Saturday, February 11, 2012

දන්නෙම නැතුව 100යි..




                                       ප්‍රාර්ථනා ලිපි 100ක් ලියලා.. මේ 100වෙනි ලිපිය නම් නෙවේ... 100වෙනි ලිපිය ලියලා කොමෙන්ටු 2ක් වැටෙනකම්ම මට වගේ වගක් නෑ මේ 100වෙනි ලිපිය කියලා.. ඉතින් ඔන්න ඔහොමයි මම 100වෙනි ලිපිය ලිවුවේ...
                                       ඒ ලිපිය යටින්ම පොඩි සඳහනක් 100 වෙනුවෙන් කරන්න හිතුවත්... එහෙම වුනොත් කොමෙන්ටු වලින් ඒ ලිපිය ගැන කතා කරන එක පැත්තකින් තියලා මෙච්චර ලිපි ලියැවුනු එක ගැන කතාවෙයි නේද කියලා හිතලා.. ඒ ලිපියට අසාධාරණයක් නොවෙන්න ... මේ මගේ ආදරණිය බ්ලොග් එක ගැන ටිකක් කතා කරන්න හිතුවා..

අතීතයක් අමතක කරලා කොහොම කතා කරන්නද අනාගතයක් ගැන..? ඒ නිසාම අතීතයෙන් පටන් ගමු..^_^

                                      පතක නොඇඳුනු සිතක සිත්තම් ඉපදුනේ "පියගැටපෙල අද්දර" කියල නමෙන්... ඒ 2010 අගෝස්තු 30 වෙනිදා... ඇරඹුම ලෙසින්..

"බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්‍රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්‍රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට................"

එදා මගේ ගමනට සුභ පැතූවන් අතර නිමන්ති අක්කා , කතන්දර කාරයා අයියා , තිස්ස නාගොඩවිතාණයන් , මාර අයියා , කතා හසී අයියා , සුදු මහත්තයා අයියා , TMb9 හිටියා.. 
  
                               මේ තමා මම අතින් හා හා පුරා ලියැවුනු අකුරු පෙල... ඒ අකුරු වල තිබුනෙත් අපේ අයියාගේ අනන්‍යතාවය.. මොකද ඒ වෙනකොට මට key board එකේ සිංහල අකුරු හොයන්න අවුරුද්දක් විතර ගියා...:P:P

මගේ අතින් ගී සංකල්පනාවක් විදිහට ඉස්සෙල්ලාම ලියැවුනේ හොඳට හිතලා ලියන දෙයක් 

 
"මන්දාරම් අහස
හරි කලුවරයි        
මම ඒ බව දැක්කෙ
අහම්බෙන්  කවුලුවෙන් එලිය බලනකොට
 
හිතේ තිබුන කිසි දෙයක්
ඉටු නොවෙනකොට
 සිද්ධවෙන දෙයක්
 ඔහේ වුණාවේ කියලා
 මට හිතුනා
නිකමට.............."
                                        එහෙම ලියවෙන්න පටන් ගත්ත කවි සිතුවිලි දැන් නිසඳැස් 25කට පෙරලිලා.. ඒ අතරින් මම ආසම කරන නිසඳැස තමයි රහසකි නිබඳ මා හද කඳුළින් තෙමන..
ඔය අතරේ නිකමට හිතට නැඟුන අදහස් මට මෙහෙම හිතුනනේ ලෙසත් , පෞද්ගලික ජීවිතය හා බැඳුනු දෑ හද සාක්කි ලෙසත්  ගොනු වුනා.

පාසල් මතක සටහන් පසෙක ගොනු වෙද්දී කැම්පස් ජීවිතේ ගැන ලියැවුනු ලිපි තුනක් සඟවා තැන්පත් කර තබා ගන්න සිදු වුනා..:(:(:(...

ඉන් පස්සේ තමයි මම ආසම කරන ලිපි ලියැවෙන්න පටන් ගත්තේ.. ගීතයක් තුලින් මතු වුනු කතන්දර ගීයක් කොඳුරයි රහසින් ලෙසින් කරලියට එද්දී හීනෙනුත් හිතුනේ නෑ ලිපිය මගේ ප්‍රියතම ලිපිය වුනා ඒ අතරින්.

ඉන් පස්සේ මගේ අතින් කුළුඳුල් බොළඳ ආදර කතාවක් ලියවුනා :D:D:D ඔබ නොදනී මුළු ලොවම දනී ලෙසින්. ඒ දිග කතාවට පස්සේ ලියැවුනු පිඟන් කටු මගේ හිත් ගත්තා..:)

මේ විදිහට ලිපි 25ක් , 50ක් ලියවිලා දැන් 100ක්ම ලියැවිලා... :):)...

