tag:blogger.com,1999:blog-59458954057152613762024-02-07T03:09:45.461-08:00... ! ...හැඩකාර හැන්දෑව ... ! ...අද බැසයන හිරු හෙට නැඟ ඒවිද..?
ඒ හිරු අදට වඩා එළි දේවි ද..?ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-5945895405715261376.post-80881154359417138992018-11-20T11:19:00.001-08:002018-11-20T11:19:56.653-08:00එදා වේල
Hotel hilton එකෙන් කාලා ගෝල්ෆේස් එකේ රැල්ල පාඟන ලස්සන ජීවිතම විතරක් රූප පෙට්ටියේ පියාඹන.. මයිලෝ දාපු කිරි බිබී සූරපප්පා බලන සූටික්කෝ ඉන්න පොත් කියවන ගමන් මං පොඩ්ඩක් වාට්ටුව දිහා බැලුවා..

බැලුවා නෙවේ බැලුනා..

නිය අඟ කළු ගැහුන .. ඒ නියපොතු වලින් කොණ්ඩෙ කස කසා එන පොඩ්ඩියක්.. වයස අවුරුදු දහයක් විතර..

කෙලීගෙ අම්මා අතේ පැටවු දෙන්නයි..

එකෙක් කෙල්ලක්.. ඒකිට පණු අමාරුව... පාණ්ඩුව.. ඔහේ වැටිච්ච තැන වැටිලා...

අනික් පොඩි එකාට ඇදුම.. හතිය.. සති දෙහෙකට කලින් එළොව ගිහිං මෙලොව ආවේ..

අවුරුදු දහයේ පොඩ්ඩි එක පැටියෙක් කිහිල්ලෙ ගහගත්තෙ මහ පුරුදු කාරී වගේ නෙව..

ආයේ අම්මා කියනකං හිටියෙ නැ...

කකුල් දෙක උඩ පැටියා තියාගෙන මෙන්න යස අගේට නලවනවා..

ඊට එහා පැත්තෙ ඇඳේ ශෝක් සෝස බබෙක්.. අවුරුදු දහයයි.. හැබැයි කවන්න නාවන්න නිදිකරන්න.. අම්මයි අප්පයි විතරක් මදි.. අත්තම්මත් ඕනේ..

අපි ඉන්නෙ එහෙව් රටක..

නැති බැරිකමක විතරක් ඇස් ගෙඩි දෙකෙන් පෙරෙන මිනිස්සු ඉන්න රටක..

තනේ කිරි ටික ඇර.. පැටවුන්ට දෙන්න බත් ඇටයක් ගෙදර නැති මිනිස්සු ඉන්න රටක..

ඇහැටුල්ලෝ වගේ පාර්ලිමන්ට් ජෝක් බැලුවට කාරි නෑ.. සුජීවගේ පොත් කියෙව්වට කමක් නැ.. ඒත් අපේ රටේ වැඩිහරිය ඉන්නෙ අන්ත අසරණ මිනිස්සු කියන එක අමතක කරන්න එපා...

තව තප්පරයකින් අපි මැරෙන්න පුළුවන්..

හුස්මට කටට දුවන ජීවිතේ එළොවට දෙයක් කරගන්න වෙනම වෙලාවක් නැති වෙන්න පුළුවන්...

මොකද අපි පැය විසිහතරෙම ඉන්නෙ ඔරලෝසු කට්ට පස්සෙ පැත්තෙ එල්ලගෙන..

එහෙව් වෙලාවට තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ වාට්ටුවකට ඇවිත් ඇඳුම් කැඩුම් ටිකක්.. බෙහෙත් ටිකක්... කොට්ටයක් පැඳුරක්... සෙල්ලම් බඩුවක් දීලා ගියාම දැනෙන සතුට.... විඳලා බලන්න..

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com1tag:blogger.com,1999:blog-5945895405715261376.post-51906111534288295832018-08-02T09:53:00.001-07:002018-08-02T09:53:20.253-07:00ආදරණීය ලියැවිල්ල
ආදරණීය සඳවත වෙත සෙනෙහසින් ලියමි.

බොහෝ නෙත් දින දින මුණ ගැසුනත් දෙනෙත් ඇරෙන වැසෙන වර ඇහි පිය යට ලැඟුම්ගෙන සිටින්නේ නුඹමය.. නුඹේ නෙත්කළු දෙනයනමය

ඒ සොඳුරු සිනාවය..

දවස මුළුල්ලේ දෙසවන පිරී ඉතිරෙන තරම් ලතැවුල් ඇසුනත්

සවන තෙමන්නේ නුඹේ පිය තෙපුල්මය..

ඉතින් මේ හිත ඉතිරී යන්නේ

වදනින් කිසිදිනෙක නොඇඟෙවන සෙනෙහසමය..

නුඹ සමඟ ආ ගිය ගමන් බිමන් ... නුඹ සමඟ හිඳ කල කතා බහ.. නුඹ මුලින් කී කල දෑ මතකයෙන් බොහෝ දුර ගොස් ඇතිබැව් සැබෑය..

මුල් දින පටන් උදේ හවා සැපදුක් සෙවීමට අමතක වේ යැයි මා සිතුවේ නුඹටය..

නමුත් නුඹ තවමත් නොවරදවා උදේ හවා මා ගැන සොයාබලයි.. එය නිතර අතපසු වන්නේද මෙමටය..

ඉතින් දයාබර සුපෙම්වත..

මගේ නෙතේ කඳුළු වියලුවේ නුඹමය..

සිතට සැනසුම දුන්නේද නුඹමය..

හාදුවකින් අල්ලාගත නොහී බැදීමක්... සෙනෙහසේ ඇමතුමෙන් සවිමත් කරන්නට තරම් නුඹ සවිමත්‍ ය.. එය මා පුදුම කරවන තරම්‍ ය..

නුඹ ජීවිතේ බෙහෙවින් මුහුකුරා ගිය කෙනෙකි.. මා නුඹ ඉදිරියේ ඒ අතින් කුහුණුවකු තරම් යැයි මම දනිමි...

මේ සියල්ලම මට සිහිනයක් මෙනි.

මට දැනෙන්නෙ ඒකම දෙයක්.. මා ජීවිතයේ බොහෝ දේ පැතූ කෙනෙකි... නමුත් නුඹේ සිත ලද දින මා සියල්ල ලදිමි..

එනම් මගේ සියලුම සිහින ලඝුකොට දැක්වූවොත් එය තනි වදනකි

එය "නුඹ " නම් විය

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com0tag:blogger.com,1999:blog-5945895405715261376.post-19197446630339121472017-08-06T12:06:00.001-07:002017-08-06T12:06:08.154-07:00බැඳෙතී බියෙන් ( පළමු දිගහැරුම )
( මේ පෙම් පුවත මුහුණු පොතේ ebride.lk පිටුවේ දිනපතා පළ වේ )

“දෝණි මට නෝතේරෙනවා නෙවේ ඔය දුක.ඒත් දෙයියනේ කියලා නිවීහැනහිල්ලෙ අපිට ඇහැ පියාගන්න නං මේ කටයුතු වල පිළිවෙලක් තියෙන්න එපැයි”

තමාට පිටුපා ඉවත බලාසිටින දියණිය ඇමතූ පද්මිණී සෙමින් කීවාය.

නෙතින් බට කඳුළත් , පෙඟුනු නැහැපුඩුත් අත් ලේන්සුවට මුවාකල ප්‍රාර්ථනා විවර කවුළුවෙන් ඉවතට යොමා වුන් නෙත් බිමට බර කළාය.

“අනේ නුඹ සිටියා නම්”

“කැම්පස් එකෙන් එළියට එනකොටම 26යි.. පුතේ තව කල් යන්න යන්න අප්පච්චිට ඔයාලගේ මඟුල් තුලා වලට විය හියදං කරන්න අමාරුයි.අනික පත්තරෙන් හොයන නන්නාඳුනන කෙනෙක්ට වඩා ටිකක් දන්න කියන කෙනෙක් මුණගැහුණ එක කොයිතරම් දෙයක් ද?

අනික අපිට කියලා පුත්තු ඉන්නවද? මේ තියෙන බිස්නස් ටික වුණත් පිළිවෙලට කරගෙන යයි”

“අම්මේ”

ප්‍රාර්ථනා පළමුවරට හඬ අවදි කළාය.

“නොදන්න කෙනෙක් බඳින එක සැපයි ඔය නපුරා එක්ක එකට වසනවට වඩා.. දැක්ක කාලෙක ඉඳන් පුප්පන එක විතරයි කරන්නෙ.. මමත් කසාදෙට කැමති නැතිකොට ...”

“අනේ පුතේ පුංචි කාලේ තරහ මරහා හිතේ තියන් ඉන්නෙ කවුද? අනික අපේ පුංචි දොස්තර නෝනට අකමැති වෙන්නෙ කවුද?”

පුංචි සංදියේ දිනක් තමන් සෝමසිරි බෝනික්කෙකු කරපින්නාගෙන ගන්නෝරුවේ නෑදෑ ගෙදරක ගිය අයුරුත්..අලවතුගොඩ කන්දේ වංගු කරකවා කටුගස්තොටින් ගුහාගොඩ පාරේ මඳ දුරක් යනවිටම බඩ කරකවා වමනය උගුරට ආ සැටිත්..

අතරමඟදීම අම්මාගේ බ්ලවුසය නෑවෙන්න වමනය කලසැටිත් .. එදා පලමුවරට වික්‍රමනායක අංකල්ගේ ගෙදර ගිය සැටිත් ඈට සිහිවිය.

වමනය පෙඟීගිය ගවුමත්,දුර්ගන්ධයත් මඳකුදු නොතකා වික්‍රමනායක අංකල්ගේ බිරිඳ සෞම්‍යා ,පුංචි දැරිවිය රැගෙනගොස් සෝදා පිරිසිඳු කීරීමට අම්මාට උදව් වූ සැටිත් ඈට සිහිවිය.

ඒ අතර නහය හකුලුවමින් ඒ මේ අත දිවූ සුදු කැසුටු පුංචි කොලුවෙකු තමාට “වමනේ කෙල්ල “ යැයි කියමින් තමන්ට උසුළු විසුළු කල සැටි ඈට සිහිවිය.

ඉන් පසු අවස්ථා දෙක තුනකදී ඔහු මුණගැසුනත් නොරිස්සුම් මුහුණින් බුම්මාගෙන ඔවුන් මගහැර ගිය ඒ ජේන්තුකාරයා දෛවය නැමැති අමුතු ලියැවිල්ල විසින් යලිත් තමා ඉදිරියේ තබාගොස් ඇති අරුම..

පාරම්පරික ව්‍යාපාර රැසක් හිමි සුලෝචන වික්‍රමනායක ගැන පැතිර ඇති කයි කතන්දර ඒ තරම් හොඳ ඒවා නොවේ.

නමුත් ජීවිතයේ කිසිදු ප්‍රාර්ථනාවක් නැති ඈ... ප්‍රාර්ථනා !!

ඈ මාස ගණනක් සුසුම් ලූ දෙමවුපියන් ගැන සිතන්නට වූවාය.තමා වෙනුවෙන් මේ තාක් කල් බොහෝ දෑ කැප කල ඔවුන්ට සිත් තැවුල් දිය නොහැක.

මේ යන්නට වන්නේ අපායකටැයි ඈ දනී.ඈ නොපතන සැමියකු ලැබීමට ඈ පව් කර ඇත.

“කැමැත්තක් කරන්න අම්මා ..”

“මොන කෙහෙල්මලක් ද? 52% ගෑනු ඉන්න රටේ එක බඩ්ඩක් එක්ක ඉන්නෙ කොහොමද?මේ මට බෑ අම්මා ඔය හණමිටි වැඩ කරන්ඩ.. just try to understand..ඒවා අයියයි නංගී එක්ක තියාගන්ඩ”

ලෑන්ඩ්ෆෝනය ගිගුරුම් හඬින් මේසය මත හෙලූ ඔහු , ඒ හඬින් ගැස්සී සියලු වැඩ නවතා තමා දෙස බලාසිටින සේවකයන් දෙස දවා හලුකරන බැල්මක් හෙලුවේය.ඔවුන් කඩිමුඩියේ නැවත කඩදාසිවල නෙත් අලවාගත් හ.

නැවත දුරකථනය නාද වේ.

“හෙලෝ.. නෑ අප්පච්චී.. නෑ .. ඒ advertising company වැඩක් නෑ..ඔව් ඔව්.. මම script එක ලියන්න හොඳ කෙනෙක් හොයාගන්නම්... නෑ නෑ.....!!! යන්නෙ නෑ අද මොකෙක්ගේ ගෙදරවත්.. හෙ.. හේ.. no night clubs either... මම තියනවා අප්පච්චී.. ! “

මේසය මත ගොඩගැසී තිබූ ෆයිල් කවර මිටියක් අතට ගත් ඔහු හිස මැණික් කටුවට බරකරගත්තේය.

“ෂික්.. රටේ මෙච්චර කිරි කෑලී ඉන්නවා.. අම්මටත් අර දෙරියන්ව ම පෙනුන නේ.. මෙලෝ රහක් නැ.. ෂුවර් එකටම පොත් ගුල්ලෙක්.. මට සදාසරණයි..! අම්මට නම් හතලිස් ඩබල් ඇඳිරියද කොහෙද “

“පුතා මේ අහන්නකෝ”

“මම ගෙදර ආවා විතරයි..”

“ඔව්.. ඒත් වෙලාව 10යි.. මම කොච්චර වෙලා වලං හිටියද ? මට බෑ හැමදාම මෙහෙම නිදිමරන්න”

“ඔන්න පටන්ගත්තා ..”

සුලෝචන මිමිණුවේය.

“ඔයාලා පොඩි කාලේ උණ හැඳුනම ඇහැරලා ඉන්නකොට හිතුවා ටිකක් ලොකුවුණාම සැනසිල්ලේ නිදාගන්නම් කියලා.. ටික ටික ලොකු වෙනකොට big match දවසට... අර දවසට..මේ දවසට බයේ හිටියා ඔළු පලාගෙන නහයෙන් කටෙන් ලේ පෙරාගෙන එයි කියලා..”

“චී අම්මා.. අම්මා කෙනෙක් තුන් හිතකින්වත් ඔහොම හිතන්න හොඳ ද?”

“අනේ මංදා කොල්ලෝ උඹ නං..”

සෞම්‍යා ඇගේ මේ දඩබ්බර මද්දුමයාගේ කනෙන් ඇල්ලීමට පැන්නාය.

“හා හා පුතා.. අම්මට තරහ ගස්සන්න එපා.. pressure වැඩි වෙයි”

මෙතෙක් කිසිත් නොවුණාක් මෙන් පත්තරයට හිත යොමුකරගෙන සිටි වික්‍රමනායක ඇස් පුවත්පතෙන් නොගෙන කෑ ගසන්නට විය.

“බැරි වෙලාවත් අම්මට heart attack එකක් එන්න බැරි නෑ.. එහෙම වුණොත් අපේ ප්‍රාර්ථනා අක්කට තමයි බලාගන්න වෙන්නෙ” යැයි කියා  සුලෝචනගේ නැඟණිය දම්සාරී සුලෝචනට සමච්චලයට ඇහැක් ගැසුවාය.ඈ මෙවර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනීසිටීමට සුදානම් වෙයි.

“ඔව්.. ඔක්කොටම දැං අළුත් වචනයක් bite එකට හම්බෙලා නේ.. ? ඒ දරමිටිය හැර වෙනත් ප්‍රාණයක් මේ ලොව නැතිද නැගණිය? “

සුලෝචන සිතට නැඟුණු කෝපය මැඬ අම්මාගේ අතට හසු වූ කන ඉන් මුදාගැනීමට උත්සාහ දරන අතර කීවේය.

“ඔව්.. ඔක්කොම බලං ඉන්නෙ මං මැරෙනකං.. එතකොට කැමති කැමති විදිහට නටන්න බැරියැයි.. මේ දඩබ්බර මද්දු ආම්බාං කරගන්න පුළුවන් එකෙක් යෑ.. ඔහේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙල්ලක් හොයලා දෙන්නයි මම මේ බැලුවේ.නැතුව මේ වගේ සෙල්ලක්කාර කොල්ලෙක් එක්ක ඉන්න පුළුවන්ද? දැං ගෑනු ළමයි කී දෙනෙක් එක්ක පයුරු පාසානම් තිබ්බද?දැං බඳී දැං බඳී කිය කිය උන්නේ..අනේ පුතේ වද නොදී මේ ගෑනු ළමයට කැමති වෙන්න..”

“පුතා... අම්මා කියනවටම නෙවේ... ඔය ජිවිතේ පිළිවෙලක් තියෙන්නත් එපැයි... ඒ ළමයගේ නුවරඑළිය පැත්තේ tea estate එකක් ගැනත් කියලා තියෙනවා... ඕවා මේවා හැමදේම ගැන හිතලා බලන්න.. ඒ ළමයගෙ job එක එක්ක ඕවා බලන්න වෙලාවක් නැතුව ඇති මගෙ හිතේ “

“හ්ම්.. ඒකයි එහෙනං මේ.. ඇටි කෙහෙල් කාපු උගුඩු කෑල්ල වගේ හිටියට යටින් මාර plans තියෙන්නෙ..business run කරන්න private secretory කෙනෙක් බෝනස් ගන්න කල්පනාව.. හොඳයි බලමුකෝ..”

මුදාගත් රත් වූ කන අතගාමින් සියල්ල සිතෙන් සිතා තර්ක කොට සනාථ කරගත් සුලෝචන..

“මගේ අකමැත්තක් නෑ... “

“එහෙනම් එච්චරයි”

වික්‍රමනායක යුවල සුසුම් ලූහ.

“පුතේ..”

“ම්ම්...?”

“23 වැඩක් දාගන්න එපා “

“අප්පච්චී..”

“ඇයි පුතේ “

“අම්මා කියනවා 23 වැඩක් දාගන්න එපාලු”

“ඈ කොල්ලො..මම ඔයාටයි කිවුවේ..කමක් නෑ තව ඉඳිආප්පයක් කන්න  ආ...”

“මොනවද අම්මා.. waffle toaster එකක් ගෙනත් දුන්නා නේද? එකෙ රොටී පුච්චනවද? ඇයි මේ එකම කෑම හැමදාම ..?”

“කෙල්ලෙක් අරං හදාගන්න එකයි තියෙන්නෙ ආසකරන කෑම.. මට වද නොදී “

“අනේ ද කියන්නෙ අම්මලා හොයලා දෙන දොස්තර නෝනලාට වෙලාව මේං කියලා තියෙයි මට කෑම හදලා දෙන්න..ඒකත් කුස්සි අම්මට තමයි කරන්න වෙන්නෙ.. අනික ඉතිං බණ්ඩරමැණිකෙලා ලුණුදෙහි දාන්නයි කළුපොල් මාළුහදන්නයි ඇර.. ඕවා දන්න කියන එකක් යෑ.. මට හාල්මැස්සො හොඳි එක්ක තුං වේලම පාං තමයි කන්න වෙන්නෙ “

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com0tag:blogger.com,1999:blog-5945895405715261376.post-49202923305660182702017-01-08T10:08:00.001-08:002017-01-08T10:08:07.530-08:00ඇබිත්තං ගම්මිරිස් ඇටේ
මටත් ඉන්නවා

පොඩ්ඩැත්තං ඇවිලෙන

සුටුස් ගා නිවෙන

මල් මදහසින් පිපෙන

ඇබිත්තං ගම්මිරිස් ඇටයක්..

එයා

පොතට යෙදවෙන හිතට

වෙහෙසක් දැනෙන හැමවිට

කුමක් හෝ කියා ගැලවෙන

කටකාරියකි නොනවතින

ඉතිං ඒ ආදරණීය නංගී ගැන පුංචි වචනයක් දෙකක් ලියන්න හිතුනේ මං වගේම ආදරණීය සහෝදර සහෝදරියන් ලබන්න තරම් වාසනාවන්ත හැමෝටමයි..

