Saturday, November 19, 2011

මම හිතුවා වැරදී..

                                       අපි කෙනෙක්ට ආදරේ නැත්තම් එයාව රැක ගන්න උත්සාහ කරන්නෙ නෑ.. ඔහේ අපේ ජීවිත වලින් අයින් වෙලා යන්න ඉඩ දෙනවා. ඒ වගේම තමා අපි අපේ රටට ආදරේ නැත්තම්.. අපිට අපේ රට රැක ගන්න ඕනෙ වෙන්නෙත් නෑ.හැම මනුස්සයෙක්ම ලස්සන ලස්සන වාහන වල යනවා දකින්න ආස හිතෙන්නෙත් නෑ.. නගර පුරා අධිවේගි මාර්ග හැහදෙනකොට පපුව පිම්බෙන තරම් අභිමානයක් හිතට එන්නෙත් නෑ..නෑ..නෑ.. නෑමයි.

                                       මම Science College එකට යන්න මොන තරම් හීන මැව්ව ද..? ඒ නිසාම ඉස්කෝලෙ මට පෑගුන වැලි කැටයක් ගානේ මට මගේ කියලා හිතුනා.

                                       විශ්ව විද්‍යාලෙට ආවම Science College එක කියලා එකක් ලංකාවේ තියෙනවද කියලවත් බහුතරයක් නොදැන හිටියාම ඒ මගේ පුංචි ඉස්කෝලෙ ගැන අනුකම්පාවක් නෙවේ.. මහම මහ ලොකු දයාබර බවක්..මම මගේ ඉස්කෝලෙ රන් පාටින් බබලන්න තව මොනවද කරන්න ඕනෙ කියලා හිතිවිල්ලක් හිත මුදුනට නැඟුනේ ඒකයි..

                                       එහෙම හිතුව මට එක තැනකදී ලොකුම ලොකු වැරදීමක් වුනා නේද කියලා මට හිතෙන්න ගොඩාක් කාලයක් ගත වුනා..ඒත් "බඹර වලල්ල" බැලුවට පස්සෙවත් අද මට ඒ ගැන වැටහුන එක ගැන මම සතුටු වෙනවා.

                                       මම කාලෙක ඉඳන්ම දුක් වුනා අපේ කලාව ගැන. චිත්‍රපටියක් ගත්තොත් බහුතර ජවනිකා වල ඉන්නෙ මඩ නෑව, කෙටි සරම් කඩක් ඇඳගත්ත , තඩි බඩක් දරාගත්ත , මූණ පුරා රැවුල වැවුව ,උඩුකය නිරුවත් මිනිසුන්.

                                      ළමයි හිටියෙ වැඩි හරිය නිරුවතින්.. ඒ හැමදෙයක්ම මට පෙනුනේ අපේ දුප්පත්කම ලෝකෙට පෙන්නන "ගොන් පාට්" කියලා..

                                     පිට රැටියන්ගේ සිත් ඇඳගන්නාසුළු මුහුණු මුල.. අපේ චිත්‍රපටියක් තිරයේ පෙනුනත් නැඟිටලා යන තත්වෙක මම හිටියේ..( සරෝජා,සූරිය අරණ වැනි ඒවා හැර..)

                                     නමුත් හරි පුදුමයි... මට අද මොකක්දෝ නුවණක් පහල වුනා.. ඒ නුවණ මට කියලා දුන්නා.. "මෙන්න මේකයි අපේකම.. ඒකට ආලේ කරපන්..ගරු සරු දක්වපන්.. හැමදේම නුවණින් දැකපන් " කියලා..

ගාමනී.. බඹර වලල්ල.මචං. හා තවත් බොහෝ චිත්‍රපටි තියනවා, පුලූවන් නම් හොයන් බලන්න.මම දැන් දන්නවා..ගොඩාක් දක්ෂ නළු නිළියො"ත්" ලංකාවේ ඉන්නවා.



හරිම සතුටුදායකයි..!