"හ්ම්... ඔය ඔය.. ආයෙත් තරහ වෙලා.. චතුර ඔයාට නම් කොහිල තමා තුන් වේලටම කන්න දෙන්න ඕනේ.."
"ඔ...හෝ... "
ඔන්න ඉතිං ආයෙත් සමච්චලේට මං දිහා බලනවා .
"ඔ..හෝ.. ඒ පාර ඔයා මට වල් පල් කව්වන්න ද හිතන්නේ..? අනේ මේ මාලි,ඔයාම තියා ගන්ඩ හරි ද.."
දැන් නම් මගේ ඉවසීමේ සීමාවේ රතු කට්ට පැනීමට ආසන්නය..
"ඇත්තට ඔයාට මොකද වෙලා තියෙන්නෙ චතුර... ඇයි මාත් එක්ක රුවිතෙටම කතා කරන්නෙ.. වැඩ ඇරිලා ගෙදර ආව වෙලේ ඉදන් ඔයා ඔහොමයි.. මමත් කොච්චර මහන්සි වෙලාද ගෙදර ආවේ.. ඇයි ඔයාට මං ගැන එක බිංදුවක් හිතන්න බැරි...."
"හ්ම්..හ්ම්.. මට ඔයා ගැන හිත හිත ඉන්නවට වඩා වැඩ ගොඩාක් තියනවා.. "
මේ කොල්ලා නම් එන්නෙම මාත් එක්ක රණ්ඩුවකටනේ..
හ්ම්..බලාගමු.. අද රෑට කෑමදෙන්නෙ නෑ..
"ඔයා ඕනෙ කුදයක් කරගන්න.. අද ඔයාට රෑට කෑම නෑ.. මම ගැන හිතන්නෙ නැත්තේ.. හිතන්න අය ඇතිනේ.. එයාලගෙන්ම ඉල්ලගෙන කන්න"
මම ගස්සාගෙන ඉස්තොප්පුවට ගොඩ වී , ඒ වේගෙන්ම සාලය හරහා කුස්සියටම ගියෙමි.
"ඇයි එයා එහෙම කරන්නෙ.."
මම හිතන්නටපටන් ගත්තා..කොහෙන් පටන් අරං කොහෙන් ඉවර කරන්න පුළුවන් කතාවක් ද..
"මේ..මාලියෝ..,මට එක එක්කෙනාගෙන් ඉල්ලගෙන කන්න ඕනෙ නෑ.. මම හිඟන්නෙක් නෙවේ.. මම ටවුමට ගිහින් හොඳ කොත්තුරොටියක් කනවා.. "
ඔහ්.. මම ඔළුවේ අත ගසා ගත්තෙමි.ඒකෙත් පාඩුව මට.ෂික්..!! මට full shape එකේ හිටියා නම් උයන්න වෙන්නෙ නෑනේ.. දෙන්නටම කඩෙන් කන්න තිබුනා...
ඒත් සමඟම මගේ හිතට ආවේ රණ්ඩුවට හේතුවයි..
අනික් අතට....,මොකටද මම එයාට වුණත් බාල්දු වෙන්නෙ... ඔන්න ඔහේ creamcracker එකක් කාලා නිදා ගන්නවා.. පොඩි බඩගින්නට super නේ..
එහෙම කිවුවට බඩගින්න නම් පොඩි නෑ.. මොනවා කරන්නද.. අර වාත බෝට්ටුවට තරහ ආවනේ..
මගේ මූණත් නරක් විය.
ඔළුවත් කකියනවා වගේ.දවසම හොස්පිටල් එකෙ එහාටයි මෙහාටයි දුවලා මට හොඳටම මහන්සි... off වුනෙත් හවස 4.00ට..
චතුර ලෑස්තිවෙලා එළියට බැස්සා.ගේට්ටුවත් අරින සද්දේ ඇහුනා.. මම ඉතිං දැන් මේ මහ රෑ ඉන්න එපැයි තට්ට තනියම..
හෙමින් හෙමින් සාලෙට ගිහින් ටීවි එක on කර ගත්තා.. නින්දක් අහලටවත් එන්නෙ නෑනේ.. බඩගින්න නිසා.නෑ.. මම අද කන්නෙ නෑ... නපුරුයි.. ඔයා හරීම නපුරුයි..
මට මතක් වුනේ අපි කැම්පස් එකේ ගත කරපු ලස්සන ජීවිතේ..
"මේ.. කොහොමද අර කෙල්ල..ලස්සනයි නේ..?"
චතුර මගෙන් එහෙම ඇහුවා.
"ම්ම්.. මොන කෙල්ල ද.. අහ්.. ඔව් ලස්සනයි..."
මම ඉතිං හිතේ ඊරිසියාව වාව ගන්න බැරුව වුනත් එහෙම කිවුවා.හැබැයි ඉතිං මගෙ මූන නම් චොරොක් වෙන්න ඇති.. ඒකට මට කරන්න දෙයක් නෑ..ඊටත් වඩා හිතේ දුක වැඩී.
"මම දැන් යන්න ඕනෙ චතුර.. අන්න යාළුවො මම එනකම් බලන් ඉන්නවා"
මම හුන් තැනින් නැඟිට්ටා.
"අනේ මාලි... කෙල්ල..ඔයාට තරහ ආවා නේ..? මෝඩ කෙල්ල.. ඔයාට තරහ ආවම නම් අර කෙල්ලට වඩා ගොඩාක් ලස්සනයි.."
මගේ මූණට එබිලා ඔයා කිවුව හැටි...