නංගි ඉපදුනේ මටයි අයියාටයි ගොඩක් බාල බඩපිස්සෙක් විදිහට.. අයියට වඩා 8යි.. මට වඩා 6යි.. ඉපදෙන්න කලින් ඉදන්ම.. අයියයි මමයි හරීම ආසාවෙන් හිටියෙ මේ මැටි බෝලෙ එනකම්...

මට මතක හැටියට අයියට ඕනෙ වුණේ දඟ මල්ලියෙක්... මට ඕනෙ වුණේ නංඟියෙක්.. ඉපදුනේ දඟම දඟ නංගියෙක් ...හෙ හේ...

අයියයි නංගී කොහොමත් එක වගේ.. පෙනුම.. ගති පැවතුම්... ඒ වගේම destinations මේ හැමදේම එකවගේ...

පොඩි කාලෙ උදේට ඇඳුම් මදින එකේ ඉඳන් කොණ්ඩෙ බඳින එක , ඉස්කෝලෙට එක්ක යනඑක මේ හැමදේම මම කරේ හරිම ආසාවෙන්... ගෙදර ආපු වෙලේ ඉඳන් අනේක විද අඩත්තේට්ටං උහුලන එක අයියා කරේ හරීම ආසාවෙන් 😁 😁

ඇත්තටම කිවුවොත් මේ පොඩි කෙල්ල අපෙන් නොසෑහෙන්ට ගුටි කාලා තියනවා වගේම අපිත් එයාගෙන් නොසෑහෙන්ට ගුටි කාලා තියනවා..

මේවා ලියලා තිබුණෙ නැත්තම් අපේ පොඩි එවුන් රණ්ඩු වෙනකොට " අපි නං ඔහොම හිටියෙ නෑ " කියලා බොරු කියයිනේ.. නේද???

අද මං මොකද හදිස්සියේ මේ නඟා ගැන කියන්නෙ කියලා බලයි...

එයාගෙ උසස්පෙළ ප්‍රතිඵල ආවා නෙව..

මේ කෙල්ල ඉස්කෝලෙ ඉන්න කං concert , drilldisplay organize කර කර හිටියා.. ගුරුවරු ගොඩක් අය කිවුවෙ නට නට ඉන්නවා මිසක් ඉගෙන ගන්න පාටක් පේන්නෙ නෑ කියලා... කිසිම දියුණුවකුත් නැතිවෙයි කිවුවා..

ඒත් සමහර ගුරුවරු ලඟ ඈ ගැන නොබිඳෙන විශ්වාසයක් තිබුණා..

මේ හැමදේනාම අතරේ චූටි නංඟා ගැන හිත ඇතුලෙන්ම උදේ හවා සුභ සිහිනම දැක්ක කෙනෙක් හිටියා...

උදේට අත අල්ලන් විනාඩි පහලවක් විතර ආශිර්වාද කරලා අත ඉඹලා .. හවස නව ගුණ ශාන්තිය කියලා අයියාටයි නංඟිටයි මටයි සෙත් පැතුව ආදරණීය හදවතක් තිබුණා..

අද...

චූටි නංඟි ඒ හිතේ පැතුම් ඉෂ්ට කරලා....

" ඒ දිරියෙන් ලොව ජය ලබනා විට

ඈ සිප ගන්නට ඔබ ඈ ලඟ නැත "

ආදරණීය අත්තම්මී....

නුඹට සතුටු වෙන්න කරුණු ගොඩයි.....

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com1tag:blogger.com,1999:blog-5945895405715261376.post-41730655608194198322016-12-25T09:05:00.001-08:002016-12-25T09:10:06.307-08:00මගේ හිමිසඳ
නුවනඟට හසු වූ

නුඹේ නිවුනු දෙනයන

හදවතට සිහිලක් වූ

නුඹේ සොඳුරු සිතිවිලි

මල් පියල්ලක් සේ

මගේ මාවත සරසමින...

යන මේ ගමන් මඟ..

විඩාවක් කොහිද?

මගේ හිමියනි....

ලදල්ලක් සේ

නුඹ ලඟ දැවටෙමින..

අතෝරක් නැති

කතාබස් කියමින..

සඳට හිනැහෙන

තරු නයන සිඹිමින..

ගෙවන හෝරා ගණන්

මම ඉඳිමි ගණිමින...

හදවටා පවුරු නොතනා..

රිසි අයුරු සරණට ඉඩ හසර දෙන

පෙළෙන ගිනි සෙමින් පිඹ

අත්ලෙන් පිරිමැද සනහන

නුඹේ සොඳුරු ඔය හද මඬල...

මටම කැපවීම..

ඇදහිය නොහැකි..

මගේ හිමිසඳ...

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com5tag:blogger.com,1999:blog-5945895405715261376.post-72025417002555137102016-12-01T04:04:00.001-08:002016-12-01T04:17:09.617-08:00බොහෝ කලකට පසු...
බොහෝ කලකට පසුව රාගම රෝහලේ වාට්ටු කොනක සිට මම මෙසේ කියමි.මෙතෙක් මා ලියා නැවතූ දේ උඩින් උඩින් කියවා බැලූකල මට වැටහුනේ... ලිවීමට තිබූ බොහෝ දෑ මා නිරායාසයෙන් මඟහැර ඇති බවයි.සැබවින්ම ගෙවුණු අවුරුදු කීපය බ්ලොග් අඩවියෙන් මා ඈත්කල බැව් සැබෑය.ඒ කාලයේ මා ලබාගත් දෑ ද මට අහිමි වූ දෑ ද ඒ අතර වේ..

බ්ලොග් අඩවියට පිළිපන් දිනසිට සෙනෙහස,විරහව කවිය කතාවට මූලාශ්‍රය වූ ඒක් හැඟීමක් සිත විය.ඒ නිසාම හැඬූ ලතැවුණු තරම් සිහි වන්නේ බ්ලොගය සිසාරා සැරි සැරූ විටයි.. සතුටට කරුණ නම්... බොහෝ ගිරිදුර්ග  තැනිතලා පසුකර ඒ සෙනෙහෙ ගඟුල එය බලාපොරොත්තු වූ අරමුණට ලඟාවිය..

තවදුරටත් තැවුලකට.. කඳුළකට ඉඩක් නොතිබෙනු ඇත...

සෙනෙහස නම් වූ බඳුන... මැටි අනා... සකසුරුවමට තැනුවද.. සෙනෙහස ගැන කිසිවක් මම නොදැන සිටිබැව් දැනෙන්නෙ දැන් දැන්‍ ය.

ආදරය නම් පෙන්විය යුතු සිතිවිල්ල ඒ තරම් සජීවීව.. මටසිළුටුව පෙන්වීමට හැකි දෙයකැයි මා සිතා නොසිටියෙමි.. කවුරුත් කියා දී තිබුණේද නැත...

ඒ ආදර සැනහිල්ලෙන් සිත වෙළුනු දා සිට... මුළු ජීවිතයම සොඳුරු කවියක් වී ලියැවේ... දෙසවන ලඟ වැයේ... නුඹටත් ඒ හැඟීම එසේ දැනී තිබේද?

වෛද්‍ය විද්‍යාව මගේ සිහිනයම වී තිබුණි... ඒ වරම ලැබුණු දිනටත් වඩා මා අද ඒ ගැන තෘප්තියෙනි. මේ අවුරුදු 5 තුල මා ලැබූ දෑ බොහෝය... සැබවින්ම මා පැතූ ලොකුම සිහින දෙකම ඉටු වී තිබීම.... පුදුමයක් ම පමණී..!!

මේ අවසාන වදන් කීපය "ඔහු " ගැනය.

ඔහු .... සිතා සිටියාට වඩා ආදරණීය හදවතකි

සිතා සිටියාට වඩා නිදහස මහදට ලබා දෙන්නෙකි

නිවුණු වදනින් අමතන්නෙකි...

මේ වෙහෙසකට දිවියේ සිතට බට ලොකුම ලොකු සැහැල්ලුවකි....

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com11tag:blogger.com,1999:blog-5945895405715261376.post-38952905997754327532014-04-23T06:52:00.001-07:002014-04-23T06:52:24.750-07:00බෝසත් නුඹ...
හිමිදිරිය උදා වී ඇත.දින කිහිපයකට පෙර මිසිස් ජේන් කිවු පුවත සිහිවේ.

"මම බේවිඩ් බඳිනකොට දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.මේ හසරක් නැති මිටියාවතේ තනිවෙනවට වඩා ඒ සරණ හොඳයි කියලා මිස මගේ කිසිම ඇල්මක් ඔහු ගැන තිබුණේ නෑ.. ඔයා දන්නවද ඊවන්,සමහර වෙලාවට ආදරේ ක්ෂණිකව ගහන අකුණක් වගේඒන්නෙ නෑ..සමහර විට ආදරේ හිමින් සීරුවේ අපටත් නොදැනීම අපේ හිතට එන්න පුළුවන්.."

හ්ම්... මීට මාස 10කට කලින් මම ජෝන් එක්ක ගැල් පේලියක මේ නිම්නයට ආ හැටි.අපි ආදරෙන් බැඳී හිටි හැටි.දින කීපයකට පස්සේ ඔහු පාළු මිටියාවතේ අසුගෙන් වැටී මියැදුනු හැටි...අනේ මගේ ආදර ජෝන්!!!!!

තෙරක් නැති කතරේ තනි වූ විට ආගන්තුක රොබට් පැමින විවාහ යෝජනාවක් කල හැටි... සැබවින්ම එය ගනුදෙනුවක්...!

ඔහුගේ බිරිඳ මියගොසිනි.13වියැති ඔහුගේ දියණිය ලිලීට මවකගේ උණුහුම ඕනෑවී තිබුණි.මම 10 මසක් ඔහුගේ නිවසේ සිටියහො‍ත් මේ මිටියාවත හරහා යන ගැලක මා නිවසට පිටත්කර හැරීමට ඔහු පොරොන්දු විය.මා නිවසට යෑමේ දැඩි පිපාසාවෙන් සිටියෙමි.

ලිලී පිලිකුල් සහගත දඩබ්බර දරුවෙකු සේ පලමුව මා දුටුවද ඈ කෙතරම් දයාබරිත සුරතල් දැරියකදැයි දිනෙන් දින මට වැටහුණු හැටි..

මා මගේ පලමු සැමියාගෙන් ගැබ්බර වී දරුවකු බිහිකල් සැටි...

ඒ මුලු කාල වකවානුවේ තම දරුවෙකුට පරිදි ඩේවිඩ් මට සුව පහසුව සැලසූ සැටි...

දරුවන් දෙදෙනාට එකසේ ස්නේහ කල සැටි..

මුලින් මා ඔහු දැකීම පවා නොරිස්සුව මුත් රොබට් මාගේ සියලු අතපසුවීම් ඉවසූ හැටි..

නොදැනීම මා සිතේ ඔහු කෙරේ....

සෙනෙහසක් ඉපදී ඇති සැටි!

"අනේ රොබට්,

අන්තිම ගැල හෙට උදේ පිටත් වෙනවා

මට යෑමට දැන් නුවුමනායි...

මට ඔබ හා සිටින ලෙස අයදින්න...

මීට

ආදරණීය

ඊවන්....

සකල දන දුදන වෙත

මෙත් සිතම වඩවන..

මිතුරු කැල , සතුරු සිත

එකට ගෙන සනසන..

බෝසතුන් සතු ගුණෙන්

හද මඬල පුරවන..

නුඹ සිතට කිම්ද මා

බාධා පමුණුවන..

කතර කටුකව බොහෝ

දුරයන්න තනමින..

සිටිය මා වෙතට දුන්

පැන් දෝත ඔබමය..

අකල් මහ වැසි වලින්

හෙබී මැලවී ගිය..

මෙමට නුඹ තුරු මුදුන

කරයි සෙත සෙවණින..

ඔය නුවන් ඔය මනස

මුදුව රූරා යන..

පුවත් මින් මතුනොවේ

මේ මුවින් පිටවෙන..

සදා ඔය හද මඬලෙ

පෙමල පීදී එන..

වීම සෑහේ මෙමට

වැජඹෙන්න තුටුයෙන..

Love come softly සිනමා පටිය ඇසුරිනි....

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com7tag:blogger.com,1999:blog-5945895405715261376.post-80648602809609869952014-04-07T23:32:00.001-07:002014-04-07T23:58:19.450-07:00ඇහැට ඇඟිල්ලෙන් අනිනු එපා!
ජීවිතේ කොච්චර ලස්සන ගඟක් ද?

ගල් පර,දිය ඇළි..

විටෙක හරිම පටුයි...කවුරුත් නෑ හුදෙකල‍යි..

ඒත් සතුටෙන් පෙණ කැටි විහිදුවනකොට බයක් සැකක් කිසිත් නැතිව ශාකා එකතුවෙනවා හරි හරියට...

කුරුල්ලෝ කෑ ගහන්නෙ නැති,

රැහැයියෝ මහ හයියෙන් සද්ද බද්ද කරන මූසල අන්ධකාරය පහු කරන් ....

හඳ පායපු ...

ගල් තලාවක් මත්තේ පෙම් සුව විදින පෙම් යුවලක් පහු කරන් යන්නෙත්..

ඊට හෝරා ගණනකට කලින් අර මූසල රැය පහු කරපු නිහැඬියාවෙන්මයි..

උදේ පාන්දර කළගෙඩිවලට ගොජ ගොජ ගාලා පිරිලා ඉතිරිලා යන්නෙත්,

පවුරු බැඳලා නල කරාම වලින් එළියට විහිදෙන්නෙත්,

අර නිවුනු සැනැහුනු ගංඟාවමයි.

ජීවිතේ... හ්ම්ම්ම්ම් ඇත්තටම හරිම සොඳුරුයි ජීවිතේ!!!

දුර්වල වෙන්න වෙන්න අපව දාලා අහසට යන ජල බිංදු වගේ

අපෙන් ඉවතට ඇඳෙන සෙවණැලි....

අපි හිනාවෙනකොට අපි එක්ක හිනාවෙන දිය රැළි...

රැහැයි හඬින් මුසපත් වෙන අන්ධකාර රාත්‍රී...

අළුත් ඉරක් පායනකම් බලන් ඉන්න පාලු තෙත් වන ඉම්...

වගේම සෙනෙහෙන් නැලැවෙන පෙම් දසුන්..

අතර ඔහේ ගලාබසින...

ජීවීතේ..

ම්ම්ම් නෑ නෑ

ගංඟාවෝ....

මා අහුවෙන සුළි කුණාටු

පසුව නැගෙන වැගි කෝඩෙට

තෙතබරිතව නොවී කිසිත්

සිනා සෙමින් ඉන්නා විට...

සිනා සැලුව වසන්තයේ

මාත් එක්ක හිනා කෑව

මගේ හිතේ අහුමුළු හැම

ඕනෑවට වඩා දන්න

කිසිම කෙනෙක්

නොඅසනු මැන

"ඇයි ද ඔයා

නාඬන්නේ ???"

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com5tag:blogger.com,1999:blog-5945895405715261376.post-70695252697195292622013-09-21T23:07:00.000-07:002013-09-21T23:07:49.561-07:00බොහොම සාමාන්යයි...

හැමෝම කියන්න කැමති දෙයක් තමයි... "මම ටිකක් වෙනස් කෙනෙක්" කියන එක.

මේ වෙනස් වීම කොයිතරම් දුරට හොඳද නරකද කියලා කියලා අපි බලමු..

අපි හැමෝම එකිනෙකාට වෙනස් නේද..? නමුත් අපි එක වගේත් නේද..? එහෙම නොවුණත් රැළක් විදිහට එකෙක් වගේ ඉන්න අපි උත්සාහ කරනවා නේද..? එහෙම ඉන්නත් අපිට පුළුවන් නේද..? රැහේ උන් අපිට වඩා වෙනස් නම් අපි නිකම්ම කොන් එනවා නේද..? උන්ගේ දෘෂ්ටියෙන් බැලුවොත් අපි "අමුතු සත්තු" නේද..? ඒ පීඩනය එක්ක අපිත් ආසයි සාමන්ය වෙන්න.. අසාමාන්ය නොවී ඉන්න... :)

ඒත් ආදරේ වගේ මාතෘකාවක් කතා කරද්දී.. අපි ආසයි අපි හරි වෙනස් කියලා පෙන්නන්න... රෝමියෝ කෙනෙක් , ජුලියන් කෙනෙක්ට වඩා ආදරේට කැප වෙන බව පෙන්නන්න.. ආයේ තමන්ට හිමි නොවෙන කෙනෙක් වෙනුවෙන් කෙස් පැහෙනකම් වුනත් බලන් ඉන්න පුළුවන් Lost Valentine එකේ අත්තම්මා වගේ කෙනෙක් නේද මං කියන්න... :)

කෝච්චියේ යනකොට අපි ඔක්කොම දෙමලිච්චෝ වගේ කච කච ගාද්දී , අයිනකට වෙලා පොතේ ඔළුව ඔබාගෙන ඉන්න කෙනෙක් දිහා බලං... "මේ මොන විකාරයක් ද?" කියලා හිනා වෙන්න අපි හරි ආසයි... "අපි හරි විනෝදාත්මකයි.. ජීවිතෙ විදිනවා.. ඒත් අර මනුස්සයා නම් පිස්සෙක්" කියන්න අපි හරි ආසයි...

නමුත් කෙනෙක්ගේ වින්දනය යොමු වෙන්නෙ එක් එක් දිශානති වලට කියන දේ අපි තේරුම් ගන්නෙ නෑ නේද...?පොත් වල තියෙන පුංචි පුංචි බෝල බෝල අකුරු අස්සේ හැංඟිලා ඉන්න ලස්සන දේවල් ඇඳලා අරං ඔලුවේ ඔබාගනිද්දී දැනෙන සතුට අපි කොහොම දැන ගන්නද..? ඒ ලස්සන දේවල් වැටහෙද්දී මූණේ පිරෙන හිනාව , සතුට අපි කොහොම තේරුම් ගන්නද ..? ඒක හරියට ලස්සන සිංදුවක් කනට වැටුණාම හිත පිම්බෙන සතුට තරම් ඇති...

සංගිතය , චිත්රය , ගෙත්තම , චිත්රපටිය විතරක්මද වින්දනය..? :) ඒවාට කැමති අය විතරමද කලාකාමී..?

අපි ලඟට එන ලෙඩෙක්ට තියෙන ලෙඩේ හොයා ගන්න එකත් Art එකක් නේද..?

හරියට හොරා පොලිස් වගේ... ජිවිතෙ මරණය අතර දෝලනය වෙන ගණිත ගැටළුවක්... ඒත් ඒක ඇතුලෙත් කලාවක්... :)

ආදරෙන් කතා කරන්න , හිතේ දුක නැති කරන්න , එයාගේ ඔක්කොම තොරතුරු ගන්න , ගැටළුව ඇඳෙන්නෙ කොයි පැත්තටද කියලා හිතන්න... මේ ඔක්කොම කලාවක් නේද..?

ඒ වගේම බුද්ධිය කියන්නෙ මොකක්ද..? පොත් වලින් ගන්න .... අකුරු සාස්තරේ මද..? කසුන් කල්හාරයන්ගෙ සංගීතයේ , හඬ පාලනයේ ..අනෙකුන්ගේ වෙන් වූ "යමක්" තියෙන්නේ මොකද..? සෑහෙන අධ්යයන , අත්හදාබැලීම එක්ක වැඩිදියුණුකර ගන්න බුද්ධිය නිසා නොවේද..?

නගරේ ගසා කන , ගසා නොකන , කළු මුදලාලිලා , සුදු මුදලාලිලා අතරින් යමෙක් සාර්ථක වෙන්නෙත් අනෙකා නොවෙන්නෙත් ඇයි,..? ඔහු තුල දියුණු කර ගත් යම් බුද්ධියක් නිසා නොවේද..?