මේ මුළු කාලය පුරාවට මාත් එක්ක ඉන්න හැමදෙනාටම ගොඩාක් ස්තූතියි... ආයෙත් හැමදාම වගේ කියන්න ඕනෙ මම මේ ලස්සන තැනට අරන් ආව මගේ ආදරණිය අයියණ්ඩීට ගොඩාක් පිං... !!!!

ඉඩක් ලැබුනම ලියන්නම්... පැතුම එයයි ම ඉතිරි කර යන... කිසි දින සමු නොගන්නෙම්...
 

සොඳුරිය මට නොකියාම ගියා...






"i'm so lonely broken angel... i'm so lonely listen to my heart....."

මහ හඬින් උදේ පාන්දර කෑ ගසන ජංගම දුරකථනයට සාප කරමින් චමත් නිදිගැට හරින්නට විය.

                                  ගුලි කරන නෙතින් දුරකථන තිරය වෙත නෙත් යොමු කල චමත් ඒ තම අතිජාත මිතුරා කළණ බව දැක, "හිටපන් උඹ අද නම් අහගන්නවා මගෙන් හොදවැයින් දෙකක්..හැමදාම උදේ පාන්දර හතර අතේ සැපට නිදන් ඉන්න එවුන් ඇහරවනවට.." යැයි සිතා..


"හෙලෝ නරියෝ උඹ නම් අද මගෙන්......."


"හෙලෝ මචං ටිකක් හිටපංකෝ මම කියනකම්..."


"මොනවා කියන්ඩ ද බොල.උඹ හැමදාම ගෙම්බා පොළවේ ගැහුවා වගේ කළුවර වැටෙන්ඩ කලින් ඇඳට වැටිලා කුකුලා කුක්කු කූ කූ ගාන්ඩත් කලින් ඇහැරෙනවනේ... අනේ බං උඹ නැඟිට්ටට කමක් නෑ... අපි වගේ අහිංසකයොන්ට ටිකක් නිදා ගන්ඩ දියං.."


"මචං පොඩ්ඩක් අහපංකෝ මම කියන්ඩ යන...."


"අනේ බං මට නිදිමතයි ,පස්සේ කියපං හොඳ පුතා වගේ... චෙරියෝ.. බයි බායි... "


"මේ මචං චමත්..මට උඹට කියන්ඩ දෙයක් තියනවා ටිකක් අහපං.."
එවර මඳක් සසල වූ චමත්...


"ඇයි මචං මොකක්හරි අවුලක් ද..?"

"ම්ම්... නෑ මචං ...එඑ..හෙම අවුලක්... මත් නෙවේ... ඒත්... ඒත් මචං....."


"මොකක්ද බං කියපංකෝ නිකම් කෙකර ගාන්නේ නැතුව.." 
මිතුරාගේ පසුබෑම හමුවේ වඩ වඩාත් සසල වූ චමත්ගේ නිදිමත ටිකින් ටික සිදී යයි.

"චමත් මට මේ දැන් සඳුනි කෝල් කරා.."


"ඉතිං..??" 
සඳුනි යනු චමත්ගේ පෙම්වතිය තුෂීගේ හොඳම මිතුරියයි.

"නෑ..මචං මේකයි... මේ...මේ.... "

චමත්ගේ නිදිමත සිඳී ගියාක් මෙනි.. වෙන්නට යන්නේ කුමක්දැයි ඔහුට නොවැටහේ... යමක් කොතැන හෝ වැරදී ඇති බවක් පමණක් ඔහුට ඉවෙන් මෙන් වැටහේ.
"කළණ.. ඇයි බං කියන දෙයක් කෙලින් කියන්නෙ නැත්තේ..?"


"තුෂීලා සඳුනිලා ඊයේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයක් බලන්ඩ ගිහින්.. ඉතින් මචං ඒ ගිහින් එනකොට ගොඩක් රෑ වෙලා... බස් එකේ තමා ඇවිත් තියෙන්නේ.."


"ඒක මං දන්නවා කළණ... තුෂී මට කිවුවා එහෙම යන ගමනක් ගැන"


"එන මඟදී මචං... එන මඟදී........... බස් එක accident වෙලා.."

කැරකැවෙල වටපිටාව මැඬලන්න මෙන් ඇඳ විට්ටම තදින් අල්ලාගත් චමත්ට කළණගේ වදන් ඇසුනේ සිහිනයක මෙනි..

"එයා දැන් අනුරාධපුරේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා මචං... මචං චමත්.... චමත්....???"
ප්‍රතිචාරයක් නොමැත.

සුළු මොහොතකින් ඉතා පහත් වෙව්ලන හඬින් චමත්,
"කළණ මට පොඩි උදව්වක් කරපන්..."


"කියපන් චමත් , මොකක්ද වෙන්න ඕනෙ..?


