ.. ඔයා නම් හරිම කොලුවෙක් තමා.. :D:D... ඒකත් හොඳයි ඉතින් ,ඒත් මින් ඉදිරියටවත් අපි දෙන්නා දෙන්නෙක් කියලා හිතාගෙන වැඩ කරන්න මලේ..හොඳ ද..? :v :v
ReplyDeleteඔයා විශ්වවිද්‍යාල ජීවිතේ ගැන ලියන්න.. පුලු පුළුවන් වෙලාවට ආසාවෙන් කියවන්නම් කෝ.. රාගම නම් 3වෙනිදා පටන් ගන්නවා කියලයි ආරංචිය.. මට Laptop එකක් නැති නිසාත්.. හැම සති අන්තෙම ගෙදර එන්න බැරිවෙන නිසාත්.. මට පෝස්ට් වැඩිය ලියන්න බැරි වෙයි වද්ද..???? :(:(:(:(..
බලමු බලමු... FAc එකේ computers ඇති නේ... :P:P
@පූස් අයියා : ඔව් ඔව්..ජීවිතේ හීන වල කෙලවරක් නෑ වගේම තමා.. බ්ලොග් හීන වලත් තෙරක් නෑ.. මොකද බ්ලොග් එක කියන්නෙත් ජීවිතයෙන්ම කොටසක් නිසා..:)
ReplyDeleteස්තූතියි ,මම උත්සාහ කරන්නම්කෝ.. හොඳ හොඳ පෝස්ට් ලියන්න.. ( දෙල් වෙයිද දන්නෙ නෑ වැඩිය හිතන්ඩ ගිහින්.. :P)
@Ano : Thank u very much my friend.. i'll try my best..
ReplyDelete@සොරෝ අයියා : මගෙ අම්මේ කියන පට්ට පල් බොරු.. ඔන්න අයියා මම නං දන්නෙ නෑ දඹුල්ලේ ගලත් පැලෙනවලු ඔයා කියන බොරු වලට.. (මේ දැං ලැබුනු ප්‍රවෘත්තියක්..:D) ඔයාගෙ පෝස්ට් වල රස ගැන ඔයාට කියන්ඩ බෑනෙ.. ඒවා කියවන අපි තමා ඒ ගැන දන්නෙ.. ^_^... they r awesome..ඇත්තමයි....
ReplyDeleteමම ඔයා කියපු දේවලුත් හිතට අරං ඉදිරියට යන්න බලන්නම්කෝ.. ස්තූතියි කොමෙන්ටුවට...
@කතන්දර අයියා :
ReplyDelete"ලිවීම තමන්ට සතුටක් ගෙන දෙනවා නම් දිගටම ලියන්න පුළුවන් වේවි.
ඒ ලියන දේවලින් අනුන්ටත් සතුටක් ලබෙනවා නම් ඒඛ බෝනස් එකක් කියා හිතන්න.
August 31, 2010 6:48 PM "
ඇත්ත අයියා.. ඔයා එදා කිවුවා වගේම මට ලිවීම හිතට ලොකු සතුටක් වගේම.. ගොඩාක් විටක සැහැල්ලුවත් ගෙනත් දුන්නා...
ස්තූතියි... පතක නොඇඳුනු සිතක සිත්තම් වලට යලි යලිඳු ගොඩ වැදුනට.. ^_^
@පිටස්තරකාරී : සහෘදියනී.. ඔයා නම් කොහොමටත් පිටස්තරකාරී යැයි කියවෙන්නකට නොගැලපෙන්නාවූ ගැඹුරු බැඳීමක් හඟවන්නියක්මැයි... ස්තූතියි ලියැවුනු සෑම සියලු අකුරකටම.. වදනකටම.. ඒවා වල සහෝදරත්වය "අපේකම , මගේ කම" පිරිලා ඉතිරිලා යනවා..
ReplyDeleteපුළුවන් වෙලාවට ලියන්නම්.. වෙලාවක් නැතිවුනත් හොයාගෙන ඔයාලගෙ බ්ලොග් කියවන්නම්..
ජිවිතේ තෙරක් නොපෙනෙන මාවතේ අතරමඟ මංමුලාවෙන ගිරිදුර්ග , වන ලැහැබ තුල.. තනිවී.. සිත තැලී පොඩී වී සීරී.. රිදුම් දෙනකොට ඊයේ වගේම.. අද වගේම.. හෙටත්.. ඔයාලගේ සැනසිලි වදන් හොයාගෙන පතක නොඇඳුනු සිතක සිත්තම් ගෙත්තම් කරන්නම්.....
@හා පැටික්කි අක්කා : හනේ හනේ.. ඉබි හාමිනෙත් එක්ක රේස් දුවලා සෑහෙන පාඩමක් ඉගෙනගෙන වගේ..
ReplyDelete"හීන් සැරේ මහ සැරේට වඩා හොඳයි" කියලා..:P:P
ස්තූතියි අක්කේ... ඔයාගෙ ලස්සන කතා ගෙතුම් මම කවදාවත් අමතක කරන්නෙ නෑ.. ඒවා ඒ තරම්ම ලස්සනයි..හැඟීම්බරයි...