ලඟදී මම බැලුවා චිත්රපටියක් Beautiful Mind කියලා.. :) ඒකෙ ඉන්නෙ නොබෙල් ත්යාගලාභී බුද්ධිමතෙක් ගැන.. නමුත් ඔහු මානසික රෝගියෙක්... Hallucinations නොහොත් මනො රූප සමඟ දොඩමළු වන්නෙක්... මනො ලෝකයක සැරි සරන්නෙක්...

අපිට සාපේක්ෂව අස්වාභාවික , හාස්යජනක ඔහු , ඔහුගේ බිරිඳට බොහොම සාමාන්ය පුද්ගලයෙක් .. :)

ඔහුගේ වාසනාවට ඔහුට ඉන්නවා හොඳ බිරිඳක්...

ලෝකේ කවුරුත් තනි නෑනේ... එක්කො යාළුවෙක්... එක්කෝ බිරිඳක්, සැමියෙක් , පෙම්වතියක් , පෙම්වතෙක් , අම්මෙක් , තාත්තෙක් , සහොදරයෙක් , සහෝදරියක් , හෝ වෙන යම් කවුරුන් හෝ ඉන්නවා... ඒ කියන්නේ පිට කාට අපිව අසාමාන්යව පෙනුනත් තව එක්කෙනෙකුට හෝ අපිව සාමාන්යව පේනවා කියන එක නේද..?

එහෙනම් මෙයින් මතු කිසිම කිසි පුද්ගලයෙක් අසාමාන්යයි කියලා ඔබට හිතන්න පුළුවන් ද...?

දන්නවද..? ඉස්සර සුදු කබර තිබීම කාන්තාවකට ලස්සනක් ගෙන දෙන කරුණක් වුණාලු... කවි ඇස් වලට වැටුණු "පෙති ගෝමර" තමයි ඒ...

ඉතිං.. ඒ දේ එදා සාමාන්යයි... අද අසාමාන්යයි... :) යාළුවනේ... මේ ලෝකේ... අපි හැමෝම.... බොහොම සාමාන්යයි...

එහෙම නේද..?

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com6tag:blogger.com,1999:blog-5945895405715261376.post-20401925079760175682013-09-07T12:39:00.002-07:002013-09-08T07:38:43.491-07:00දුටු හද සහ නොදුටු හඳ

"අහසේ තරු කැට වගේ.."

"හරියට දැක්කා වගෙයි කතාව , කොහෙන්ද ඔයා ඒ කොටස හොයා ගත්තේ..?"
"ඒ ඇස් අහසේ තරුකැට වගේ දිලිසුනා කියලා පොතක තිබුනා.. "

"කවුරුත් කිවුව දෙයක් ඒ..

කියන්නකෝ අනේ ඔයාටම හිතෙන දෙයක්..?"

"ඔයාගේ මූණ හඳ වගේ.."

"වෙන්න බෑනෙ , මම කළු කෙල්ලක්.."

"කවුද කිවුවේ..?"

"මතකයි දවසක් අම්මා කිවුවා මම මගේ කළු කෙල්ලට අර නිල් අහස තරම් ආදරෙයි කියලා.."

"හඳ සුදුයි ද..? නෑ ඒක මුදුයි.. ඔයාගේ මූණත් ඒ වගේ.."

"හි..හී... හඳේ ආවට තියෙනවලු.ඒවා ඈතට කළු පාටටත් පේනවලු ,ඉතිං කොහොමද ඒක මුදු වෙන්නෙ ?"

"මම දකින හඳේ ආවාට නෑනෙ ,ඒ හඳ හරියටම ඔයාගෙ මූණ වගේ තමයි"

"මට නම් ගොඩාක් ආස හිතෙන්නෙ හිත ඇතුලටම කිඳා බහින ඔයාගේ ගැඹුරු කටහඬට.."

"ඔව් ඉතින් ඔයා හිතන් ඉන්නෙ අර Film එකේ නළුවත් එකේ සිංදු වල ඇහෙන කටහඬ තරම්ම කඩවසම් ඇති කියලනේ..?"

"ඉතිං මේක ප්රජාතන්ත්රවාදී රටක් නේ..මට කැමති විදිහට හිතන්න මොකටද මට කාගෙන්වත් අවසර..? :).."

"සිංදු කියන අය අරන් බලන්න , ඔයා ආසම _______ට. එයාගේ කටහඬ ගැඹුරු ආදරණිය වුණාට එයා උණහපුලුවෙක් වගේ කියලා අපේ අයියා කියනවා මට ඇහුණා.."

"නෑ ...එයා උස , ලස්සන කොල්ලෙක් , මේ දැනුත් මට පේනවා එයා සිංදුවක් කියනවා..."

"පිස්සු පූසි..:P "

"අපි කොච්චර වාසනාවන්තද අනේ..?"

"ඒ ඇයි..?"

"මොකද කිවුවොත් අපි අපිට බොරු කරන්න බෑනේ... ,

හිතන්න , මම ඔයාට අහස තරම් ආදරේද..? බොරු මොකටද , නොදැකපු දෙයකට මගෙ ආදරේ මම කොහොම සමාන කරන්නද..? "

"හ්ම්.. ඔයත් එහෙනම් පැහිච්ච අම්මණ්ඩියෙක් වෙලා අහ්..?

කෝ දෙන්න "

"මොකක්ද..?"

" සුදු හැරමිටිය"

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com8tag:blogger.com,1999:blog-5945895405715261376.post-45261003876538393082013-09-07T01:30:00.000-07:002013-09-21T23:19:23.975-07:00අයිතිය..

හදින් කියවා නෙතට දුන්

නෙතින් පන්හිඳකට කැවූ

මගේ කවිපද රස පෙවූ

මගේ නොව සත්සර මුසූ

කඳුළු බිඳුවෙන් ඔප වැටී

මියුරු වදනින් දිලි දිලී

අරුත් ගැන්වූ මගේ කවිපද

නොවේ තවදුරටත් මගේ

සත්සරට පෙම්බැඳි වදන්

මහැර තනුවට ලොල් බැඳන්

මිහිරි නදකින් පණලැබූ අද

නොවේ තවදුරටත් මගේ

අසන දන නිති රැස් කමින්

ගීය හිමි නද හට පෙමින්

ගීය ඉල්ලයි නද දෙමින්

මම ලියූ මගෙ නොවු වදන්

2011 - 02 - 01 ඇසිල්ලෙන් හිතට නැඟුනු සිතිවිල්ලක් නිමිත්ත වී..

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com0tag:blogger.com,1999:blog-5945895405715261376.post-89495684256816509922013-09-07T01:19:00.000-07:002013-09-21T23:19:23.982-07:00සුපිරි කිරුළ..

සබඳ නිබඳ නුඹ නද මා සවන් මත

නොමද නුඹේ මතකය අද මා ලඟ

රුවද සොබන නුඹගේ රූ තිරය මත

මතකද එකල මා නුඹ සකියන් වූ වග

සඳ ද තරුද දුටුවෙමු මහ ගගනෙ කළු

හිරුද වලාකුළු අතරින් එබුනයුරූ

ඔබද මමද තරඟෙට කවි ගෙතු අයුරූ

මතකද එකළ මා විය නුඹෙ සොඳ මිතුරූ

රටක පෙරට නුඹ බිඳු බිඳු ඇඳුනාලූ

නද ද රුවද නුඹෙ විකසිත වූවාලූ

නුඹද කරලියේ රස ගී ගැයුවාලූ

තරුද අතර නුඹ කිරුළක් වූවාලූ

මලද නුඹම විය අපෙ ගෙඋයනේ පිපුනූ

නද ද නුඹම විය අපෙ සිප්සලේ වුණු

කොහිද නුඹ සිතනු පෙර අප අතර වුණූ

විණිද වහල් සුපතලකම අසල කුණු

ඊර්ෂ්යාවක් තුලින් දිස්වූ යතාර්ථය... 2009 - 06 - 03

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com0tag:blogger.com,1999:blog-5945895405715261376.post-65769749003344055982013-09-06T12:27:00.000-07:002013-09-06T12:27:28.313-07:00ගෑනු ජාතිය - ජරා ජාතිය ?

පැටී ජූනියර්

"අම්මේ ?"

"ඇයි පැටියෝ..?"

"මම හිතලා නෙවෙයි අම්මගෙ බඩට ආවේ.."

"කවුද එහෙම කිවුවෙ පැටියෝ..?"

"අද මට ඇහුනා"

"මොනවද..?"

"ගෙදර ළමයි කතා වෙනවා.."

"මොනවද..?"

"පූසොම තුනක් මැද හොඳ වෙලාවට එක පූසියක් ඉපදුනේ ලු.."

"මොනවා..?"

"ඔව් අම්මේ , ගෙදර නෝනා..අම්මාට කිරි හදලා දෙන නෝනා , ලොකු බොරුවක් කියලලු... පූසියෝ තමයි මීයෝ ගොඩක් අල්ලන්නේ කියලා.."

"ඉතින් ඒක ඇත්තනේ රත්තරන් , මම ඉන්නෙම වහලෙ නේ.. කෝ ඔයාගේ තාත්තා පැත්ත පළාතෙ එනවද..?"

"අම්මේ , එයාලා එහෙම කිවුවේ මාව දෙන්න කට්ටියත් තීරණය කරලා..ගෑනු සතා කවුරුහරි ගත්තොත් ලොකු බරකින් නිදහස් ලූ.."

"මොනවා..?දූට මොකටද ඔය පැහිච්ච කතා?"

"අනේ අම්මේ...."

"නෑ ... මම ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ.."

"මම තාම අම්මගෙ කුක්කු බොන නිසා තාම මං චූටි ලු.. මගෙ ඇස් නිල් පාට ලු... ඒ නිසා ඉක්මනට ලොකු වුණ ගමන් මාව ගන්න කවුරුත් කැමති වෙයි ලු.."

"කවුද කිවුවේ..?"

"මේ ගෙදර දුව... එයා මට ආදරේ වගේ , එයා කියවනා මාව තියා ගමු ලු.."

"ඉතින්..?"

"ගෙදර මහත්තයා ආසා ලොකු අයියා තියා ගන්න.. එයාට මිල්කි කියලා නමකුත් දාලා... "

"ඔයාලා හැමෝටම නම් දාලා නේ.."

"ඒත් අම්මේ... මාව තව මාසෙකින් දෙනවලූ.... "

"ඔය ඔයා බය කරන්න කියන කතා..පෙනෙන්නෙ නැද්ද හැමදාම මෙහෙ චූටි බබා , ඔයාවයි අයියලාවයි මල්ලිවයි තුරුලට අරන් නළවනවා , එයාලා ඔයාට ආදරේ.."

"ඒත් අම්මේ මාස තුනෙන් තුනට අම්මට පුංචි ඈයො හම්බෙයිලු... අපි දුන්නට එයාලට පාළු නැතිවෙයි ලු...."

"අනේ පැටියෝ... ඒ කතා කනකට ගන්න එපා..එන්න..!

එන්න මගෙ තුරුලට.. මම ඔයාව උණුහුම් කරන්න"

"අම්මේ.... ඇයි අම්මේ පිරිමි සත්තුන්ට මිනිස්සු ඔච්චර ආසා..????"

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com20tag:blogger.com,1999:blog-5945895405715261376.post-52599665152772573452013-08-31T10:17:00.001-07:002013-08-31T10:17:38.774-07:00යමු රජුනේ පමා වෙනවා...

"සකූ.."

නිමල් වත පුරා ඇදුනු සිනාවෙන් රත්තී දෙස බලා තම ප්රිය බිරිඳ අමතයි.

"මේ මොකෝ හඳයටම ඇහැ යන ඔයාගෙ ඇස් අද රත්තී ලඟ නතර වෙලා..? පුදුමයි... කොයි බලන්න අද ඉර පෑවුවේ අවරින්ද කියලා.."

රත්තී යනු සකුන්තලා සමඟ මේ ගෙමිදුලට වැඩි ඇගේ වැස්සීය.

ඇය කුඩා කලසිට කෙළි කවටකම් පෑ ඇගේ හොඳම මිතුරිය රත්තී ය.

එනිසාම සකූ කරකාර කැන්දා ආ මට මගේ හඳයාට සහකාරියක් අමුතුවෙන් සෙවීම නුවමනා විය.

හඳයා මගේ ප්රාණේ සමානය.නාබර නාහෙට නාසන අවධියේ වුව ඌ මා තැකුවේ ය.

එහා ගමේ ධම්මීට පිදූ මා කුළුදුල් ප්රේමය අහිමිව වල්මත් වූ දා, තනිවම කඳුළු සැලුවේ මම හඳයාගේ හොම්බට කඳුළු සංග්රහයක් පවත්වමිනි.

ඒ නිසාම මා හා හඳයා අතර ඇත්තේ සංසාරික බැඳිමක් තරම් උතුම් වූවකි.

දෙවුරේ දිලෙනා සොඳ මුතුමාල පළඳන්නා

දෙකනේ ලෙලෙනා රන් මිණිතෝඩු දවටන්නා

හඳයෝ හැමදා නුඹ පණ සේම රැකගන්නා

සකූ මා මාපිය ආශිර්වාදයෙන් කැටුව ආ මගේ බිරින්ඳෑය . ඇය මා ගෙපැලට පැමිණ ඒ හැටි දොහක් නැත.අප කැඳැල්ල ආදරයෙන් පිරි ඉතිරී යන මේ වසන්තය මට නව පණක් ගෙන දුනි.

ඒ සකුන්තලා මා සවනට කොඳුරා කී ඒ සොඳුරු සුභ රහසක් නිසාවෙනි.

ටික දොහකින් මගේ කැඳැල්ලේ කිරිකැටි සිනා නැඟෙනු ඇත.ඒ මියුරු සිතුවිල්ල මා කුල්මත් කර ඇත.

"විහිළු එපා සකූ..ඔන්න ඔයා ලෙඩේ යාළුවාටත් බෝ කරලා වගෙයි.."

සකුන්තලාගේ නෙත් සතුටින් දිලිසෙයි..ඈ මා දෙසත් ඈ ප්රිය රත්තී දෙසත් බලයි.

"අනේ ඔයා මේ ඇත්තමද කියන්නේ... ම්ම්... ඔව්මයි බණ්ඩියත් චුට්ටක් පිරිලා වගෙයි.."

ඈ රත්තී අසලට ඇදුනා ය.

"මයෙ අම්මෙ , එහෙනම් උඹත් පැටියෙක් බණ්ඩියෙ හංගං ඉන්නෙ... මයෙ පැටියයි , උඹෙ පැටියයි එක දොහේ මේ ලෝකෙට එයි නේද..? එදාට උඹ මයේ පැටියාටත් කිරිඅම්මා වෙයි නේද..? "

ඈ රත්තීගේ හොම්බ සිප සැනසුවාය.

රත්තී වෙහෙසකර හුම් නදක් පමනක් නැගුවාය.

"ඉතින් නිමල් , ඔයා අපෙ සුදු අම්මට කිරි මදුවැල් ගෙනත් දෙන්න වෙයි දැං දැං හොඳේ..?... අනේ අහිංසකී...!"

මම ඒ වදන් බලාපොරොත්තුවෙන් සිටියෙමි.

"ඔව්..ඔව්... ඒ දොළදුක් නිවන්න වෙන්නෙත් මට නේ.. මොකෝ මගේ මස්සිනාට ඕකෙ වගක් ඇතැයි.."

මම හොරැහින් හඳයා දෙස බලා ඇසක් ඉඟි කලේ ය.

"නිකා ඉන්න නිමල්... ඔයාගෙ හඳයාට විතරක් සලකලා දැං හරියනවැයි..? එතකොට ඔයාගෙ යාලුවාගේ බිරිඳට මොකද වෙන්නේ..?"

මද සිනා පෑ සකුන්තලා නැවත ගේ දෙසට ඇඳූනේ පෙර නොවූ තරම් සතුටක් ලය තුළ රන්දාගෙනයි.

සකුන්තලාවක් මා නොපැතුවෙමි.ඈ මා පැතූ තරමට වඩා බොහෝ සොඳුරු වූ රුවැත්තියකි.කපු මහත්තයා රැගෙන ආ යෝජනාවට මට කෙසේවත් අකැමැති වීමට හේතු නොතිබිණේ එබැවිණි.සැබවින්ම මා ඒ වනවිට පෙළවහක් බලාපොරොත්තුවෙන් සිටි තරුණයෙක් මි.

එදවස හඳයා දක්කා හේනේ එළවළු රැගෙන නගරයට ඇඳෙන සෑම සැන්දෑවකම මගේ සිත නැවුම් සිතුවිලි වලින් කිතිකැවුනු සැටි මටද මෙන් මතකය.

"හඳයෝ මේ අහපන්... උඹත් දැං නාබර වස්සා... උඹටත් මට වගේම දැනෙනවා ඇති... ඒකයි මම මේවා උඹට කියන්නේ... නහයෙන් පෙණ පිම්ඹෙනකම් උඹැහැ මං වෙනුවෙන් වෙන වෙහෙසිල්ල ලේසි නෑ යාළුවා... ඒ කාසි පණම්... ගේ දොර නිසා ඔන්න මටත් මංඟල්ලයක් හරියන්නයි යන්නේ... "

හඳයා වෙහෙසට තව තවත් පෙණ පුම්බයි... ගතම දහඩියෙන් පෙඟී ඇත... පිට පොත්ත අවු රස්නෙට ගිනියම් වී ඇත.

මට පහල වූයේ දැඩි සංවේගයකි. මේ මා හා එකට වැඩුනු මගේ කල්යාණ මිතුරා ය.මා උගෙ පිට අත ගෑවෙමි...

"හරි කමක් නෑ යාළුවා... හෙමිහිට යමු... තව ටිකයි, මම අද උඹ උණු වතුරෙන් තවන්නං මයෙ අප්පච්චි... උඹ නිසා නොවෙන්න මම කිසි කෙනෙක් ගනන් නොගන්න හිඟන්නෙක් වෙන්ට තිබුනා... අහා...!!!! යමං කොලුවෝ යමං...හෙමිහිට යමං..."

සමනොළ මළුවෙ රන්වැලි වෙහෙරේ

මුද්රනත සේම මට දැනෙනා

සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා

සුභ හෝරාව ලං වෙනවා

යමු රජුනේ පමා වෙනවා

"තවත් දෙයක් හඳයෝ... උඹලා කොච්චර පිංවන්තද..? කන්නෙම කොළදළු... බොන්නෙ නිල් කැටේට හීත දියපොදි... මේ මනුසතා වගේ උඹ පව්කාරද..? නෑ නොවැ... මම උපන්තේක බිව්වේ උඹෙ අම්මගෙ කිරි නොවැ... එහෙම බැලුවම උඹයි මමයි දෙබෑයෝ නේද..? මට කාසි පණම් ඇතත් උඹට එකයි... නැතත් එකයි... උබ මාව දාලා යයි ද..?මේ මහ මෙරක් බර ඇදලා උඹ හිතේ කිසි කහටක් නැතුව හෙටත් උදේ රැයින් මේ බර කරට ගන්නවා.. "

ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලෙ

සිරිලිය සේම ඈ හිඳුවා

ගම්මානේ පුරා කලඑළි කරවා

මම හත් දා මඟුල් කනවා

මේ පිං උඹට පිහිටනවා

එවේලේම අප යන ගුරුපාරේ අප දෙසට හරකෙක් දක්කාගෙන එන
පිරිසක් නෙත ගැටුනි.ඔවුන් තුල ඒ සතා කෙරේ කිසිදු අනුකම්පාවක් ඇති බවක්
නොදැනුනි... ඒ දැක මටත් කලින් හදයාට යමක් ඉවෙන් මෙන් වැටහුනු සෙයකි.ඌ තම
වේගය වැඩි කරේ ය.

ඒ දුටු මම හඳයාගේ බය නැති කිරීමට සිතා මෙසේ කීවෙමි.

