Saturday, October 22, 2011

බයගුල්ලී මං..



ගොලුබෙල්ලෙකුට වන් හයිය යැයි සිතා හිත හදාගතහැකි , නමුදු එක පොල්කටු පහරින් බිඳීයන කටුවක් තිබුනා නම් යසයි මට.. එඩිතරව ජීවිතයට මුහුණ දෙන්න..මියෙන තුරු ශක්තිමත් යැයි සිතා ඉන්න..

අතුල් පහරකට වඩා.. කටෝර වදනකට බියෙන් සැඟවීමට ගොලුබෙලි කට්ටකුත් ප්‍රමාණවත් නොවන මුදු,එයින් සැනසී සිනැහී සිටීමට තිබුනා එසේනම් මට..

කඳූලක් නෙතට උණන්නට නොදී , දසන් දක්වා සිනාසෙන්නට හයියක් තිබුනා නම් මට.. වතේ මස්පිඬු එහිදීවත් මා හා එකඟ නොවන අරුමය..

කරුමක්කාර මදයක් තිබූ , රන් ආලේපිත පැතුමක් පිටුපස අනේක දුක් විඳ හඹා පලවා ගොස් , පැතුම අත පත් දින තිබූ හද උතුරා ගිය සතුට කොහිද අද..???

හිතේ නැඟ එන.. "මගේ මතය" හිත තුලම සඟවා තෙරපා.. මුව සොලවා ,වෙනෙකෙකුගේ වදනක් , මගේ මුවින් පිට කිරීමට තරම් "බිය ගුල්ලියකි" මම.. බහුතරයක් එකඟ වන තැනක නොසිට.. සුළුතරයකට වී සැඟවී සිටින "අනේ කවුදෝ වගෙයි"..මං..

නිදහස.. අනෙකෙකුට හිතූ හිතූ පරිදි , සීමා මායිම් නොමැතිව ඇඟිලී ගැසීම් .. හිතින් දරා රහසේ වෙර බඳින.. තවත් එක් මනු හදවතක් මං..

අරමුණ පැහැදිලී.. බාධක බොහෝමැයි හැඟේ..
සිතට ලතැවුල් නිමක්ද නැත..
සතුටු දිය දහරා වල ඉසීම්ද අඩුවක් නැත
ජීවිතය මෙයමැයි.. දැන් දැන් හැඟේ මෙ මට..

සතුටම එපා හෙයින්.. දුකටද අත වනමි..
අත වැනුවද නොඑන සිනාවට වෙර බැඳ...



කවිය නුඹද  "හැඟුම"..?????