Friday, January 27, 2012

අයියා.... මාළුවා ද..?





                                 කෙනෙක්ට ඇබැද්දී වීමෙත් සීමාවක් තියෙන්ඩ ඕනෙ.. නැද්ද මං අහන්නේ..? ඒක එහෙම වෙලත් මම නම් වූ ප්‍රාණීයා වැලක් යැයි ගණන් නොගෙන දිගින් දිගටම ඇබැද්දි වුන දවසකුත් තිබුනා ඔන්න සතියකට කලින් ඉරිදා දවසක.. ගිනි මද්දහනේ.;);)

                                 ඔය කියන ඉරිදා ගිරිබාව කියන සුන්දර පිටිසර ගමේ තිබුනා Medical camp එකක්. ඒකෙදී පලවෙනි වසරේ පොඩි පොඩි අයට ලොකු ලොකු වැඩ තිබුනේ නෑ.දුන්නත් කරන්ඩ බෑනේ,ඒකයි... :P:P

                                  ඉතින් අපිට තිබුනේ ප්‍රදර්ශනයට තියලා තිබුන නිදර්ශක නරඹන්නන්ට විස්තර කර කර ප්‍රදර්ශන කුටි වලට වෙලා ඉන්ඩ.

                                  ඔන්න මට හම්බුනේ නියම කුටිය.. "අපරාද පරීක්ෂණ " කුටිය.. ඊටත් හරියන්ඩ නියම නිදර්ශකේ..
                                  ඒ තමා මාළුවෙක් ස්වාසනාලේ ගිරවෙලා මිය ගිය කෙනෙක්ගේ උගුරක්.. මට ඉතින් තියෙන්නෙ වීදුරු පෙට්ටිය ලඟ වාඩි වෙලා ඒ ගැන පුරාවෘත , යටගියාව විස්තර කරන එක.

"මේ තියෙන්නෙ ස්වාසනාලේ පොඩි මාළුවෙක් හිරවෙලා මිය ගිය කෙනෙක්ගේ උගුර ප්‍රදේශය.."
මම කියන්ඩ පටන් ගත්තා විතරයි....

"අනේ අම්මප... මාළුවා හපලා ගිලින්නේ නැතුව පෙරේත කොම ලොකු වුන එකට ඔහොමමයි වෙන්ඩ ඕනෙ.. "
ඒ දිහා බලන් අල්ලේ මූණ තියාගෙන අත්තම්මා කෙනෙක් කියන්ඩ පටන් ගත්තා.
(ඔන්න ඉතින් ඇඩ්... :D:D )

"නෑ...නෑ.. අත්තම්මේ මේ එහෙම සිද්ධියක් නෙවේ.. මේ බොහොම කලාතුරකින් වෙන දෙයක්.. මේ මාළුවා දැක්කම පේනවා නේ... උයලා බැදලා නැති විත්තිය... හොඳට ගඟේ මුහුදේ පීන පීන හිටිය මාළුවෙක්.. :D:D
මේකයි වෙලා තියෙන්නෙ.. මාළු අල්ලන මාමලා බිලිපිත්තේ නූලට ඇම ගැට ගහන්න ඇමට ගන්න පොඩි මාළුවා කඩනවා කටෙන්.. ඒ වෙලේ පණ පිටින් දඟලලා මාළුවා කටට ගිහින්.. උගුරට ගිහින් හිරවෙලා මැරිලා තියෙන්නෙ..."
ඔහොම තමා මම ඒ ප්‍රශ්නෙන් ගැලවුනේ...

ඔය අතරේ තමා මම ලෝක ප්‍රසිද්ධ වෙන තරමේ කතාවක් කිවුවේ...

                                 final year අයියා කෙනෙක් හිටියා අධීක්ෂණයට සහ අපිට මේ නිද්‍ර්ශක ගැන කියලා දෙන්න.ඔන්න අයියා අහනවා හැමෝගෙම ප්‍රශ්න,

හ්‍ර්දේවස්තුවට පිහියෙන් ඇන්නම කොහොමද මොලේ මැරෙන්නෙ..?

අක්මාවට දෙපැත්ත කැපෙන පිහියෙන් ඇන්නම ඇයි හතරට පැලෙන්නෙ.?.. 
  
මොන... ඔක්කොම පොඩ්ඩො ගල් ගිලලා වගේ.. නැත්තම් ඇදගෙන නානවා...
අන්තිමට අයියා ඒ ගැන හොඳට පැහැදිලි කරලා දෙනවා..

ඔන්න ඊළඟ ප්‍රශ්නෙ මට...

අනපේක්ෂිත විදිහට තමා ප්‍රශ්නෙ එල්ල වුනේ.. ඒ කියන්නෙ මම කට්ටියකට බොරු ගොඩාක් ඇදබාලා තවත් කට්ටියක් එනකම් බලන් හිටියා...

"නංගී , මූ මැරිලා තියෙන්නෙ කොහොම ද..?"
ඔන්න ප්‍රශ්නේ....

මම දැන් ඉන්නවා වීදුරු පෙට්ටිය ඇතුලේ තියන උගුර දිහයි වහල දිහයි බල බල..:O:O
මම බැලුවා මේ කවුරු ගැනද අහන්නෙ කියලා... 
ටිකක් හිතලා බලලා කිරලා මැනලා මම ඇහුවා...