"තව දෙයක් හඳයෝ... උඹ දන්නවද..? සිංහලයා මස් බුදින එකෙක් නෙවේ නොවැ... උඹ නොදන්නවා උනාට මේ රයිගම් පත්තුවට මුලින්ම ආවේ අබුං කියලා...අපේ මීමුත්තා වෙන කෙනෙක්... පුතයි ඒ උන්නැහෙයි නේ ආවේ... ඒ උන්නැහැ ඇදහුවේම සිංහලයාට මස් කෑම අකැපයි කියලා... කැලේ අල,ගඩා ගෙඩි කඩාගෙන කාලා හේන් කොටාගෙන ,පැලක් අටෝගෙන උන්නැහැ මෙහෙ පැල පදියං වෙනකොට මේ ඔක්කොම ගණ කැලෑවලු... එක මිනිස් පුළුටක් නෑලු... අබුංගේ පුතා පිඹුරා ගිලලා උන්නැහැට ජිවිතෙම එපා උනාලු... ඉතිං ලඟ ගමක කෙල්ලක් සහේට ගත්තලු... ඒ කෙලීට ආදරේට ඇති කරපු වැස්සියක් හිටියලු... දවසක් මරක්කලයොන්ගෙන් දහජරා ගති උරා ගත්ත සිංහල බල්ලෝ ටිකක් ඒ වැස්සි පැටියෙක් බඩේ ඉද්දිම මරං කෑවලු... ඒ ගමහාමිනේ ඒ කියන්නෙ අබුංගේ හාමිනේ ඒකට දේවාලෙකට ගිහිං පොල් ගැහුවලු... වැස්සී මරන්ට හවුල් වුණ ඔක්කොම තියෙන ආල කලංචි ඔක්කොම වෙලා මලා ලූ...

ඕන්න හඳයෝ අහ ගනින් වැඩේ.... හොඳ සිග්ගලයා කවදාවත් මස් බුදින්නෙ නෑ... ඒකයි මයෙ අප්පොච්චි මට කියා දුන්න ලොකුම පාඩම...උඹලා දෙවි දේවතාවෝ වගේ පුදන්න ඕනෙ සත්තු... "

හඳයාට ඔහේ වගේ වගක් නැත.ඊට ටික දොහකට පසු මා සැමියෙක් වුයෙමි... හඳයා මා අසල ය.

අද මා පියෙක් වීමට පෙරුම් පුරමි... හඳයා අදත් මා ලඟ..

ඒත් මගේ හිතේ සැනසුම නැති කරන එක් කාරණයක් ඇත.

මා නාබර වස්සෙක්ගේ වැස්සියකගෙ හිම්කාරයෙක් වෙමි.

ගම වට මස් වෙළෙන්දෝ කැරකෙන සැටියකි.. රෑට ඇහැ පියවීමද මට අමතක වී ඇත.

හ්ම්............................

හෙට උදේ මම ඇහැරේ වී...

ඉන්පසු මඩුවට පිය මනින්නේම ඒ සුන්දර වස්තූන් දෙක නෙත තුලට උරා තුටු වීමටයි..

ඒත්...............

" මගෙ බුදු අප්පච්චියා ................................................................."

(ජයසේන ජයකොඩි ශුරීන්ගේ අස්වැන්න සම්මානනීය නවකතාව ඇසුරු කර ගත්තෙමි)

ගායනය : ජානක වික්රමසිංහ

ගී පද : රත්න ශ්රී (not sure)

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com11tag:blogger.com,1999:blog-5945895405715261376.post-72751204933650795332013-08-11T22:26:00.002-07:002013-08-21T08:27:30.676-07:00දැං අපි පති පතිනි පංතියේ..

ලිපියේ පෙර කොටසට මෙතනින් යන්න

සොඳුරු එතනාගේ රුවට පෙම් බැදි අදිරියන්ට ඇගේ මටසිළුටු සෞම්ය සිත දැක ගැනීමට හැකිවන්නේ දැන් දැන් ය.

ඈ උදේ රැයින් පිබිද මිදුල අමදී.අදිරියන් ඈ අසල දැවටෙමින් මදක් සිට ඉන්පසු වස්සා දිගේලි කරනුවස් නික්ම යයි.

කහට කෝප්පයට නැවුම් එළකිරි මුසුකොට ඒ සමඟ හීල්බත් මඩක්කුවකින් කුස පුරවා ගන්නා අදිරියන් ඒ උදෑසන ආහාරයේ ඇති ප්රණිත බව නිසා සතුටින් පිනා යයි.ඒ රසැති බව ,ඔහුගේ ප්රියම්බිකාවගේ අත් ගුණයට නොදෙවෙනි , ඔහු කෙරේ ඇති සෙනෙහස මුසු වූ නිසා ඇති වූවක් බැව් ඔහු දනී.

අදිරියන්ගේ මව් එතනාට ඇගේම මව් වන්නීය.ඈ ගැන සොයා බලන්නී ය. අතපසු වීම් ඉවසන්නීය.

විටෙක කදේ වැටී වල් පල් දොඩන්නීය.

මේ සොඳුරු නවාතැන මෙසේ සතුටින් පිරී ඉතිරී යද්දී වලව්වේ සිද්ධ වෙමින් පැවතුනේ මදක් උණුසුම් වාතාවරණයකි.

"කෝ අම්මේ එතනා ?දැං මෙහෙ උදව්වට එන්නෙ නැතුව වද්ද..?"

ටිකිරි බණ්ඩාර වලව්වට පැමිණියේ සෑහෙට කලකට පසුවය.එයට හේතුව මැණිකේ විසින් ඔහුට ලියාතිබූ පරිදි නිවසේ පිළිසකර කිරීම් , අළුත් වැඩියා කටයුතු නිසා මාස දෙක තුනකින් නිවසට නොපැමිණෙන ලෙස ඔහුට දන්වා යැවීමයි.

මැණිකේ සිතින් උරණ වෙයි.අමනාප බවක් වතින් නොපෙන්වූ ඇය,

"පුතාට මොකද පුතේ ඒකෙ වගක්..? මේ පුස්නාම්බුවක් කෑවනං... ඔය ඇඹුල් කෙහෙල් කැන පුතා එන නිසාමයි දුං ගහලා ඉදෙව්වේ..."

පුස්නාම්බුවට අතක් නොතැබූ ටිකිරි බණ්ඩාරගේ මුහුණ හරි නැත.ඒ බැව් මැණිකේ දැක්කා ය.

"පුතේ , එතනා අදිරියන් එක්ක ගොහිං දැං සුමාන හතරක් පහක්... ඒ කෙලී අදිරියන්ටත් වාසනාව ගෙනාවා කියලයි ගමේ උන් කියන්නේ.. ඉතිං එතනා මෙහෙ වැඩට එනවට අදිරියන් මනාප නැතුව ඇති..ඒ නිසා සෑහෙන දොහකින් මේ පැත්තේ ආවෙ නෑ නොවැ.."

ඇය සියල්ල දැන සිටියා ය.ඇගේ උකුසු ඇසට සියල්ල දර්ශනය වී තිබුනි.එතනාගෙන් ඇගේ පුතු බේරාගනු වස් කලහැකි හොඳම දේ ඈ කලාය. එතනාට ඈ වෙර නොබැන්දා ය.ඔය වයසට තරුණ නාම්බන් නෑම්බියන් එසේ යැයි ඈ දනී.පුතුගේ සිතට දුකක් දීම ඈ පීඩාවට පත් කලාය.නමුත් ඈ ඔහුගේ අම්මාය.

ටිකිරි බණ්ඩාරගේ මුහුණ මැලවී ගියේ බලාගෙන ඉන්දැද්දීමය.ඔහුගේ ප්රථම ප්රේමය මෙසේ කෙළවර වේ යැයි ඔහු නොසිතුවේ ය.වලව්වෙන් වුව එන ඕනෑම අභියෝගයක් එතනා වෙනුවෙන් ඉවසීමට ඔහු සිතා සිටියේ ය.නමුදු දැං පමා වැඩි යැයි ඔහු දනී...

දින සති ගෙවී යද්දී ටිකිරි බණ්ඩාර යලි කොලීජියට යා යුතු කාලය ලං විය.ඊට පෙර එතනා හමු වීමෙ සියුම් ආශාවක් ඔහුගේ හිත තුල විය.

ඒ ප්රාර්ථනා පෙරටුකොට ඔහු අදිරියන්ගේ නිවස දෙසට ඇඳෙන්නට විය.

ඔහු ඔවුන්ගේ පැලට සේන්දුවන කණිසමේ අදිරියන් කුඹුරට ගොස් ය.ඔහුගේ මව එළවළු ගෙන ඒමට පොලට ගොස් ය.එතනා ඇඹුල රැගෙන කුඹුරට යාමට සැරසෙයි.

ටිකිරි බණ්ඩාර කඩුල්ල පනින තුරුත් ඈ ඔහු නොදුටුවා ය.

"නඟා එතනා..."

ඈ අදත් එදා තරම් සුන්දර ය.නමුත් වේලෙ දෙවේලෙ කුඹුරේ අව් කට්ටේ තැම්බෙන නිසා මදක් රතු පැහැයට හැරී ඇත.

ටිකිරි බණ්ඩාර දුටු එතනාගේ සිත සැනින් ගැස්සී ගියද ඈ එබැව් නොපෑවා ය.

"වලව්වේ ඇත්තෝ... "

"ඇයි නඟා එක පාරට මට ගරු නම්බු නාම... මම අඳුනන්නෙ නෑ වගේ නොවැයි.."

දොරපළුවට මුවා වෙලා හැංඟි හැංඟියේ

කියන කතා හුරු නැති විට වගෙයි නංගියේ

නෑසු කන් ඇතිව මුත් මද සිනා ඇතුව ගෙතුලට වැදි එතනා වංගෙඩිය පෙරලාගෙන පිලට විත් ඒ මත රෙදි කඩක් එලුවා ය.

"ඈදි ගත්තා නං බණ්ඩාර ඇත්තෝ "

"නඟා , උඹට මේ දෙතුං මාසෙට මාව අමතක වුනේ කොහොමැයි..?"

ඔහුගේ කියුම් ඈට විශ්මයකි.. ඈ දෑත් පටලා ඔහේ පයේ නිය පිටින් ගොම පිළියම් කල ගෙබිම පාරන්නට විය.

මතකද වැලිබත් ඉවුවා

පුංචි සන්දියේ

වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා

එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ

ගෙපිල කන්ඩියේ

"මට උඹ ගැන දුකයි මටත් වඩා නඟේ , උඹ ඉන්ට ඕනෙ මෙහෙව් තැනක යැ..? මාව උඹ අමතක කරේ මේ ගස් වැද්දෙක් එක්ක දීග එන්ටද..?"

ගස් වැද්දා.. ඒ වදනින් උරණ වූ ඈ බිමට යොමු වූ නෙතු සැනින් බණ්ඩාර වෙත යොමු කලාය.

"අමනාප වෙන්ට කාරි නෑ වලව්වෙ ඇත්තො මෙහෙම කිවුවට , මගේ රත්තරං මනුස්සයට අවලාද කරන්ට මේ ගෙයි පය තිබ්බා නං ඒ පය දෙපය අරං මේ දැං මෙතැනිං වහං උණානං හොඳා..මේ පැල මට මාලිගාවක් ගාණයි.."

තරහ ගන්ට එපා ඔන්න කී සුනංගුවේ

යතුර දෙන්න මේ ගේ දොර දැං මගේ නොවේ

"ගෑනු හරි චපලයි නේද නඟා..? මම හිතුවෙ නෑ උඹත් එහෙව් එකියක් කියලා... එදා උඹ කොච්චර අගේට මට කතා කරාද..? ඒත් අද... උඹට අඳු කැවිලා... මොකද නඟා ඔය හැටි පාරතොට බලන්නෙ... කවුරුහරි අපි දකී කියලැයි..?"

මුවැත්තියක් දිවියකු මඟ දුටුව වංගියේ

වගේ බයක් නුඹෙ මුහුණේ ඇයිද නංගියේ?

"කවුරු කාව මොන උප්පරවැට්ටි දාලා රැවැට්ටුවද මං කියන්නෙ මොකටැයි ඇත්තෝ... හැමදේම වෙන්නෙ හොඳට,නැත්තං මට මේ දෙයියෙක් වගේ මනුස්සයෙක් හම්බෙයි යැයි.අහ්... අන්න... අන්න සුමනෙ යනවා.. දැං මදැයි..ඇහැක් දෙකක් දැක්කොත් ඇති මෙව්වා..එක දෙක කොරලා කියන්ට... තරහ නොගෙන දැං ගොහිං අදිරයියා ඉන්න වෙලාවක මේ පැත්තේ ආවානං..."

අපි දෙන්නා දෙන්නාටම අයිති වංගියේ

වාගෙ නොවෙයි දැං අපි පති පතිනි පංතියේ

එතනාගේ හිත පෙලන වදන් යකඩ බරු සේ ටිකිරි බණ්ඩාරගේ හිත පෙලයි.ඇය ගැන තිබූ ආලය නම් කරුමක්කාර සිතුවිල්ල උපන්ගෙයිම මියැදීයන සෙයක් ඔහුට දැනේ..ඒ අරා කෝපය මහ මෙරක් මෙන් නැඟී ආ හෙයින් ඔහු දවාහලු කරන බැල්මෙන් එතනා දෙස බලා හැරී කඩුල්ල පැන පිටව ගියේ සිතේ වේගයට වඩා ඉක්මන් කල දෙපයේ වේගයෙනි.

කඳුළක් ඈ නෙත තවන්න සැරසෙද්දීම, වංගුවෙන් මතුවන අදිරියන්ගේ අම්මාගේ විඩාබර වත දැක එතනා ඈ වෙත දිව ගියේ ඇගේ දෑතේ බර තම දෑතට වාරු කර ගැනීමටයි.

ගායනය :- ජානක වික්රමසිංහ

දීපිකා ප්රියදර්ශනී පීරිස්

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com8tag:blogger.com,1999:blog-5945895405715261376.post-44242163018351206662013-08-10T00:36:00.001-07:002013-08-10T22:57:53.299-07:00මම සස්වාමිකයි ස්වාමි...

මෙම ලිපියේ මුල් කොටසට මෙතනින් යන්න

මංගල්ලෙට කාරණා කටයුතු යෙදුනේ එතනාගේ අනුදැනුම වග විභාගයකින් තොරවය.දැන් නම් උලත් එකයි පිලත් එකයි සිතා සිටින එතනාට මෙහි වගේ වගක් නැත.

අදිරි,එතනා තම නිවසට කැන්දන් යන සුභ මොහොතේ මව්පියන් දමා යැමේ වියෝ දුකට ඇගේ නෙතින් කඳුළු වැගිරෙනු මිස අනෙක් සෑම විටම ඇය සිටියේ වියළුනු පරඬැලක් මෙන් කිසිදු හැඟීමකින් තොරවයි.

අළුත් ගෙදර වැඩ කටයුතු එක පිළිවෙලකට කරන්නට පටන් ගත් පසු වුවද ඇය ජීවත් වූයේ ඇගේ සුන්දර අතීතයේ මිසක ඈ දීගකන අදිරියන් සමඟ නොවේ.

අයාලේ ඈ දපනේ දමන ඇගේම සිතුවිලි... මිදුල ඇමදීම , වී තැම්බීම , පොල් ගෑමේ සිට ඇඹුල රැගෙන යෑම දක්වා සෑම සියළු වැඩකදීම ඈට හිරිහැරක් වන්නට විය.

අදිරියන්ට මෙය නොදැනුනා නොවේ.නමුත් ඔහු කාලයට ඉඩ දී බලා සිටියේ ය.

ඈත නොඑපෙනෙන ඉසව්වක් දෙස ඔහේ බලාසිටින ඇගේ නෙතින් හෙලෙන කඳුළු කැට කා වෙනුවෙන්දැයි ඔහු දනී. ඒ උණු කඳුළු හෝ ඇගේ මුවේ මද සිනාවක්වත් ඔහු වෙනුවෙන් කැප නොවෙන බව ඔහු හොඳාකාරව දනී.නමුත් ඔහුගේ ඉවසීමේ සීමාවට තව බිඳක් දුර ඇත.කැන්දන් ආ මංගල්ලේ අසුරු සැනින් කඩා බිද දැමීම මුළු සනුහරේටම නව නිංගිරියාවක් බැව් හේ දනී.

නමුදු ගෙයි ගිනි උන් පිටට නොදෙති.ගමේ උන් ලමිස්සියන්ට ආදර්ශෙට ගන්නට කියන්නෙ අදිරියන් සහ එතනා ය.

නමුත් එතනා තවම ටිකිරි බණ්ඩාර සමඟ ය.තමා තඹයකට මායිම් නොකර තමා හැර ලන්සියක් සමඟ ආල වැඩූ ටිකිරි බණ්ඩාරටයි.

අදිරියන් පැල් රැකීමට කුඹුරට ගිය රෑක , දවාලක ඈ තවම තැවෙයි.

ඔබ හීනයක් වගේ

හාදු වැස්සක් අරන්

සිරියහන අද්දරට වී

වැතිරෙන්නෙපා සයනේ

මම සස්වාමිකයි ස්වාමි..

"අනේ වලව්වේ ඇත්තො , ඇයි මට මෙහෙව් ගින්දරක් දුන්නෙ... මට හාන්කවිසියක් එහෙව් රැවටිල්ලක් ගැන තේරුමක් තිවුනා නං මෙහෙම වෙයි යැයි.. දැං මේ ගෙයි , ලේසි පහසු වේදනාවක් මං විඳිනවද..? ඔය ඇත්තන්ට ඒකෙ කිසි වගක් නෑ නේද..?

ඒත් ...හෙට මට කිවුවොත් එන්ටැයි කියලා... මම ලෑස්ති පින්න උඩිං වහං වෙන්ට... "

ඇගේ සිත චපල කමින් කොඳුරයි.

මල් මකරන්ද දෝතට අරන්

නෙතේ කඳුළැලි දරා

මම මඟ බලා සිටියා

නෙතු ගණදුරට තරුවක් වෙලා

ඔබ එතැයි සිතා

"එතනා...."

ඇය ගැස්සී ගියා ය.ඇගේ සැමියා ඈ අසලටම එනතුරු ඇය නොදුටුවා ය.රැයක් පැලේ නිදිවරා ඔහු එන පෙරමඟට යෑම ඈ අතපසු කලා ය. ඒ ගැන ඇති වූ දැඩි කනස්සල්ල නිසා ඇගේ බියපත් දෑස බිමට හැරුනි.

"අනේ අදිරයියේ , මං කල්පනාවක උන්නේ.. උඹැහැ ලඟටම එනකං මං දැක්කෙ නෑ... "

බියපත් දෑස අදිරියන් වෙත සැනින් යොමු කලත් ඔහුගේ දැවෙන දෑස ඈ තවත් බියපත් කළ හෙයින් ඈ නැවත බිම බලාගත්තා ය.

"ඈ යෝදියේ , උඹ තාම අර වලව්වේ වලත්තයා ගාව ද..? මේ ඉවසිල්ලේ සීමාවක් තියෙන්ට ඕනෙ... තොට මම හොඳ මදිනං අද වුණත් උඹේ පැලටම යන්ට පුළුවං... මගේ අමනාපයක් නෑ...

උඹ ඔච්චර මට අකැමැති නං මොකටැයි මේ කසාදෙට මනාප වුනේ..?දැං ගාපං මගෙ මූණෙත් දැලි... ගාලා කටු ගාපං මේ මඟුල..."

අදිරියන් හිතේ ගින්දර මුවින් පිට කළේ ය.

"අන්..නේ අයියණ්ඩි , ම..ම මොනවයින් අඩුපාඩුවක් කරාටද මට මෙහෙම ගෝරනාඩු කරන්නේ..? "

ඇයට මේ විවාහය කටු ගෑ නොහැක. එය ඇයට ඇගේ සදාදර දෙමාපියන්ට කරන අපහාසයකි.අනෙක යලි කිසිදු දිනෙක තමා ලඟට නොපැමිණෙන මනු සතකු වෙත පෙම් වැඩීම කරුමයකි..