"බයික් එක අරන් දැං මාව බස් ස්ටෑන්ඩ් එකට එක්ක පලයන්... මට මුකුත් හිතා ගන්න බෑ කළණ.. තුෂීට මම හවස ඔය ගමන යන්ඩ එපා කිවුවා..එන්න රෑ වෙන නිසා.මම ආස මොකක්ද පොතක් ගන්ඩ පුළුවන් ඒකෙන් විතරයි කියලා , කියන දේ අහන්නෙත් නැතුව ඔය ගමන ගියේ මචං..."


"බය වෙන්ඩ එපා.. එයාට මුකුත් වෙන්නෙ නෑ චමත්.. සඳුනිටත් සීරීම් තුවාල විතරයි කිවුවා.. මමත් බයවෙලා හිටියේ... ඉන්ඩ ...මම ඉක්මනට එන්නං..."

                             ඒ වනවිටත් ඔහු ... චමත්.... පැතූ සියල්ල ..සිතූ සියල්ල දිය වී ගලා ගොස් හිරු එළියේ වියලීද ගොස් තිබූ බව ඔහු ඒ වෙලේ නොදැන සිටියේ ය.

                             ඒ බැව් දැන ගන්නා විට.. ඔහුගේ නෙතින් කඳුළකුදු නොහෙලුනි... අදහා ගන්න නොහැකි අරුමයක් සිදු වී තිබුනි... එය අදහනවාට වඩා හිත රැවටීම හිතට තාවකාලික සුවයක් ඔහුට ගෙන දුන්නේය.

                           නමුදු මිලින වී ගිය ඔහුගේ පෙම් කැකුළ ඉදිරියේ ඔහුගේ සිත අසරණ විය.දරා ගන්නට නොහැකි වූ ... මහා ජල දාරාවක් පස් බැම්මක් බිඳින්නාක් මෙන් ඔහු නෙතේ කඳුළු කැට සිඳි යනතුරු ඔහේ සිදු වෙන්නක් සිදු වීමට ඉඩ හැරියේ ය.




වෑහෙද්දී මගේ දෑස් අඟින්
දෑත ලයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

                                        ඇය මුඛරී ය. ඔහු ඉදිරියේ නන් දේ දෙඩුවා ය. විටෙක එය කන් කරච්චලයක් තරම් විය.ඒත් ඒ වදන් ඇසීමට ඔහු ආසා කලේය.
අද පිය වී ඇති ඒ මුව දෙස ඔහු වික්ෂිප්තව බලා සිටී.

ලයේ ගලාගිය ස්නේහයේ සුව
සිනා පිරූ රතු දෙතොල් වසා

                                       සිනා ලන්නී ඈ දෙනෙත් පුංචි කර... කඳුළු සලන්නී ඈ ඔහුගේ සුළු අතපසු වීම් මුල... රහසක් කොඳුරන්නට මෙන් පියැවුනු ඒ මුව පොව්වකුගේ වන් දෙනෙත් යලිදු විවර වන තුරු ඔහු බලා හිදී ... නොඉවසිල්ලෙන්..

එදා මෙදා තුර කඳුලට විවර වූ
දෑස් පියන් පත් කවුළු වසා

                                         ඇය වත සුදුමැලිව ඇත... එහි බිඳකුදු උණුහුමක් රැඳි නැත... ඔහු කෙරේ පෙමින් පිරී තිබූ ඇගේ සිතද අද හීතල වී ගල් වී ඇත. ඒත් ඔහුගේ හද තුල ඇය ජීවමානයි...  තේරුම් ගත යුතු තිත්ත ඇත්ත හමුවේ ඔහු අසරණ වී ඇතුවා පමණී..

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා

                                        සියල්ලන් සමුදීමට සූදානම් වන තම පෙම්වතිය වෙත තම අන්තිම හාදුව පුදන්නට නොහැකිව ලතවෙමින් පසෙකට වී චමත් ඒ හැඟුම හද තුලම මැඬ ගන්නේ කියාගත නොහැකි තරම් වූ සොවකිනි.. තුෂීගේ නිවැසියන් මේ පෙම් සබඳතාව ගැන අංශුමාත්‍රයකුදු දැන නොසිටි කල ඔහුගේ සිතැඟි වලට ඉඩ දෙන්නට ඔහුට අයිතියක් , ඉඩක් නොවීය.

දෑස් කවුළුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අඟින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්

                                        ඇය හමූ වූ අයුරු ඔහුට පුදුමයකි... ඇය හා ගත කල කාලය ඇසිල්ලෙන් ගෙවී ගොසිනි... සමීපතයන්ගේ කර මතින් ඇය නිසොල්මනේ ඔහුගෙන් ඉවතට ඇදෙන අයුරු බොඳ වී යද්දී... 
තවත් එක් ඇසිල්ලක්... ඇය තමා ලඟ රඳවා තබන්නැයි ඔහු අයැද සිටියේ සියල්ලන්ගේ තෙත්ව තිබූ නෙත් කෙවේනි තුලින් කඳුලු දිය මතු කරමිනි....





ඇය යන්න ගියා මැකිලා..