@දිනේෂ් අයියා : මතකද අයියා කාලයක් මම අයියට මල්ලී කිවුවා? වැරදීමකින්...
ReplyDeleteඔයාගේ බ්ලොග් එක ගැන කියනවා නම්.. වෙලාවකට මම පුදුම වෙනවා කොහොමද අයියා එක දිගට ලස්සනම ලස්සන කතා පාඨක අපේ හිත් පෙලන්නේ නැතුව publish කරන්නෙ කියලා.. (මොකද මටත් කතා ලිවීම ගැන පුංචිම පුංචි අද්දැකීමක් තියන නිසා..)
ඊටත් වඩා ඔයා ලියඅ ලස්සන නිසදැස් ගැන.. සත්‍ය අදදැකීම් ගැන..
අපූරුයි.. හරිම අපූරුයි...
ස්තූතියි කොමෙන්ටුවට..
@පිස්සා පලාමල්ල අයියා ; හොඳයි.. මම ඒ අවවාද පිළිගන්නම්.. මොකද මේ බ්ලොග් ප්‍රවීණයෙක්ගේ අවවාදනේ.. අනික ඒ අවවාද අවිවාදයෙන් නිවැරදී කියලා පිළිගන්න පුළුවන් ඒවනේ.. ^_^
ReplyDeleteස්තූතියි අයියා..
@Bindi : ස්තූතියි බින්දි.. ^_^
ReplyDelete@මඳුරංග අයියා : අපි එකටනේ මේ පියගැටපෙලේ නඟින්නේ නේද අයියා..? ඇත්තට මේ පඩිපෙලේ එක පඩියක් සෑහෙන ලොකුයි නේද..? ඒක පිරෙන්න සිංහල බ්ලොග්කරුවෝ ඉන්නවා නේද..? සමහරු දැං පඩි නඟින්න පටන් ගන්නවා.. එයාලත් ඉක්මනට ඉක්මනට නැඟගෙන නැඟගෙන යනවා.. :D
ReplyDeleteඅහ්.. මගේ කතාව.. කුළුදුල් හා අවසාන බොළඳ පෙම් පුවත.. :D:D.. අයියට මතකද මම ඒක ලිවුවේ වෙනම බ්ලොග් එකක රුවන්කුමාරි කියන නමින්.. ඒ නමින් තමා මම මුලින්ම අයියව අඳුරගත්තේ..
අම්මෝ.. කොච්චර කල් ගත්තද මං ඒ කතාව ඉවරයක් කරන්න..
ස්තූතියි අයියා.. ඒ කතාව දිගින් දිගටම ලියන්න ඔයාලගෙ දිර්ගැන්වීම ගොඩාක් උදව් වුනා..
@නිසල් : හේ..ඒ.. අනිවාර්යෙන්ම.. නොකිවුවත් මම ඒක දන්නවා නිසල්.. බය වෙන්න එපා.. මට මගේ යාලුවෝ අමතක වෙන්නෙ නෑ..
ReplyDeleteමේ ලඟදී කවුදෝ මගෙ බ්ලොග් යාලුවෙක් මගෙන් ඇහුවා එයාව දන්නවද කියලා.. ඒ ඔයා එහෙම නෙවේ නේ..? :P:P (මම මේ නිකමට අහන්නේ..:D)
අක්කේ මේකේ කරන හැම ක්ලික් එකක් ගානෙම popups ඕපන් වෙනවා...
ReplyDeleteඔයාගේ හීනෙට මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteපහුගිය දවසක සිංදුවකට ඔයා ලියපු එකක් ගැන හොයන්න ඇවිත් තමා කලින් කමෙන්ට් එක දැම්මේ. පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලන්න.
ගොඩාක් කාලෙකින් කොමෙන්ට් කරනවට සමා වෙන්න ඕනෙ මල්ලි...
Deleteස්තූතියි..
මම බලන්නම් ඇයි කියලා..
කොහොමහරි මේ බ්ලොග් එක ඔක්කොම වගේ කියවලා තියෙනවා මමත්..ප්‍රාර්ථනා ගේ සිතවිලි විසිරිලා තියෙන මේ බ්ලොග් එකෙන් යම් ප්‍රමාණයකට හරි ප්‍රාර්ථනාව කියවන්නත් පුළුවන්..ඔයා හරි ලස්සනට උඩ කියලා තියෙනවා වගේ කෙනෙක් ගේ බ්ලොග් එකක තියෙන ලොකු වටිනාකමක් ඒක...අනික මේ ගොඩනගපු පියගැටපෙලේ ඊලග පඩිය මොනවගේ හැඩතලයක් ද කියලා බලන්න ආසාවෙන් ඉන්න පිරිසකුත් ඔයා වටේ ඉන්නවා. ඒකම කොච්චර සතුටක් ද, ඉතින් හෙමි හෙමින් හරි දිගටම ලියන්න අනිවා අෆි කියවනවා :)
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔයාගෙ වචන වලට රොෂාන්..^_^
Deleteඉඩක් කඩක් ඇති හැටියට
යමක් හමක් ලියා කියා ගන්න තමයි
මගේ කල්පනාව...
එකම ප්‍රාර්ථනාව..:::