නේක දුක් හද රැඳූනා

සඳ එළිය නිමුණා

හිතේ ආවේගයට බැණ වැදුනද අදිරියන් මුළු හදින්ම එතනාට පෙම් කරයි.

"නඟා , උඹට මම කොච්චර මනාප ද..? මොනවැයින් අඩුවක් කරනවද..? උඹේ හිත අද හැදෙයි, හෙට හැදෙයි කිය කිය බලං උන්නා. ඒත් ......

මේ අහපන් නඟේ , මම උඹේ මනුස්සයා... උඹේ හොඳම යාළුවා කියලා හිතාගනින්... හිතේ ගින්දරක් තියේ නං මට කියපන්... "

නමුත් ඇගේ සිතැගිය ඈ කෙසේ කියන්නද..? මෙතරම් සොඳුරු මිනිසකු ඈ සතු වෙද්දී වෙනෙකෙකු පතන බැවු ඈ කෙසේ කියන්න ද..?

සිල් බිඳලන්න නොහැකි නිසා

මම මඟ බලා සිටියා

ඔහු ඈට ජීවිතයක් දෙන නියා ඇගේ සොඳුරු ජීවයම පැහැරගෙන ගියේ ය.

මොහු අජිවී ඈ හට ජීවිතය නැවත ලබා දීමට මඟ බලා සිටී.

ඔහු ඈ කුඩා කල සිට දැන නොසිටියහ.

මොහු ඈ කුඩා කල ඈට හොඳම සොයුරෙක් , මිතුරෙක් වූවේ ය.

අද ද... ඈ ගැන සියළු තතු දැන ඈ හට මුළු හදින් පෙම් බදී...

"අනේ අයියණ්ඩී...."

එතනා අදිරියන්ගේ දෙපා මුල වැටුණා ය. නලල ඔහුගේ දෙපය මත හොවා වැලපුණා ය.ඔහුට දුන් සියලු දුක් දෝමනස්සයන් ගැන තැවුණා ය.ඔහු කෙරේ මෙතෙක් දිනක් හිත තුල සැඟවී පෑගී පොඩිවී තිබූ ආලය නම් බීජය රිකිලි උලුප්පා පුප්පා නැඟී සිටින සෙයක් දැනුනි.

තරු ඇසක් පිපුණා

සද ලබන්නී මා

සරා සඳ ලඟ මා

අවසාන කොටස සමඟින් නැවත හමුවෙමු.

ගායනය - දීපිකා ප්රියදර්ශනී පීරිස්

රචනය - උපුල් ශාන්ත සන්නස්ගල

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com8tag:blogger.com,1999:blog-5945895405715261376.post-31805945701506117452013-08-06T09:40:00.002-07:002013-08-10T22:59:05.201-07:00අන්දර කැකුළේ නාඬන්..

"ලොකු අතු අල්ලන්න යන්න නාකයි නඟෝ උඹටමයි අන්තිමට හිතේ ගින්දර"

දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දිත්

කුමට අපි ළතැවිල්ලෙන්

"අයියණ්ඩි මම ගැන මනාපයක් ඇත්තං , ඒක හිතෙං අස් කර ගත්තොත් හොඳා"

"ඒ මක්කෙයි..?"

"මම මනාප ටිකිරි බණ්ඩාර හාමුට නොවැ"

"ඒත් නඟා ..."

"මගේ කාරි මට බලාගන්ට ඇහැකි නොවැ... අයියණ්ඩි තමුන්ට මනාප තැනකින් කටයුත්තක් කරගත්ත නං.."

"නඟා, මම උඹ දන්නෙ අද ඊයෙ නෙවෙයි , එහෙව් උඹට දුකක් තැවුලක් එනවට මම මනාප නෑ... ඔය වලව්වෙ ඇත්තො ගැන උඹ දන්න තරමට වඩා හුඟක් මම දන්නවා.."

"දන්න නොදන්න විත්තිය මම ඇහැව්වැයි... අයියණ්ඩි තමුන්ගේ වැඩක් බලාගත්ත නං.."

"තුං..නොදකිං... කටු අකුලේ හිර වෙලා දහ වේදනා විදිනකොට මං කිවුව එව්වා මතක් කොර කොර අඬන්න නාකයි නඟා... ඒක හිත් පොත්තේ හොඳාකාරව ලියා ගත්තනං යසයි.."

අදිරියන් මා දෑස දෙස හෝ නොබලා පසු බහින්නට විය.

ඈත වංගුවෙන් හැරෙද්දීවත් ආයේ ඔහු හැරී නොබැලුවේය.

ඔහු මෙසේ ආදරය යදිමින් ළමිස්සියන් පසු පස යා යුතු අයෙකු නොවේ.

අදිරියන් හිතේ දහිරි ඇති හොඳ කඩවසම් තරුණයෙකි. ස්වභාවයෙන්ම නිහඬ තරුණයෙකු වූ ඔහු පියාගෙන් උරුම වූ ගොවිතැන ජීවනෝපාය කර ගත්තෙකි.

ගොයම් හිටවීමේ , සී සෑමේ සිට වූ නා නාප්රාකාර කර්තව්යන්ට ගමෙන් ඇඳෙන හඳුනන නාඳුනන සැමගේ සිත් සැනින් ඔහු කෙරේ පැහැදී ගියේ දියුණුවක් වීමට ඔහු තුළ වූ දහිරියයි.

"පෙළවහක් කරගන්ට අදිරියන් අයියට බැරි අමාරුකමක් ඇතෑ... කුසුමෙත් කී දොහක් මගෙන්ම උන්දෑ ගැන ඇහුවද..?"

එතනා තමන්ගෙන්ම විමසයි.ටිකිරි බණ්ඩේ යැයි කෙනෙක් වලව්වේ නොසිටියා නම් ඇයගේ සිත නිතැතින්ම අදිරියන් කෙරේ ඇදී යනු නොඅනුමානය.

නමුත් එක සිත දෙතැනක නතර නොවේ.ඇය පෙම් බැන්ඳේ ටිකිරි බණ්ඩාරටයි.ටිකිරි බණ්ඩාර යෝජනාවක් නොගෙනෙන්නට ඇය ඇස් කෙලින් කර වලව්ව දෙසවත් නොබලන්නට තිබුනි.

එතනා රූබරියකි.කිතුල් රෑනක් බඳු නීල වරලස දුටුවන් ඇස්ගෙඩි අහසට නඟයි.දිගැටි ඇස් බැමට යටින් හැඩ වූ නිල් මානෙල් වන් දෙනයන දුටුවන් මන බදී.ඇය වන් දීග යන වයසේ දැරියක් නිවසේ සිටීම ඇගේ දෙමාපියන්ට බිය මුසු හැඟීමක් ජනිත කිරීමට සමත් වී ඇත. නමුත් ඇය ගමේ කිසිම කිසිවකුට මනාප නැති බැව් දත් ඔවුන් ඇගේ සිතැඟිය නොදනී.

සුන්දර උයන් පෙතක නුඹ පිපුණා නම්

පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්

මින් පෙරදාක කරපු පව් දී පටිසන්

අන්දර කැකුළේ නාඬන්

"ඔව්... ඒකි මට මනාප වෙයි යැයි.බයිස්කෝප් නිළියක් වගේ දිලිහි දිලිහි ඉන්න එකේ ඒකිට මම ගැලපෙයි යැයි.."

දිය කඩිත්තක් ලඟ ඇණ බා ගත් අදිරියන් ඒ මත දිසෙන ඔහුගේම ඡායාව කෝටු කෑල්ලකින් කලතා ඒ කෝටුවේ අග්ගිස්ස කඩා දත මදින්නට විය.

කාලය කෙමෙන් ගෙවෙයි.අදිරියන්ගේ කුඹුරේ අස්වැන්න ගෙට ගන්නටත් කල් හරියාගෙන එයි.

"අදිරියන් "

"ඇයි මැණිකෙ මට එන්ට කියලා පණිවිඩයක් එව්වෙ..?"

එකත්පස් නොවී උරහිසේ වූ රෙදි කෑල්ල පමනක් අතට ගෙන කොන්ද ඇඳ කුඳ නැතිව අදිරියන් විමස්න්නට විය.

"මේ සැරෙත් පංගුව වලව්වට වෙලාපහින් එව්වොත් හොඳා.."

"හොඳමයි මැණිකේ.."

කාල වේලාවට වලව්වට එවා තිබූ වී තොගය තම්බා , පෙඟෙන්නට දමා කොටා පිටි කලේ එතනා සමඟ ඇගේ මවයි.ඒත් ඇගේ සිත දොම්නස් ය.

"කෝ මැණිකේ පුංචි හාමු..? වලව්වේ පෙනෙන්න නැති නිසයි ඇහැව්වේ.."

ඩිංගිරා නොහොත් එතනාගේ මෑණියැන්දෑ ,එතනාගේ සිතේ පැනය නොදැන වුවද ඇසූ හෙයින් එතනා හලමින් සිටි පිටි එසේ තිබියදී වැඩේ නවත්වා කන් දෙන්නට විය.

"අනේ ඩිංගිරෝ උඹට කියන්ට ලේසි පහසු ගින්දරකින් නෙවේ මම ඉන්නේ.උඹ ඉතිං පොඩි පුතා උකුලේ තියං නැලෙව්වෙ මටත් වඩා ආදරෙන් නොවැ..එහෙව් උඹට කියනවා මිසක් මේවා අපෙ අපෙ එවුන්ටවත් කියන්ට පුළුවන් දේවල් නෙවේ.."

එතනා අතේ තැවරුනු පිටි ඇඳසිටි චීත්තයේ පිස දමමින් තවදුරටත් තැවෙමින් සිටී.

"ඇයි අපෙ මැණිකේ , රත්තරං පුංචි හාමුට මොකක්හරි අලකලංචියක් වුණා වත් ද..?"

"විහිං දා ගන්න එව්වා මිස , වෙන මොනවද ඩිංගිරෝ..? සැප වැඩී... සල්ලි බාගේ පොල් ගෙඩියෙන් රබර් ගහෙන් ලැබෙනවා නොවැ... ඒ සල්ලි වලින් කරන්නෙ විලි ලැජ්ජාවක් ඇති වැඩ යැයි...

පෙරේදා වලව්වට එනවා උරචක්කර මාලෙකුත් කැන්දං... අම්මේ මම බැන්දා... මේ තමා ඩල්සි...

කිවුවා... මගේ හිතේ පත්තු වෙච්චි ගින්දර දන්නවානං සක්ර දෙවියොන්ගේ පඬුපුල් ආසනේ උණුවෙලා යනවා නොවෑ.."

ඇය උල් ඔසරිපොට කම්මුලට තබා කඳුළු පිස සොටු සූරන්නට විය.

එතනාගේ ඇත් දළ පැහැ කම්මුල් රත් පැහැයට හැරී ඒ මතින් කඳුළුකැට ගලා පෙනහෙරය මත වූ පිටි වල උල් වලවල් කණින්නට වුණි.

අපට විහාරයේ දොර වී අඬවල්

ගියාට ලොව වැරැද්දකින්

ඇය ඇගේ පැල්පතට විත් හිත හැදෙන තුරු හැඬුවාය.මෙය මැණිකේ හිතා මතා ගෙතූ අතේ පැලෙන බොරුවක් දෝයි ඈ සිතයි.

"දුවේ , උඹට අසනීපයක් ද..?"

ඩිංගිරා විපරම් කළාය.

පැඳුරෙන් කොන්ද කෙළින්කර අම්මා වෙතට හැරුනු ඇය,

"නෑ අම්මේ , මගේ ඔළුව කකියනවා ඉවසන්ට බෑ.."

"පොඩ්ඩක් හිටිංකෝ මම තෙල් ටිකක් දන්නං ඔළුවට.."

ඇය කාමරෙන් නික්මී ගියේ පැල් කොටේ ඉස්සරහට වී බුලත් විටක් ඒදන එතනාගේ අප්පොච්චි ලඟටයි.

"ඇහුණද ලමයින්නෙ අප්පොච්චි "

ඇය හොර හඬින් මුමුණයි.එතනාට ඇසේ යැයි ඇය තවද හඬ බාල කළාය.

"හ්ම්...???"

"මේ අපෙ හොඳට හිටිය කෙලිත් දැං දැං ලෙඩ ගන්නවා නොවැ... ඔය වයසට එනකොට ඒ ඒ දේවල් නිසිආකාරව ඉස්ට සිද්ධ නොවුණම ලෙඩ අමාරුකං එනවලු... අර අහලා එවලා තිබුණ කටයුත්ත ගැන බැලුවොත් මොකද..? අපිටත් නිවී හැනහිල්ලේ ඇහැක් පියාගන්ට වෙන්නේ කෙලීට හරි හමං ආදරයක් කැක්කුමක් තියෙන ඉලංදාරියෙකුට දුව දුන්න දවසට තමා"

කරුංකා ගෙඩියං තරං කොණ්ඩ ගැටේ ලිහා නැවත ගැටගසාගත් බංඬි ගුරා පපුව අතගාමිං පිල්කඩේ එහාටත් මෙහාටත් ඇවිදින්නට විය.

"ඒකත් හරි නං තමා... ඒත් ඔය කොලුවගෙ අම්මා මනාප වුණාට දැං දැං ඉස්සර තිබුන ඇඟෑලුං කමක් මට ඒ ඉලංදාරියාගෙං පෙනෙන්ට නෑ..අපේ එකී හිත රිදෙන දෙයක් කිවුවද දන්නෙ කවුද..? අනික ඒ කෙලී මේකට මනාපද කවුද දන්නෙ.."

ඩිංගිරා නැවත දුව නිදා සිටි කාමරයට කර පොවා ඈ අසලින් ඈදි ගත්තාය.

එතනාගේ හිස පිරිමදිමින් වහෙන් හොරෝ ඈ යමක් විමසයි.

පරණ කෙළිලොල් එතනා දැන් නැත.මේ එතනා මළානිකව ගොස් ඇත.ඇගේ මව කියූ විමසූ කිසිවක් ඈට නෑසිනි.

ඩිංගිරාගේ මූණ මලක් සේ පිපුණි..
"ඔන්න මම කිවුවේ , කෙලී කටයුත්තට මනාපයි... නිස්සද්දෙට ඉන්නෙ ලැජ්ජාවට... ඒ කාලේ මමත් ඔහොමයි.."

"ඒව නං මොකද..?"

මද සිනා පෑ බංඩි ගුරා අතීතයට සැනින් පියමං කරලීමට එය සමත් විය.

මේ අතර ,

"අම්මා,මගෙ පාඩුවෙ ඉන්ට දුන්න නං... ඔය එක එක ගෑනු ගෙනාහම ඒ පදේට තමා අම්මටත් නටන්ට වෙන්නෙ.. මේ තියෙන කුඹුරක් කරගෙන ඉමු අම්මේ.."

"අනේ පුතේ , මම දන්නවා මේ කටයුත්තට නං උඹ මනාප වෙනවා මයි. අර ඩිංගිරාගේ කෙල්ල... හරි සීදේවි එකී... අනෙ පුතේ ළපටියෙක්ගේ හිනාවක් අපේ දිහා ඇහුන කාලයක් මතක නෑ.."'"

අදිරියන් කුඹුරු කෙටිල්ල පසෙක ලා මව දෙස බැලීය.පුදුමයකි... ම්ම්... එහෙනම් මේකයි මේ... වලව්වෙ එකා දහපදුරාවේ යනකොට තමා මේකිට ගමේ ඉන්න මාව මතක් වුණේ.

''වෙන ඕනෙ එකියක්... මට ඒකි එපා..."''

අදිරියන්ගේ මව ඔහු ගැන හොඳින් දනී.ඇය සිතුවේ මේ පණිවිඩයෙන් ඔහු සතුටින් සතුටට පත්වනු ඇතැයි කියා ය.

"අනේ මයෙ පුතේ තව ටිකක් හිතහං.."

ඇය එතැනින් නික්මී ගියේ හිත හොඳින් නොවේ..

එතැනම ඇණ බා ගත් අදිරියන් හිතන්නට විය.

එතනා යනු එක ගොඩේ වැටී ඔහු හා සෙල්ලං බත් ඉවූ එතනා ය.වැලි බත් තනා ඔහු අතරම දුන් පුංචි කෙල්ලයි.

පිරිපුන් යොවුන් වියට එළැඹෙන ඇය ටිකිරා ගැන සිතීම අරුමයක් නොවේ... ඇය නොඉඳුල් පිපුණු කුසුමකි...

ජීවිතේ කොතෙකුත් වැරදි කෙනෙකු අතින් විය හැකිය.

"අම්මේ...."

ඉවතට ඇඳෙන තම මවගේ දසුන නොපෙනී යාමට පෙර ඔහු ඒ දෙසට ඇඳෙන්නට විය.

සසර අගාධයෙ වෙරළට ඔරුවෙන්

බලාන හොඳ පරිස්සමින්

සරණ නොලද මල් අපි

කටු කැලේ හැදිද්දෙන්

ඉඳිමු හිත සැනසිල්ලෙන්

ඔහුට එතනා සැබවින්ම ආදරය කිරීමට පෙළඹේවිද..?

රසවත් කොටසකින් නැවත හමුවෙමු..

ගායනය - සේනානායක වෙරැල්ලියද්ද

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com8tag:blogger.com,1999:blog-5945895405715261376.post-21299964223687113502012-06-25T20:55:00.003-07:002013-08-02T00:08:37.789-07:00වින්දනීය යම..

දුම්රියේ අපි යාලු මාලුවෝ ටික ගෙදර එවෙන්නෙ බොහෝවිට එක නඩේට.නුවර මාතලේ කුරුණෑගල යාළුවෝ තමා එහෙම එකතු වෙන්නේ.ඉතින් ඔහොම එනකොට ,

එක යාළුවෙක් කියනවා මෙන්න මෙහෙම

"අනේ මම අවුරුදු ගාණකින් අනුරාධපුරේ ගිහින් නෑ..."

මට පුදුම හිතුනා..දෙවියනේ මට නං අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක්වත් එහෙ යන්නම ඕනෙ.අන්තිමට අම්මලා කිවුවේ ,

"එහෙනම් අනුරාධපුරෙන් බෑණෙක් හොයලා දුන්නනම් හරි" කියලා.

පෙලක් අය නුවරඑළියට පුදුම ආසයි.මමත් නුවරැළියට කැමති.ඒත් ආසා නෑ.නුවරඑළිය හරිම නැවුම් දේශගුණයක් තියන ලස්සනම ලස්සන ප්රදේශයක් තමයි.photos ගන්න නම් කියාපු පැත්ත.

අනුරාධපුරේ යන්න ඕනෙ අටමස්ථාන දනිපනි ගාලා වන්දනා කරගෙන ,කොහේ හරි වැවකින් ගත ගිමන් නිවාගෙන(කට්ට දවාලේ) හවස් වෙනකොට හෙම්බත් වෙලා ගෙදර එන්න නෙවේ.

හවස් වෙලා ගෙදරින් පිටත් වෙලා රෑ සිහිල් සුවදායක හුලඟත් එක්ක දැවටි දැවටී උඩමළුව වැදගෙන , රුවන්වැලි සෑය ලඟ වාඩිවෙලා ගොඩාක් රෑ වෙනකම් ඔහේ දැහැනට සමවැදිලා වගේ පේන අත පොවන මානේ තියන රුවන්වැලි සෑය දිහා බලන් ඉන්න. ඒ විදීම හිතට හරිම සුවදායකයි.

