Thursday, April 12, 2012

ගීතය , නුඹට ලියමි..



ආදරණිය ගීතය , 

                                        මගේ මුළු ජීවිත කාලය පුරාවට නුඹේ මිහිරි සුවඳ මට දැනුනා.
                                        මම පුංචි කාලේ, දණිස් දෙක උඩ කොට්ටෙ තියාගෙන අපෙ අම්මා මාව නැලෙව්වේ නැලවිලි ගීත කියලා ... හරියට අපෙ නංඟා නැලෙව්වා වගේමලු.
"පුතුනේ මේ අහගන්න පුතුනේ,
පුතුනේ මේ අහගන්න..
පුංචි කූඩුවක කැලයේ සැලලිහිණි ජෝඩුවක් උන්නා
ලස්සන සිංදු කියාලා පොඩි පුතා නැලෙව්වා දෙන්නා

හිටිහැටියෙම දවසක්දා
මොරසූරන වැස්සක් වැස්සා

ඇළ දොළ ගංඟා උතුරා
වැහි වැතුර ගල ගලා වැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා
ගස් වැල් උදුරා ඇඳ වැටුනා... "

එහෙම කියලා අපෙ අම්මා මාව නලවනකොට අපෙ අප්පච්චි මාව නැලෙව්වේ 
"මුණි සිරිපා සිඹිමින්නේ
සමනළ ගිරි පෙදෙසින්නේ
මද සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැලැවෙන්නේ.." කියලා...

හරියට ඊට කාලෙකට පස්සේ මම මගේ පුංචි නංඟා නැලෙව්වා වගේ.

                                                                කාලෙත් එක්ක මමත් ලොකු වුණා. ඒ හැමදාම ඔයා මම ලඟ හිටියේ සතුට මිසක් දුක දනෙන්න නෙවේ..කොහොමත් මට සිංදු වල එහෙම දෙයක් තියෙනවා කියලා දැනුනෙවත් නෑ.. මට මුලින්ම ඔයා ගැන හිතන්න හිතුනේ 2 වසරෙදී... ඒ හිතපු විදිහත් අමුම අමු බොරු.. :P
"තනි වී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ"

                                          අම්මා කිවුවේ මේ කියන්නෙ මල්ලි කෙනෙක් ගැන අයියා කියලා.. එදා මට හිතුනේ නම් ඒක ඇත්ත කියලා.. අයියා තනියම ඉන්න හිතනකොට මල්ලී ඉපදුනා.. ඉතින් මල්ලි නිසා අම්මලාගේ ආදරේ එයාට අඩුවුනා මගේ දැනුනාම වේදනාව ඉතුරු වුනා... :D:D

                                           නමුත් මම ඔයාව හරියට තේරුම් ගන්න පටන් ගත්තේ හුඟක් මෑතක ඉඳලා.. ඒකෙන් මට වුන හොඳක් නම් නෑ.. ඇත්තමයි.

                                       මිනිස්සු කියනවා සංගීතය භාවනාවක් ලූ.. අපෝ මට නම් ඒක එහෙම නෙවේ.. පාඩම් කරලා පොඩි relax එකකට මම ඔයාට ඇහුම් කන් දුන්නොත් අයියෝ මගේ mood එක ඉවරයි.. අයෙ කොහෙ පාඩම් කරන්නද.??

                                       මම ඒ නිසා ඒ පුරුද්ද අත ඇරියා.. ඒත් මට තාම එක පුරුද්දක් අත අරින්න බෑ... ඒ තමා මම රෑ නින්දට යනකොට ඇස් පියාගෙන ඔයාට අහුම්කන් දෙන එක.එ වෙලාවට බල්ලෙක් උඩු බුරන්නෙත් නෑ... මගේ phone එකට පව් සිද්ධවෙන්න ඔයා හදවත ඇතුලටම කිඳා බහිනවා.. හරියට උල් අයිස් කූරක් වගේ... 

"ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසිදින මා සතු නොම බව දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී.."

                                        හයියෙන් අඬන්නත් බෑ දෙවියනේ room mateට ඇහෙන්න පුළූවන්... කඳුළු වලින් කොට්ටෙ ඔහේ සීතල වෙනවා විතරයි.. එතනදී "ගීතය" ඔයා මාව හරිම අසරණ කරනවා.. ඇත්තමයි මට පුදුම තරහක් එන්නේ... >_<

                                        ඒත් , කෝච්චියේ ගම රට බලා එනකම් ඔයාට ඇහුම්කන් දෙන ගමන් වෙල් , කඳු , හෙල් පහු කරන්න මම හරිම ආසයි,,, බලන කපොල්ල , කඩුගන්නාව... දෙවියනේ ඔයාත් එක්ක හරිම සුන්දර දර්ශනයක් තමා මවන්නේ.. ස්තූතියි...!!!!

ඉතින් සොඳුරු ගීතය ,

                                     ඒත් මම තාම ඔයාට ගොඩාක් කැමතී.. හේතුව තමා ඔයාට අකමැති වෙන්න මට බැරි කම.. එහෙම වුනොත් මට මං විතරයි... සමහරවිට මට මමත් නැති වෙයි...

                                                                 මීට,
                                                                 තවත් එක් ප්‍රාර්ථනාවක්...