කොපි කරාම විභාග තහනම් වෙනවා,ඒ නිසා කොපි කිරීම කොහොමටවත් සාධාරණීකරණය කරන්න බෑ. ඒ නිසාම තමයි මමත් හයේ හතේදී ලොකූ ෆයිල් කවරයක් විභාගෙ දවස්වල අරං ගියේ..
ඒත් Science College ආවහම තත්වේ නොසෑහෙන්ඩ වෙනස් වුනා.ඒකට කොපි කිරීම කියලාවත් කියන්නෙ කොහොමද කියලයි මට නං හිතුනේ.
කොපි කරනවා කියන්නේ හොරෙන් බලං ලියන එක.
කොපි කරනවා කියන්නේ ප්රශ්න පත්තරේ අයිති කෙනාගේ අනු දැනුමෙන් තොරව බුද්ධිය හොරා ගැනීම.
නමුත් 10,11දී වුනේ ඒකද කියලා මම හිතුවා. අපේ පංතියේ සෑහෙන පිරිසක් එකට එකතු වුනා. එතනදී එක විෂයක් අමාරු කෙනාට එක ප්රශ්නෙකින් හරි අනික් අයගේ උදව් හම්බුනා. නමුත් මේකෙන් වුනේ ගොඩාක් මහන්සි වෙලා හෝ වාර විභාගෙට ගන්න ලකුණු වුනත් "කොපි නොකරපු සාන්ත දාන්ත තීන්ත ලමයින්ගේ" සමච්චලේට ලක්වීම.
අන්තිමට අපේ නම්(names) ප්රින්සිපල් සර් ලඟටත් ගියා. නමුත් සර් අපිට එරෙහිව පියවරක් ගත්තේ නෑ.. හොඳම තැනදී (O/L) දක්ෂයා අදක්ෂයා කැපී පෙනෙන බව දැනගෙන හිටි නිසා.
ඔව්.. අපේ gang එක ඒකෙනුත් ගොඩම ගොඩ තමයි.. දිස්ත්රික්කෙත් උඩ... ඒ නිසා කේලම් කියපු ගොඩාක් අයට කට වහගන්න වුනා.
හැබැයි A/L පංතියේදී ජොලියටවත් අපිට කොපි කරන්න නම් ලැබුනේ නෑ. පේපර් එක දීලා ආයෙ අරගන්නකම් කාලය ගෙවුනේ හිතාගන්න වත් බැරි තරම් වේගෙන්.
මම මේ ලිපියෙන් කියන්නේ කොපි කරන එක හොඳයි කියලා නම් නෙවේ.. ඒක කොහොමටවත් සාධාරණිකරණය කරන්න බෑ. ඒත් මම ගිය සතියෙ පත්තරේක කියවපු දෙයක් නිසයි අය මේ ගැන හිතුවේ.
ඒ ලිපියේ හැටියට කොපි කිරීමත් එක්තරා විදිහක team work එකක්. කල යුත්තේ නරක වැඩකට යොදපු ඒ හැකියාව අපි හොඳ වැඩක් වෙතට යොමු කිරීමයි.
ඉස්කෝලෙ ගැන කතා කරන අපි වැඩිපුරම කතා වෙන්නෙ අපි කරපු සුවච කීකරු වැඩද..? නැත්තම් ඇට්ටර වැඩද..?
කවදාහරි කතා කර කර හිනා වෙන්න ඉතුරු වෙන්නෙ අපි කරපු ගොංකම් විතරයි..
ඒ නිසා අපි ජිවිත කාලෙදී අඩුවැඩි වශයෙන් ගොංකම් , මෝඩකම් වුනත් කලයුතුයි කියන එක තමා මගේ හැඟීම..