විභාගයක් අත පොවන මානෙ එනකොට අම්මලා අපිව එක්ක යන්නෙ දළදා මාලිගාවට.භාරයක් වෙන්න ... තියෙන භාර ඔප්පු කරන්න.දළදා මාලිගාවේ හරිම තේජසක් , භක්තියක් ඇති කරන ගතියක් තිබුනට හැමවෙලේම හරිම ගොෂාකාරී නිසාම මම වැඩිපුරම ආසා මාලිගාවට යන්න නෙවේ , අනුරාධපුරේ යන්න.කවදාහරි පත්වීමක් ලැබිලා අනුරාධපුරේටම යන්න වුනොත්..මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.

එක හැන්දෑවක අපි අනුරාධපුරේ යමින් ගමන්.. රේඩියෝ එකේ ලස්සන සිංදුවක් ප්රචාරය වෙන්න පටන් ගත්තා.මම වාහනේ කවුළුවෙන් පේන ඈත ඉම දිහා බලන් හිටියා.

අහස දම් පාටට බරයි..වලාකුළු රන් තැටියක් දවටා ගන්නට වලි කන්නා වගෙයි..

එක යායට ඈතට ඈතට දිවෙන වෙල්යාය.. තැන තැන ගස් කොටන්..

ඒ නැවුම් සුවඳ අරං නහ පුඩු කිති කවන සුලං රැලි..

සඳැස් විදා මොණරු නටති

මේඝ වලා පාවේ..

වලා වැලෙන් ගෙලේ වැටේ

මලිතිය මල් මාලේ

සහ ගුම් බිඟු පේලි සැඳී

නඟත මධුර නාදෙ

මල් ගොමු තුල නිල් පලුදළ

යහන් නිබඳ සෑදේ

එදා අපි අනුරාධපුරේ ගියේ අප්පච්චිගේ "සුහද හමුව"කට.අවුරුද්දකට සැරයක් පැවැත්වෙන ඒ gettogether එකට අනිවාර්යෙන් අපි යනවාමයි.. මොකද කිවුවොත් ඒ උත්සව හැමදාම වගේ තියෙන්නේ එළිමහන් වල.වැව් ඉස්මත්තක... අනිවාර්යෙන් වැවක් අසල..

අපි තුන් දෙනා (අයියයි , නංඟයි , මමයි) ඔහේ ඇවිදන් ගියා.

ඈත තැනක කට්ටිය ස්ටෙලා.. ම්ම්.. ඒ කියන්නෙ කට්ටිය set වෙලා.

මෑත කොනක අම්මලා වෙනම කතාවක..

පාවහන් ඉවතලා තෙත නිල් තණ පියසේ අයාලේ සක්මනේ යෙදෙනකොට ..

වලා සිඹ සිඹ අපිත් එක්ක තනියට එහෙ මෙහෙ එන්නා සේ පෙනෙන සඳ මඬල දැක දැක

වැවේ සිහිල් පිනි සුලඟට ලොබ බැඳ බැඳ..

ඒ පැත්තටම අපි ඇඳුනා..

ලවන් ඔඩම තුඩ තබමින්

බොත රස මධුපානේ

සුරත් සහන් එළි දැල්වේ

දෙනුවන් මිණි පානේ

ලඹ තුන් සපු දුනුකේ මැද

පිපුනු එකම යායේ

ඇවිදිමු මුතු පබළු වැටෙන

සිහිලැල් හඳ පානේ..

දිනෙක කෙනෙක් මේ වගේම නිස්කලංකෙ ඇවිදන් යන්න ඇති

කියලා මට හිතුනා..

එහෙම යනකොට හිතට මට වගේම ලොකු සුවයක් වගේම අමුතු මිහිරි හැඟුම් නැඟෙන්න ඇති..

ඒ සිතුවිලි පතක කැටයමක් කපන්න ඇති...

ඒ කැටයම නන්දා මාලනියගේ හඬින් වගේම මියුරු තනුවකින් ඔප වැටෙන්න ඇති..

ඒ නිසාම..ඒ හැඟුමම දැනෙන නිසා... මේ නිසසල පරිසරයේ දී මට ඒ ගීතයට මෙතරම් සමීප බවක් දැනෙනවා ඇති...

මේ දැං දැං ඇහෙනවා වගේ දැනෙන්නෙ ඒ නිසාම වෙන්න ඇති..

ඒ සුවයෙන් හිත මුදන්න කවියා අකැමැති වෙන්නට වඩා බිය වෙන්න ඇති.. හරියට අද මං වගේ..

මේ මිහිරියාව සිහියක් දෝ සැකයක් දැනෙන්න ඇති

මේ මට වගේ..

දැහැනට සම වැදිලා ඔහේ මගේ සිත පාවි පාවි තියනකොට..

"අක්කී , අපි දැං යමු ද..? "....

මගෙ සිහිනය මට දකින්න

ඉඩ හරින්න..

මගෙ සිහිනෙන් මා මුදන්න

ලං නොවන්න..

සිහිනයට තරම් තටු නෑ මට නං..
පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com16tag:blogger.com,1999:blog-5945895405715261376.post-52118250910419907562012-05-19T23:47:00.001-07:002013-08-02T00:10:13.024-07:00අක් වක් විචලනය

"මිටින් හල කුරුල්ලෙක්..

ගත් නිදහසින් උමතුව..

ගඟනත සරා

අයාලේ අතරමංව...

වැටී සිටියා දුටිමි ..

නිදහසේ නාමයෙන් මරු වැළඳ..

ඉතින් සබඳ..."

- කුසීතයි -

"ඉතිං සබඳ.." ම්ම්.... ඉතිං සබඳ නුඹ ගැන කිම් ?... කියලා ඉවර කරා නම්... ඒත්. ඒත් මේ කවුද..? කාත් කවුරුවත් වත් ද..? මම නොදන්න කෙනෙක් වද..? දන්නා හඳුනන අයෙක් ද..? කොහේවත් නැති කම්මැලියෙක් නොවනු ඇද්ද..?

මගේ හිත හැම ඉරිදාම කැළඹිල්ලට පත් කරන මේ කිවිඳා හෝ කිවිඳිය කවුරුන්ද..? මේ කතා කරන්නේ මටම යැයි හිතෙන්නේ කිමද..? ඔව් ඇත්ත... මම ගම දාලා කොළඹට ආවා තමයි. ගමේ වගේ දැන් මාව පොල් කට්ටෙන් වහන් ඉන්න බෑ තමයි. ගම වගේද කොළඹ..? Pizza hut , KFC ගමේ කොහෙද..? ඒත් දෙනෝදාහක් මැද මට දැනෙන මේ පාළුව මොකක්ද..?

මනස්ගාත.... මම පත්තරය අහකට විසි කළෙමි.

"සොඳුර නුඹ අඳුරුයි

දිනිඳු වෙනු රිසි වෙයි..

සඳු ද නුඹ අතැර ගිය කල

කවුරු නුඹ හට ඉතිරි වෙයි..? "

- කුසීතයි -

මේ වැඩේ හරියන්නේම නැත.. පිළිතුරු කවක් ගෙතීමේ දඟකාර සිතිවිල්ලත් සමඟ මම පෑන අතට ගත්තෙමි.

"ඇසේ ඇත මගෙ පොල් කෙඳක්..

බලනු නුඹ නෙත ඇත කුමක්..

අනුන් දෑ නොසොයා ඉඳින් තව

බලන් වෙන්නට දියුණුවක්..."

- වයිරය -

මම ඊලඟ සතිය වෙන තුරු ඇඟිලි ගැන්නෙමි.. නමුත් කිසිත් ප්රතිචාරයක් කුසීතයාගෙන් නොවීය.කාර්යාලයේ වැඩ බහුල කමත් සමඟ මට මගේ "කවිකම්" අමතකම විය.නමුත් ඉරිදා පුවත්පත මට නොවරදී.

"ලියූ කවි 21 පුරා

සිත සෙවූ නුඹ දුටු නියා

රළු වදන් වුව එයින් මා සිත

දැනුනි පිපුනා මල් සිනා

සිත කියයි "නුඹ ගැන සොයන්"

අයාලේ යන්නට නොදෙන්..

ඉතින් කුමරුනි මැඳුරු හැරලා

නැවුම් නල සිප ගනු සොඳයි.."

- කුසීතයි -

හෝ..හෝ... එහෙනම් ඒ කුසිතයෙක් නොවේ.. කුසීතියක්... කවුද මේ... තිරය පිටුපස සිට වැදි බණ කියන්නිය...

"හැංඟි හැංඟී වෙස් බදීන්

හෙට වෙන්නෙ කුමකැයි බලන්

නමක් නැති බියගුලු කමින්

නන් දෙඩුම් දැන් නවත්වන්

- වයිරය -

ගත වූයේ සතියකි...

"සනසවනු සිත නොරිසි නම්

නුඹේ සිත ගෙන පලා යන්

නුඹේ රළු පද පෙලූ සිත ගෙන

මෙයින් කවිකම් නවත්වම්.........

- කුසීතයි -

සතියක් ගෙවී ගියේ කල්පයක් ගෙවෙන තරම් සෙමිනි... මේ කවට ලිවිය යුතු පිළිතුරු කවක් මගේ සිත් නොවීය. නමුත් කුසීතිගෙන් කවියක් ලඟ ලඟම එනු ඇතැයි සිත බලාපොරොත්තු වුනා වත් ද..?

සතිය දෙක ගෙවී ගිය නමුදු ප්රතිචාරයක් නොවුනි.ඉරිදා පුවත්පතේ කවි තීරුව පුරා මගේ නෙත් සැරූවද ඇගෙන් එකදු කවියක් යලි දක්නට නොවුනි.නමුත් අප දෙදෙනාගේ කවි සංවාදය අනෙකුන්ගේද සංවාදයට බඳුන්වන බව මට අහම්වෙන් දැනගන්නට ලැබුනි.

"මල්ලී ඉරිදා _____ පත්තරේ දෙන්ඩ.."

දිනක් මමත් මගේ මිතුරා කමලුත් ටවුමට ගිය වෙලේ කමල් පත්තරයක් ගත්තේ ය. ගත් සැනින් ඔහු පෙරලුවේ කවි තීරුවයි..

"ෂික්... අම්මපා මට ඕකා අහු වුනා නං.."

කමල්ට කියවුනි...

"මොකා ද..? තව murder case එකක් ද..? ඕවා පත්තරේ නැත්තේ කවද්ද මචං..? "

"බම්බුව... එහෙම එකක් නෙවේ මචං.. උඹ ඉතිං කවි අනං මනං වලට interest නෑනෙ.. මේ පත්තරේ කවි පිටුවේ කෙල්ලක් ලස්සන කවි ලිවුවා... නිකම් අර backstreet boysලගේ baby please try to forgive me ඒඛේ වගේ පිස්සු නටන කොල්ලෙක් ගැන කෙල්ලෙක් ලියන කවි වගේ... ඒත් ඒවා ටිකක් වෙනස් , නමම දාලා තිබුනේ කුසීතයි කියලා.. ... "

මම උඩ ගොස් බිම වැටුනි... ඒත් කිසිවක් නොදන්න ගානට මම

"ඉතිං..?"

"ඉතිං දවසක් වයිරය ද මොකෙක්ද කියලා ගොනෙක් ගොන් පාර්ට් එකක් දාලා තිබුනා.. අනේ ඇත්තමයි බං ඌට ගැලපෙන්නෙ වයිරය නෙවේ "වයිරා",... මට හිතෙන්නෙ ඌට වචන පැටලිලා.."

"එතනින් පස්සේ ෆුල්ස් ටොප්..."කමල් තව දුරටත් දොඩන්නට විය.

"මට හිතුනා අපේ යාලුවෝ ටිකකුත් එකතුවෙලා ඒ වගේ කවි මඩුවක් දැම්ම නම් එළට නැඟලා යයි කියල"

මොහු නන් දොඩවයි.. මගේ ඔළුව ගිනි ජාලාවකි.

ඔයින් මෙයින් කාලය ගතවුනි. දිය යටින් ගෙන ගිය ගිනි දැල් වලින් , බෙල්ල කැපීම් , කකුලෙන් ඇඳිම් නිසා මට කොළඹ ජිවිතය අප්රියම විය. ප්රධානම හේතුව මෙහි මගේමැයි හැඟෙන කිසිවකු නොසිටීමයි.අනෙක් අතට ගමට යෑමද අප්රසන්නයි.කල වයස හරි යැයි මට මඟුලක් කිරීමට අම්මාත් අප්පච්චීත් සැදී පැහැදී සිටී.ඔය මඟුල වචනයේ පරිසමාප්ත අරථයෙන්ම වසම වස මඟුලකි. මට එය ඉලව්වක් මෙන් හැඟෙන්නේ එබැවිනි.නමුත් මාරුවක් ගෙන ගමට යන තැනටම කටයුතු යෙදුනේ මන්දැයි නොවැටහුනි.

බෝඩිමෙන් සමුගෙන බසයට නැඟුනු මට එහි හැරදමා යාමට නොහැකි කිසිවක් නොවුනු නිසා දුකක් නොවිනි.නමුත් ගමට යෑම ගැන සතුටක් ද නොවුනි.හැඟුමක් නැති තැනද සිතට නිවනක් නැත.

හොඳින් ඇල වී නිදාසිටි මා නැඟිට්ටුනේ බසයේ ඉදිරි රෝදයක් වලකට වැඩීම නිසා ඇති වූ ගැස්සීමෙන් ඔළුව ජනෙල් ගැට්ටේ වැදීමෙනි.ඒ මම ගමට ලඟ බව කියන පලමු වෙඩි මුරයයි.. මට දැනුනේ මානවයාගේ සිට මා වානර යුගයටත් එහා අදි කල්පිත යුග වලට යන්නාක් මෙන් ය.

පාරේ කළු පාට දුඹුරු පාටට පෙරළුනා මෙන්ම , මිනිසුන්ගේ සිනා රහිත ආඩම්බර මුහුණ බුලත් කහට වැකුණු කෙඩේරි වී ගිය මුහුණු බවට පත් වන්නට ගත වූයේ පැය 6කටත් වඩා අඩු කාලයකි. නමුත් ඒ වෙනසට යටවූ ගමේ සිරියට ඇති වූ ලොල් බව සිතින් මකාලන්න මට උත්සුක නොවුනෙමි.

දාඩිය වගුරාගෙන දූලි වැකුනු වතින් මම ඇඳුම් බෑගය ගෙන බිමට බැස්සෙමි. එසැනින් ඈත වෙල් සිප හමා ආ සුළඟ නිවසට පය තබන්නටත් පෙර ගතේ කෙඩෙත්තු ගතිය මකා ලන්නට විය.

කඩුල්ල අද්දරටම පිය මැන්න මා මදක් පය බාල කලෙමි.මේ කඩුල්ල අදත් එදා වගේමයි.මේ බොරළු පාර තාර තැවරී මට සිළුටු වන්නට හිත් කොනකින්වත් සිතා නැතුවා මෙනි. මේ ගහ කොළ , වෙල් ඉපනැල්ල අදත් එදා වගේමයි. වෙනස් වෙලා ඇත්නම් ... ඒ මා පමණයි.

"අනේ පුතේ... මොකද තාම ගෙදට්ට ගොඩ වෙන්නවත් කල්පනාවක් නැද්ද..? මහන්සිත් ඇති නේ මගෙ කොලුවට.."

ගෙදරට ගොඩ වෙන්නටත් කලියෙන් ඔවුන් සියල්ලෝම ගෙයි මිදුලේ.මා මේ ගෙවුනු සිව් මසට ඔවුන් අමතක කලාවත් ද..? ඒ ගැන අමනාපයක් නම් ඇති බවක් නොපෙනේ... ඔව්.. මේ "මගේ උන්.." ඒකයි මේ...

එදින හවස මම මගේ scrap පොතත් රැඟෙන වෙල අයිනේ ගල් තලාව මතට ගියෙමි. සැබවින්ම එය ගල් තලාවක් නොව තරමක් විශාල ගල් කීපයකි.

මේ පොත පුරා අලවා ඇති කිවිඳීය මා හොඳින් හඳුනන කෙනෙක් විය යුතුයි... අනෙක් මුරණ්ඩුකාර ආඩම්බරකාරකම් වලින් වසා වෙලාගෙන සිටි පාළුව නම් සිතුවිල්ල නිසා ඇය ගැන විමසා යලිත් කවක් ගොතන්නට සිත් විය..

"මෙතුවක් මා මම නොදුටුවෙමි

නමුත් මට පෙර නූඹට මම මුණ ගැසුනි

නුඹ පෙළූ මට සමාව දෙන්න...

නුඹ දකිනු වස් කල් ගෙවමි මම.."

- වයිරය -

මම තවදුරටත් වයිර නොකරන මුත් මම එසේ ලිවුවෙමි.කවිය තැපැල් කලද සතියක පමාවක් එහි විය.මේ ගම ය. ඒ නිසා වන්නට ඇත.

මා කලින් සඳහන් කල "උරචක්කර මාලය" බැලීමට යන්නට සිදු විය.ය තනිකරම අම්මලාගේ වුවමනාවට වූ දෙයකි.ඇත්තෙනම මා බැලීමට ගිය යුවතිය , සංතුෂී මා හොඳින් හඳුනන කෙනෙකි.ඇයට මා අකමැති වීමට හේතු සමුදායකි.ඇයට නිදහස් අදහස් නොමැත.සැමවිට අනෙකෙකු කියූ දෙයක් අදහයි.. "අප්පච්චී මෙහෙම කිවුවා... අම්මා තමයි මෙහෙම කිවුවේ.."... ඇගේ කටේ ඇත්තේ එපමණයි.ඇයට මා අකැමැති බව ගෙදර එනතුරුත් නොකියා සිටීමට මම පමා නොවුනෙමි.

නමුත් ඈ නෙත් වල රැඳි තිබුනේ මා හොඳින් හඳූනන සේයාවයි... එයින් කම් නැත.මට ඇගෙන් වැඩක් නැත..

මගේ කවියට තවම ප්රතිචාරයක් නොමැත.

මේ අතර මට කුසීති හමුවූවා යැයි සිතෙන සිදුවීමක් සිදුවිය. ගමේ තරුණ සංගමය වෙසක් පෝයට පවත්වන දන්සැලට මමද දායක වුනෙමි.නමුත් මේ වැඩට සහභාගී නොවූ අපේ කණ්ඩායම් සාමාජිකාවක් විය.

"මොකෝ අංජුලා දන්සැලට උදව් කරන්න එන්නෙ නැත්තේ..?"

බීම බීමට පමණක් දන්සැලට ගොඩ වූ ඇගෙන් මා විමසුවෙමි.

"අපෝ ඕවා කම්මැලි වැඩ.."

කම්මැලි... ඒ කියන්නේ කුසීතයි,, එයින් මතු මා ඇය ගැන විපරමෙන් සිටියෙමි.නමුත් ඈ මට වැඩි ඇඟෑලුම් කමක් තබා නුරුස්සුම් කමක් වත් නොපෙන්නුවාය. ඈ කවි ලියන්නට නම් රුසියෙක් බව අපේ නඩේ එකෙකු මට කීවේ ය. ඒ නම් මැයම විය යුතුයි. මම කුසීතයා සොයා ගැනීමය උප්පරවැට්ටියක් යෙදුවෙමි.

අපේ තරුණ සංගමයෙන් සාහිත්ය උළෙලක් සංවිධානය කෙරිනි.ඉතින් එහි පද්ය අංශය මම භාර ගත්තෙමි.

මාතෘකාව " සහ ගැසීම ".. සරලව කිවුවොත් "හෙණ ගහපන්"...

තරඟයට සඳැස් නිසඳැස් විශාල ප්රමාණයක් ලැබුනි.ඒ අතර මා සොයන කවියක් ද විය.