අදත් ඔයා එදා තරම්ම මහ පිස්සු කොල්ලෙක්..
දැන් ඊට වඩා අවුරුදු 3,4ක් වයසින් වැඩි.. එච්චර්යි වෙනස..
ඔයා නම් හැමදාම ඔහොමයි.මම උයන කෑම රස නෑ කියන කෙනා ....
"අනේ මාලි මේ කඩ වලින් කනවා වගේද..ඔයාගෙ අතින් හදන කෑම.. හරිම රසයි.. ඇත්තමයි.."
කිය කිය මෙච්චර කල් හිටියේ... අද මේ මොකෝ එක පාරටම වුනේ..
එක පාරටම ලයිට් ගියා..
ඔහ්.. මගෙම කරුමේ.. අනේ දෙවියනේ.. නෑ..නෑ.. අනේ චතුර ඉක්මනට එන්න.. මට බයයි.. හොඳට තද කරලා ඇස් දෙක පියා ගන්න ඕනේ.. කළුවරේ මුකුත් පේන්නෙ නෑ.. කැරපොත්තෙක් වත් ඔළුවෙ වහයි ද දන්නෙ නෑ..
"සරා..ස්"
අපොයි... ඒ මොකක්ද ඒ සද්දේ.. දැන් නම් හොඳටම දාඩියත් දාලා.. බයේ වෙව්ලනවා.. මම ඉවරයි.. මම ඉවරෙටම ඉවරයි..
"අහස් ගැබේ තරු කැට ගානේ..."
ඒ අතරේ මගේ handphone එකත් ring වෙන්න පටන් ගත්තා..
මම වෙවුලන අතින් කළුවරේම සැටිය උඩ එහෙ මෙහෙ අත පත ගලා phone එක හොයා ගත්තා..
තිරය දිහා බැලුවා..
අනේ.. චතුර... ඔයා නම් දෙවි කෙනෙක්ම තමා..
"හෙ..ලෝ.."
"හෙලෝ.. මාලි.. ඔයා ආස කොත්තු ද..? නැත්තම් ව්‍රයිඩ් රයිස් ද? ව්‍රයිඩ් රයිස් නම් ... එලවළු ද..? මාළු ද..? මස්.."
හ්ම්.. සෝඩා වගෙ තමා ඔයාගෙත් තරහා..
"අනේ චතුර... ඔය මුකුත් ඕනෙ නෑ.. ඔයා ඉක්මනට ගෙදර එන්න... ලයිට් ගියා.. මම කළුවරේ ඉන්නේ.. මට බයයි.. අනේ එන්න.." මට හැඬුම් එයි,..
සැබවින්ම මම කළුවරට බය නැත.. නමුත් තට්ට තනියම කඳුරේ ඉන්න මට නා නා විද විකාර සිතුවිලි ඔළුවට එයි..
"මාලි... ඒයි මෝඩ කෙල්ල.. ඔයා අඬනව ද..? මේ..මේ.. බය වෙන්න එපා.. මම ඉක්මනට එන්නම්.. එතකොට කෑම..? මට කොහිල මලවලා කව්වන්නද තාමත් හිතන් ඉන්නේ..?"
"ඔයා ඔතන ඉදන් පිස්සු කියවනවා.. මම හොඳටම බය වෙලා ඉන්නේ.. ඔයා කෑම ගෙනාවත් නැතත්... මම ඔයාට තුන් වේලටම දෙන්නෙ වල් පල් තමා.. ඒක වෙනස් වෙන්නෙ නෑ.හි..හී.."
"අම්මේ.. ඔයාගෙ සැර..,"
"අහ්.. මගෙ විතරද සැර..? කවුද දන්නෙ නෑ.. ගෙදර ආපු වෙලේ ඉදන් රත්වෙලා හිටියේ.."
"ඇත්තට කවුද..? මම දන්න කෙනෙක් ද..? හරි..හරි.. ඔන්න මම දැන් කාර් එකට නැග්ගා.. විනාඩි 5න් මම ගෙදර.."
"හ්ම්.. බුදු සරණ..."
කියලා ඉවර කරන්නත් කලින් තිබ්බා නේද phone කට්ට..
ඔයා නම්... කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. මට ඔයාගෙ පිස්සු වැඩ එපා වෙන්නෙත් නෑ.. ඔයා ඔහොම නිසා වෙන්නැති මම ඔයාට මෙච්චර ආදරේ.. ඔව්.. ඒක එහෙම තමයි..
"පීප්....පීප්ප්ප්ප්ප්ප්ප්.."
හික්‍ස්.. ඔය ආවේ ලොක්කා..
අල්ලගන්නම්කෝ බෙල්ලෙන්ම මාව මේ හැටි බය කරනවට...
කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
බය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන්නේ නෑ ඕවාට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්
......
අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
ඔය හැඬුම් ඒ දෙඩුම් රෑ එළිවෙනකොට ඉවරයි
තෝරගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
හරිම සරලව කිවුවොතින් නම් ඔබට මං හරි ආදරෙයි
ඔය නුවන් මේ සවන් අහන දකිනා ඒවා
හොද හිතින් එක හිතින් කරන කියනා දේවල්
විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
පැහැදිලිව තව කිවුවොතින් නම් අපිට අපි හරි ආදරෙයි..
කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
මා හැඬෙව්වට ඔබේ දඟ වැඩ
එපා වෙන්නේ නම් නෑ මට නම්
තිගැස්සෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්
ලස්සන සිංදුවක්.. හිතට වැදුන නිසා හිතුනා මේ ගැන ටිකක් ලියන්න..