" අයියා....................මාළුවා ද..? "...... o_O



 (අයේ ඉතින් කාඩ් දාන්ඩ ඕනෙ නෑනේ...:D:D..කවුරුත් බලෙන්...)

Friday, January 13, 2012

ආදරණීය පූසී..

                                                            ආදරනීය පූස් පැටික්කී


                                අපේ ගෙදර ඉන්නේ පැටී කියන ලස්සන සූටි පූසෙක්. එයා චුටිම නෑ.. දැන් ලොකුයි.මේ අපේ පූසාට මීට කලින් පෙම්වතියෙක් හිටියා.ඒත් ඒ පෙම්වතියට අපේ ගෙදරින් හරියට වැට කඩුළු.:(:(... ඔහොම තමා ඉතින් , ආදරේට කොහෙද නැත්තේ බාධා..?:D:D

                                                                       අපේ පැටී

                                      ඒ සම්බන්ධය බිඳ වැටුනා.ඒ විරහව නිසාම අපේ අහිංසක පැටී මෙච්චර කල් හිටියේ තනිකඩව. එයාට තනිකම් දෝසේ හැදෙයි කියලා බයේ අපේ අම්මලා ගෙදරට ගෙනාවා හරීම හුරුබුහුටි බලු පැටවු දෙන්නෙක්. ඒත් ඉතින් අපේ පැටී උන්දෑ නෙවේ අර අළුත් යාළුවෝ දෙන්නා ගනන් ගන්නේ... දැක්ක වෙලේ ඉඳන් පුළුන් පුප්පනවා... ඔන්න ඔහොම කාලේ ගත වුනා.

                                      මීට මාස ගාණකට කලින් අපේ එහා ගෙදරට බලු පැටව් දෙන්නෙකුයි සූට්ටං පූසි පැටික්කියෙකුයි ගෙනාවා. මේ බලු මාස්ටරුයි මැඩමුයි ලොකු වෙනකොට සෙල්ලමට ගන්නේ අර පුංචා පූසි පැටියාලු.. ඔය අවනඩුව කියන්න එයා දුවගෙන එන්නෙ අපේ දිහාවට..^_^

                                   අපේ ගෙදර පැත්තේ පූස් උන්නැහේලා සෑහෙන්ට සැරි සැරුවා.ඒ හැමෝම පැටී එළවලා දැම්මා.. පුදුමේ කියන්නේ එයා මේ චුටි පූස් එලවන්නේ නෑ.. කෑම කනකොට එයාටත් ඉඩ දෙනවා කන්න... අපිට හරි පුදුමයි ඇයි පැටී එයාට විතරක් විශේෂයක් කරන්නෙ කියලා.. එයා ගොඩාක් ලස්සන පූසියෙකුත් නෙවේ... කෙට්ටු , කට කළු , ඇස් දුඹුරු පූසියක්.. ඒත් අපේ පැටී එයාට හරි කැමතී..

                                    අපේ බලු පැටව් දෙන්නට මෙයා දැක්කම හරිම චූන්..;)... නගුට වනනවා හාරසිය හානට.. මූන ලෙව කනවා... අනේ පව් එයාලත් මෙයාට හරීම ආදරේ.. ^_^

                                                             පැංචයි පැංචී... ^_^


                                    මේ පූසි අපේ ගෙදර එනවට ඉස්සර අම්මලා කැමති නෑ.. පැටව් දායි කියලා.. ඒත් අනේ දැන් අපෙ අම්මා එයාට කතා කරන්නෙ "බට්ටි කිරිල්ලී" කියලා... ( අම්මා එහෙම කතා කරන්නෙ අපිටයි , අපේ බලු පැටව් දෙන්නටයි , මේ පූසිටයි විතරයි..;););)...)

මම දැන් දන්නවා ඇයි මේ පුංචි පූසට හැමෝම මෙච්චර ආදරේ කියලා.

                                   මේ පුංචි පූසා හරිම ආදරණියයි.එයාට ඕනෙ කෑම නෙවේ.. (පූසෝ සාමාන්‍යෙන් ආදරේ පෙන්නන්නේ කෑම ඕනෙ වුනාම විතරයි... :P)  එයාට ඕනෙ ආදරේ. හරිම සරල චරිතයක්.ඒත් එයාට හැමෝම ආදරේ.. කොටින්ම අපෙ අප්පච්චිත් එයාව හුරතල් කරනවා... ^_^

                                    එක දවසක් මේ පූසි පැටියා හවස් වෙලා ආවා හොරෙන් ගෙදර ඇතුලට රිංගන්න... :( ඒත් අම්මා එයාට එන්න දුන්නේ නෑ... යන්න ගෙදර කියලා එළියට යැව්වා... :(
ඒ වෙලේ පැටී හිටියේ UPS එක උඩ නිදාගෙන. ඒත් ඒ එළවන සද්දේ ඇහිලා එයා කුස්සිය පැත්තට දිවුවා. ඒත් දොර වහන සද්දෙට පැටී උන් තැනම නැවතුනා...

සමහර විට ඒ වෙලේ පැට්ටට හොඳටම දුක හිතෙන්න ඇති... 
මම ඒ ගැන අම්මට කිවුවම අම්මාටත් දුක හිතුනා.. ආයේ එහෙම නොකරයි මම හිතන්නෙ.. :/

ආදරණිය පූසී මේ වෙනකොට අපේ ගෙදර එච්චර පෙරළියක් කරලා

මේ දැනුත් එයා මගේ දණිසේ මූණ තියන් දොයි.... ^_^