"ඔවුන් ඇමතුවේ නූඹට නොවේ ඔවුන්ටයි

ආදරය කලේ නුඹ නොවේ මමයි

රළු කටුක වදන් නුඹ කිවුවේ ඔවුන්ට නොවේ මටයි

සිත තලා පොඩි කර තුටු වුනේ මම නොවේ නුඹයි

මුදු මගේ සිත ගල් කලේ මම නොවේ නුඹයි

තුටු හමුවීම වෙන් වීම කලේ නුඹයි

හඬා වැලපිය යුත්තේ මම නොවේ මගෙ සිතයි

නමුදු තැවුනේ රිදුනේ මගෙ සිතට නොවේ මටයි

හඳුන ගැන්මට ඉඩක් නොතිබුව

නෙතු පියන් මා වෙතට නොහෙලුව

නුඹෙ සිතෙන් දුර ඈත විසිකල

සහ ගැසිය යුත්තේ නුඹට නොවේ මටයි..."

- කුසීතයි -

විනිශ්චය මණ්ඩලයේ තේරීම අනූව කුසීතයාට හිමි වූයේ තෙවැනි තැනයි.නමක් නැති කවි වල මුල් හිමිකරුවන් සොයා ගැනීම ගමේ ඈයන්ට පහසු නොවූයේ ඔවුන් දන්නා හඳුනන අයම කවි ලියා තිබූ නිසාවෙනි.ඈ දකිනු රිසි මම ත්යාග ප්රධානොත්සවය එනම් සාහිත්ය උළෙල දින ගමේ ඉස්කෝලෙට ආවෙමි.

චිත්තාකර්ෂණීය අංග කීපයකින් පසු තෑගි බෙදා දීමේ අවස්ථාව එලැඹිණි.

"පද්ය නිසඳැස් අංශයේ තෙවැනි ස්ථානය - සංතුෂී වීරක්කොඩි "

දෙවියනේ......... ..!!! කුසීතයා.... මම හීනෙන්වත් නොසිතපු කුසීතයා මැය ද..? මම තුෂ්ණිම්භූත වුනෙමි.නමුත් දැන් යැයි කියා කල හැක්කක් නොමැත.ඉන් පසු ඉදිරිපත් වුනු අංගයන් කිසිවක් මගේ නෙතට හසු නොවුනි.. මා මඟබලා සිටියේ මෙය ඉවර වන තුරුයි.

"සංතූෂී..."

උළෙලෙන් පසු ශාලාවෙන් ඉවතට යන ඇය නැවතීමට , ඇයට කතා කිරීමට මට ඕනෑ විය,... නමුත් කතා කරන්නෙ කුමක් ගැන ද..? ඇයව ප්රතික්ෂේප කිරීමට නිදහසට කරුණුද..? ඇගේ සිත මා හද තුල අරක් ගෙන ඇති බව ද..?

ඇය ආපසු හැරුනා ය.මම කුමක් හෝ කියනු ඇතැයි මදක් බලා සිටියා ය. මම ගොළුවෙකු මෙන් සිටගෙන සිටියෙ මි. කුඩා කොළ කැබැල්ලක් මා වෙතට දිගු කල ඈ නෙත කඳුලු පිරෙද්දී ඒ නෙතු සඟවාගන්නට මෙන් ආපසු හැරී ඉවතට ඇඳුනා ය.

එහි මෙසේ ලියා තිබුනි...

"කලකට පෙර නුඹව දුටුව

නමුදු සිනාවක් නොදුටුව

නුඹ ගැන මම නොසිතු අරුම

දැනුනෙ දැන් අහෝ..!!!

මව් පිය වදනට කන් දුන්

උමතු නුඹම වෙත සිත දුන්

පසුතැවිල්ල පමණක් මා

හදේ ඇත අනේ..!!!

ගම හැර නුඹ ගියපු දිනේ

ගල් තලාව වෙත එමිනේ

මගේ නෙතින් හැළුනු කඳුළු

නිමක් නොදුටු වේ..!!!

නුඹ ආයේ එතියී කියා

කවුරුත් මට නොකී නියා

පැතුමට පර වෙන්න නොදී

සැලකුවද මෙමා !!!

නුඹ වෙත පදවැල් ගොතමින්

නුඹම වෙතම සිත හොවමින්

ලිවු කවියට ලැබුනු කවක්

සිත කැඩුවා අහෝ..!!!

නුඹ නැති ලොව දැනුන සිතුම්

කුසීත යැයි සිතුනෙ නිතින්

නුඹ දකින්න පිපාසාව

නැති කලා මෙමා..!!!

මා බැලුමට ආවද නූඹ

එක් බැලුමක් හෝ නොහෙලුව

කවුරු ද මේ කලේ වරද

සිත කියයි මගේ..!!!

සඳ සිපගෙන එහිම රැඳී

බිමට නොවැටි සිටිනු රිසී

ආයේ මගෙ හද මඬලට

එබෙන්නට එපා................................!!!

- කුසීතයි -

කොළ කැබැල්ලට සිරුවට නවා සාක්කුවට දමාගත් මා ඈත නොපෙනී යන ඒ සඳ මඬල දුටිමි.

" මම පමා නෑ..."

- ඔව්... මම වයිරා -

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com8tag:blogger.com,1999:blog-5945895405715261376.post-58113592186192526082012-04-12T09:35:00.000-07:002013-08-02T00:12:15.581-07:00ගීතය , නුඹට ලියමි..

ආදරණිය ගීතය ,

මගේ මුළු ජීවිත කාලය පුරාවට නුඹේ මිහිරි සුවඳ මට දැනුනා.

මම පුංචි කාලේ, දණිස් දෙක උඩ කොට්ටෙ තියාගෙන අපෙ අම්මා මාව නැලෙව්වේ නැලවිලි ගීත කියලා ... හරියට අපෙ නංඟා නැලෙව්වා වගේමලු.

"පුතුනේ මේ අහගන්න පුතුනේ,

පුතුනේ මේ අහගන්න..

පුංචි කූඩුවක කැලයේ සැලලිහිණි ජෝඩුවක් උන්නා

ලස්සන සිංදු කියාලා පොඩි පුතා නැලෙව්වා දෙන්නා

හිටිහැටියෙම දවසක්දා

මොරසූරන වැස්සක් වැස්සා

ඇළ දොළ ගංඟා උතුරා

වැහි වැතුර ගල ගලා වැස්සා

ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා

ගස් වැල් උදුරා ඇඳ වැටුනා... "

එහෙම කියලා අපෙ අම්මා මාව නලවනකොට අපෙ අප්පච්චි මාව නැලෙව්වේ

"මුණි සිරිපා සිඹිමින්නේ

සමනළ ගිරි පෙදෙසින්නේ

මද සුළඟයි මේ එන්නේ

මගේ පුතා නැලැවෙන්නේ.." කියලා...

හරියට ඊට කාලෙකට පස්සේ මම මගේ පුංචි නංඟා නැලෙව්වා වගේ.

කාලෙත් එක්ක මමත් ලොකු වුණා. ඒ හැමදාම ඔයා මම ලඟ හිටියේ සතුට මිසක් දුක දනෙන්න නෙවේ..කොහොමත් මට සිංදු වල එහෙම දෙයක් තියෙනවා කියලා දැනුනෙවත් නෑ.. මට මුලින්ම ඔයා ගැන හිතන්න හිතුනේ 2 වසරෙදී... ඒ හිතපු විදිහත් අමුම අමු බොරු.. :P

"තනි වී සිටින්නයි මා අදහස් කලේ

ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ

පහදා කියූවත් නෑ සවන් යොමු කලේ

වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ"

අම්මා කිවුවේ මේ කියන්නෙ මල්ලි කෙනෙක් ගැන අයියා කියලා.. එදා මට හිතුනේ නම් ඒක ඇත්ත කියලා.. අයියා තනියම ඉන්න හිතනකොට මල්ලී ඉපදුනා.. ඉතින් මල්ලි නිසා අම්මලාගේ ආදරේ එයාට අඩුවුනා මගේ දැනුනාම වේදනාව ඉතුරු වුනා... :D:D

නමුත් මම ඔයාව හරියට තේරුම් ගන්න පටන් ගත්තේ හුඟක් මෑතක ඉඳලා.. ඒකෙන් මට වුන හොඳක් නම් නෑ.. ඇත්තමයි.

මිනිස්සු කියනවා සංගීතය භාවනාවක් ලූ.. අපෝ මට නම් ඒක එහෙම නෙවේ.. පාඩම් කරලා පොඩි relax එකකට මම ඔයාට ඇහුම් කන් දුන්නොත් අයියෝ මගේ mood එක ඉවරයි.. අයෙ කොහෙ පාඩම් කරන්නද.??

මම ඒ නිසා ඒ පුරුද්ද අත ඇරියා.. ඒත් මට තාම එක පුරුද්දක් අත අරින්න බෑ... ඒ තමා මම රෑ නින්දට යනකොට ඇස් පියාගෙන ඔයාට අහුම්කන් දෙන එක.එ වෙලාවට බල්ලෙක් උඩු බුරන්නෙත් නෑ... මගේ phone එකට පව් සිද්ධවෙන්න ඔයා හදවත ඇතුලටම කිඳා බහිනවා.. හරියට උල් අයිස් කූරක් වගේ...

"ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්

ඒ නෙතු කිසිදින මා සතු නොම බව දැන දැන මා පෙම් කෙරූ තරම්

ඔබ නොදනී මුළු ලොවම දනී.."

හයියෙන් අඬන්නත් බෑ දෙවියනේ room mateට ඇහෙන්න පුළූවන්... කඳුළු වලින් කොට්ටෙ ඔහේ සීතල වෙනවා විතරයි.. එතනදී "ගීතය" ඔයා මාව හරිම අසරණ කරනවා.. ඇත්තමයි මට පුදුම තරහක් එන්නේ... >_<

ඒත් , කෝච්චියේ ගම රට බලා එනකම් ඔයාට ඇහුම්කන් දෙන ගමන් වෙල් , කඳු , හෙල් පහු කරන්න මම හරිම ආසයි,,, බලන කපොල්ල , කඩුගන්නාව... දෙවියනේ ඔයාත් එක්ක හරිම සුන්දර දර්ශනයක් තමා මවන්නේ.. ස්තූතියි...!!!!

ඉතින් සොඳුරු ගීතය ,

ඒත් මම තාම ඔයාට ගොඩාක් කැමතී.. හේතුව තමා ඔයාට අකමැති වෙන්න මට බැරි කම.. එහෙම වුනොත් මට මං විතරයි... සමහරවිට මට මමත් නැති වෙයි...

මීට,

තවත් එක් ප්රාර්ථනාවක්...

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com6tag:blogger.com,1999:blog-5945895405715261376.post-90331468872133618732012-02-11T11:33:00.001-08:002013-08-02T00:14:11.310-07:00දන්නෙම නැතුව 100යි..

ප්රාර්ථනා ලිපි 100ක් ලියලා.. මේ 100වෙනි ලිපිය නම් නෙවේ... 100වෙනි ලිපිය ලියලා කොමෙන්ටු 2ක් වැටෙනකම්ම මට වගේ වගක් නෑ මේ 100වෙනි ලිපිය කියලා.. ඉතින් ඔන්න ඔහොමයි මම 100වෙනි ලිපිය ලිවුවේ...

ඒ ලිපිය යටින්ම පොඩි සඳහනක් 100 වෙනුවෙන් කරන්න හිතුවත්... එහෙම වුනොත් කොමෙන්ටු වලින් ඒ ලිපිය ගැන කතා කරන එක පැත්තකින් තියලා මෙච්චර ලිපි ලියැවුනු එක ගැන කතාවෙයි නේද කියලා හිතලා.. ඒ ලිපියට අසාධාරණයක් නොවෙන්න ... මේ මගේ ආදරණිය බ්ලොග් එක ගැන ටිකක් කතා කරන්න හිතුවා..

අතීතයක් අමතක කරලා කොහොම කතා කරන්නද අනාගතයක් ගැන..? ඒ නිසාම අතීතයෙන් පටන් ගමු..^_^

පතක නොඇඳුනු සිතක සිත්තම් ඉපදුනේ "පියගැටපෙල අද්දර" කියල නමෙන්... ඒ 2010 අගෝස්තු 30 වෙනිදා... ඇරඹුම ලෙසින්..

"බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට................"

එදා මගේ ගමනට සුභ පැතූවන් අතර නිමන්ති අක්කා , කතන්දර කාරයා අයියා , තිස්ස නාගොඩවිතාණයන් , මාර අයියා , කතා හසී අයියා , සුදු මහත්තයා අයියා , TMb9 හිටියා..

මේ තමා මම අතින් හා හා පුරා ලියැවුනු අකුරු පෙල... ඒ අකුරු වල තිබුනෙත් අපේ අයියාගේ අනන්යතාවය.. මොකද ඒ වෙනකොට මට key board එකේ සිංහල අකුරු හොයන්න අවුරුද්දක් විතර ගියා...:P:P

මගේ අතින් ගී සංකල්පනාවක් විදිහට ඉස්සෙල්ලාම ලියැවුනේ හොඳට හිතලා ලියන දෙයක්

"මන්දාරම් අහස

හරි කලුවරයි

මම ඒ බව දැක්කෙ

අහම්බෙන් කවුලුවෙන් එලිය බලනකොට

හිතේ තිබුන කිසි දෙයක්

ඉටු නොවෙනකොට

සිද්ධවෙන දෙයක්

ඔහේ වුණාවේ කියලා

මට හිතුනා

නිකමට.............."

එහෙම ලියවෙන්න පටන් ගත්ත කවි සිතුවිලි දැන් නිසඳැස් 25කට පෙරලිලා.. ඒ අතරින් මම ආසම කරන නිසඳැස තමයි රහසකි නිබඳ මා හද කඳුළින් තෙමන..

ඔය අතරේ නිකමට හිතට නැඟුන අදහස් මට මෙහෙම හිතුනනේ ලෙසත් , පෞද්ගලික ජීවිතය හා බැඳුනු දෑ හද සාක්කි ලෙසත් ගොනු වුනා.

පාසල් මතක සටහන් පසෙක ගොනු වෙද්දී කැම්පස් ජීවිතේ ගැන ලියැවුනු ලිපි තුනක් සඟවා තැන්පත් කර තබා ගන්න සිදු වුනා..:(:(:(...

ඉන් පස්සේ තමයි මම ආසම කරන ලිපි ලියැවෙන්න පටන් ගත්තේ.. ගීතයක් තුලින් මතු වුනු කතන්දර ගීයක් කොඳුරයි රහසින් ලෙසින් කරලියට එද්දී හීනෙනුත් හිතුනේ නෑ ලිපිය මගේ ප්රියතම ලිපිය වුනා ඒ අතරින්.

ඉන් පස්සේ මගේ අතින් කුළුඳුල් බොළඳ ආදර කතාවක් ලියවුනා :D:D:D ඔබ නොදනී මුළු ලොවම දනී ලෙසින්. ඒ දිග කතාවට පස්සේ ලියැවුනු පිඟන් කටු මගේ හිත් ගත්තා..:)

මේ විදිහට ලිපි 25ක් , 50ක් ලියවිලා දැන් 100ක්ම ලියැවිලා... :):)...

මේ මුළු කාලය පුරාවට මාත් එක්ක ඉන්න හැමදෙනාටම ගොඩාක් ස්තූතියි... ආයෙත් හැමදාම වගේ කියන්න ඕනෙ මම මේ ලස්සන තැනට අරන් ආව මගේ ආදරණිය අයියණ්ඩීට ගොඩාක් පිං... !!!!

ඉඩක් ලැබුනම ලියන්නම්... පැතුම එයයි ම ඉතිරි කර යන... කිසි දින සමු නොගන්නෙම්...

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com38tag:blogger.com,1999:blog-5945895405715261376.post-21606561875625621062012-02-11T07:41:00.001-08:002013-08-02T00:14:32.932-07:00සොඳුරිය මට නොකියාම ගියා...

"i'm so lonely broken angel... i'm so lonely listen to my heart....."

මහ හඬින් උදේ පාන්දර කෑ ගසන ජංගම දුරකථනයට සාප කරමින් චමත් නිදිගැට හරින්නට විය.

ගුලි කරන නෙතින් දුරකථන තිරය වෙත නෙත් යොමු කල චමත් ඒ තම අතිජාත මිතුරා කළණ බව දැක, "හිටපන් උඹ අද නම් අහගන්නවා මගෙන් හොදවැයින් දෙකක්..හැමදාම උදේ පාන්දර හතර අතේ සැපට නිදන් ඉන්න එවුන් ඇහරවනවට.." යැයි සිතා..

"හෙලෝ නරියෝ උඹ නම් අද මගෙන්......."

"හෙලෝ මචං ටිකක් හිටපංකෝ මම කියනකම්..."

"මොනවා කියන්ඩ ද බොල.උඹ හැමදාම ගෙම්බා පොළවේ ගැහුවා වගේ කළුවර වැටෙන්ඩ කලින් ඇඳට වැටිලා කුකුලා කුක්කු කූ කූ ගාන්ඩත් කලින් ඇහැරෙනවනේ... අනේ බං උඹ නැඟිට්ටට කමක් නෑ... අපි වගේ අහිංසකයොන්ට ටිකක් නිදා ගන්ඩ දියං.."

"මචං පොඩ්ඩක් අහපංකෝ මම කියන්ඩ යන...."

"අනේ බං මට නිදිමතයි ,පස්සේ කියපං හොඳ පුතා වගේ... චෙරියෝ.. බයි බායි... "

"මේ මචං චමත්..මට උඹට කියන්ඩ දෙයක් තියනවා ටිකක් අහපං.."

එවර මඳක් සසල වූ චමත්...

"ඇයි මචං මොකක්හරි අවුලක් ද..?"

"ම්ම්... නෑ මචං ...එඑ..හෙම අවුලක්... මත් නෙවේ... ඒත්... ඒත් මචං....."

"මොකක්ද බං කියපංකෝ නිකම් කෙකර ගාන්නේ නැතුව.."

මිතුරාගේ පසුබෑම හමුවේ වඩ වඩාත් සසල වූ චමත්ගේ නිදිමත ටිකින් ටික සිදී යයි.

"චමත් මට මේ දැන් සඳුනි කෝල් කරා.."

"ඉතිං..??"

සඳුනි යනු චමත්ගේ පෙම්වතිය තුෂීගේ හොඳම මිතුරියයි.

"නෑ..මචං මේකයි... මේ...මේ.... "

චමත්ගේ නිදිමත සිඳී ගියාක් මෙනි.. වෙන්නට යන්නේ කුමක්දැයි ඔහුට නොවැටහේ... යමක් කොතැන හෝ වැරදී ඇති බවක් පමණක් ඔහුට ඉවෙන් මෙන් වැටහේ.

"කළණ.. ඇයි බං කියන දෙයක් කෙලින් කියන්නෙ නැත්තේ..?"

"තුෂීලා සඳුනිලා ඊයේ BMICH එකේ පොත් ප්රදර්ශනයක් බලන්ඩ ගිහින්.. ඉතින් මචං ඒ ගිහින් එනකොට ගොඩක් රෑ වෙලා... බස් එකේ තමා ඇවිත් තියෙන්නේ.."

"ඒක මං දන්නවා කළණ... තුෂී මට කිවුවා එහෙම යන ගමනක් ගැන"

"එන මඟදී මචං... එන මඟදී........... බස් එක accident වෙලා.."

කැරකැවෙල වටපිටාව මැඬලන්න මෙන් ඇඳ විට්ටම තදින් අල්ලාගත් චමත්ට කළණගේ වදන් ඇසුනේ සිහිනයක මෙනි..

"එයා දැන් අනුරාධපුරේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා මචං... මචං චමත්.... චමත්....???"

ප්රතිචාරයක් නොමැත.

සුළු මොහොතකින් ඉතා පහත් වෙව්ලන හඬින් චමත්,

"කළණ මට පොඩි උදව්වක් කරපන්..."

"කියපන් චමත් , මොකක්ද වෙන්න ඕනෙ..?

"බයික් එක අරන් දැං මාව බස් ස්ටෑන්ඩ් එකට එක්ක පලයන්... මට මුකුත් හිතා ගන්න බෑ කළණ.. තුෂීට මම හවස ඔය ගමන යන්ඩ එපා කිවුවා..එන්න රෑ වෙන නිසා.මම ආස මොකක්ද පොතක් ගන්ඩ පුළුවන් ඒකෙන් විතරයි කියලා , කියන දේ අහන්නෙත් නැතුව ඔය ගමන ගියේ මචං..."

"බය වෙන්ඩ එපා.. එයාට මුකුත් වෙන්නෙ නෑ චමත්.. සඳුනිටත් සීරීම් තුවාල විතරයි කිවුවා.. මමත් බයවෙලා හිටියේ... ඉන්ඩ ...මම ඉක්මනට එන්නං..."

ඒ වනවිටත් ඔහු ... චමත්.... පැතූ සියල්ල ..සිතූ සියල්ල දිය වී ගලා ගොස් හිරු එළියේ වියලීද ගොස් තිබූ බව ඔහු ඒ වෙලේ නොදැන සිටියේ ය.

ඒ බැව් දැන ගන්නා විට.. ඔහුගේ නෙතින් කඳුළකුදු නොහෙලුනි... අදහා ගන්න නොහැකි අරුමයක් සිදු වී තිබුනි... එය අදහනවාට වඩා හිත රැවටීම හිතට තාවකාලික සුවයක් ඔහුට ගෙන දුන්නේය.

නමුදු මිලින වී ගිය ඔහුගේ පෙම් කැකුළ ඉදිරියේ ඔහුගේ සිත අසරණ විය.දරා ගන්නට නොහැකි වූ ... මහා ජල දාරාවක් පස් බැම්මක් බිඳින්නාක් මෙන් ඔහු නෙතේ කඳුළු කැට සිඳි යනතුරු ඔහේ සිදු වෙන්නක් සිදු වීමට ඉඩ හැරියේ ය.

දෑස් කවුළුපත් පලා කඳුළු කැට

වෑහෙද්දී මගේ දෑස් අඟින්

දෑත ලයේ බැඳ අවසන් ගමනට

සොඳුරිය මට නොකියාම ගියා

ඇය මුඛරී ය. ඔහු ඉදිරියේ නන් දේ දෙඩුවා ය. විටෙක එය කන් කරච්චලයක් තරම් විය.ඒත් ඒ වදන් ඇසීමට ඔහු ආසා කලේය.

අද පිය වී ඇති ඒ මුව දෙස ඔහු වික්ෂිප්තව බලා සිටී.

ලයේ ගලාගිය ස්නේහයේ සුව

සිනා පිරූ රතු දෙතොල් වසා

සිනා ලන්නී ඈ දෙනෙත් පුංචි කර... කඳුළු සලන්නී ඈ ඔහුගේ සුළු අතපසු වීම් මුල... රහසක් කොඳුරන්නට මෙන් පියැවුනු ඒ මුව පොව්වකුගේ වන් දෙනෙත් යලිදු විවර වන තුරු ඔහු බලා හිදී ... නොඉවසිල්ලෙන්..

එදා මෙදා තුර කඳුලට විවර වූ

දෑස් පියන් පත් කවුළු වසා

ඇය වත සුදුමැලිව ඇත... එහි බිඳකුදු උණුහුමක් රැඳි නැත... ඔහු කෙරේ පෙමින් පිරී තිබූ ඇගේ සිතද අද හීතල වී ගල් වී ඇත. ඒත් ඔහුගේ හද තුල ඇය ජීවමානයි... තේරුම් ගත යුතු තිත්ත ඇත්ත හමුවේ ඔහු අසරණ වී ඇතුවා පමණී..

මිලාන වී ගිය රෝස කුසුම් පෙති

කම්මුල් සුදුමැලි පාට පොවා

සියල්ලන් සමුදීමට සූදානම් වන තම පෙම්වතිය වෙත තම අන්තිම හාදුව පුදන්නට නොහැකිව ලතවෙමින් පසෙකට වී චමත් ඒ හැඟුම හද තුලම මැඬ ගන්නේ කියාගත නොහැකි තරම් වූ සොවකිනි.. තුෂීගේ නිවැසියන් මේ පෙම් සබඳතාව ගැන අංශුමාත්රයකුදු දැන නොසිටි කල ඔහුගේ සිතැඟි වලට ඉඩ දෙන්නට ඔහුට අයිතියක් , ඉඩක් නොවීය.

දෑස් කවුළුපත් පලා කඳුළු කැට

වෑහෙද්දී මගේ දෑස් අඟින්

කාත් කවුරුවත් වෙතත් හිතයි මට

පාත් වෙන්න ඔය මුවට උඩින්

ඇය හමූ වූ අයුරු ඔහුට පුදුමයකි... ඇය හා ගත කල කාලය ඇසිල්ලෙන් ගෙවී ගොසිනි... සමීපතයන්ගේ කර මතින් ඇය නිසොල්මනේ ඔහුගෙන් ඉවතට ඇදෙන අයුරු බොඳ වී යද්දී...

තවත් එක් ඇසිල්ලක්... ඇය තමා ලඟ රඳවා තබන්නැයි ඔහු අයැද සිටියේ සියල්ලන්ගේ තෙත්ව තිබූ නෙත් කෙවේනි තුලින් කඳුලු දිය මතු කරමිනි....

ඇය යන්න ගියා මැකිලා..

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com10tag:blogger.com,1999:blog-5945895405715261376.post-5322297118993666962012-01-27T04:26:00.000-08:002013-08-02T00:16:39.901-07:00අයියා.... මාළුවා ද..?

කෙනෙක්ට ඇබැද්දී වීමෙත් සීමාවක් තියෙන්ඩ ඕනෙ.. නැද්ද මං අහන්නේ..? ඒක එහෙම වෙලත් මම නම් වූ ප්රාණීයා වැලක් යැයි ගණන් නොගෙන දිගින් දිගටම ඇබැද්දි වුන දවසකුත් තිබුනා ඔන්න සතියකට කලින් ඉරිදා දවසක.. ගිනි මද්දහනේ.;);)

ඔය කියන ඉරිදා ගිරිබාව කියන සුන්දර පිටිසර ගමේ තිබුනා Medical camp එකක්. ඒකෙදී පලවෙනි වසරේ පොඩි පොඩි අයට ලොකු ලොකු වැඩ තිබුනේ නෑ.දුන්නත් කරන්ඩ බෑනේ,ඒකයි... :P:P

ඉතින් අපිට තිබුනේ ප්රදර්ශනයට තියලා තිබුන නිදර්ශක නරඹන්නන්ට විස්තර කර කර ප්රදර්ශන කුටි වලට වෙලා ඉන්ඩ.

ඔන්න මට හම්බුනේ නියම කුටිය.. "අපරාද පරීක්ෂණ " කුටිය.. ඊටත් හරියන්ඩ නියම නිදර්ශකේ..

ඒ තමා මාළුවෙක් ස්වාසනාලේ ගිරවෙලා මිය ගිය කෙනෙක්ගේ උගුරක්.. මට ඉතින් තියෙන්නෙ වීදුරු පෙට්ටිය ලඟ වාඩි වෙලා ඒ ගැන පුරාවෘත , යටගියාව විස්තර කරන එක.

"මේ තියෙන්නෙ ස්වාසනාලේ පොඩි මාළුවෙක් හිරවෙලා මිය ගිය කෙනෙක්ගේ උගුර ප්රදේශය.."

මම කියන්ඩ පටන් ගත්තා විතරයි....

"අනේ අම්මප... මාළුවා හපලා ගිලින්නේ නැතුව පෙරේත කොම ලොකු වුන එකට ඔහොමමයි වෙන්ඩ ඕනෙ.. "

ඒ දිහා බලන් අල්ලේ මූණ තියාගෙන අත්තම්මා කෙනෙක් කියන්ඩ පටන් ගත්තා.

(ඔන්න ඉතින් ඇඩ්... :D:D )

"නෑ...නෑ.. අත්තම්මේ මේ එහෙම සිද්ධියක් නෙවේ.. මේ බොහොම කලාතුරකින් වෙන දෙයක්.. මේ මාළුවා දැක්කම පේනවා නේ... උයලා බැදලා නැති විත්තිය... හොඳට ගඟේ මුහුදේ පීන පීන හිටිය මාළුවෙක්.. :D:D

මේකයි වෙලා තියෙන්නෙ.. මාළු අල්ලන මාමලා බිලිපිත්තේ නූලට ඇම ගැට ගහන්න ඇමට ගන්න පොඩි මාළුවා කඩනවා කටෙන්.. ඒ වෙලේ පණ පිටින් දඟලලා මාළුවා කටට ගිහින්.. උගුරට ගිහින් හිරවෙලා මැරිලා තියෙන්නෙ..."

ඔහොම තමා මම ඒ ප්රශ්නෙන් ගැලවුනේ...

ඔය අතරේ තමා මම ලෝක ප්රසිද්ධ වෙන තරමේ කතාවක් කිවුවේ...

final year අයියා කෙනෙක් හිටියා අධීක්ෂණයට සහ අපිට මේ නිද්ර්ශක ගැන කියලා දෙන්න.ඔන්න අයියා අහනවා හැමෝගෙම ප්රශ්න,

හ්ර්දේවස්තුවට පිහියෙන් ඇන්නම කොහොමද මොලේ මැරෙන්නෙ..?

අක්මාවට දෙපැත්ත කැපෙන පිහියෙන් ඇන්නම ඇයි හතරට පැලෙන්නෙ.?..

මොන... ඔක්කොම පොඩ්ඩො ගල් ගිලලා වගේ.. නැත්තම් ඇදගෙන නානවා...

අන්තිමට අයියා ඒ ගැන හොඳට පැහැදිලි කරලා දෙනවා..

ඔන්න ඊළඟ ප්රශ්නෙ මට...

අනපේක්ෂිත විදිහට තමා ප්රශ්නෙ එල්ල වුනේ.. ඒ කියන්නෙ මම කට්ටියකට බොරු ගොඩාක් ඇදබාලා තවත් කට්ටියක් එනකම් බලන් හිටියා...

"නංගී , මූ මැරිලා තියෙන්නෙ කොහොම ද..?"

ඔන්න ප්රශ්නේ....

මම දැන් ඉන්නවා වීදුරු පෙට්ටිය ඇතුලේ තියන උගුර දිහයි වහල දිහයි බල බල..:O:O

මම බැලුවා මේ කවුරු ගැනද අහන්නෙ කියලා...

ටිකක් හිතලා බලලා කිරලා මැනලා මම ඇහුවා...

" අයියා....................මාළුවා ද..? "...... o_O

(අයේ ඉතින් කාඩ් දාන්ඩ ඕනෙ නෑනේ...:D:D..කවුරුත් බලෙන්...)

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com16tag:blogger.com,1999:blog-5945895405715261376.post-57212428835353108302012-01-13T11:52:00.000-08:002013-08-02T00:16:39.903-07:00ආදරණීය පූසී..

ආදරනීය පූස් පැටික්කී

අපේ ගෙදර ඉන්නේ පැටී කියන ලස්සන සූටි පූසෙක්. එයා චුටිම නෑ.. දැන් ලොකුයි.මේ අපේ පූසාට මීට කලින් පෙම්වතියෙක් හිටියා.ඒත් ඒ පෙම්වතියට අපේ ගෙදරින් හරියට වැට කඩුළු.:(:(... ඔහොම තමා ඉතින් , ආදරේට කොහෙද නැත්තේ බාධා..?:D:D

අපේ පැටී

ඒ සම්බන්ධය බිඳ වැටුනා.ඒ විරහව නිසාම අපේ අහිංසක පැටී මෙච්චර කල් හිටියේ තනිකඩව. එයාට තනිකම් දෝසේ හැදෙයි කියලා බයේ අපේ අම්මලා ගෙදරට ගෙනාවා හරීම හුරුබුහුටි බලු පැටවු දෙන්නෙක්. ඒත් ඉතින් අපේ පැටී උන්දෑ නෙවේ අර අළුත් යාළුවෝ දෙන්නා ගනන් ගන්නේ... දැක්ක වෙලේ ඉඳන් පුළුන් පුප්පනවා... ඔන්න ඔහොම කාලේ ගත වුනා.

මීට මාස ගාණකට කලින් අපේ එහා ගෙදරට බලු පැටව් දෙන්නෙකුයි සූට්ටං පූසි පැටික්කියෙකුයි ගෙනාවා. මේ බලු මාස්ටරුයි මැඩමුයි ලොකු වෙනකොට සෙල්ලමට ගන්නේ අර පුංචා පූසි පැටියාලු.. ඔය අවනඩුව කියන්න එයා දුවගෙන එන්නෙ අපේ දිහාවට..^_^

අපේ ගෙදර පැත්තේ පූස් උන්නැහේලා සෑහෙන්ට සැරි සැරුවා.ඒ හැමෝම පැටී එළවලා දැම්මා.. පුදුමේ කියන්නේ එයා මේ චුටි පූස් එලවන්නේ නෑ.. කෑම කනකොට එයාටත් ඉඩ දෙනවා කන්න... අපිට හරි පුදුමයි ඇයි පැටී එයාට විතරක් විශේෂයක් කරන්නෙ කියලා.. එයා ගොඩාක් ලස්සන පූසියෙකුත් නෙවේ... කෙට්ටු , කට කළු , ඇස් දුඹුරු පූසියක්.. ඒත් අපේ පැටී එයාට හරි කැමතී..

අපේ බලු පැටව් දෙන්නට මෙයා දැක්කම හරිම චූන්..;)... නගුට වනනවා හාරසිය හානට.. මූන ලෙව කනවා... අනේ පව් එයාලත් මෙයාට හරීම ආදරේ.. ^_^

පැංචයි පැංචී... ^_^

මේ පූසි අපේ ගෙදර එනවට ඉස්සර අම්මලා කැමති නෑ.. පැටව් දායි කියලා.. ඒත් අනේ දැන් අපෙ අම්මා එයාට කතා කරන්නෙ "බට්ටි කිරිල්ලී" කියලා... ( අම්මා එහෙම කතා කරන්නෙ අපිටයි , අපේ බලු පැටව් දෙන්නටයි , මේ පූසිටයි විතරයි..;););)...)

මම දැන් දන්නවා ඇයි මේ පුංචි පූසට හැමෝම මෙච්චර ආදරේ කියලා.

මේ පුංචි පූසා හරිම ආදරණියයි.එයාට ඕනෙ කෑම නෙවේ.. (පූසෝ සාමාන්යෙන් ආදරේ පෙන්නන්නේ කෑම ඕනෙ වුනාම විතරයි... :P) එයාට ඕනෙ ආදරේ. හරිම සරල චරිතයක්.ඒත් එයාට හැමෝම ආදරේ.. කොටින්ම අපෙ අප්පච්චිත් එයාව හුරතල් කරනවා... ^_^

එක දවසක් මේ පූසි පැටියා හවස් වෙලා ආවා හොරෙන් ගෙදර ඇතුලට රිංගන්න... :( ඒත් අම්මා එයාට එන්න දුන්නේ නෑ... යන්න ගෙදර කියලා එළියට යැව්වා... :(

ඒ වෙලේ පැටී හිටියේ UPS එක උඩ නිදාගෙන. ඒත් ඒ එළවන සද්දේ ඇහිලා එයා කුස්සිය පැත්තට දිවුවා. ඒත් දොර වහන සද්දෙට පැටී උන් තැනම නැවතුනා...

සමහර විට ඒ වෙලේ පැට්ටට හොඳටම දුක හිතෙන්න ඇති...

මම ඒ ගැන අම්මට කිවුවම අම්මාටත් දුක හිතුනා.. ආයේ එහෙම නොකරයි මම හිතන්නෙ.. :/

ආදරණිය පූසී මේ වෙනකොට අපේ ගෙදර එච්චර පෙරළියක් කරලා

මේ දැනුත් එයා මගේ දණිසේ මූණ තියන් දොයි.... ^_^

පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com19tag:blogger.com,1999:blog-5945895405715261376.post-61500573511574156202011-11-19T09:48:00.002-08:002013-08-02T00:19:50.579-07:00මම හිතුවා වැරදී..

අපි කෙනෙක්ට ආදරේ නැත්තම් එයාව රැක ගන්න උත්සාහ කරන්නෙ නෑ.. ඔහේ අපේ ජීවිත වලින් අයින් වෙලා යන්න ඉඩ දෙනවා. ඒ වගේම තමා අපි අපේ රටට ආදරේ නැත්තම්.. අපිට අපේ රට රැක ගන්න ඕනෙ වෙන්නෙත් නෑ.හැම මනුස්සයෙක්ම ලස්සන ලස්සන වාහන වල යනවා දකින්න ආස හිතෙන්නෙත් නෑ.. නගර පුරා අධිවේගි මාර්ග හැහදෙනකොට පපුව පිම්බෙන තරම් අභිමානයක් හිතට එන්නෙත් නෑ..නෑ..නෑ.. නෑමයි.

මම Science College එකට යන්න මොන තරම් හීන මැව්ව ද..? ඒ නිසාම ඉස්කෝලෙ මට පෑගුන වැලි කැටයක් ගානේ මට මගේ කියලා හිතුනා.

විශ්ව විද්යාලෙට ආවම Science College එක කියලා එකක් ලංකාවේ තියෙනවද කියලවත් බහුතරයක් නොදැන හිටියාම ඒ මගේ පුංචි ඉස්කෝලෙ ගැන අනුකම්පාවක් නෙවේ.. මහම මහ ලොකු දයාබර බවක්..මම මගේ ඉස්කෝලෙ රන් පාටින් බබලන්න තව මොනවද කරන්න ඕනෙ කියලා හිතිවිල්ලක් හිත මුදුනට නැඟුනේ ඒකයි..

එහෙම හිතුව මට එක තැනකදී ලොකුම ලොකු වැරදීමක් වුනා නේද කියලා මට හිතෙන්න ගොඩාක් කාලයක් ගත වුනා..ඒත් "බඹර වලල්ල" බැලුවට පස්සෙවත් අද මට ඒ ගැන වැටහුන එක ගැන මම සතුටු වෙනවා.

මම කාලෙක ඉඳන්ම දුක් වුනා අපේ කලාව ගැන. චිත්රපටියක් ගත්තොත් බහුතර ජවනිකා වල ඉන්නෙ මඩ නෑව, කෙටි සරම් කඩක් ඇඳගත්ත , තඩි බඩක් දරාගත්ත , මූණ පුරා රැවුල වැවුව ,උඩුකය නිරුවත් මිනිසුන්.

ළමයි හිටියෙ වැඩි හරිය නිරුවතින්.. ඒ හැමදෙයක්ම මට පෙනුනේ අපේ දුප්පත්කම ලෝකෙට පෙන්නන "ගොන් පාට්" කියලා..

පිට රැටියන්ගේ සිත් ඇඳගන්නාසුළු මුහුණු මුල.. අපේ චිත්රපටියක් තිරයේ පෙනුනත් නැඟිටලා යන තත්වෙක මම හිටියේ..( සරෝජා,සූරිය අරණ වැනි ඒවා හැර..)

නමුත් හරි පුදුමයි... මට අද මොකක්දෝ නුවණක් පහල වුනා.. ඒ නුවණ මට කියලා දුන්නා.. "මෙන්න මේකයි අපේකම.. ඒකට ආලේ කරපන්..ගරු සරු දක්වපන්.. හැමදේම නුවණින් දැකපන් " කියලා..

ගාමනී.. බඹර වලල්ල.මචං. හා තවත් බොහෝ චිත්රපටි තියනවා, පුලූවන් නම් හොයන් බලන්න.මම දැන් දන්නවා..ගොඩාක් දක්ෂ නළු නිළියො"ත්" ලංකාවේ ඉන්නවා.

හරිම සතුටුදායකයි..!
පියගැටපෙළ අද්දර..
ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.com19Hulangamuwa Rd, Matale, Sri Lanka7.4656695 80.61731847.4617334999999994 80.6123829 7.4696055 80.6222539